ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

“තම ශිෂ්ඨාචාරයේ සාර්වත්‍රිකත්වයේ අනුබලය ලබමින්, ඔවුන්ගේ වෙනස්කම තුළ උදාසීන දිවියක් ගෙවන ලෙසින් ඔහු දුටු, යල් පිනූ ජනතාවන් පිළිබඳ පිළිකුල පළ කරමින්, සුදු මිනිසා, තමා ඉතිහාසයේ කේන්ද්‍රයේ ස්ථානගත කොට තිබුණි. තම විෂමතාව යළි දිනා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රමුදිතව, තුන්වෙනි ලෝකයේ ජාතිකවාදීහු, බාහිර බලපෑම්වල දූෂිතවීමෙන් තම විශේෂත්වවාදය ආරක්ෂා කළ හ: ඔහු පසුගාමී වූ නිසා නොව, ඔහු අන්‍ය වූ නිසා ඔවුහු විදේශිකයා ප්‍රතික්ෂේප කළ හ. ගොරෝසු අයුරින් කියන්නේ නම්, ඔවුහු අසමානතාවන් මත පදනම් වූ වර්ගවාදයේ පැරණි යටත් විජිත ආකාරය, වෙනුවට විෂමතාව මත පදනම් වූ වර්ගවාදයක් එතැනට පත් කළ හ.

වර්ගවාදය යන පදයම රැවටිලිකාර ය. එය ඒවායේ සම්භවය, තර්කණය, සහ අභිප්‍රායයන් සහමුලින්ම අසම්බන්ධිත පර්යාලෝක දෙකක් එකට එක් කරයි. එක අතකින් වර්ගවාදය ලෝකයේ සියලු ජාතීන් එකම වටිනාකම් පරිමාණයකින් මනින්නේ ය, අනෙක් අතට සන්සන්දනයට පදනමක් නැතැයි එය ප්‍රකාශ කොට සිටියි. එක අතකින්, එය හැම සමූහයක්ම තනි පද්ධතියක් ඇතුළත ශ්‍රේණි ගත කරයි, අනෙක් අතට එය මානව සත්ව විශේෂය ඇතුළත ඒකත්වය දැකීමේ හැම භව්‍යතාවක්ම විනාශ කරයි. එක අතකින් එය විෂමතාවන් තත්ත්වයෙන් හීන ලෙසින් දකියි, අනෙක් අතට එය පැවැත්මේ (being) සුවිශේෂ ආකාරයන් හි පරම, විනිවිද යා නොහැකි, පරිවර්තනය කළ නොහැකි ස්වභාවය තහවුරු කරයි. එක අතකින් එය තනි පද්ධතියක් ඇතුළත වර්ගීකරණය කරයි, අනෙක් අතට එය හැමදෙයම බෙදා වෙන් කරයි. එකක පර්යාලෝකයෙන් ගත් කළ ඔබට පර්සියානුවෙකු විය නොහැකිය, අනෙකේ පර්යාලෝකයෙන් ගත් කළ නුඹට මිනිසෙකු විය නොහැකි ය, මන්දයත් පර්සියානුවා සහ යුරෝපීයයා අතර මානව සංහතිය පිළිබඳ පොදු මිනුමක් නොමැති හෙයිනි. එකක්, ශිෂ්ටාචාරය එකක් යැයි ප්‍රකාශ කරයි, අනෙක, ජනවාර්ගික සමූහ බොහෝ සහ අසමාන යැයි කියා සිටියි. ඉතින්, එක් දෘෂ්ටි කෝණයක් යටත්විජිතවාදයට මග පාදන්නේ නම්, අනෙක හිට්ලර්ගෙන් සමාප්තියට පත්වෙයි….” Continue reading ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

Advertisements

Women in Politics in Sri Lanka: the Left Movement – Pulsara Liyanage

Pulsara Liyanage
Dr. Pulsara Liyanage

The lack of female representation in the Sri Lankan legislature has been of great concern for over a decade. This concern has lead to some theorizing and attempts at practical solutions to the problem. Among these has been the suggestion of a reservation for a quota for women in the electoral process in every political party. Women have also been encouraged to apply for candidacy on the electoral lists of political parties they support. These attempts have not met with success. It has been the experience of activists that leaders of political parties at all levels are reluctant to include women in their electoral lists. Unsurprisingly, all leaders at all levels of all the political parties in Sri Lanka today are male. On the other hand, only a very few women have come forward seeking nomination. It is also a fact that very few of the women who gained nomination were elected by the people. In the 21st century Sri Lanka, women’s involvement in politics is in inverse proportion to the awareness and discourse on the need for the inclusion of women and gender-related issues in the political agenda. The present study attempts to explain this paradox. Continue reading Women in Politics in Sri Lanka: the Left Movement – Pulsara Liyanage

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම

11.2 නිර්දේශ

පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ.

1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන් හා සියලු පුද්ගලයින් කවරෙකු හෝ විසින් මෙම නියාමක මූලධර්ම පහත සදහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු වේ.

අ. මෙම ව්‍යවස්ථාව භාවිත කිරීම හෝ විවරණය කිරීම
ආ. ඕනෑම නීතියක් පැනවීම, භාවිත කිරීමහෝ විවරණය කිරීම හෝ
ඇ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කරන ඕනෑම විටෙක

11.2.1 නියාමක මූලධර්ම

1. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි රජයක් ස්ථාපිත කිරීමට රජය සහතික වී ඇති අතර එහි අරමුණු අතර පහත දැක්වෙන කරුණු අඩංගු විය යුතුය.

අ) සියලු පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස පූර්ණ ලෙස සාක්ෂාත් කිරීම;

ආ) ජාතික ජීවිතයේ සියලු ම ආයතනවලට මඟ පෙන්වන (සමාජීය, ආර්ථික හා දේශපාලන)සාධාරණත්වයක් සහිත සමාජ ක්‍රමයක් ඵලදායී ලෙස ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ජනතාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම;

ඇ) ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස, තිරසර ලෙස ජීවන තත්ත්වයන් දියුණුවීම, විවේකය සහ සමාජ හා සංස්කෘතික අවස්ථාවන් හි පූර්ණ වින්දනය ඇතුළුව සියලු පුරවැසියන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම;

ඈ) රාජ්‍යය, අන්තර්ගත සමෝධානික හා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය;

ඉ) පොදු යහපතට හොඳම සේවය සිදුවන ආකාරයට සියලු ස්වාභාවික හා ද්‍රව්‍යමය සම්පත් හා සමාජ නිෂ්පාදන සාධාරණ ලෙස බෙදී යා යුතුය;

ඊ) විශේෂයෙන්ම කෘෂිකර්මයේ, සත්ත්ව පාලනයේ හා ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන අංශ, රාජ්‍යය, සමූපකාර හා පුද්ගලික ව්‍යවසාය මෙන් ම පුද්ගල ව්‍යවසායකයන් අතර බෙදී යන නිෂ්පාදනය, බෙදා හැරීමේ හා හුවමාරු ක්‍රම සහිත සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම;

උ) ජනතාවගේ සදාචාර හා සංස්කෘතික තත්ත්වය දියුණු කිරීම හා මානව ස්වීයත්වයේ පූර්ණ සංවර්ධනය සහ

ඌ) අසාක්ෂරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීම හා සියලු පුද්ගලයන්ට සෑම මට්ටමකදීම අධ්‍යාපනය ලැබීමට ඇති සාර්ව හා සමාන අයිතිය තහවුරු කිරීම. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

1 පරිච්ඡේදය – හැඳින්වීම

2015 දෙසැම්බර් 22වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව පත් කරන ලද්දේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ ජනතාව සමග සාකච්ඡාමය ක්‍රියාවලියක නිරත වීම සඳහා ය. මෙම කමිටුව සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත විය (අ ඇමුණුම).

1.1 ක්‍රියාවලිය

කමිටුව බහුවිධ ක්‍රමවලින් ජනතාවගේ අදහස් ලබා ගත්තේය. වාචිකව හෝ තැපෑලෙන්, විද්‍යුත්-තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් ලිඛිතව හෝ අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජනයාට ආරාධනය කරන ලදී. දින අටක් පුරා මහජන අදහස් විමසූ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්නට, අනිත් දිස්ත්‍රික්ක විසි හතරේ ම දින දෙක බැගින් මහජන අදහස් විමසීමට කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහාය ලබා ගත්තේය. මෙම දිස්ත්‍රික් රැස්වීම් සඳහා කමිටුව උප-කණ්ඩායම් ලෙස සහභාගි වීය. (ඈ ඇමුණුම බලන්න). සියලු මහජන අදහස් විමසීමේ සැසි, මාධ්‍යවලට හා මහජනයාට විවෘත විය. දින ගණනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජනයාගේ අදහස් හා නිර්දේශ අඩංගු වාර්තාවක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අවධානය සඳහා කමිටුව විසින් පිළියෙල කරන ලදී.

පාරදෘශ්‍ය භාවය පවත්වා ගැනීම සඳහා මහජනයා විසින් ඉදිරිපත් කළ අදහස් අඩංගු දත්ත සමුදාය පද්ධතියක් ද, කමිටුව විසින් ස්ථාපිත කරනු ලැබීය. මෙම දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මෙම ඓතිහාසික ක්‍රියාවලිය අනාගතය සඳහා ආරක්ෂා කිරීමටත්, මහජනතාවට මෙම ලේඛන ලබාගැනීමේ පහසුවත්, සඳහායි.

මෙම ක්‍රියාවලියට මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා ප්‍රශංසනීය වේ. මහජන අදහස් ඉදිරිපත් කිරීමට දුන් කෙටි දැනුම්දීම හා කාලයේ හා මානව සම්පත්වල සීමාවන් මැද වුවත් රටේ ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් තුළ රටේ උත්තරීතර නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ හා රාජ්‍ය බලය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රයත්නයට සම්බන්ධ වීමට අභිලාෂයක් තිබුණු බව අපට පැහැදිලිව දැක ගත හැකි විය.

කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අය අතර සිවිල් සමාජ කණ්ඩායම්, පූජකවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විශ්‍රාමික හා ආබාධිත පොලිසියේ හා හමුදා සාමාජිකයින්, දේශපාලන ක්‍රියාකාරීන්, ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, වෘත්තීය සමිති සාමාජිකයින්, දේශපාලනඥයින්, ජනවාර්ගික කණ්ඩායම්, ආන්තික හා නොතකා හරින ලද කණ්ඩායම්, සුළු ජනවාර්ගික කණ්ඩායම් හා ආබාධිත පුද්ගලයන් ආදි පුළුල් නියෝජනයක් දක්වන පුද්ගලයන් හා කණ්ඩායම් වූහ.
ලිඛිතව මෙන්ම වාචික ව බහුවිධ අදහස් හා මත ඉදිරිපත් කෙරුණි. මෙහිදී වඩාත් ප්‍රශංසනීය කරුණ වන්නේ ජනතාව ඉතා අවංකව අදහස් ඉදිරිපත් කිරීම පමණක් නොව අන් අදහස්වලට සවන්දීමට දැක්වූ උනන්දුවයි. අදහස් දැක්වීමට පැමිණි බොහෝ අය, තම සහෝදර පුරවැසියන්ගේ අදහස්වලට සවන් දීමට ද, නතරවූහ. මෙම ක්‍රියාවලියට ජනතාව දැක්වූ උනන්දුව, ව්‍යවස්ථාව සැදීමේ කටයුතු වලට සහභාගී වීමට ඔවුන් දැක්වූ කැපවීම හා වෙනස් අදහස්වලට කන්දීමේ විවෘත භාවය මෙයින් පිළිබිඹු විය. මෙම මහජන අදහස් විමසීම මගින් පරිණත ප්‍රජාතන්ත්‍රීය සමාජයක වැදගත් ලක්ෂණයක් දැකිය හැකි වූයේය. එනම්, ජාතික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා හා විවාදවල නිරත වීමට ජනතාව දක්වන උනන්දුවයි. බොහෝ දුරට මෙම සාකච්ඡා හා අදහස් දැක්වීම් සාමකාමී හා විනීත වාතාවරණයක සිදු වුණි. එකිනෙකට ඉතා වෙනස් අදහස් ඉදිරිපත් කිරීම මැද වුවත් මහජනයා මෙම ක්‍රියාවලියටත්, විවෘතව අදහස් දැක්වීමට සෑම කෙනෙකුට ම ඇති අයිතියටත්, ගරු කළෝය. මෙය ඉතා ප්‍රශංසා කළ යුතු මෙන් ම අගය කළ යුතු ලක්ෂණයකි.

මෙම කටයුතුවලදී කමිටුව වැදගත් කරුණු දෙකක් නිරීක්ෂණය කළෝය. මෙයින් එකක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, මහජනයා දැක්වු කැමැත්ත වන අතර දෙවැන්න වන්නේ සාමය හා ප්‍රතිසන්ධානය සඳහා දැක්වූ උනන්දුවයි. ඔවුන් මේවා ළඟා කර ගත හැක්කේ කෙසේද, යන්න ගැන වෙනස් මත තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති අවංක අභිලාෂය මෙයින් පැහැදිලි විය.

මෙම ක්‍රියාවලියට සහභාගී වීමේදී අපේ ජනතාව දැක්වු අව්‍යාජත්වය හා අභිලාෂයන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් වටහාගෙන ඒවාට ගරු කළ යුතු බව මෙම කමිටුවේ අදහසයි. අප ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම පෙන්වා දුන් අතර ඔවුන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ව කෘතඥතාව පළ කළෝය. ඔවුන් කමිටුව ඉදිරියට පැමිණියේ විශ්වාසී හැඟීමකින් හා යෝධ අපේක්ෂාවන් සහිතවයි. මෙය, අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවත්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත්, අනාගත පරම්පරාවන් සඳහා සුරක්ෂිත හා ප්‍රීතිමත් රටක් ගොඩ නැඟීමට මෙය යොදා ගත හැකි බවත් බොහෝ අය කියා සිටියහ. ඔවුන් අප ඉදිරියට පැමිණියේත්, අදහස් ඉදිරිපත් කළේත්, විශාල බලාපොරොත්තු සහිතව බැවින් එම විශ්වාසය හා අපේක්ෂා බිඳ නොදැමිය යුතුය. ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් අර්ථාන්විත වන්නේ ජනතාව එය තමන්ට ‘අයිති’ දෙයක් ලෙස ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නේ නම් පමණි. මේ නිසා මහජනයාගේ අදහස්වලට අවධානය යොමු කරමින්, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ඔවුන්ගේ කාර්යභාරය පිළිගනිමින්, ජනතාව මෙම ක්‍රියාවලියට දිගට ම සහභාගි වන බව සහතික කිරීම තීරණාත්මක ව වැදගත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය නිතර සිදුවන දෙයක් නොවේ. මෙය නිදහස ලැබීමෙන් පසු අපේ රටේ සිදුවන තුන්වැනි ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වීම, අපේ රටේ සියලු ජනයාගේ අපේක්ෂාවන් පිළිබඳ ව සාමූහික එකඟත්වයකට එළඹීමට අතීතයේ අපේ ව්‍යවස්ථා සම්පාදකයන් අසමත් වීම පිළිබඳ සංඥාවකි. රාජ්‍යයේ ඓන්ද්‍රීයාංග, නීතියේ ආධිපත්‍යය හා ඒවා එකිනෙක අතරෙහිත් විශ්වාසය ගොඩනැගීමේ කාර්යයේදී අපි අසාර්ථක වී ඇත්තෙමු. අතීත වැරදිවලට සමාව ගැනීමේ කාර්යයට අපි නැවතත් මුහුණදී සිටිමු. එම නිසා මේ අවස්ථාව අපතේ යෑමට ඉඩ නො දිය යුතුය. රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන අවස්ථාවාදයෙන් ඔබ්බට යෑමට තැත් කළ යුතු වෙමු. අනාගත පරම්පරාවන්ට අපි ලබා දිය යුත්තේ කුමන ආකාරයක උරුමයක් ද? එය ගිලිහී ගිය අවස්ථා හා අසාර්ථක ප්‍රයත්න පිළිබඳ ව ද? එසේ නැත්නම් ආඩම්බරයෙන් හිමිකම් පෑ හැකි දෙයක් ද? අප කළ යුත්තේ වර්තමානයේ අවශ්‍යතාවන්ට පමණක් ප්‍රතිචාර දක්වමින් පහසු මග ගැනීම ද? එසේ නැත්නම් අනාගතය ගැන විශ්වාසයෙන් සියලු දෙනාට ම සාධාරණය හා සමානත්වය සහතික කරන ශක්තිමත් හා ක්‍රියාකාරී ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නැගීම ද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ හා පුළුල් සමාජයේ විවාදයට භාජනය විය යුතු ප්‍රශ්න වේ. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (1- 10 පරිච්ඡේද)

අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව එහි අවසන් වාර්තාව පසුගිය මැයි මස 31 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බාර දුන් අතර එම වාර්තාවේ 10 වෙනි පරිච්ඡේදය යටතේ ඇති පුරවැසියන්ගේ පුළුල් දේශපාලන සහභාගීත්වයක් පිළිබඳ සඳහන් වන “ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය” යන කොටස මෙහි පළවේ.

10.1.2.ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම්සභා සංකල්පය

ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම සංකල්පය ගැන අදහස් දැක්වූ මහජනයාගේ පොදු අදහස වූයේ හැකිතාක් පහළ මට්ටමට එනම් ගමට දේශපාලන බලය ලබා දිය යුතු බවයි. පළාත් පාලන ආකෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු මෙම යෝජිත ඒකකයේ නමට ‘‘ග්‍රාම’ හෝ ‘ගම’ යන විශේෂණ පද යොදා ගෙන ඇත්තේ ඒ හේතුවෙනි.

ගම් මට්ටමට දේශපාලන බලය ලබා දීම අවශ්‍යව ඇත්තේ ගම් මට්ටමේ පාලනයේ දුර්වලතා මග හරවා ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යුහය තුළ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය සහතික කිරීමත් සඳහාය.

ගැමියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණ ළඟා කර ගැනීම සඳහා තීරණ ගැනීමේදී පුරවැසියන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය ලබා ගනිමින් ගම් මට්ටමේ කටයුතු කළමනාකරණය සඳහාවූ ස්වයං පාලන ආයතනික යාන්ත්‍රණයක් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීම යෝජිත පද්ධතියේ අරමුණ වේ. මෙවැනි නව දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය වී ඇත්තේ, සියලු මට්ටම්වල දේශපාලනඥයින් හා නිලධාරීන්ට බලය අවභාවිතා කිරීමට තුඩු දෙන පක්ෂ දේශපාලනයේ ඇති දූෂණය හා ප්‍රාදේශීය දේශපාලනයේ දැකිය හැකි අන්තවාදී දේශපාලනීකරණය හා නිලධාරිවාදය නිසාය.

තව ද, ග්‍රාමීය ආර්ථිකය තුළ අසාධාරණ වෙළඳ භාවිතයන් හා අතරමැදියන්ගේ සූරාකෑම ඉතා පුළුල් ලෙස දකින්නට ලැබේ. සාමාන්‍ය ගැමියන්ගේ සමාජ ආර්ථික අවශ්‍යතා නොසලකා හරිමින් ගැමි ආර්ථිකය සූරා කෑමට දේශපාලනඥයින් හා ප්‍රභූන් එක් වී තිබේ. ග්‍රාමීය මට්ටමේ ආර්ථික සංවර්ධනයක් ඇති වන ආකාරයට සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය හා මාර්ග සංවර්ධනය වැනි සේවාවන් හා යටිතල පහසුකම් ලබා දෙන සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමේ ආරම්භ කිරීම හදිසි හා කාලීන අවශ්‍යතාවකි. Continue reading අව්‍යාජ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම –“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන්”