ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

2016 සැප්තැම්බර් 13

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන්සඳහා රජයේ මැදිහත්වීමපිළිබඳශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහපැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙදප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන්උග‍්‍රකරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ.

තෙවනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අ) සාධාරණ හා ප‍්‍රාදේශිය වශයෙන් සමබර වූ තිරසාර සංවර්ධනය තුළින් ව්‍යාපි යුක්තිය සහතික කිරීම සඳහා වන රජයේ වගකීම් නියම කළ යුතු බවත්, සහ ආ) මෙවැනි වගකීම් සම්බන්ධයෙන් පුරවැසියන්ට හිමිකම් කීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් බලාත්මක කිරීමට පිහිටාධාරලබාදිය යුතු බවත් අපි අවධාරණය කරමු. මෙය ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතාන්ත‍්‍රික පමණක් නොව සමාජවාදී ජනරජයක් යන කියමන හා හරය සමඟ එකඟ වේ. එමෙන්ම. මෙය ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට රජයේ පාර්ශ්වය වශයෙන් ශ‍්‍රී ලංකාවේ බැඳීම් සමඟද, තිරසාර සංවර්ධනය ඉලක්ක ලගා කර ගැනීම සඳහා රජයේ කැපවීම සමඟද එකඟ වේ.

සිව්වෙනුව. විශේෂයෙන් අධ්‍යාපනය. සෞඛ්‍ය, ආහාර, ජලය, ප‍්‍රමාණවත් නිවාස, සමාජ ආරක්ෂාව, ජීවත්විමට සරිලන වැටුපක්, යෝග්‍ය සහ ආරක්ෂිත රැකියාවක්, බලාත්කාර පහකිරීම්වලින්නිදහස්වීම, සහ ආරක්ෂිත, පිරිසිදු සහ යහපත් පරිසරයකට අදාළ වන්නා වූ ආර්ථික සහ සමාජ හිමිකම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් පනතින් හෝ මූලික අයිතිවාසිකම් වශයෙන්, නීත්‍යානුකූලවබලගැන්වීම සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුවේන් අපි ඉල්ලා සිටිමු. සිවිල් හා දේශපාලන නිදහස පමණක් හඳුනාගන්නා අයිතිවාසිකම් පනතක් හෝ මූලික අයිතිවාසිකම් පරිච්චේදයක් අයිතිවාසිකම් සහ හිමිකම්වල නොබෙදිය හැකි අනෝන්‍ය වශයෙන් එකට බැඳුණු ස්වභාවය උල්ලංඝණය කරනවා පමණක් නොව රටෙහි ජනගහනයෙන් විශාල කොටසකගේ යහපැවැත්ම සහ ආරක්ෂාව බරපතල ලෙස අන්තරාවට පත්කරයි.

ආර්ථික සහ සමාජ හිමිකම්වල නීතිමය බලගැන්වීම මගින් ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා නීතියේ මැදිහත්වීමට අනවශ්‍ය ආකාරයෙ ඉඩක් ලබාදෙන බවටත්, විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය අනවශ්‍ය ලෙස සීමා කරන බවටත් ඔප්පු කිරිමසඳහා සාක්ෂි කිසිවක් නොමැති බව අපි ඉස්මතු කොට දක්වමු. ඒ වෙනුවට, එය සමාජ හා ආර්ථික ප‍්‍රතිපත්තියේ පරමාර්ථ සහ ප‍්‍රතිඵල කෙරෙහි වඩා ඉහළ වගවීමකට හේතු විය හැකිය.

පස්වෙනුව, ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර සහ ප‍්‍රාදේශීයව පවතින පීඩාවන්, ව්‍යාපි අයුක්තිය සහ විෂමතාවය ආමන්ත‍්‍රණය කිරීමට අසමත් වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් යුක්තිය සහ සාමය පිළිබඳ පදනම් ආරක්ෂා කරනු නොලබන අතර අනාගත ගැටුමක බීජ වපුරන බව අපි අවධාරණය කරමු. දේශපාලන සමානාත්මතාව සමග සමාජ ආර්ථික විෂමතාව ආමන්ත‍්‍රණයකිරිමට අසමත් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවසානයේදී දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ව්‍යූහයට තර්ජනයකි. මෙය වළක්වමින් සියලූම දෙනාට සිවිල්, දේශපාලන, ආර්ථික සහ සමාජ සාධාරණත්වය සහතික කරන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැංවීමටආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුව රාජකාරිමය වශයෙන් බැඳී සිටී.

අවසාන වශයෙන්, මෙම ව්‍යවස්ථාව පුරවැසියන් හා රාජ්‍ය අතර නව සමාජ ගිවිසුමක් විය යුතු බවට බලාපොරොත්තුවක් පුළුල් ජනතා සහභාගිත්වයක් සහිත වූ ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ මහජන නියෝජිත කමිටුවේ දී නැවත නැවතත් තහවුරු වී ඇති බව අපි අවධාරණය කරමු. එම වාර්තාවේ පැහැදිලිව සඳහන් පරිදි මෙම බලාපොරොත්තුව සඳහා පදනම නීත්‍යානුකුලව ස්ථාපිත කරන ලද සමාජ ආර්ථික සාධාරණත්වය හා අයිතිය ව්‍යවස්ථාව තුළ තහවුරු වීමයි. එසේ කිරිමටඅසමත්විම මෙම බලාපොරොත්තු පමණක් නොව මහජන නියෝජිත කමිටු ක‍්‍රියාවලිය ද පාවාදීමක් වනු ඇත.

මෙහෙයුම් කමිටුව, අනුකමිටු හය සහ විශේෂඥ මණ්ඩලය ක‍්‍රියාකාරිත්වය සහිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණක‍්‍රියාවලියේ වර්තමාන අදියර මෙන්ම එහි සමස්ත කාලරාමුව සහ ක‍්‍රියාවලිය විනිවිදභාවයෙන් තොර බව අපි ඉතා අවධාරණයෙන් සඳහන් කරමු. මෙය සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කල යෝජනාවට පටහැනි අතර, එම යෝජනාවෙ අංක 4 සහ 11විධිවිධානයන්ට අනුව විනිවිදභාවය ස්ථාපිත කිරීමට හෝ අදාලතොරතුුරු මහජනතාවට බෙදා හැරිමට හෝ ප‍්‍රචාරය කිරීමට කිසිදු අර්ථවත් උත්සායක් ගෙන නොමැත.

විනිවිදභාවයේ අඩුපාඩුව සමාජ- ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අයිතිවාසිකම් සහ හිමිකම් සඳහා අහිතකර ප‍්‍රතිවිපාක ඇති කරවන බවට ඒකාන්තය. එමනිසා, ක‍්‍රියාවලිය තුළ සම්පූර්ණ මට්ටමේ විනිවිදභාවය සහතික කිරීම සඳහා ක්ෂණික ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ මෙහෙයුම් කමිටුවෙන් අපි ඉල්ලා සිටිමු. සියලූම ඉදිරිපත් කිරීම්, වාර්තා සහ අදහස් විමසීම්වල වාර්තා ජනතාවට ඉදිරිපත් කිරීම සහ මෙසේ සකස්කළ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් අර්ථවත් අධ්‍යයනයකට සහ සාකච්ඡාවකට ජනතාවට ප‍්‍රමාණවත් කාලයක් ලබාදෙන බව සහතික කිරීම මෙයට ඇතුළත් වේ.

ශ‍්‍රි ලංකාව පුරා විහිදි සිටින සමාජ ව්‍යාපාර, වෘත්තීය සමිති, සහ කාන්තා, ජනවාර්ගික, ගොවි, ධීවර, කම්කරු, ආබාධිත පුද්ගලයින්, ලිංගික සුළුතරයින් හා පරිසර අයිතින් ආරක්ෂා කිරිමට කටයුතු කරන සංවිධාන 99 කට අධික සංඛ්‍යාවක් (2016 සැප්තැම්බර් 13 වන විට) විසින් අත්සන් තබා ඇත. එයට අමතරව විද්වතුන්, නීතිඥයින්, ගුරුවරුන්, සමාජ ක‍්‍රියාකාරින්, ලේඛකයින්, මානව හිමිකම් ක‍්‍රියාධරයින්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින් අති විශාල සංඛ්‍යාවක් ද දැනට මෙම ප‍්‍රකාශනයසඳහා අත්සන් තබා ඇත.

සම්පූර්ණ ලැයිස්තුව පහත සඳහන් වේ

ප‍්‍රකාශනයසඳහා අත්සන් තබා ඇති සංවිධාන හා පුද්ගල ලැයිස්තුව

සංවිධාන

1. මඩකළපුදිස්ත‍්‍රික් ධීවර සහයෝගිතා සංවිධානය
2. පරිසර සාධාරණත්වය පිළිබඳ මධ්‍යස්ථානය
3. සමාජ හා සාමයික කේන්ද්‍රය
4. කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය
5. ලංකා ගුරු සංගමය
6. ලංකා වෘත්තීය සමිති සම්මේලනය
7. ලංකා කම්කරු රතු කොඩි සංගමය
8. දිස්ත‍්‍රික් ධීවර සහයෝගිතා සංවිධානය- අම්පාර
9. ගෘහස්ත සේවක සංගමය
10. පරිසර සංරක්ෂණ භාරය
11. ඊක්වල්ග‍්‍රවුන්ඞ්
12. ත්‍ෂ්භශ‍්‍රි ලංකා
13. අනාගතය අපේ අතේ සංවර්ධන පදනම – බදුල්ල
14. ෆ්‍රෙන්ඞ්ස්ඔෆ්අර්ත්ශ‍්‍රි ලංකා
15. යාපනය දිස්ත‍්‍රික්ධීවර සහයෝගිතා සංවිධානය
16. කලූතරදිස්ත‍්‍රික් ධීවර සහයෝගිතා සංවිධානය
17. කිලිනොච්චි දිස්ත‍්‍රික්ධීවර සහයෝගිතා සංවිධානය
18. නීතිය හා සමාජ භාරය
19. මන්නාරම්දිස්ත‍්‍රික්ධීවර සහයෝගිතා සංවිධානය
20. මන්නාරම් කාන්තා සංවර්ධන සම්මේලනය
21. මිරිදිය සංවිධානය – පොළොන්නරුව
22. මෝටිවේෂන්ශී‍්‍ර ලංකා
23. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
24. ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය
25. යහපාලනය සඳහා ජාතික පෙරමුණ
26. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය
27. මීගමු කළපු ධීවර ජනතා සංවිධානය – මීගමුව
28. සාමය හා තිරසාර සංවර්ධනය සඳහා ජනතා සංවාදය
29. ප‍්‍රජාඅභිලාශි ඉඩම් අයිතිවාසිකම් ජාලය
30. ප‍්‍රජා සහයෝගිතා සංවිධානය – පොල්පිතිගම
31. ප‍්‍රජා ශක්ති සංවර්ධන සංවිධානය – කරුවලගස්වැව
32. කාන්තා ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිිතින් වැඩසටහන
33. පුත්තලම්දිස්ත‍්‍රික් ධීවර සහයෝගිතා සංවිධානය
34. රතු කොඩි කාන්තා ව්‍යාපාරය
35. ග‍්‍රාමීය කම්කරු සංවිධානය – උරුම්පිරෙයි
36. සමාදානම් – මහනුවර
37. සවිස්ත‍්‍රි
38. දකුණේ ධීවර සංවිධානය – ගාල්ල
39. දකුණේ ධීවර සංවිධානය – මාතර
40. ශ‍්‍රි ලංකා සොබා සාමුහිකය
41. ශ‍්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය – මීගමුව
42. සූරියා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය – මඩකළපුව
43. ත‍්‍රිකුණාමලයදිස්ත‍්‍රික්ධීවර සහයෝගිතා සංවිධානය
44. ඌව ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය
45. කාන්තා ක‍්‍රියාකාරි ජාලය
46. ආපදා කළමණාකරනයපිළිබඳ කාන්තා සන්ධානය – මඩකළපුව
47. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය
48. වෙළද හා කාර්මික සේවක සංගමය
49. එක්සත් කම්කරු සම්මේලනය
50. වෘත්තීය සමිති පර්යේෂණ හා අධ්‍යාපන සඳහා වූ සංවිධානය
51. ජනාවබෝධ කේන්ද්‍රය – මීගමුව
52. එක්සත් පොදු සේවක සංගමය
53. ශ‍්‍රමාභිමාණි කේන්ද්‍රය – මීගමුව
54. ඩයකෝනියා
55.ඌව ගැමි සංවර්ධන පදනම
56.සිරිලිය කාන්තා ගොවි සංවිධානය
57.ඌව පරණගම ස්වශක්ති පර්ෂදය
58.ජෛව විවිධත්ව පර්යේෂණ, තොරතුරු හා පුහුණු මධ්‍යස්ථානය
59.ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය
60. වතු ප‍්‍රජා සංවර්ධන පර්ශදය
61. ස්වශක්ති සංවර්ධන පර්ෂදය
62. කඳුරට කාන්තා පදනම
63. ඉසුරු ජිවිතෝදය පදනම
64. කඳුරට පාරිසරික සංවර්ධන සංසදය
65. විශ්ව ශක්ති සණස සමිතිය
66. වතු සමාජ සංවර්ධන ආයතනය
67. ග‍්‍රාස්රූට් පුහුණු ආයතනය
68.විශාඛාකුළඟන සංවර්ධන සමිතිය
69. තිස්ස ජය ළමා සුභසාධක පදනම
70. ග‍්‍රාමීය ස්වශක්ති අත්වැල සංවිධානය
71. පහතරටප‍්‍රජා සංවිධාන සංසදය
72. ගැමි කාන්තා පෙරමුණ
73. අර්ථචර්යා පදනම
74. දිගිලි එක්සත් ගොවි සංවිධානය
75. අපේ ශක්ති කාන්තා සංගමය
76. මානව ප‍්‍රබෝධ පදනම
77. නිකසලප‍්‍රජා සංවිධානය
78. ප‍්‍රගතිශීලීගොවිජන සම්මේලනය
79. දේශීය බීජ හා පාරිසරික ගොවි සංවිධානය
80. එක්සත් ගොවි සම්මේලනය
81. ජන විජය පාරිසරික ගොවි පදනම
82. ඒකාබද්ධ ප‍්‍රජා සංවර්ධනය කාන්තා මහා සංගමය
83. ජනෝත්සා සංවර්ධන පදනම
84. පාරිසරික හා ප‍්‍රජා සංවර්ධන තොරතුරු මධ්‍යස්ථානය
85. දේවසරණ කේන්ද්‍රය
86. වයඹ සංවර්ධන සංසදය
87. ගොවි තොරතුරු මධ්‍යස්ථානය
88. මානව හිමිකම් හා ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය
89. ස්ත‍්‍රී සම්පත් මධ්‍යස්ථානය
90. සමාජ දැනුවත් කිරීම සඳහා වන ජනතා ව්‍යාපාරය
91. කාන්තා ග‍්‍රාම සංවර්ධන සමිතිය
92. අම්පාර දිස්ත‍්‍රික්කාබනික ගොවීන්ගේ සංගමය
93. ස්වාමි නඩරාජානන්දජී ළමා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය
94. කලේවානි ගොවි සමිතිය
95. සෙනරත්ගම පාරිසරික ගොවි සංවිධානය
96. දැහැන සහභාගීත්ව පදනම
97. සුළු ගොවීන්ගේ කාබනික නිෂ්පාදන එකතු කිරීමේ හා අලෙවි කිරීමේ සමිතිය
98. පහළ ඌව ප‍්‍රජා සංවර්ධනය ආයතනය
99. පස්සර පුරවැසි සභාව

පුද්ගලයින්

1. අහිලන්කදිරගාමර්
2. අජානිකසිනාදර්
3. ආනන්ද ගලප්පත්ති
4. අනුරාතා රාජරත්නම්
5. අතුල සමරකෝන්
6. අතුල කුමාර
7. බාලචන්ද්‍රන්ගෞතමන්
8. බාලසින්හම්ස්කන්ධකුමාර්
9. බිශෝප්ඩුලිප්ඩිචිකේරා
10. බුද්ධිමා පද්මසිරි
11. චන්ද‍්‍රා ජයරත්න
12. චූලනී කොඩිකාර
13. ආචාර්ය දනේෂ් කරුණානායක
14. ඩියාන් උයන්ගොඩ
15. ධනුෂ්කා රාජරත්නම්
16. දිලීප විතාරණ
17. ආචාර්ය දිනේෂා සමරරත්න
18. දිනුෂිකා දිසානායක
19. ඉලන්ගේස්වරීඅරුණාසලම්
20. එර්මිසාටීගල්
21. ගාමිණි කුලතුංග
22. හලික් අසීස්
23. හාන්ස්බිලිමෝරියා
24. ආචාර්ය හරිනි අමරසූරිය
25. ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල
26. හරේන්හෙටිටියාරචිචි
27. හර්මන් කුමාර
28. හිල්මි අහමඞ්
29. ආචාර්ය ජයදේව උයන්ගොඩ
30. ජයන්ත ධනපාල
31. ජෙයශාන්තිනිවින්ෆ‍්‍රඞ්
32. කල්යානිසුන්තරලින්ගම්
33. කර්තියායිනිසතියසීලන්
34. කයාත‍්‍රිතන්ගරාජා
35. ක‍්‍රිශාන්තෆෙඞ්රික්ස්
36. කුමුදුනිසැමුවෙල්ස්
37. ආචාර්ය කුමුදු කුසුම් කුමාර
38. ලක්ෂ්මන් ගුණසේකර
39. ආචාර්ය ලියනගේ අමරකීර්ති
40. මාධව මීගස්කුඹුර
41. මහාලක්ෂ්මිකුරුශාන්තන්
42. මහින්ද හත්තක
43. මරිසා ද සිල්වා
44. මිරාක්රහීම්
45. මොහොමඞ්මුසම්මිල් කාදර්
46. ආචාර්ය මුතුක‍්‍රිෂ්ණාසරවනාදන්
47. නලිනි රත්නරාජා
48. ආචාර්ය නිමල්කාප‍්‍රනාන්දු
49. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
50. පද්මිනි වීරසූරිය
51. පවිත‍්‍රාකයිලාසපති
52. ආචාර්ය ප‍්‍රදීප් පීරිස්
53. ප‍්‍රභාත් ජයසිංහ
54. ප‍්‍රිමාල්ප‍්‍රනාන්දු
55. රාජලෙච්චමි කන්දයියා
56. ආචාර්ය රාජන් හූල්
57. රශ්මිණී ද සිල්වා
58. මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු
59. රුකීප‍්‍රනාන්දු
60. ආචාර්ය රුවන් වීරසිංහ
61. එස්. අරිවල්සාහන්
62. එස්. සී. සී. ඉලන්කෝවන්
63. සංජීව මත‍්‍රිපාල
64. සරලා එම්මානුවෙල්
65. ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ
66. සතීස්වරීයෝගතාස්
67. ෂෙනාලි ද සිල්වා
68. ශ‍්‍රින්අබ්දුල්සරූර්
69. සිල්මාඅහමඞ්
70. ආචාර්ය සිත‍්‍රලේගාමවුනගුරු
71. ස්ටෙලා පිලිප්ස්
72. මහාචාර්ය සුමති සිවමෝහන්
73. ටී. එම්. පේ‍්‍රමවර්ධන
74. ටෙහානි ආරියරත්න
75. තියාගි රුවන්පතිරණ
76. උපාලි කුමාරප්පෙරුම
77. ආචාර්ය වගීෂා ගුණසේකර
78. වේලායුදන්ජයචිත‍්‍රා
79. වෙර්නුස‍්‍රිපුවේන්ද්‍රන්
80. වයලා පෙරේරා
81. වසන්තකලාපිරදීපන්
82. සහබියාඅදමාලි
83. සයිනාබ්ඉබ්‍රාහිම්

Advertisements