තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ පොදු ශ‍්‍රමිකයන් වශයෙන් කටයුතු කරීම පමණයි. කොළඹ මූල්‍ය නගරය තුළ නගරයේ වැසියන්ට අත්වෙන ඉරණම කුමක්ද? අපි මේ ආණඩුවත් එක්ක, ආණ්ඩුත් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මහින්ද රාජපක්‍ෂත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීමේ අවසානයට අපි දැන් ඇවිල්ල ඉන්නෙ. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනකොට ලොකු අර්බූදයක් තියෙනව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ. මම හිතන්නෙ, අපි සමාජයේ යහපත් වෙනසක් අපේක්‍ෂා කරන අය ඉන්නව නම්, අපේ දැක්ම ඉතා දුරට එල්ල කළයුතු අවදිය අපි ආරම්භ කරමින් සිටිනව. මගේ යෝජනාව අපේ සමාජයේ බුද්්ධියේ ද්‍රරිද්‍රතාවය, අපේ දේශපාලන නායකත්වයට දැක්මක් නෑ. ඔවුන් පොළොවෙ යථාර්ථයට සම්බන්ධයක් නෑ. අපි අපේ තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක්. අපිට නායකයන් අහිමිවෙන්න ප‍්‍රධාන හේතුවත් ඒකයි. අලූත් නායක පරම්පරාවක ආරම්භ කිරීම ගැන දැන් සිතීම ආරම්භ කළ යුතු කාලයයි. ඒ සඳහා අලූත් පරම්පරාවට පසක් විය හැකිද? පොළොවක් විය හැකිද? මේක තමයි අප හමුවේ තියෙන අභියෝගය.”

මහා කවි බර්ට්‍රෝල් බ්‍රෙස්ට් කියල තියනව, ‘නායකයන් පතන දේශයේ සිටින්නේ අසතුටිනි.’ කියල. අපේ දේශය, නායකයන් නැති දේශයක් හැටියට තමයි, මම පෞද්ගලිකව දකිමින් සිටින්නේ. මම ඒකට හේතුව කෙටියෙන් කියන්නම්. දැන් සිදුවෙමින් පවතින්නේ මොකක්ද? දිගින් දිගටම අපි හමුවේ මතුවෙමින් තියන මේ මාතෘකා ගත්තත්, මේ අය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති තත්ත්වයක ඉන්නව.

මේකට මූලික කාරණා දෙකක් තියෙනව. පොරොන්දු ඉටු කිරීමට හේතුවෙන කාරණා ඒ අයගෙ පැත්තෙන් සලකාබැලූවොත්, පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ට කරන්න පුලූවන්ද බැරිද කල්පනා කරන්නෙ නැතුව ඔහේ පොරොන්දු දුන්න. බලය ගන්න ඕනැම පොරොන්දුවක් දුන්න. පොරොන්දු දේශපාලනය කරන්නෙ නෑ කියපු දේශපාලන නායකයන් තමයි මෙහෙම කෙරුවෙ. දෙවෙනි කාරණය තමයි ඔහේ දේශපාලන පොරොන්දු දුන්නා. ඒවා ඉටු කරන්නට පුලූවන් වුණත් අද වෙනකොට සමහරු ඒවා හිතාමතා කඩකරමින් ඉන්නව වංචනික ආකාරයෙන්. පුරවැසි සමාජය සමග, සිවිල් සමාජය සමග ගැසූ ගිවිසුම් නොසලකා හැරලා ඒ අය ඒවා පැත්තකට දාලා තියෙනව.
අද වෙනකොට සිවිල් සමාජය කියන්නෙ මොකක්ද? ආණ්ඩුවට හිතවත් අය කිහිප දෙනෙක් අරගෙන ඒ අය ආණ්ඩුවට හිතවත් ආකාරයට කතාකරන්න වේදිකාවට නංවන තත්ත්වයට අද වෙනකොට සිවිල් සමාජයේ කටයුතු පත්වෙලා තියෙනව. මේ තත්ත්වය අපි වටහා ගන්නේ කොහොමද? මේකෙ තියන දේශපාලනය තමයි, මේ නායකයන් සමහර අය හිතනවා, මේ ලංකාවේ තියන ප‍්‍රශ්නවලට විසඳුම් මා ළ`ග තියනව. ඒවා කෙසේ හෝ ක‍්‍රියාත්මක කළහොත් ලංකාව සංවර්ධනය කළ හැකියි. ලංකාවෙ සියලූ ප‍්‍රශ්න විසඳිය හැකියි. ලෝකය තමන් සිතන ආකාරයට වෙනස් කිරීමේ මේ දැක්ම අපේ කාලයේ පෙරට එන්නේ නව ලිබරල්වාදී මතවාදය පෙරටු කරගෙන. මේ සඳහා ඕන කරන ඕනැම උපක‍්‍රමයක් පාවිච්චි කිරීම සාධාරණය කරනව. තමන් යහපත් කියල හිතාගෙන ඉන්න අරමුණ ඉෂ්ට කිරීම සඳහා අයහපත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිනව. ඒක ඒ අයට වෙන විදිහකට පේන්න පුලූවන්.

ඊට සමානම අත්දැකීම් ලංකා දේශපාලන ඉතිහාසෙ අපට තියෙනව. 1977 බලයට පත්වෙච්ච ජේ.ආර්. ජයවර්ධන පටන් ගත්තු විවෘත ආර්ථිකයෙන් ධනපතියන් ඇවිලා රට සූරාකෑමේ ක‍්‍රියාවලියෙ අත්දැකීම් අපට කියල දුන්නෙ මොකක්ද? ඊට අවුරුදු 40කට ආසන්න කාලයකට පස්සෙ අපි ඉන්න තත්ත්වය මොකක්ද? 1977 ඉඳල පටන්ගත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදීන්ගෙ මේ ණය උගුලෙ අපි හිරවෙලා ඉන්නව.

අද ඒ වගේම ලංකාව සිංගප්පූරුවක් කිරීමේ සිහිනය යළිත් වතාවක් අවදිකරනව, එකම පාර්ශවයක් විසින්. කොළඹ වරාය නගරය, හම්බන්තොට චීන වෙළඳකලාපයක් කිරීම පිළිබඳව ලොකු විශ්වාසයක් මොවුන් තුළ පවතිනව. මම අහන්න කැමතියි අපි හිතල තියෙනවද, 1977 අරඹපු නිදහස් වෙළඳ කලාප ලංකාවට ගෙනාපු සැබෑ ප‍්‍රතිලාභ මොනවද කියන එක. ඒ ගැන අපිට විග‍්‍රහයක් තියෙනව. එතනදි අපි සිතා බැලිය යුතු කාරණයක් තියෙනව. රාජ්‍ය නායකයින්ගෙන් අපේ රට බලාපොරොත්තු විය යත්තේ මොකක්ද කියන එක. සැබෑ දේශපාලන පීඨිකාවක් වන ‘හනා ආරන්ඩ්ට්’ එක්තරා අවස්ථාවක කියනව ‘‘සැබෑ රාජ්‍ය තන්ත‍්‍රිකයකුගේ ඉහළම සත්ගුණය වන්නේ, සමාජයේ පවතින යථාර්ථයන් බහුවිධ සංඛ්‍යාවක් පදනම් කරගෙන පුරවැසියන්ගෙන් ඉදිරිපත් වෙන ඒ හා සමාන මත විවිධ සංඛ්‍යාවක් අතර ඒවා එකිනෙකට සන්නිවේදනය වීමට අවස්ථාවක් සලසා දීම.’’ කියල. සමාජයක් කියන්නෙ බහුවිධතාවයෙන් පිරුණු තැනක්. සමාජ පන්ති, සමාජ කොටස්, සමාජ සමූහ යනාදී වශයෙන්. මේ හැම මිනිස් අවශ්‍යතාවයක්ම සමාජයක නියෝජනය වෙන්න ඕනෙ. ඒ සඳහා ඉඩකඩ සෑදුනේ නැත්නම් සමාජය වියවුලට යනව.

අපි 1977 සිට මේ දක්වා දකිමින් සිටින කාරණයක් තමයි අපේ සමාජය දිගින් දිගටම වියවුලෙන් වියවුලට යෑම. ඒක මම විග‍්‍රහ කරන්න අවශ්‍ය නැහැ බොහෝ දෙනෙක් දන්නව. අපි කෙටියෙන් කියනව නම්, ලංකාවෙ සමාජයෙ ස්වරූපය කුමක්ද? අපි දන්නව ජනවාරි 8 වෙනිදා පරිවර්තනයේ ප‍්‍රධාන තේමාවක් හැටියට පත්වෙච්ච නිදහස, ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, සමාජ සාධාරණය කියන දේවල් ඉහළින් අගය කරන සමාජයක්. දැන් මේ ලාංකීය සමාජයන්ගේ යථාර්ථයන් කියල මේව සැලකුවොත්, මේව මැඩපවත්වමින්, ඒව යටපත් කරමින් ඕනැම ආර්ථික වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන්න ගන්නා උත්සාහයන් බරපතල දේශපාලනමය, සමාජමය අර්බූද නිර්මාණය කරල තියෙන බව අපිට 1977 ඉඳල ඉතිහාසයෙන් පෙන්නුම් කරනව.

ඇයි අපි මේකෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැත්තෙ? කියන ප‍්‍රශ්නය මෙතනදි මතුවෙන්න පුලූවන්. බොහෝ දේශපාලනඥයන්ට දැක්මක් නෑ තමන් නියෝජනය කරන සමාජයේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් ඒක සමග කටයුතු කරමින් නායකත්වය දීමට. දැන් සංවර්ධණය කියන එක කෙටියෙන් ගත්තොත් සංවර්ධනය කියන කතාන්දරය ගත්තොත්, අපේ ඔලූවෙ තියෙන්නෙම පොදු ආර්ථික වර්ධනය පමණයි. අශෝක ස්ටීවන් පියතුමා සඳහන් කළා තිරසාර එහෙමත් නැත්නම් ධරණීය සංවර්ධනය ගැන. සංවර්ධණය ගැන තියෙන ජගත් කථිකාවෙ දීඝ_කාලෙක ඉඳල ආර්ථික සංවර්ධණයට යට නොවෙච්ච සංවර්ධනයක් ගැන විශාල න්‍යායික සාකච්ඡුාවක් සිදුවෙලා තියෙනව. අපි දන්නව වර්ධනය ලෙස සමාන ලෙස සැලකීම පිළිබඳ සංකල්පය. මානව සංවර්ධනය එහෙමත් නැත්නම් මානව සම්බන්ධය පදනම් කරගෙන, සංවර්ධනය කියන්නෙ මානවයාගේ සමස්ථ සම්පූර්ණ පුද්ගලයෙක් වශයෙන් ඇතිකර ගත හැකි වර්ධනය සඳහා අදාලවන මානව ගරුත්වය. දේශපාලනය කිරීමේ අවකාශය මිනිසුන්ගේ හැගීම්, සංවේදනා මේ සියල්ලම ඇතුල්කරගෙන විවෘත ආර්ථිකය පටන්ගත්තම ඒකට ආව බලපෑම මුල්කරගෙන මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකයක් කියල චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දේශපාලන සටන්පාඨයක් කියමිනුයි කරළලියට ආවේ. ඒ සමාජයෙන් එලලෙවෙන විරෝධය නිසා. ඊට පස්සෙ මහින්ද රාජපක්‍ෂ තර`ගයට ආවේ පෞද්ගලික අංශය සමග රාජ්‍ය අංශය තර`ගයකට දානව කියල සටන්පාඨයක් ඉස්සරහට දාගෙන. දැන් මේ ආණ්ඩුව, එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව අදහසක් ගෙනාව සමාජ වෙළඳ පොල ආර්ථිකය කියන සංකල්පයෙන්.

මේවායින් පෙන්නුම් කරන්නෙ ලංකාවේ සමාජයෙ දිගින් දිගටම පැවතිලා තියෙනව ආර්ථික සංවර්ධනය මුල්කර ගත්තු ඊනියා සංවර්ධනයක් පිළිබඳ වැඩ පිළිවෙලකට දැඩි විරෝධයක්. අපිට අවශ්‍යයි මේ මොහොතේ අපි අද මුහුණ දෙන මේ කාරණා මුල් කරගෙන විකල්ප ආර්ථික සංස්කෘතියක් ගැන හිතීම ආරම්භ කිරීමට. ධනවාදය, සමාජවාදය කිව්වම හැමෝගෙම ඔලූවෙ තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකය විපර්යාසයකට ලක් කරන්න. දැන් අපිට සමාජවාදයද, ධනවාදයද, නැත්නම් ලංකාවෙ ආර්ථිකයට ගැලපෙන ආකාරයට ලංකාවේ ආර්ථිකය විපර්යාසකරණයට ලක්කරන්නෙ කොහොමද කියන කාරණය සලකා බලන්න අවශ්‍ය වෙනව.

වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ පොදු ශ‍්‍රමිකයන් වශයෙන් කටයුතු කරීම පමණයි. කොළඹ මූල්‍ය නගරය තුළ නගරයේ වැසියන්ට අත්වෙන ඉරණම කුමක්ද? අපි මේ ආණඩුවත් එක්ක, ආණ්ඩුත් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මහින්ද රාජපක්‍ෂත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීමේ අවසානයට අපි දැන් ඇවිල්ල ඉන්නෙ. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනකොට ලොකු අර්බූදයක් තියෙනව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ. මම හිතන්නෙ, අපි සමාජයේ යහපත් වෙනසක් අපේක්‍ෂා කරන අය ඉන්නව නම්, අපේ දැක්ම ඉතා දුරට එල්ල කළයුතු අවදිය අපි ආරම්භ කරමින් සිටිනව. මගේ යෝජනාව අපේ සමාජයේ බුද්්ධියේ ද්‍රරිද්‍රතාවය, අපේ දේශපාලන නායකත්වයට දැක්මක් නෑ. ඔවුන් පොළොවෙ යථාර්ථයට සම්බන්ධයක් නෑ. අපි අපේ තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක්. අපිට නායකයන් අහිමිවෙන්න ප‍්‍රධාන හේතුවත් ඒකයි. අලූත් නායක පරම්පරාවක ආරම්භ කිරීම ගැන දැන් සිතීම ආරම්භ කළ යුතු කාලයයි. ඒ සඳහා අලූත් පරම්පරාවට පසක් විය හැකිද? පොළොවක් විය හැකිද? මේක තමයි අප හමුවේ තියෙන අභියෝගය. මෙහිදී මූලික කාරණා දෙකක් ගැන අපි සිතිය යුතුයි කියල මම යෝජනා කරනව. එක අලූත් පුරවැසි පරම්පරාවක් බිහිකිරීමට අපි අපේ අධ්‍යාපනය සකස්කර ගත යුතුයි. දෙවනුව වර්තමානයේ පුරවැසි ක‍්‍රියාකාරීත්වය ගොඩනැගිය යුතතේ කෙසේද? දේශපාලනය ගැන උනන්දුවක් දක්වනව නම්, මේ දෙකම ගැන අපි එකට සිතිය යුතුයි.

http://yukthiya.lk/4108-2/

Advertisements