මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය පිළිබඳ කතිකාව

නාමෙල් මාලිනි පුන්චි තියටර් මගින් මාසිකව, එම තියටර් හී දී පවත්වාගෙන යන මාසික නාට්‍ය රසඥතා කතිකාව මේ මස 28 දා සවස 4.30 ට පැවැත් වේ.

මෙම මස කතිකාව පැවැත්වෙන්නේ මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය, විශේෂයෙන් ම පාසැල් විෂයන් සඳහා නියමිත නාට්‍ය පදනම් කරගෙන ය. මූලාසනය හොබවමින් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සාකච්ඡාව මෙහෙයවනු ඇති අතර, සුසිල් සිරිවර්ධන, ජයන්ත අරවින්ද, නිස්සංක දිද්දෙනිය හා සුදත් වටගෙදර මහත්වරුන් කතිකා මඬුල්ලට සහභාගී වනු ඇත.

මේ සියල්ලන්ට ම කරනු ලබන විවෘත ආරාධනයයි.

මෙයට සහභාගී වී තම තමන් ගේ අදහස් දක්වමින් කතිකාව පෝෂණය කිරීමට අනතුරුව ඉහළ මාළයේ හමුව තේ පැන් සංග‍්‍රහයක රස විඳිමින් සුහදව කතා බහ කිරීමට එන්න.

නාමෙල් මාලිනි පුන්චි තියටර්
බොරැල්ල

Advertisements

විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

සර් අයිවර් ජෙනින්ග්ස්  පේරාදෙනියේ දී
සර් අයිවර් ජෙනින්ග්ස් පේරාදෙනියේ දී

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයනලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා.”

Continue reading විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

p1

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය ව මැදිහත් වන පුරවැසි දේශපාලනය යි. අප යටත් විජිතවාදයේ ග්‍රහණයෙන් මිදී ලබා ගත් නිදහස සැබෑ ලෙසින් අර්ථවත් වනු ඇත්තේ එබඳු පුරවැසි ක්‍රියාකාරීත්වයක් තුළින් අප කවදා හෝ සාක්ෂාත් කර ගැනීමට ඉඩ ඇති නිවහල් සාමූහික ආචාර ධර්මීය ඌරුවක් වගා කර ගැනීමෙන් පමණි. අප ඒ සඳහා යා යුතු දුර බොහෝ යැයි සිතමි.”

1948 දී අපි යටත් විජිතවාදී ග්‍රහණයෙන් මිදුණෙමු. 1972 දී, යටත් විජිතවාදයට තිබූ සෙසු ආයතනික බැඳීම් වලින් ද නිදහස් ව ලංකාව ජනරජයක් බව ප්‍රකාශ කර සිටියෙමු.

නමුත්, ලංකාව සැබෑ ජනරජයක් නො වන්නේ ය. එමෙන්ම, අපි තවදුරටත් මනසින් වහල් ව, අනුකාරකවාදීව සිටින්නට තෝරා ගෙන ඇත්තෙමු.

අපේ අනුකාරකවාදී මනස පිළිබිඹු කරන මූලික උදාහරණ කිහිපයක් පමණක් මෙහි ලා ගෙන හැර දැක්විය හැකිය.

එයින් උපත ලද තිස් වසරක යුද්ධයක් උදා කළ මහා ජීවිත සහ ධන විනාශයකින් පසුත්, ජනවාර්ගික ගැට‍ළුවට තිරසාර විසඳුමක් සොයා ගැනීමට අදත් අපි අපොහොසත් ව සිටිමු. Continue reading නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර