අපේ‍්‍රල් කැරැල්ල ප‍්‍රභූන්ට එරෙහි නැගිටීමක් ලෙස – ගණනාථ ඔබේසේකර

“කෙසේ වතුදු ග‍්‍රාමීය ජනයා දේශපාලනකරණය ට ලක් වුවද දේශපාලන බලය කරා ප‍්‍රවේශවීමේ මඟක් ඔවුන්ට නොවිණි. සිවිල් සමාජයක් පිළිබඳ සම්භාවනීය මාක්ස්වාදී මතවාදය වාමාංශිකයන් විසින් මතුරමින් සිටියා පමණි. ගැමියන්ට තම බලය පෙන්වීමට තිබූ එකම අවස්ථාව වූයේ මැතිවරණය පමණකි. එයද පක්‍ෂය කෙරහි කිසිදු බලපෑමක් කිරීමට මඟක් නොවූ අතර ඵලදායී දේශපාලනාධිකාරය දිගින් දිගටම එකම ප‍්‍රභූ පැලැන්තියක් සන්තකව පැවතිණි. වෙනත් වචන වලින් කියන්නේ නම් දේශපාලන විඥානය පුළුල් ලෙස ව්‍යාප්ත වුවද තීරණ ගැනීම හා දේශපාලන අයිතිය එකම ප‍්‍රභූ පිරිසකට උරුම විය. දේශපාලන සහභාගීත්‍වය කෙරහි වඩාත් නම්‍යශීලී පිළිවෙතක් තිබුණේ වී නම් මෙම කරුණු කිසිසේත් ගැටළු නොවනු ඇත. නමුත් රැකියා මෙන්ම වෙනත් වරප‍්‍රසාදත් පිලිබඳ තීරණාත්මක අධිකාරිය හිමිව තිබූ දේශපාලන බලයට ප‍්‍රවේශ වීමේ මාවත් සාමාන්‍ය ජනයාට අහුරා දමා තිබිණි.”

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Some Comments on the Social Backgrounds of the April 1971 Insurgency in Sri Lanka යන රචනාවේ 2 වන කොටසේ සංක්ෂිප්ත පර්වර්තනයක් වන මෙය කමල් පෙරේරා විසින් සකස් කරන ලදුව 1991 ජුනි 2 දින රාවය පුවත් පතේ පල විය.

අපේ‍්‍රල් කැරැල්ල ප‍්‍රභූන්ට එරෙහි නැගිටීමක් ලෙස – ගණනාථ ඔබේසේකර

1971 තරුණ කැරැල්ලත් ඊට පසුබිම් වූ හේතු සාධක පිළිබඳවත් නොයෙක් අර්ථකථන ඉදිරිපත්ව තිබේ. ඒවා අතර වන වඩාත්ම ජනප‍්‍රිය හැඳින්විම වනුයේ එය කුල සාධකය මත පදනම් වූ බවයි. ඒ අනුව කැරැල්ල ප‍්‍රකට වනුයේ අපේක්‍ෂා භංගත්වයට පත් කුලහීන තරුණයන්ගේ නැගී සිටීමක් ලෙසිනි. අනෙක් විග‍්‍රහයන් වල දැක්වෙන්නේ, කැරැල්ල ගැමි ව්‍යාපාරයක් හා මෙරට සරසවි විසින් බිහිකරන ලද රැකියා විරහිත තරුණයන්ගේ ප‍්‍රබල ප‍්‍රකාශනක් බවත්ය. යථෝක්ත අර්ථ නිරූපනයන් එකක් වත් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන අතර, කැරැල්ල බිඳ වැටීමත් සමඟ යටත් වු හා අත් අඩංගුවට පත් තරුණ කැරලිකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ මෙතෙක් ඇස නොගැසූ ඉසව්වක් පිළිබඳ ගවේෂනාත්මක සටහනක් කිරීම මෙහි අරමුණ වේ.

71 කැරැල්ල එවකට බලයේ සිටි රජයට එරෙහිව පැන නැගුණක් පමණක් නොවේ. එය වඩාත් කැපී පෙනෙනුයේ මෙරට දේශපාලන හා පරිපාලන ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළින් වැජඹුණු ප‍්‍රභූ පංතියේ මතවාදයටත් පැවැත්මටත් එරෙහිව පැන නැගුණු අභියෝගයක් ලෙසිනි. කැරලි කරුවන් ගොවීන් නොවූ අතර කැරැල්ල කිසිසේතම ගොවි නැගිටීමක් ද නොවීය. සැබැවින්ම ඔවුහු ගොවියන්ගේ දූ පුතුන් හා මුණුපුරන් පමණක් ම වූහ. විශේෂයෙන්ම ජ.වි.පෙ. නායකත්වය පැන නැගුණේ වංශවත් ගම තුළිනි.

යථෝක්ත ප‍්‍රභූ පැලැන්තිය සමන්විත වූයේ ප‍්‍රධාන වශයෙන් දේශපාලඥයන්, ආරක්‍ෂක සේවාවන් ද ඇතුළත් පරිපාලන හා වෘත්තීය ක්‍ෂේත‍්‍රයන්, විශේෂයෙන්ම තේ වගාව සහිත යුරෝපීය ව්‍යාපාර සමඟ අත්වැල් බැඳගත් ඍජු ලෙසම ආර්ථිකයට බලපෑම් කළ හැකි ව්‍යාපාරිකයන් ආදීන්ගෙනි. සැබැවින්ම එය ආර්ථික මෙන්ම දේශපාලන බලයේ රැහැන්පට වලට හිමිකම් කියා පෑ පාලක පංතියක් ම විය.

ඉංග‍්‍රීසි ක‍්‍රමය අනුව යමින් සැකසූ අධ්‍යාපන ආයතන ද දෙවන සංස්කෘතිකරණයක් සඳහා ප‍්‍රභූන්ට ප‍්‍රබල පදනමක් සැපයීය. මෙම අනුකාරක පාසල් කොළඹ සහ වෙනත් ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව පිහිට වූ අතර ප‍්‍රභූ පැලැන්තියේ සමාජ සන්ධානයක් සඳහා පදනම සැකසූ ආදි සිසු සංගම්, අන්තර් විද්‍යාලයීය ක‍්‍රිකට් තරඟ යනාදියෙන් ද සමන්විත විය. වමේ සිට දකුණ දක්වා වූ සියලූම දේශපාලන පක්‍ෂයන්හි නායකයන් වූ කලී සිය මූලික අධ්‍යාපනය මෙකී ප‍්‍රභූ පාසල් වලින් ද ද්විතීයික අධ්‍යාපනය ඔක්ස්පර්ඞ්, කේ‍්‍රම්බි‍්‍රජ් ආදියෙන් ලබාගත්තා වූ ද එකම පංතියක සාමාජිකයෝ වූහ.

ඓතිහාසික වශයෙන් ප‍්‍රභූ පැලැන්තියේ පැන නැගීමකට ප‍්‍රධාන සාධක තුනක් හේතු සාධක විය.

1. ස්වභාවයෙන්ම ප‍්‍රභූත්වය උරුමකොට ගත් කොටස් (2) විවිධ කුල කණ්ඩායම් (බි‍්‍රතාන්‍ය පාලන සමයේ ආර්ථික හැකියාවන් අත්පත් කර ගත් සලාගම හා කරාව බඳු කණ්ඩායම්) (3) යටත් විජිත පාලනය තුළින් ධනවත් භාවයට පත් ගම්මුලාදෑනීන් බඳු ග‍්‍රාමීය වංශවතුන් :

තමන් අතර කිසිදු අභියෝගයකට ලක් නොවූ ප‍්‍රභූ දරුවෝ විභාග සමත්ව වැදගත් හා බලගතු තනතුරු කරා නිරායාසයෙන්ම සම්ප‍්‍රාප්ත වූහ. මෙම ක‍්‍රියාදාමයේ අවසාන ඵලය වූයේ දියුණු වන රටක රාජ්‍ය ව්‍යූහයට ඉතාමත් බරපතල ලෙස අවශ්‍ය වන්නා වූ ඉහළම සූක්‍ෂමතාවෙන් යුතු පිරිසක් වෙනුවට අවංක, නමුත් දෙවන පෙළේ කණ්ඩායමක් පත් කරගනු ලැබීමය.

ආසියාවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රතිරූපය බවට පත්ව ප‍්‍රබල ප‍්‍රභූ පාලනයක් ද සහිතව මුළුමනින්ම ශක්තිමත් රටක්ව පැවති ලංකාවට, කරුණු කිහිපයක් හේතු කොටගෙන එම තත්ත්වය වැඩි කලක් පවත්වාගත නොහැකි විය. එම කරුණු අතරින් සමහරක් මෙසේය.

(1) 1955 පමණ වන තුරුම ප‍්‍රභූ පැලැන්තියට පිවිසීම සඳහා අධ්‍යාපන ක‍්‍රමය තීරණාත්මක සාධකයයක් විය. නමුත් නිදහස් අධ්‍යාපනයේ වර්ධනයත් සමඟ මෙය බිඳ වැටිණි. සරසවි නිදහස් අධ්‍යාපනය 1946 දී ඇරඹුණු අතර එහි ප‍්‍රතිඵල දක්නට ලැබුණේ 1955 පමණ වන විටය. මහා විද්‍යාල, මධ්‍යමහා විද්‍යාල ආදී උසස් පාසල් රටපුරා ව්‍යාප්ත වන විට ගැමි දරුවන්ට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වූයේය. 1960 වනවිට තරමක් වත් පොහොසත් කමින් යුත් ගැමියන්ගේ දරුවෝ නවීන සරසවි, කාර්මික හා ගුරු විද්‍යාල වලට ඇතුලත් වන්නට වූහ. 1972 වන විට මෙම තත්වය ඉතා පෙරළිකාරී ලෙසින් වෙනස් වන්නට විය. සරසවි තුළට ප‍්‍රවේශ වූ ප‍්‍රභූ පැලැන්තියේ සිසුන් සංඛ්‍යාව සීමිත බවට පත් විණි.

2 (2) පාසල් ජනගනය විස්මය ජනක අයුරින් ව්‍යාප්ත වුවද, ආර්ථික හැකියාවේ ව්‍යුහය නොවෙනස්ව පැරණි අයුරින්ම පැවතිණ. සිය දහස් ගණනින් රැකියා අයදුම් කරන විට රැකියා අවස්ථා සැපයුනේ ඉතා සීමිත වශයෙනි. එය සෘජුවම දේශපාලන අනුග‍්‍රහාත්මක පිළිවෙත හා ගැටෙන්නට වූ අතර රැකියා සඳහා තරඟය වඩ වඩාත් ඉහළ යද්දී නැවත නැවතත් දේශපාලන අනුග‍්‍රහය මතම යැපෙන තත්ත්‍වයකට පත් විය.

(3) 1970 වන විට තරඟ විභාග එක්තරා අන්දමක විගඩමක් බවට පත්ව තිබූ අතර කොටින්ම කාර්යාල කාර්ය සහායකයන්, අනියම් කම්කරුවන්, රියදුරන්, අනියම් ලිපිකරුවන් වැනි රැකියා පවා අමාත්‍යවරුන් බඳු දේශපාලන බලවතුන් විසින් පත්කරනු ලබන තත්ත්‍වයට පත්ව තිබිණි.

(4) ගැමි තරුණයන්ට තීරණ ගැනීමේ බලවතුන් වෙත ප‍්‍රවේශ වීමේ මාර්ගය සෑදී තිබුණේ පළමුවෙන්ම පක්‍ෂ හෙන්චයියන් හා දේශපාලන අතරමැදියන් ඔස්සේ මන්තී‍්‍රවරයා දක්වාත්, අනතුරුව එතැන් සිට අමාත්‍යවරුන් හා රජයේ නිළධාරීන් වෙතටත් යා යුතු වූ වංකගිරි තුළිනි. අධ්‍යාපන සුදුසුකම් වටිනාකමක් වශයෙන් වලංගු නොවුණු තත්වයක් තුළ උගතුන්ගේ රැකියා පෝලිම් දිගු වන්නට විය. ආර්ථික බලපෑම් තවදුරටත් දරාගත නොහැකි වූ උපාධිධාරීන් පවා හොඳ රැකියාවන් පිළිබඳ අභිලාෂයන් අත්හැර දමා ඉතා පහළ මට්ටමේ වෘත්තීන් හි නිරත වන්නට වූහ. ඔවුන්ගේ මෙම අපේක්‍ෂාභංගත්වය කැරළි කාරීත්වයක් දෙසට ඔවුන් යොමු කළ හේතූන් අතර ප‍්‍රමුඛ විය.

(5) ඉහත දැක් වූ ගැටලූ වලට පරිබාහිරව සමකාලීනව සිදු වූ අනෙක් වැදගත් දෙය නම් ජනයා තුළ වැඩෙමින් තිබූ දේශපාලන විඥාණයයි. ආසියාකරය තුළ සර්වජන ඡන්ද බලය හිමි වූ මුල්ම රට ලංකාව බවද මෙහිදී සිහි තබාගත යුතුවේ. සාක්‍ෂරතා වර්ධනයත් අධ්‍යාපනයත් උපයෝගීව ලාංකිකයා ඉතා ප‍්‍රබල දේශපාලන විඥානයක් සහිත ජනකායක් බවට පත් කළේය. මේ අතර ලංකවේ වාමාංශික ව්‍යාපාරයද ගැමි නිර්ධනයන් ගේ ඉක්මන් දේශපාලනකරණය කෙරෙහි වගකිව යුතු වන්නේය. එසේම 1956 දී බණ්ඩාරනායක ලැබූ විශාල ජයග‍්‍රහණයත් සමඟ ගැමි ජනතාව දේශපාලනමය ප‍්‍රමුඛත්වයකට අවතීර්ණ වීමද තවත් වැදගත් කරුණකි.

(6) කෙසේ වතුදු ග‍්‍රාමීය ජනයා දේශපාලනකරණය ට ලක් වුවද දේශපාලන බලය කරා ප‍්‍රවේශවීමේ මඟක් ඔවුන්ට නොවිණි. සිවිල් සමාජයක් පිළිබඳ සම්භාවනීය මාක්ස්වාදී මතවාදය වාමාංශිකයන් විසින් මතුරමින් සිටියා පමණි. ගැමියන්ට තම බලය පෙන්වීමට තිබූ එකම අවස්ථාව වූයේ මැතිවරණය පමණකි. එයද පක්‍ෂය කෙරහි කිසිදු බලපෑමක් කිරීමට මඟක් නොවූ අතර ඵලදායී දේශපාලනාධිකාරය දිගින් දිගටම එකම ප‍්‍රභූ පැලැන්තියක් සන්තකව පැවතිණි. වෙනත් වචන වලින් කියන්නේ නම් දේශපාලන විඥානය පුළුල් ලෙස ව්‍යාප්ත වුවද තීරණ ගැනීම හා දේශපාලන අයිතිය එකම ප‍්‍රභූ පිරිසකට උරුම විය. දේශපාලන සහභාගීත්‍වය කෙරහි වඩාත් නම්‍යශීලී පිළිවෙතක් තිබුණේ වී නම් මෙම කරුණු කිසිසේත් ගැටළු නොවනු ඇත. නමුත් රැකියා මෙන්ම වෙනත් වරප‍්‍රසාදත් පිලිබඳ තීරණාත්මක අධිකාරිය හිමිව තිබූ දේශපාලන බලයට ප‍්‍රවේශ වීමේ මාවත් සාමාන්‍ය ජනයාට අහුරා දමා තිබිණි.

(7) රැකියා අවස්ථා උග‍්‍රව පැවැති අතර රැකියා අවස්ථා සඳහා පැවැති සියළු විවෘත හා තරඟකාරී බඳවා ගැනීමේ ක‍්‍රම අවලංගු කර දැමිණි. පත්වීම ප‍්‍රදානය කිරීමේ අසීමිත බලයක් මන්තී‍්‍රවරුන්ට හිමි විය. වශේෂයෙන්ම හැම මන්තී‍්‍ර වරයෙකුටම ස්ථාවර කෝටා ක‍්‍රමයක් පිරිනැමිණි. මෙය ඥාති සංග‍්‍රහයටත් පගාවට හා දූෂණයටත් සෘජුවම අනුබල දුන්නේය. සුදුසුකම් සහිත පක්‍ෂ සාමාජිකයින් පසෙක සිටියදී ධනය හා බලය උරුම වූ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් මෙම ක‍්‍රමය තුළින් වරප‍්‍රසාද ලබන්නට විය. මෙම තත්ත්‍වයන් තුළ රැකියා විරහිත උගත් තරුණයන් අතර අසාධාරණය පිළිබඳ හැඟීමක් අසාමාන්‍ය ලෙස පැතිරී යෑම ඉතාම ස්වභාවික විය. කැරැල්ල වෙතට තරුණයන් තල්ලූකළ ප‍්‍රබල සාධකයන් ලෙසින් මෙයද ඉතා වැදගත්ය.

(8) උපාධියක් තිබුණේ වුවද ඉංග‍්‍රිසි දැනීමේ දුබලතාවය නිසාවෙන් විධායක ශ්‍රේණියේ තනතුරක් ලබාගැනීම ඉතා දුෂ්කර විය. ජාතික භාෂාවට මුල්තැන දීම හුදු කට වචනයට සීමා වුවක් පමණක් විණි. ඉංග‍්‍රීසි සංස්කෘතියක් මත යැපුන ප‍්‍රභූ පැලැන්තිය දේශපාලන කඩ ඉම් ඉක්මවා යමින් මෙබඳු අවස්ථාවන් ප‍්‍රයෝජනයට ගත්හ. මේ අනුව මතවාදය වශයෙන් කිසිසේත් නො පෑහුණු වමත් දකුණත් අතර සීමාවන් පංති උවමනාව විසින් යටපත්කර දමනු ලැබිණි.

කැරැල්ල ප‍්‍රභූ පැලැන්තියේ සීමා මායිම් තව තවත් තහවුරු කිරීම කඩිනම් කළේය. එය කුළ හා වර්ග වශයෙන් බෙදී සිටීමට කිසිසේත් ඔවුන්ට ඉඩ නොහළ අතර ලංකාවේ දේශපාලනය පුද්ගලීකරණය කිරීමෙහිලා එක්තරා ප‍්‍රමාණයකට බල පෑවේය.

ප‍්‍රභූන් අතර අන්‍යෙන්‍ය සහයෝගය වර්ධනය වෙත්ම සමාජ හුදකලාභාවය ද ඉහල ගියේය. කැරැල්ල නිමා වෙත්ම කොළඹට සංකේන්ද්‍රණය වූ ඔවුහු රටේ සෙසු පෙදෙස් වලින් සහමුලින්ම වෙනස් දිවි පෙවෙතක් ගෙවන්නට වන්හ.

රට හමුවේ මතුවී තිබු දැවන්ත ආර්ථික හා සමාජ අර්බුදයට ප‍්‍රභූ පරිපාලකයන්, ක‍්‍රම සම්පාදකයන් හා දේශපාලනඥයන් විසින් සොයනු ලැබුවේ ඉතා සුව පහසු විසඳුම්ය. උදාහරණයක් හැටියට ක‍්‍රම සම්පාදනයේ කිසි විටෙකත් කි‍්‍රයාවට නැගිය නොහැකි කඩදාසි සැලසුම් මැද විත්තාපරව සිටියහ. කෙළෙවරක් නැති ආර්ථික දේශපාලන ගැටළු නිරාකරණය කිරීම සඳහා ඔවුන් උපයෝගී කරගත් එකම විධික‍්‍රමය වූයේ ප‍්‍රතික්‍ෂෙප කිරීමේ මානසික උපක‍්‍රමය යි. මෙහි සමාජඵලය විය හැක්කේ සමාජ අවධානය නිෂ්පල විසිතුරු කඩදාසි සැළසුම් ගොන්නකට සම්පූර්ණයෙන්ම යටපත් කර දැමීමය.

කවරයේ ඡායාරූපය – 71 කැරලිකරුවන් හම්බන්තොට නගරයට ඇතුළුවන පුවරුව විමුක්‌ති නගරය ලෙස නම්කර තිබූ අයුරු. කැරලිකරුවන් සහ වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි බ්‍රිතාන්‍යයේ එවබරි සාමි සමඟින් අධිනීතිඥවරුන් වූ ප්‍රිsන්ස්‌ ගුණසේකර සහ බාලතම්පෝ ද මෙහි වේ.
http://www.divaina.com/2017/04/02/feature44.html
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )