ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත් සහ පණිවුඩ ඒ හැටියෙන්ම භාර ගනියි. ඔවුනට තමන්ට ලැබෙන පණිවිඩ සැබැවින්ම ප්‍රශ්න කිරීමට සහ තමන් ගේම විනිශ්චයන් ගොඩ නඟා ගැනීමට හැකියාවක් නොමැතිය. ලීවිස් කියා සිටියේ බහුතරයට මේ නිසා සංස්කෘතියක් නැති බවත් එය හිමි සුළුතරයකට බවත් ය.”

Continue reading ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

Advertisements

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය


අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) Continue reading විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද?

“ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්”
A Short Film About Love

කිස්ලොව්ස්කි

කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත් සේ රස විඳ අගය කරන්නට අපට හැකි වෙයි.චිත්‍රපටයේ තේමාව, අප’තර පොදු ව්‍යවහාරයේ පවතින රාගය – ප්‍රේමය පිළිබඳ දෙ – බෙදුම යයි සිතමි. ප්‍රේමය මෙන් නොව, රාගය පාපය හා බැඳුනකි, යන ආගමික විශ්වාසය මෙහිදී විමසුමට ලක් කෙරෙයි. චිත්‍රපටිය ආරම්භයේදී රාගය සංකේතවත් කරන වැඩිහිටි ගැහැණියක වන මැග්ඩාගේත්, අහිංසක, යෞවන ප්‍රේමය පෙන්නුම් කරන ටොමැක්ගේත් චරිත චිත්‍රපටිය තුළ වර්ධනය වීමෙන්, රාගයේ – ප්‍රේමයත්, ප්‍රේමයේ – රාගයත් මතුකර ගනිමින් කිස්ලොව්ස්කි චිත්‍රපටය සමාප්ත කරන්නේ රාගය – ප්‍රේමය අතර ඇතැයි ව්‍යවහාරයේ පවතින පැහැදිලි බෙදුම් රේඛාව බොඳ කොට හැරීම තුළ ජීවිතය පිළිබඳ අපේ පරිකල්පනය මුදා හරිමිනුයි. Continue reading ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

මහනුවර යුගය වන විට ප්‍රාසාංගික කලාවන් දියුණු‍යි – නදීක ගුරුගේ

ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“….1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදීම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන ලදී. ඉන්පසුව මොහු කුලීන බණ්ඩාර වැද්දෙකු වූ ද මහනුවර රාජධානියේ වැදගත් නායකයෙකු වූ ද කිවුලේගෙදර මොහොට්ටාල මුණ ගැසී ඇත. ඔහු තවත් වැද්දන් දෙසීයක් සමග බ්‍රිතාන්‍ය විරෝධයට නායකත්වය සැපයි ය. රාජ්‍ය උරුමක්කරු වැදිරටේ සඟවා තැබුණු අතර වැද්දන් විසින් ආරක්ෂා කරනු ලැබිණි. මෙම රාජ්‍ය උරුමක්කරු විධිමත් ලෙස රාජ්‍යත්වයට පත්කරන අවස්ථාවේ දී අදාළ පූජාවිධිවලට ද බෞද්ධ මහනුවර නායකයින් සමග වැද්දන් ද සහභාගි වී ඇත. මෙම අවස්ථාව පෝල් ඊ. පීරිස් නම් ඉතිහාසඥයා විසින් උඩරට විරෝධය පිළිබඳව ද විස්තර කරමින් 1950 දී ලියන ලද ‘සිංහලේ හා දේශප්‍රේමියෝ’නම් කෘතියේ හැර අනෙක් සාමාන්‍ය ඉතිහාස ලේඛන විසින් අමතක කර දමා ඇති බව පෙනේ. ඇත්තවශයෙන් ම සිංහලයෝ සහ වැද්දෝ යන දෙගොල්ලෝ ම බ්‍රිතාන්‍යයන්ගේ සාහසික මර්ධනයට අතිශයින් ම ගොදුරු වූහ…..” Continue reading ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර