ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර විශ්වාසය ගොඩ නැඟීමයි. මේ සඳහා රට නො බෙදෙන පරිදි ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට පළාත් සභා වලට මෙන් ම ඉන් ඔබ්බට ගමට සහ නගරයටත් බලය බෙදීමෙන් ලංකාව එක්සත් තනි රටක් වශයෙන් පැවතිය හැකි බව සිංහලයන් බහුතරයකට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සහ පුරවැසියන් එක් ව රට පුරා ගොඩ නැඟිය යුතු ය. මේ කර්තව්‍යය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා හදිසියේ කුමන හෝ උපාය යොදමින් සම්මත කර ගන්නා ව්‍යවස්ථාවක් අරමුණු කොට සාක්ෂාත් කර ගත හැකි නොවේ.”

Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

Advertisements

පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු!

වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ බරපතළ භේද මතුකොට තිබේ.

මෙම භේදය මූලිකවම නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි කියා සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අදහසට දැඩි ලෙස විරෝධය පළ කර සිටින සිංහල බෞද්ධ පිරිස් අතර වන භේදය කි. මෙම ප්‍රධාන මත භේදයට තුඩු දී ඇති මූලික කරුණ දෙකකි. ඉන් පළමුවැන්න, ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් දේශපාලන බලය බෙදීම සඳහා කෙරෙන යෝජනාව යි. දෙවැන්න, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම සඳහා කෙරෙන යෝජනාවයි.

මීට අමතරව ‘සමාජ ආර්ථික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙසින් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතුය’ යනුවෙන් ජනතාවගෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වී ඇති විරෝධය ද මතභේදයට තුඩු දී ඇති තවත් ප්‍රධාන කරුණකි.

අපගේ අදහස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහසට සිංහල සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුව වත්මන් ආණ්ඩුව විසින් එම ක්‍රියාවලිය මුල සිටම පවත්වාගෙන ගොස් ඇති අපාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍ර බවින් හීන ස්වරෑපය බවයි. ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් සළකාබැලීම හුදු නාමික ක්‍රියාවලියක් බවට පත්විය. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රියාවලිය මහජනතාවට පාරදෘශ්‍යභාවයෙන් තොරවූ අතර එය ප්‍රජාතන්ත්‍රිකද නොවූ බවද ප්‍රකාශ වී තිබේ. අවසානයේදී ව්‍යවස්ථාව පිළිබඳ තීරණ ගැනීම විශේෂඥයන්ගේ උපදෙස් මත ආණ්ඩුවේ එක් පාර්ශ්වයක කැමැත්තට සිදුකෙරෙන කටයුත්තක් බවට ලඝු කොට ඇති බවක් පෙනී යයි. Continue reading පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි.

මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු බවට රූපාන්තරණය වීමේ (අ)භාග්‍යය සම්පන්න ඉරණමට මුහුණ පා සිටින කථානායකයා පිළිබඳවත් නොවේ, පවුල කෙරෙහිය, අසමත් නූතන පවුල පිළිබඳ ය. ඒ එකම වර, ‘ස්වරූප’, ආදරය කරුණාව වැනි මානව වටිනාකම් පිළිබඳ කරුණ ද අප හමුවේ මතු කරයි. එමෙන්ම, යථාව යනු කුමක් ද? අභූත, අද්භූතජනක යනු කුමක් ද? අභූතරූපී විකාරරූපී බව යථාව නොවන, යථාවෙන් බැහැර දෙයක් ද? යන ප්‍රශ්ණ අප හමුවේ නඟයි. තවද, ඒ යථාව පිළිබඳ අපගේ හැඟීම විභාග කිරීමට ඇරයුම් කරයි.

Continue reading ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

“පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත් ක්ීර්තිධර වීරයාය. 10 – 13 වැනි ශතවර්ෂ වල පැවතුණු දේශමාමකත්වයට එම පුරාණෝක්තිය මනා ව ගැළපෙයි. මේ අවධිය තුළ දකුණු ඉන්දියානුන් මෙරට ආක‍්‍රමණ කළ සමයකි. එසේ නම්, දකුණු ඉන්දියානු උද්දාමය කෙසේ පැවතිණිද? මේ ආක‍්‍රමණ ආරම්භ වූයේ දකුණු ඉන්දියාවේ චෝළ සහ කේරළ – චේර ප‍්‍රදේශවලිනි. එහි පැවතුණේ ලංකාවේ තත්වයේ හාත්පසින්ම විරුද්ධ පැත්තයි. මේ පැත්ත ගජබාහු කතාව පිළිබඳ ඉන්දියානු කතාවේ පැහැදිලිව දැකිය හැකිය. සිලප්පදිහාරම් හි එන ගජබාහු සිංහල පුරාණෝක්තියේ වීරයා නොවේ. ඔහු සිංගුට්ටුවන් රජුට වඩා පහළ මට්ටමේ කෙනෙකි. සෙංගුට්ටුවන් කීර්තිමත් දමිළ වීරයාය. වීර කාව්‍යයේ ඔහු ද විශ්වාස කළ නොහැකි පෙළහර පාන්නෙකි. ගජබාහු මේ දෙපෙති කතාව පුරාණෝක්ති චරිතයක් -පුද්ගලයෙක් -අසල්වැසි රටවල් දෙකක විවිධ සමාජයීය ඓතිහාසික තත්ත්වයන්ට ගැලපෙන පරිදි අනුවර්තන කරගෙන ඇති ආකාරය දක්වන සිත්ගන්නා සුළු නිදර්ශනයකි.”

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය විසින් පල කරන ලද සිරි ගුණසිංහ උපහාර ලිපි සංග්‍රහයේ පල විය.

ගජබාහු පුරාණෝක්තිය හා ඉතිහාසය අතර ගැටලුව පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් මෙහි එයි. පත්තිනි ඇදහිල්ලේ ප්‍රභවය මෙන්ම දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහල බෞද්ධ සමාජයට අනුකලනය වීම පිළිබඳ විග්‍රහයකින් ද යුතු මෙම දීර්ඝ රචනාවේ දෙවැනි කොටස මෙහි පල කරමු. Continue reading ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර