ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්

අධිරාජ්‍යවාදී ලෝකය විසින් උපත දෙන ලද පළමු විප්ලවය උදා වී ඇත. පළමු විප්ලවයයි, නමුත් නිසැකවම අවසන් එක නම් නොවේ.

– ස්විට්සර්ලන්තයේ සූරිච් හි විප්‍රවාසීව සිටියදී 1917 පෙබරවාරි විප්ලවය පිළිබඳ පුවත ලැබුණු විගස ලියූ ලිපියකින්

‘සියලු බලය කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන් ගේ සෝවියට් සභා වලට.’ සාමය! පාන්! ඉඩම්!

– 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ

‘1917 රැසියානු විප්ලවය එය එයටම පිහිටුවාගත් ඉලක්ක සහ එය උත්පාදනය කළ අපෙක්ෂාවන් කරා ළඟා වීමට බෙහෙවින් අසමත් වීය. එහි වාර්ථාව දෝෂ සහිත සහ උභයාර්ථවාචී වීය. නමුත් එය නූතන යුගයේ අන් කුමන හෝ ඓතිහාසික  සිද්ධියකට වඩා ලොව පුරා වඩා ගැඹුරු සහ වඩා දිගු කල් පවත්නා ප්‍රතිවිපාක වල ප්‍රභවය වීය. ‘

ඊ එච් කාර්

–       E. H. Carr, 1979, The Russian Revolution From Lenin to Stalin 1917-1929

‘දැන් ඉතින් සෝවියට් දේශයේ අවසානය, නොවළැක්විය හැකි පරිද්දෙන්, සියළු ඉතිහාසඥයන් රැසියානු විප්ලවය දකින ආකාරය වෙනස් කළේය, මන්ද යත් එය, ජීවමාන විෂයකින් විශදව මියගිය විෂයකගේ චරිතාපදාන රචකයෙකු මෙන්, වෙනස් පර්යාලෝකයක් තුළ දැකීමට, ඔවුනට හැකි – ඔවුන් ඇත්තෙන්ම බැඳී සිටින – හෙයිනි.

එරික් හොබ්ස්බෝම්

–       Eric Hobsbawm, Can We Write the History of the Russian Revolution?, in Eric Hobsbawm, 1997, On History

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය
පිළිබඳ ලිපියක සමාප්ති සටහන්

සමුද්‍රන්

Shan
සමුද්‍රන් නමින් දේශපාලන ලිපි ලියන ආචාර්ය එන්. ෂන්මුගරත්නම් තමා හඳුන්වාදීමට කැමැත්තේ “වාමාංශිකයෙකි, ඉහත දී මාඕවාදී වම සමග අනන්‍යවූවෙකි, වත්මනෙහි හුදු මාක්ස්වාදියෙකි” යනුවෙනි. නෝර්වේ දේශයෙහි Norwegian University of Life Sciences නමැති විශ්වවිද්‍යාලයෙහි පරිසර සහ සංවර්ධන අධ්‍යයන පිළිබඳ අධ්‍යයනාංශයෙහි සංවර්ධන අධ්‍යයන පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරයා ද වෙයි.

‘සෝවියට් දේශයේ අවසාන වකවානුවේදී සෙමින් දිග හැරෙන මහා ඛේදවාචකය’
– එරික් හොබස්බෝම් (Eric Hobbsbawm, 1995)

ඔක්තෝබර් විප්ලවයට වසර සියයක් සම්පූර්ණ වී තිබේ. සෝවියට් දේශය නැතිවී ගොස් වසර විසිහයක් ඉක්මවා ඇත. රුසියාව විවිධ බාධක මැද ධනවාදී ලෝක බලවතෙක් ලෙස නැවත උපත ලැබීමට උත්සාහ දරමින් සිටී. වර්තමාන චීනය කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ධනවාදී මාවතට හැරී එඩිතරව ලෝක බලවතෙතුගේ භූමිකාව රඟ දක්වමින් සිටී. අද වන විට සමාජවාදී කඳවුරක් දැක ගත නොහැකි නමුත් සමාජවාදය හා කොමියුනිස්ට්වාදය යන සංකල්ප තවමත් පවතී. ඒ පිළිබඳ තර්ක විතර්ක තවමත් සිදු කෙරෙයි. ඉතිහාසයේ අවසාන නැවතුම් පොළ ධනවාදය යැයි ඉදිරිපත් කෙරෙන තර්කය ව්‍යාජ එකක් බවට පත්ව ඇත. අනාගතය උදෙසා අප විසින් විසිවැනි ශතවර්ෂයේ දී පරාජයට පත් කරන ලද සමාජවාදයේ ඉතිහාසය දෙස අප හැරි බලන්නේ ඒ හේතුවෙනි. ඒ ගැන සමාලෝචනය කර තර්ක කරන්නෙමු. අප විසින් මීට පෙර ගනු ලැබූ ස්ථාවරයන් හා විශ්වාසයන් ප‍්‍රශ්න කිරීම්වලට ලක් කරන්නෙමු. ස්වයං විචේචනය කරන්නෙමු. 1917 ඔක්තෝබරය 2017 දී සැමරීම තුලින් ඊට විශේෂ අවස්ථාවක් උදා කර දී තිබේ. Continue reading ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්

Advertisements