ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය පිළිබඳ ලිපියක සමාප්ති සටහන් – සමුද්‍රන්

අධිරාජ්‍යවාදී ලෝකය විසින් උපත දෙන ලද පළමු විප්ලවය උදා වී ඇත. පළමු විප්ලවයයි, නමුත් නිසැකවම අවසන් එක නම් නොවේ.

– ස්විට්සර්ලන්තයේ සූරිච් හි විප්‍රවාසීව සිටියදී 1917 පෙබරවාරි විප්ලවය පිළිබඳ පුවත ලැබුණු විගස ලියූ ලිපියකින්

‘සියලු බලය කම්කරුවන්ගේ, සෙබළුන්ගේ සහ ගොවීන් ගේ සෝවියට් සභා වලට.’ සාමය! පාන්! ඉඩම්!

– 1917 බෝල්ෂේවික්වරුන්ගේ සටන් පාඨ

‘1917 රැසියානු විප්ලවය එය එයටම පිහිටුවාගත් ඉලක්ක සහ එය උත්පාදනය කළ අපෙක්ෂාවන් කරා ළඟා වීමට බෙහෙවින් අසමත් වීය. එහි වාර්ථාව දෝෂ සහිත සහ උභයාර්ථවාචී වීය. නමුත් එය නූතන යුගයේ අන් කුමන හෝ ඓතිහාසික  සිද්ධියකට වඩා ලොව පුරා වඩා ගැඹුරු සහ වඩා දිගු කල් පවත්නා ප්‍රතිවිපාක වල ප්‍රභවය වීය. ‘

ඊ එච් කාර්

–       E. H. Carr, 1979, The Russian Revolution From Lenin to Stalin 1917-1929

‘දැන් ඉතින් සෝවියට් දේශයේ අවසානය, නොවළැක්විය හැකි පරිද්දෙන්, සියළු ඉතිහාසඥයන් රැසියානු විප්ලවය දකින ආකාරය වෙනස් කළේය, මන්ද යත් එය, ජීවමාන විෂයකින් විශදව මියගිය විෂයකගේ චරිතාපදාන රචකයෙකු මෙන්, වෙනස් පර්යාලෝකයක් තුළ දැකීමට, ඔවුනට හැකි – ඔවුන් ඇත්තෙන්ම බැඳී සිටින – හෙයිනි.

එරික් හොබ්ස්බෝම්

–       Eric Hobsbawm, Can We Write the History of the Russian Revolution?, in Eric Hobsbawm, 1997, On History

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය
පිළිබඳ ලිපියක සමාප්ති සටහන්

සමුද්‍රන්

Shan
සමුද්‍රන් නමින් දේශපාලන ලිපි ලියන ආචාර්ය එන්. ෂන්මුගරත්නම් තමා හඳුන්වාදීමට කැමැත්තේ “වාමාංශිකයෙකි, ඉහත දී මාඕවාදී වම සමග අනන්‍යවූවෙකි, වත්මනෙහි හුදු මාක්ස්වාදියෙකි” යනුවෙනි. නෝර්වේ දේශයෙහි Norwegian University of Life Sciences නමැති විශ්වවිද්‍යාලයෙහි පරිසර සහ සංවර්ධන අධ්‍යයන පිළිබඳ අධ්‍යයනාංශයෙහි සංවර්ධන අධ්‍යයන පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරයා ද වෙයි.

‘සෝවියට් දේශයේ අවසාන වකවානුවේදී සෙමින් දිග හැරෙන මහා ඛේදවාචකය’
– එරික් හොබස්බෝම් (Eric Hobbsbawm, 1995)

ඔක්තෝබර් විප්ලවයට වසර සියයක් සම්පූර්ණ වී තිබේ. සෝවියට් දේශය නැතිවී ගොස් වසර විසිහයක් ඉක්මවා ඇත. රුසියාව විවිධ බාධක මැද ධනවාදී ලෝක බලවතෙක් ලෙස නැවත උපත ලැබීමට උත්සාහ දරමින් සිටී. වර්තමාන චීනය කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ධනවාදී මාවතට හැරී එඩිතරව ලෝක බලවතෙතුගේ භූමිකාව රඟ දක්වමින් සිටී. අද වන විට සමාජවාදී කඳවුරක් දැක ගත නොහැකි නමුත් සමාජවාදය හා කොමියුනිස්ට්වාදය යන සංකල්ප තවමත් පවතී. ඒ පිළිබඳ තර්ක විතර්ක තවමත් සිදු කෙරෙයි. ඉතිහාසයේ අවසාන නැවතුම් පොළ ධනවාදය යැයි ඉදිරිපත් කෙරෙන තර්කය ව්‍යාජ එකක් බවට පත්ව ඇත. අනාගතය උදෙසා අප විසින් විසිවැනි ශතවර්ෂයේ දී පරාජයට පත් කරන ලද සමාජවාදයේ ඉතිහාසය දෙස අප හැරි බලන්නේ ඒ හේතුවෙනි. ඒ ගැන සමාලෝචනය කර තර්ක කරන්නෙමු. අප විසින් මීට පෙර ගනු ලැබූ ස්ථාවරයන් හා විශ්වාසයන් ප‍්‍රශ්න කිරීම්වලට ලක් කරන්නෙමු. ස්වයං විචේචනය කරන්නෙමු. 1917 ඔක්තෝබරය 2017 දී සැමරීම තුලින් ඊට විශේෂ අවස්ථාවක් උදා කර දී තිබේ.

විසිවැනි ශතවර්ෂ ඉතිහාසයේ නිර්වචනය යනු සීමාව ඉක්මවා ගිය ප‍්‍රචණ්ඩත්වය හා විනාශයන් යැයි බොහෝ විද්වතුන් ප‍්‍රකාශ කර තිබේ. අධිරාජ්‍යවාදීන් අතර පැවති ලෝක යුද්ධ දෙකක්, රාජ්‍යයන් අතර පැවති යුද්ධ, රාජ්‍යයන් අභ්‍යන්තරයේ පැවති යුද්ධ, විප්ලව, ජාතික නිදහස් අරගල, විරුද්ධවාදී විප්ලව, සෙවනැලි යුද්ධ එහි තවත් අන්තයක සිදුවූ නවීකරණයේ පිබිදීම, විද්‍යා හා තාක්ෂණයේ තිරසාර විප්ලවය, සමාජවාදී චින්තනයන්හි ව්‍යාප්තිය හා වර්ධනය, මානුෂීය නිදහස, මානව හිමිකම් පිළිබඳ සංවාදවල පිබිදීම, අන්තර්ජාතික වශයෙන් සිදුකරන ලද කොමියුනිස්ට් විරෝධී ප‍්‍රචාරයන්, පශ්චාත් නවීකරන තර්කවල ආගමනය…. යන කරුණු පසුගිය ශතවර්ෂය තීව‍්‍ර විරුද්ධවාදී නැඹුරුවේ සියවස ලෙස නිර්වචනය කිරීමට පාදක වේ. මාක්ස්වාදී ඉතිහාසඥ එරික් හොබස්බෝම් විසින් රචිත ග‍්‍රන්ථයක් වන Age of Extremes-The short twentieth century 1914-1991 ඊට කදිම නිදසුනකි.

බෝල්ෂෙවික් විප්ලවය දෙස හැරී බැලීමේදී මේ පසුබිම ද මතක් කිරීම ප‍්‍රයෝජනවත් වේ. විප්ලවය යනු දිවා භොජන සංග‍්‍රහයක් හෝ මැහුම් මොස්තරයක් නොවන බව මා ඕ විසින් ප‍්‍රකාශ කරන ලදී. විසිවැනි ශතවර්ෂයේ යථාර්තය මේ මගින් පැහැදිලි වේ. බෝල්ෂෙවික් විප්ලවයේ ආරම්භක අවස්ථාවේදී විප්ලවවාදී ප‍්‍රචණ්ඩත්වය වැඩි වශයෙන් උපයෝගී කර නොගන්නා ලද නමුත් විප්ලවයෙන් අනතුරුව අභ්‍යන්තර යුද්ධයේ ස්වරූපයෙන් පැමිණි විරුද්ධවාදී විප්ලවය හේතු කොට ගෙන එකී විප්ලවය ප‍්‍රචණ්ඩත්වයක් නොමැතිව බේරා ගැනීමට නොහැකි වන්නට තිබුණි. ලෙනින් අපේක්ෂා කළ යුරෝපීය සමාජවාදී විප්ලවය වෙනුවට යුරෝපය තුළ පැවතියේ සෝවියට් දේශය තුළ ප්‍රතිවිප්ලවයට පණ පොවන පාලන තන්ත‍්‍රයන්ය. විදේශ ආක‍්‍රමණයන්ට මුහුණ දීම සඳහාත් අභ්‍යන්තර විරුද්ධවාදී විප්ලවීය බලවේග මැඩ පැවැත්වීම සඳහාත් බෝල්ෂෙවික් පක්ෂය විසින් (සෝවියට් කොමියුනිස්ට් පක්ෂය) රාජ්‍ය යාන්ත‍්‍රණයේ ප‍්‍රචණ්ඩ ඒකක ශක්තිමත් කරන ලදී. හමුදාව, පොලීසිය, රහස් පොලීසිය සහ බුද්ධි අංශය වැනි ආයතන විශාල ආයතන බවට පත්විය. රට තුළත් පක්ෂය තුළත් මෙකී මෙවලම් ප‍්‍රයෝජනයට ගැනීමේදී පක්ෂයේ නායකත්වය සිදුකළේ බරපතල වරදකි. විප්ලවයේ හිත මිතුරන් කවුරුන් ද? එදිරිවාදීහු කවුරුන් ද? දිනා ගත යුතු අය කවුරුන් ද? ආදී කරුණුවලට ලබාදිය යුතු ප‍්‍රමුඛතාවය නිසි අයුරින් නොදෙන ලදී. පක්ෂය තුලින් මතුවූ මතභේද, විරුද්ධවාදී මතභේද බවට පත් කරනු ලැබීම හේතුවෙන් බොහෝ දක්ෂ කොමියුනිස්ට්වාදීන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ලැබ පක්ෂයෙන් නෙරපා හැර ව්‍යාජ පරීක්ෂණවලින් අනතුරුව මරණ දඬුවම නියම කරන ලදී.

1917 දී පළමුවැනි මධ්‍යම කාරක සභාවට තේරී පත්වූ දහසය දෙනෙකුගෙන් අට දෙනෙකුට එරෙහිව 1937 – – 38 කාල වකවානුවේදී චෝදනා එල්ල කරන ලදුව මරණ දණ්ඩනය නියම කරන ලදී. එම අවස්ථාව වන විට ස්ටාලින් කටයුතු කළේ පක්ෂයේ මහලේකම් ලෙසත් සෝවියට් දේශයේ නායකයා ලෙසත් ය. ඔහුගේ සමීපතම ආධාරකරුවන් ලෙස කටයුතු කළ සිවනොවියෙව්, කමනෙව්, බුඛාරින් සහ තවත් බොහෝ අය 1937-39 කාල සීමාව තුළ ද්‍රෝහීන් යැයි චෝදනා එල්ල කරනු ලැබ, ඔවුන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන ලදී. ට්‍රොට්ස්කි පක්ෂයෙන් නෙරපා හරිනු ලැබ රටින් පිටුවහල් කරන ලදී. ඔහු 1940 දී මැක්සිකෝවේ දී ඝාතනයට ලක් විය. ස්ටාලින් බලයේ සිටි කාලයේදී දේශපාලනමය හේතූන් නිසා දහස් ගණනින් ඝාතනයට ලක්වූහ. නැතිනම් සිර ගත කරන ලදහ. මෙවැනි දඬුවම් සියල්ල රාජ්‍ය ත‍්‍රස්තවාදය බවට කිසිම සැකයක් නැත. රජය අඛණ්ඩව තමන් ජනතාවගෙන් ඈත් කොට තැබුවේය. මෙම ත‍්‍රස්තවාදය විප්ලවීය ප‍්‍රචණ්ඩත්වයක් නොවේ, මාක්ස්වාදී දාර්ශනිකයෙක් වන අලෙන් බදියු (2013) ට අනුව, ස්ටාලින්ගේ ප‍්‍රධානත්වයෙන් දියත් කරන ලද මෙම ත‍්‍රස්තවාදයට හැකි වූයේ බෝල්ෂේවික් විප්ලවයට අපකීර්තියක් ගෙන දීමට සහ සමාජවාදයට එරෙහි බලවේග පෝෂණය කිරීමට යැයි පැවසීම සාධාරණයි.

හොබස්බෝම් (1995) ට අනුව බහුල වශයෙන් බොහෝ රටවල්වලින් සැදුම්ලත් කොමියුනිස්ට් කඳවුරේ වර්ධනය එම රටවල ජීවත් වන ජනතාවගේ ආකල්පමය වෙනසක් බවට පත් නොවීම එකී කඳවුරේ ඇදහිය නොහැකි කඩාවැටීමෙන්ම මනාව පැහැදිලි වේ. මේ රටවල කොමියුනිස්ට් පක්ෂ සියල්ල කටයුතු කළේ ලෙනින් විසින් සකසන ලද පක්ෂයේ ආකෘතිය අනුගමනය කළ දාර්ශනිකත්වය පදනම් කර ගත් ප‍්‍රභූ පිරිසකගේ (eltie) නායකත්වයෙනි. කම්කරු පන්තියට සහ අනෙකුත් සමාජ කොට්ඨාශවලට කොමියුනිස්ට් සංකල්පය ගැඹුරින් අවබෝධ කර ගැනීමේ වාතාවරණයක් ඇති නොකරන ලදී. පවතින පක්ෂ අනාගත අධිෂ්ඨානය යැයි අදහස් කළ කොමියුනිස්ට් සමාජයක් කරා යන ගමනේ දී ජනතාව මෙවලමක් හා සමානව සලකන ලදී. එකී ගමනේ අතරමැදි කාල සීමාව සමාජවාදය යැයි ප‍්‍රචාරය කරන ලද නමුත් එය දක්නට ලැබුනේ ඉහල සිට පහළට අණදෙන සමාජවාදය ලෙසයි (command socialism).

1917 දී බෝල්ෂෙවික් පක්ෂයට සහය පළ කරමින් ඊට සහභාගි වූ කම්කරුවන්, සොල්දාදුවන්, දුප්පත් ගොවීන් සමාජයේ අනෙකුත් සාමාජිකයින් සියළු දෙනා බෝල්ෂෙවික් -වරු නොවේ. එවකට පැවති බෝල්ෂෙවික්වරු වනාහි පාලකයිින්ගෙන් සැදුම් ලත් පක්ෂයක සිටි කුඩා කණ්ඩායමක් පමණි. එහි අවසාන ප‍්‍රතිඵලය ලෙස දැක ගත හැකි වූයේ ජනතාවට දේශපාලන දැනුම ලබා දීමේ අවශ්‍යතාවය ලෙනින් විසින් අවධානය කරන ලද නමුත් , ඔහු විසින් බිහි කරන ලද පෙරටුගාමී (vanguard) සංවිධානයක් වන පක්ෂය සහ ජනතාව අතර පැවති මතය එකම ස්ථාවරයකට ගෙන ඒමට අසමත් වූ විශාල හිඩැසක් නිර්මාණය වීමයි. පෙරටුගාමී සංවිධානයක් අවශ්‍ය නොවන බව මගේ තර්කය නොවේ. ඉතිහාස අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ, ඒ හා ජනතාව අතර තිබෙන හිඩැස වර්ධනය වීම වෙනුවට නැති වී යාමේ ප‍්‍රවණතාවයක් නොමැති අවස්ථාවන්වල සමාජවාදී සමාජ කොට්ඨාශයක් ගොඩනැගිය නොහැකි වනු ඇත යන්නයි. ලෙනින්ගේ අභාවයෙන් අනතුරුව ස්ටාලින් විසින් නිර්මාණය කරන ලද මාක්ස්වාදය – ලෙනින්වාදය විවේචනවලට ඔබ්බෙන් පිහිටි දෘෂ්ටිවාදයක් ලෙස පවිත්‍රකරණයට ලක් කරන ලදී. එය සෝවියට් කම්කරුවන් සහ සමස්ත ජනතාව විසින් පිලිනොගන්නා ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි.

විප්ලවවාදී සටන්කරුවන් සහ ජනතාව අතර වූ සම්බන්ධය මා ඕ විසින් සංසන්දනය කරන ලද්දේ මාළුවන් හා ජලය අතර පවතින සම්බන්ධතාවය හා සමානවය. මෙම සංසන්දනය ගරිල්ලා සටන් ක‍්‍රමවලට සුදුසු එකක් වන නමුත් සමස්ත අරගලයේ සහ සමාජවාදී – කොමියුනිස්ට් සමාජයක් බිහි කිරීමේ දී ජනතාවගේ හැඟීීම් බර ක‍්‍රියාකාරීත්වය හරහා ඓතිහාසික සංස්කෘතියක් ඔවුන් විසින්ම බිහි කරනු ලැබීමට සහය වන දේශපාලන සංවිධානවල අවශ්‍යතාවයක් පවතී. මෙම දෘෂ්ටි කෝණය හමුවේ ජනතාව ජලය හා සමානවත් එය ප‍්‍රයෝජනයට ගනිමින් ක‍්‍රියා කරනු ලබන මාළුවන් හා සමානව කොමියුනිස්ට්වරු සැලකිය නොහැකිය. එවන් එළෙඹුමක් මගින් ජනතාව පත් කරනු ලබන්නේ උනන්දුවක් නොදක්වන ජන සමූහයක් බවටය. මෙය විසිවැනි ශතවර්ෂයේ අත්දැකීම්වලින් ඉගෙන ගන්නා එක් පාඩමකි.

සමාජවාදී කඳවුරේ කඩාවැටීමෙන් පසු නව ලිබරල්වාදීහු ස්වයං තරඟකාරී වෙළඳපොළ ධනවාදයට විකල්පයක් හෝ සංවිධානයක් හෝ නොමැති බව ප‍්‍රචාරය කළහ. ධනවාදයෙන් ඔබ්බට ඉතිහාසයක් නැත යන්න එහි අර්ථයයි. එසේ නමුත් යථාර්තය විසින් ඔවුන්ගේ ප‍්‍රචාරය අර්ථශූන්‍ය බවට පත්කරන ලදී. ප‍්‍රාග්ධනය ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමට ආර්ථිකමය ගැටළු විටින් විට පැන නගී. එයින් ඇතිවූ සමාජ හා ආර්ථික ඵලවිපාක සුළු පටු නොවේ. විසිඑක්වැනි ශතවර්ෂයේදී තවදුරටත් ගෝලීයකරණයට ලක්වූ මූල්‍යකරණයට ලක් කරන ලද ධනපතිවාදය විසින් ලෝකයේ අසමතුලිතභාවය අන් කවර දාකවත් නොදුටු ආකාරයට වර්ධනය කිරීමට සමත්ව තිබේ. මිනිස් ශ‍්‍රමය සූරා කෑම සහ ස්වාභාවික සම්පත් සූරා කෑමට ලක්වීම සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. අද වන විට අන් කවරදාකවත් නොමැති ආකාරයට ධනවාදයෙන් ඔබ්බට ගොස් ඊට විකල්ප සංවිධානයක් පිළිබඳව කල්පනා කළ යුතු කාලය එළඹ තිබේ. සමාජවාදය හා කොමියුනිස්ට්වාදය ප‍්‍රතිපරිකල්පනාවට නැඟීම හා ඒ පිළිබඳ විවාද මතුවීම නොවැලැක්විය හැකි කරුණකි. මෙවන් වාතාවරණයක් තුළ විසිවැනි ශතවර්ෂයේ සමාජවාදී පර්යේෂණ විසින් අපට උගන්වනු ලබන පාඩම්වල වැදගත්කම අඩුවෙන් තක්සේරු කළ නොහැකිය.

අප ෙමම සිංහල පරිවර්ථනය සකසා ගත් දෙමළ බසින් ලියැවුණු මුල් ලිපිය පළ වූ සමුද්‍රන් ගේ වෙබ් අඩවිය සඳහා බලන්න, මෙහි

Eric Hobsbawm, 1995, The Age of Extremes The short twentieth century 1914-1991, Abacus

Alain Badiou, 2013, The Communist Idea and the Question of Terror, in Slavoj Zizek (ed.) 2013, The Idea of Communism 2, The New York Conference, Verso Books.

ஒக்டோபர் 1917  ஒரு மாபெரும் புரட்சியின் நினைவுகூரலும் விமர்சனமும்

சில முடிவுரைகள்

சமுத்திரன்

‘சோவியத் யூனியனின் இறுதி வருடங்கள் ஒரு மெல்ல நகரும் பேரழிவு.’

-Eric Hobsbawm (1995)

ஒக்டோபர் புரட்சி நடைபெற்று நூறுவருடங்கள் கழிந்துவிட்டன. சோவியத் அமைப்பு மறைந்து இருபத்தி ஆறு வருடங்கள் கழிந்துவிட்டன. ரஷ்யா பல சிக்கல்களுகூடாக ஒரு முதலாளித்துவ வல்லரசாக மறுபிறவி எடுக்கும் திட்டத்தில் ஈடுபட்டுள்ளது. சீனா கொம்யூனிஸ்ட் கட்சியின் தலைமையில் முதலாளித்துவப் பாதைக்குத் திரும்பி வீறுநடையில் வல்லரசாக எழுகிறது. இன்று சோஷலிச முகாம் என ஒன்று இல்லை. ஆனால் சோஷலிசம், கொம்யூனிசம் எனும் கருத்துருக்கள் மறையவில்லை. அவை பற்றிய விவாதங்கள் தொடர்கின்றன. முதலாளித்துவமே வரலாற்றின் இறுதி நிலையம் எனும் வாதம் எடுபடவில்லை. அதனால்தான் எதிர்கால நோக்கில் இருபதாம் நூற்றாண்டின் தோல்வியடைந்த சோஷலிச வரலாற்றைத் திரும்பிப் பார்க்கிறோம், மீளாய்வு செய்து விவாதிக்கிறோம், நமது முன்னைய நிலைப்பாடுகளையும் நம்பிக்கைகளையும் கேள்விக்குள்ளாக்குகிறோம், சுயவிமர்சனம் செய்கிறோம். ஒக்டோபர் 1917ஐ 2017ல் நினைவு கூருவது இதற்கொரு விசேட சந்தர்ப்பத்தை கொடுக்கிறது.

மித மிஞ்சிய வன்முறையும் அழிவுகளும் இருபதாம் நூற்றாண்டின் வரலாற்றின் வரைவிலக்கணமெனப் பல அறிஞர்கள் கூறியுள்ளனர். இரண்டு ஏகாதிபத்திய உலகப் போர்கள், அரசுகளுக்கிடையிலான போர்கள், பல உள்நாட்டுப் போர்கள், புரட்சிகள், தேசிய விடுதலைப் போராட்டங்கள், எதிர்ப் புரட்சிகள், நிழற்போர்…. இதன் மறுபுறத்தில் நவீனமயமாக்கலின் எழுச்சி, விஞ்ஞான – தொழில்நுட்பவியலின் நிரந்தப்புரட்சி, சோஷலிச சிந்தனைகளின் பரவலும் வளர்ச்சியும், மனித சுதந்திரம், மனித உரிமைகள் தொடர்பான கதையாடல்களின் எழுச்சி, உலகளாவிய கொம்யூனிச எதிர்ப்புப் பிரச்சாரம், நவீனத்துவத்துவத்துக்குப் பின்னைய வாதங்களின் வருகை…. இவையெல்லாம் கடந்த நூற்றாண்டை தீவிர எதிர்நிலைப் போக்குகளின் சகாப்தமென வரைவிலக்கணப் படுத்தக் காரணங்களாகின்றன. மாக்சிச வரலாற்றாசிரியர் Eric Hobsbawm எழுதிய நூலான ´Age of Extremes – The short twentieth century 1914-1991´ இதற்கு ஒரு சிறப்பான உதாரணமாகும்.

போல்ஷெவிக் புரட்சியைப் பின்நோக்கிப் பார்க்கும்போது இந்தப் பின்னணியையும் நினைவுகூருவது பயன்தரும். புரட்சி ஒரு மதியபோசனவிருந்தோ அல்லது தையல்பூவேலையோ அல்ல என மாஓ சொன்னார். இருபதாம் நூற்றாண்டின் யதார்த்ததை இது வெளிப்படுதுகிறது. போல்ஷெவிக் புரட்சியின் ஆரம்பத்தில் புரட்சிகர வன்முறை பெருமளவில் பயன்படுத்தப்படவில்லை. ஆனால் புரட்சிக்குப்பின் உள்நாட்டுபோர் வடிவில் வந்த எதிர்ப்புரட்சியிலிருந்து புரட்சியை வன்முறையின்றிக் காப்பாற்ற முடிந்திருக்காது. லெனின் எதிர்பார்த்த ஐரோப்பிய சோஷலிசப் புரட்சிக்கு மாறாக சோவியத் யூனியனுக்குள் எதிர்ப்புரட்சியின் சக்திகளுக்கு வலுவூட்டும் ஐரோப்பிய ஆட்சிகள்தானிருந்தன. வெளிநாட்டு ஆக்கிரமிப்பை எதிர்நோக்கவும் உள்நாட்டு எதிர்ப்புரட்சிகரச் சக்திகளை அடக்குவதற்கும் போல்ஷெவிக் கட்சி (சோவியத் கொம்யூனிஸ்ட் கட்சி) அரச இயந்திரத்தின் வன்முறை அலகுகளைப் பலப்படுத்தியது. இராணுவம், பொலிஸ், இரகசியப் பொலிஸ், உளவுத்துறை போன்றவை மிகவும் பாரிய நிறுவனங்களாயின. நாட்டிற்குள்ளேயும், கட்சிகுள்ளேயும் அரசின் இந்தக் கருவிகளைப் பாவிப்பதில் கட்சியின் தலைமை தவறிழைத்தது. புரட்சியின் நண்பர்கள் யார், எதிரிகள் யார், வென்றெடுக்கப்பட வேண்டியவர்கள் யார் எனும் கேள்விகளுக்கு உரிய முக்கியத்துவத்தைக் கொடுக்கவில்லை. கட்சிக்குள்ளே எழுந்த முரண்பாடுகள் எதிர் முரண்பாடுகளாக்கப்பட்டதன் விளைவாகப் பல சிறந்த கொம்யூனிஸ்டுகள் துரோகிகளாகப் பட்டம் சூட்டப்பட்டு கட்சியிலிருந்து விலக்கப்பட்டு, போலி விசாரணைகளுக்குப்பின் மரணதண்டனை விதிக்கப்பட்டனர்.

1917ல் முதலாவது சபைக்குத் தெரிவான பதினாறு பேரில் எட்டுப் பேர் 1937-38 காலத்தில் அரசியல் குற்றங்கள் சாட்டப்பட்டு மரண தண்டனைக்குள்ளானார்கள். அப்போது ஸ்டாலின் கட்சிப் பொதுக் காரியதரிசியாகவும் சோவியத் யூனியனின் தலைவராகவும் இருந்தார். அவரது நெருங்கிய ஆதரவாளர்களாக இருந்த சினொவியெவ், கமனெவ், Bukharin, மற்றும் பலர் 1937-39 காலத்தில் துரோகிகளாக் குற்றம் சுமத்தப்பட்டு மரணதண்டனைக்குள்ளானார்கள். Trotsky கட்சியிலிருந்து விலக்கப்பட்டு நாடுகடத்தப்பட்டார். அவர் 1940ல் மெக்சிக்கோவில் கொலை செய்யப்பட்டார். ஸ்டாலின் அதிகாரத்திலிருந்த காலத்தில் பல்லாயிரக்கணக்கானோர் அரசியல் காரணங்களுக்காகக் கொல்லப்பட்டனர் அல்லது சிறையிலடைக்கப்பட்டனர். இந்தத் தண்டனைகள் அரச பயங்கரவாதம் என்பதில் சந்தேகமில்லை. அரசு வெகுஜனங்களிடமிருந்து தன்னைத் தொடர்ச்சியாக அந்நியப்படுத்திக் கொண்டது. இந்தப் பயங்கரவாதம் புரட்சிகர வன்முறையல்ல, ஸ்டாலின் தலைமையில் இடம்பெற்ற இந்த பயங்கரவாதம் போல்ஷெவிக் புரட்சிக்கு அபகீர்த்தியையும் கொம்யூனிசத்திற்கு எதிர்ப்பையும் வளர்க்கத்தான் உதவியது என மாக்சிச தத்துவஞானி Alain Badiou (2013) சொல்வது நியாயமானதே.[20]

Hobsbawm (1995) சொல்வதுபோல் பரந்த, பல நாடுகளை உள்ளடக்கிய கொம்யூனிச முகாமின் வளர்ச்சி அந்த நாடுகளின் பொதுமக்களின் சிந்தனை மாற்றத்தினைக் குறிக்கவில்லை என்பது அந்த முகாமின் திகைக்க வைக்கும் வீழ்ச்சியிலிருந்து தெளிவாகத் தெரிகிறது. இந்த நாடுகளின் கொம்யூனிஸ்ட் கட்சிகள் எல்லாம் லெனின் வகுத்த கட்சி மாதிரியைப் பின்பற்றி ஒரு தத்துவார்த்தரீதியான மேனிலையாளரின் (elites) தலைமையில் இயங்கின. பாட்டாளிவர்க்கமும் மற்றைய சமூகப்பிரிவுகளும் கொம்யூனிசக் கோட்பாட்டை ஆழமாக உள்வாங்கும் சூழல் உருவாக்கப்படவில்லை. நடைமுறையில் கட்சி எதிர்கால இலட்சியமென அது கருதிய ‘கொம்யூனிச’ சமூகத்தை அடைவதற்காக மக்களைக் கருவிகளாகப் பயன்படுத்தியது. அந்தப் பயணத்தின் இடைக்காலம் சோஷலிசமெனப் பிரச்சாரம் செய்யப்பட்டாலும் அது ஒரு மேலிருந்து கீழான ‘கட்டளைச் சோஷலிசம்’ (command socialism).[21]

1917ல் போல்ஷெவிக் புரட்சியை ஆதரித்து அதில் பங்குபற்றிய தொழிலாளர்கள், போர்வீரர்கள், ஏழை விவசாயிகள், சமூகத்தின் மற்றைய அங்கத்தினர் எல்லோரும் போல்ஷெவிக்குகள் அல்ல. அப்போது போல்ஷெவிக்குகள் ஒரு கட்டுப்பாடுமிக்கக் கட்சியிலிருந்த ஒரு சிறுகுழுவினர் மட்டுமே. மக்களுக்கு அரசியல் அறிவூட்டுவதன் அவசியத்தை லெனின் வலியுறுத்தினார். ஆனால் அவர் உருவாக்கிய முன்னணி அமைப்பான (vanguard ஆன) கட்சிக்கும் மக்களுக்குமிடையே கருத்தியல்ரீதியில் இணைத்து வைக்க முடியாத பெரும் இடைவெளி இருந்ததையே இறுதி முடிவு காட்டிநிற்கிறது. முன்னணி அமைப்புத் தேவையில்லை என்பதல்ல எனது வாதம். அதற்கும் மக்களுக்குமிடையே உள்ள இடைவெளி வளர்வதற்குப் பதிலாக மறையும் போக்கு இல்லாத நிலைமைகளில் சோஷலிச சமுதாயத்தைக் கட்டி எழுப்பமுடியாது என்பதையே வரலாற்று அனுபவம் காட்டுகிறது. லெனினின் மறைவுக்குப்பின் ஸ்டாலின் உருவாக்கிய ‘மாக்சிசம்-லெனினிசிம்’ விமர்சனத்துக்கு அப்பாற்பட்ட கருத்தியலாகப் புனிதமயப்படுத்தப்பட்டது. அது சோவியத் தொழிலாளர்களால் மற்றும் பரந்த வெகுஜனங்களினால் ஏற்கப்படவில்லை என்பதை வரலாறு உணர்த்துகிறது.

புரட்சிகரப் போராளிகளுக்கும் மக்களுக்குமிடையிலான உறவை மாஒ மீனுக்கும் நீருக்குமிடையிலான உறவுக்கு ஒப்பிட்டார். இந்த ஒப்புமை கெரில்லா ஆயுதப் போருக்குப் பொருத்தமாயிருக்கலாம். ஆனால் முழுமையான போராட்டத்திலும் சோஷலிச – கொம்யூனிச சமூக உருவாக்கத்திலும் மக்கள் உணர்வுபூர்வமான செயல்முனைப்புக்கூடாக வரலாறு படைக்கும் கலாச்சாரத்தை அவர்களே உருவாக்குவதற்கு உதவும் அரசியல் இயக்கங்கள் தேவை. இந்தப் பார்வையில் மக்களை நீராகவும் கொம்யூனிஸ்டுகளை அதைப் பயன்படுத்தி இயங்கும் மீன்களாகவும் கருதமுடியாது. அத்தகைய அணுகுமுறை மக்களை முனைப்பற்ற ஒரு கூட்டமாக மாற்றுகிறது. இருபதாம் நூற்றாண்டின் அனுபவங்களிலிருந்து பிறக்கும் பாடங்களில் இதுவும் ஒன்று.

‘சோஷலிச’ முகாமின் வீழ்ச்சிக்குப்பின் நவதாராளவாதிகள் சுயபோட்டிச் சந்தை முதலாளித்துவத்திற்கு மாற்று வழியோ அமைப்போ இல்லை எனப் பிரச்சாரம் செய்தனர். இதன் அர்த்தம் முதலாளித்துவத்திற்கு அப்பால் வரலாறு இல்லை என்பதே. ஆனால் யதார்த்தம் அவர்களின் பிரச்சாரத்தை அர்த்தமற்றதாக்கிவிட்டது. மூலதனத்தின் வரலாற்றில் முன்னெப்போதும் இல்லாதவகையில் பொருளாதாரச் சிக்கல்கள் அடிக்கடி எழுகின்றன. இதன் சமூக, பொருளாதார விளைவுகள் பாரதூரமானவை. இருபத்தியோராம் நூற்றாண்டில் மேலும் உலகமயப்படுத்தப்பட்ட நிதிமயமாக்கப்பட்ட முதலாளித்துவம் உலகரீதியில் ஏற்றத்தாழ்வுகளை முன்னெப்போதும் இல்லாத வகையில் அதிகரித்துள்ளது. மனித உழைப்பின் சுரண்டலும் இயற்கையின் சூறையாடலும் அதிகரித்த வேகத்தில் தொடர்கின்றன. இன்று முன்னெப்போதையும் விட முதலாளித்துவத்திற்கு அப்பால், அதற்கு மாற்று அமைப்புப்பற்றிச் சிந்திக்கும் தேவை எழுந்துள்ளது. சோஷலிசம், கொம்யூனிசிம் பற்றிய மீள்கற்பிதங்களும் விவாதங்களும் எழுவதைத் தவிர்க்கமுடியாது. இந்தச் சூழலில் இருபதாம் நூற்றாண்டின் சோஷலிசப் பரிசோதனைகள் தரும் பாடங்களின் முக்கியத்துவத்தைக் குறைத்து எடைபோடமுடியாது.

Eric Hobsbawm, 1995, The Age of Extremes The short twentieth century 1914-1991, Abacus

Alain Badiou, 2013, The Communist Idea and the Question of Terror, in Slavoj Zizek (ed.) 2013, The Idea of Communism 2, The New York Conference, Verso Books.

 

samuthran.net

Advertisements