All posts by kathika

සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපි පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් දාන්න බැහැ- ආචාර්ය අමරදාස වීරසිංහ

ආචාර්ය අමරදාස වීරසිංහ

“එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.”

ආචාර්ය අමරදාස වීරසිංහ ප්‍රමුඛ ස්වාධින බුද්ධිමතෙකි. 1953 දී ආරම්භ කොට මේ දක්වා පවත්වා ගෙන එන ‘සංස්කෘති’ ශාස්ත්‍රීය සඟරාවේ ආරම්භක සංස්කාරකවරයා හා ගාමක බලවේගය ඔහුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිධාරීයෙක් වන ඔහු අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (එම්.ඒ) හා දර්ශනශූරී (පී.එච්.ඩී) උපාධිය ලබා ගත් ආචාර්ය වීරසිංහ කලත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු , සිංහල අංශ ප්‍රධාන හා කලා පීඨයෙහි පීඨාධිපති තනතුරු දැරීය. මේ සිළුමිණ පුවත් පතේ පලවු ඔහු සුනිල් මිහිඳුකුල සමග කළ සාකච්ඡාවකි.පසුගිය 7 වෙනිදා ආචාර්ය අමරදාස වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වු අතර ඔහු කල ශාස්ත්‍රීය දායකත්වය වෙනුවෙන් මෙය යළි පල කරමු. Continue reading සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපි පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් දාන්න බැහැ- ආචාර්ය අමරදාස වීරසිංහ

Advertisements

දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

“යුරෝපයේ නූතන ඉතිහාසය හේතුවාදයේ දේශපාලනයේ ව්‍යාපෘතීන් ගෙන් හැඩිවී ඇත. මේවායින් ඉතාමත් උත්කෘෂ්ට වනුයේ ඇතැම් විට, ‘අඥානභාවය, දිළිඳු බව, භේදය, පාපය හා දුක්ඛිත බවින් මානව සංහතිය මුක්ත කර වීමේ ලෝක සමුළුවක්’ සඳහා වූ රොබට් ඕවන්ගේ ව්‍යාපෘතිය විය හැක – කොතරම් උත්කෘෂ්ට ද යත් හේතුවාදියකු පවා, (නමුත් එතරම් යුක්ති සහගත බවකින් තොර ව) එය විකාරයකැයි සිතීමට ඉඩ ඇත. ඉහත උදාහරණයට වඩා හේතුවාදයේ නිසඟ බවින් නොඅඩු දේවල් නම් මිනිස් ලොව අන් සියලු බලයන් පාලනය කළ හැකි වන තරමට නිරුපද්‍රිතව විශාල බවට පත් කළ හැකි, උපද්‍රව රහිත බලයක් සඳහා වන වත්මන් පරම්පරාවේ උද්යෝගිමත් සෙවිල්ල හා දේශපාලන යන්ත‍්‍රණයට සදාචාරාත්මක හා දේශපාලන අධ්‍යාපනයේ තැන ගත හැකැ යි විශ්වාස කිරීමට ඇති පොදු සූදානමයි. මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශනයක් මත පුද්ගලයන්ගේ හෝ රාජ්‍යයන්ගේ සමාජයක් පිහිටුවීමේ අදහස හේතුවාදී මොළයෙන් බිහි කෙරුණු මැවිල්ලකි. ”ජාතික” හෝ වාර්ගික ස්වයං නීර්ණය ද විශ්වමය මූලධර්මයන්ට ඉහළ නැංවූ විට එසේ ම ය. කි‍්‍රස්තියානි දේවස්ථාන ඊනියා යළි එක් කිරීම පිළිබඳ, විවෘත රාජ්‍යෝපාය පිළිබඳ, ඥානයේ තනි බද්දක් පිළිබඳ, සාමාජිකයන්ට ”ඔවුන්ගේ පෞද්ගලික හැකියාවන් හැර අන් සුදුසුකම් නැති” සිවිල් සේවයක් පිළිබඳ, ස්ව–සවිඥානකව සැලසුම් කළ සමාජයක් පිළිබඳ ව්‍යාපෘතිය, බෙවරිජ් වාර්තාව, (Beveridge Report) 1944 අධ්‍යාපන පණත, සමූහාණ්ඩුවාදය, ජාතිකවාදය, කාන්තාවන්ට ඡන්ද බලය, කෑම සැපයුම් වේතන පනත, ඔස්ට්‍රෝ–හන්ගේරියානු අධිරාජ්‍යය විනාශ කිරීම, (එච්.ජී. වෙල්ස්ගේ හෝ වෙන ඕනෑම කෙනෙකුගේ) ලෝක රාජ්‍යය අයර්හි (Eire) රාජ්‍ය භාෂාව වශයෙන් ”ගේලික්” – Gaelic (ස්කොට්ලන්ත කඳුකර වැසියන්ගේ බස) යළි පණ ගැන්වීම යන මේ ව්‍යාපෘතීන් සියල්ල, එකසේ, හේතුවාදයේ දරු පරපුරයි. දේශපාලනයේ හේතුවාදයේ අමුතු බිහිවීම සිදුවන්නේ රොමෑන්තිකවාදය තුළින් සර්වාධිපති බලයෙනි.”

Continue reading දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

කතෘ – මහාචාර්ය ගණනාථ ඔබේසේකර
පරිවර්තනය- එච්. ජී. දයාසිසිර
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
මිළ- රුපියල් 525.00

මහාචාර්ය ඔබේසේකර සහ කථිකාචාර්ය එච්. ජී. දයාසිසිර

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ලංකාව තුළ මෑත කාලයේ වඩාත් විවාදපාත්‍ර කෘතියක් වූ ඩූම්ඩ් කිංග් ( The Doomed King:Requiem for Sri Vikrama Rajasinhe) නම් ඉංග්‍රීසි බසින් පල වු කෘතිය නෙරපූ රජ ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය වශයෙන් එච්. ජී. දයාසිසිර විසින් සිංහල බසට නගා පල වී ඇත.මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් ඉංග්‍රීසි බසින් රචිත දහයකට අධික කෘති අතරින් සිංහල බසට නැගුණ ප්‍රථම හා එකම කෘතිය ද මෙය වේ.

මහාචාර්ය ඔබේසේකර ඔහුගේ අන් බොහෝ ශාස්ත්‍රීය මැදිහත් වීම් වල දී මෙන්ම මෙහිදී ද ඉතිහාසය ලිවීම පිළිබඳ බාරදූර ගැටලුව යළි මතු කරයි. ලාංකික ඉතිහාසය මෙන්ම ජනප්‍රිය ඉතිහාසය තුළ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ භූමිකාව නිරූපණය වන ආකාරය ගැටලුවට ලක් කරන ඔබේසේකර ඉතිහාසකරණයේ මූලාශ්‍ර ඒවායේ සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තුළ පිහිටුවා අවබෝධ කරගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. එමෙන්ම මෙහිදී ප්‍රශ්න කෙරෙන්නේ යටත් විජිත බල ව්‍යාපෘතියේ සමාජ දේශපාලන ගම්‍යමානයන් නොසලකා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඉතිහාසය සත්‍යයක් සේ බාරගැනීමේ ගැටලුවයි. කෲර දුර්දාන්ත රජෙක් ලෙස ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසගත ප්‍රතිරූපය යටත් විජිත ව්‍යාපෘතිය යුක්තියුක්ත කරණයෙන් නිදහස්ව අවබෝධ කරගත නොහැක බව ඔබේසේකර අප හමුවේ ගෙන හැර පායි. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ ප්‍රගතිශීලී, විමුක්තිදායක කාර්යක් සේ ඉතිහාසය තුළ ස්භාවිකකරණයට ලක්ව ඇති උඩරට රාජධානිය කුරිරු රජෙක් ගෙන් මුදාගැනීම පිළිබඳ ඉරණම්ගත චිත්‍රය උඩියටිකුරු කරන සාක්ෂි හා ගැටලු ඔබේසේකර අප හමුවේ තබයි. ඇහැලේපොල පවුලේ සාමාජිකයන් කුරිරු දඬුවමකට ලක් කිරීමේ ඉතිහාසගත කතන්දරයේ යටත් විජිත සම්භවය ඔබේසේකර හෙළිදරව් කරයි. තවද, සිංහලයා පිළිබඳ මුල් පුරාවෘත්ත හා බැඳි ඓතිහාසික යමක් සේ ගැනෙන වර්තමාන ජාතික කොඩියේ එන කඩුව රැගත් සිංහයාගේ සංකේතයේ නූතන බටහිර සම්භවය විචාරශීලී ලෙස මෙම කෘතියේ සාකච්ඡාවට ගෙන තිබේ. සැබැවින්ම, ලංදේසි යුගයේ පහත රට ප්‍රදේශ වල භාවිතා වූ මෙම සිංහ ධජය බ්‍රව්න්රිග් ආණ්ඩු කාරයා 1815 දී ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී ප්‍රථම වරට උඩරට ඔසවා තබන්නේ පහත රට ප්‍රදේශ නියෝජනය කිරීමට බව ඔබේසේකර පෙන්වා දෙයි.

මහාචාර්ය රජීව් භාර්ගවා මෙම කෘතිය පිළිබඳ සඳහන් කරමින් පෙන්වා දෙන්නේ “ම්ලේච්ඡ රජෙක් පිළිබඳ ප්‍රතිරූපයක් සූක්ෂම ලෙස නිමවා, සාමූහික විඥානය විශේෂයෙන්ම යටත් විජිත වැසියන්ගේ එනම් උගත් ශ්‍රී ලාංකිකයන්ගේ සිතුවිලි ග්‍රහණයට ගෙන ලිබරල් සනශීලීත්වයේ ප්‍රතිමූර්තියක් සේ පෙනී සිටින යටත් විජිත වාදීන්ගේ දුෂ්ට අතීතය යටපත් කල ආකාරය” ඔබේසේකර ගෙන හැර පාන බවයි. ජෝන් රොජර්ස් පෙන්වා දෙන්නේ “මෙම කෘතිය අධිරාජ්‍ය ව්‍යාප්තිය යුක්ති යුක්තකරණයට මුල් කාලයේ ගොඩ නංවන ලද දැනුමේ චිරස්ථායි පැවැත්ම පිළිබඳ නිදර්ශනයක් සපයන බවයි.”

යටත් විජිත තත්වයෙන් නිදහස ලබා අඩ සියවසකට අධික කාලයක් ගෙවී ඇතත් අපගේ ඥාන පද්ධතීන්, චින්තනය යටත් විජිතහරණය කිරීමේ දුෂ්කරතාවය පිළිබඳ එක් කථාවක් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඉතිහාසය වෙත මහාචාර්ය ඔබේසේකරගේ යළි පිවිසීමෙන් උගත හැකි පාඩමකි.
සියළු ශ්‍රී ලාංකිකයන් කියවිය යුතු කෘතියක් වන මෙය ඉතා කෙටි කලකින් සිංහල බසින් කියවන්නන් අතරට ගෙන ඒමට මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙන්ම මෙහි පරිවර්තකයා වන කථිකාචාර්ය එච්. ජී. දායාසිසිර කටයුතු කිරීම ඉතාමත් ප්‍රශංසනීය වේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක් වන අතර ඔහු කලක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ද, ඇ.එ.ජ. යේ සන් ඩියගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ද සේවය කර ඇත.මානව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන බුද්ධිමතෙකු වන ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයකට අධික වන අතර සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. ඔහුගේ පර්යේෂණ සහ කෘති බොහොමයක් ලාංකික සාමාජය පිළිබඳව වන අතර මේ වන විට 1818 අරගලය පිළිබඳ ඔහුගේ කෘතිය නිම කරමින් සිටියි.

එච්. ජී. දයාසිසිර වෘත්තියෙන් පුරාවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වන අතර මහාචාර්ය ඔබේසේකර ගේ පර්යේෂණ සහායකයෙකු ලෙස ද කටයුතු කරයි.

එම කෘතියේ දරුවන් වංගෙඩියේ කෙටවීමේ කතාව යලිආවර්ජනය නම් කොටස මෙහි පල කරමු.

Continue reading මහාචාර්ය ගණනාථගේ “නෙරපූ රජ” නිකුත් වෙයි.

සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

“සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින් හැරී එමි) වෙසෙසි කොට ගත යුතුය. මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි, එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි.”

Continue reading සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත් සහ පණිවුඩ ඒ හැටියෙන්ම භාර ගනියි. ඔවුනට තමන්ට ලැබෙන පණිවිඩ සැබැවින්ම ප්‍රශ්න කිරීමට සහ තමන් ගේම විනිශ්චයන් ගොඩ නඟා ගැනීමට හැකියාවක් නොමැතිය. ලීවිස් කියා සිටියේ බහුතරයට මේ නිසා සංස්කෘතියක් නැති බවත් එය හිමි සුළුතරයකට බවත් ය.”

Continue reading ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය


අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.) Continue reading විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද?

“ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්”
A Short Film About Love

කිස්ලොව්ස්කි

කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත් සේ රස විඳ අගය කරන්නට අපට හැකි වෙයි.

චිත්‍රපටයේ තේමාව, අප’තර පොදු ව්‍යවහාරයේ පවතින රාගය – ප්‍රේමය පිළිබඳ දේ – බෙදුම යයි සිතමි. ප්‍රේමය මෙන් නොව, රාගය පාපය හා බැඳුනකි, යන ආගමික විශ්වාසය මෙහිදී විමසුමට ලක් කෙරෙයි. චිත්‍රපටිය ආරම්භයේදී රාගය සංකේතවත් කරන වැඩිහිටි ගැහැණියක වන මැග්ඩාගේත්, අහිංසක, යෞවන ප්‍රේමය පෙන්නුම් කරන ටොමැක්ගේත් චරිත චිත්‍රපටිය තුළ වර්ධනය වීමෙන්, රාගයේ – ප්‍රේමයත්, ප්‍රේමයේ – රාගයත් මතුකර ගනිමින් කිස්ලොව්ස්කි චිත්‍රපටය සමාප්ත කරන්නේ රාගය – ප්‍රේමය අතර ඇතැයි ව්‍යවහාරයේ පවතින පැහැදිලි බෙදුම් රේඛාව බොඳ කොට හැරීම තුළ ජීවිතය පිළිබඳ අපේ පරිකල්පනය මුදා හරිමිනුයි. Continue reading ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

මහනුවර යුගය වන විට ප්‍රාසාංගික කලාවන් දියුණු‍යි – නදීක ගුරුගේ

ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“….1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදීම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන ලදී. ඉන්පසුව මොහු කුලීන බණ්ඩාර වැද්දෙකු වූ ද මහනුවර රාජධානියේ වැදගත් නායකයෙකු වූ ද කිවුලේගෙදර මොහොට්ටාල මුණ ගැසී ඇත. ඔහු තවත් වැද්දන් දෙසීයක් සමග බ්‍රිතාන්‍ය විරෝධයට නායකත්වය සැපයි ය. රාජ්‍ය උරුමක්කරු වැදිරටේ සඟවා තැබුණු අතර වැද්දන් විසින් ආරක්ෂා කරනු ලැබිණි. මෙම රාජ්‍ය උරුමක්කරු විධිමත් ලෙස රාජ්‍යත්වයට පත්කරන අවස්ථාවේ දී අදාළ පූජාවිධිවලට ද බෞද්ධ මහනුවර නායකයින් සමග වැද්දන් ද සහභාගි වී ඇත. මෙම අවස්ථාව පෝල් ඊ. පීරිස් නම් ඉතිහාසඥයා විසින් උඩරට විරෝධය පිළිබඳව ද විස්තර කරමින් 1950 දී ලියන ලද ‘සිංහලේ හා දේශප්‍රේමියෝ’නම් කෘතියේ හැර අනෙක් සාමාන්‍ය ඉතිහාස ලේඛන විසින් අමතක කර දමා ඇති බව පෙනේ. ඇත්තවශයෙන් ම සිංහලයෝ සහ වැද්දෝ යන දෙගොල්ලෝ ම බ්‍රිතාන්‍යයන්ගේ සාහසික මර්ධනයට අතිශයින් ම ගොදුරු වූහ…..” Continue reading ඒ සියළු වැද්දෝ කොහි ගියෝද? – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

නූතනත්වයට ප්‍රතිරෝධී දේශපාලනයකට මඟ ! – කුමුදු කුසුම් කුමාර

“නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ හා බැඳුණු දේශපාලන පක්ෂ ක්‍රමයත්, ඊට එරෙහිව ගොඩනැගුණු වාමාංශික පාර්ලිමේන්තුවාදී, විප්ලවවාදී, ජාතිකවාදී යනාදී දේශපාලන ව්‍යාපාරයනුත්, සියල්ලම උනන්දු වී ඇත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමත්, ජනයා පාලනය කිරීමත් මුල් කරගත් දේශපාලනයක නිරතවීමට මිස, සාමූහික යහපැවැත්ම අරමුණු කොටගත් දේශපාලනයක බහුජනයාට නිදහස් පුරවැසියන් ලෙස ක්‍රියාකාරීව සහභාගි වන්නට ඉඩ සලසන ආකාරයෙන් නොවේ. අපගේ දේශපාලනයේ ප්‍රධාන අරමුණු බවට පත්ව ඇත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය/ “සංවර්ධනය” කිරීමත්, සමාජයේ විවිධ ජන කොටස්වල ඵල ප්‍රයෝජනයන් අතර, ආර්ථික හෝ වේවා, දේශපාලනික හෝ සාමාජික සංස්කෘතික වශයෙන් වේවා, ඇතිවන ගැටුම් සංසිඳවීමයි. සමාජ සාධාරනය සඳහා සටන්වැදීමයි. මෙම දේශපාලනය තුළ දකින්නට ඇති ප්‍රධානම ලක්ෂණය නම්, පොදු ලෝකයක් (common World) නමැති පොදු වස්තු විෂයක් (Common object) ඊට සහභාගි වන්නන්ට නොමැති වීමයි.”

Continue reading නූතනත්වයට ප්‍රතිරෝධී දේශපාලනයකට මඟ ! – කුමුදු කුසුම් කුමාර