Category Archives: අර්ජුන පරාක්‍රම

වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

hgh
ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ හැම තැනකට ම වගේ පොදු දෙයක් වෙලා.

කොටින්ම කියනවා නම්, දැන් දේශපාලනය කියන එක සමාජ පංතියක් බවට පත්වෙලායි තියෙන්නේ. අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදයේ උගන්නන සමාජ පංති නෙමෙයි. එතැනට දේශපාලන පංතිය කියලා වෙනම පංතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පංතියට අයිති හැමෝම තමන්ගේ පංතියේ අනික් පුද්ගලයාව ආරක්ෂා කරනවා. ඔහු මොන දේශපාලන පක්ෂයකට අයිති වුණත්. මොන වරදක් කළත්. වේදිකාවේදී මොන හතුරුකම් පෙන්නුවත් මොවුන් කරන්නේ වැඩිම වුණොත් තමන්ගේ පංතියට කළ වරදට සුළු ද`ඩුවමක් දීලා කොහොම හරි වරද කළ කෙනා මුදවාගන්න එක. ඔවුන් සියලූ භේද නොතකා තම පංතිකයා වෙනුවෙන් පෙනී ඉන්නවා. කවුරු බලයට ආවත් ඒ අය වැඩ කරන්නේ දේශපාලන පංතියේ සුබසාධනයට.

වෙන දෙයක් ඕනෑ නෑ පළාත් සභා හා පළාත් පාලන ක‍්‍රමය ගන්නකෝ. මේ ක‍්‍රම නිර්මාණය වෙලා තියෙන්නේ බලය බෙදීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණෙන්ද? නෑනේ. මේවා තියෙන්නේ අර කියූ ආරක්ෂා කරන්න. කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් එක්කෝ ඔහුගේ බිරිද හරි පුතා හරි පළාත් සභාවේ. පුතාගේ බිරිද ප‍්‍රාදේශීය සභාවේ. ඒ නිසා මේ යාන්ත‍්‍රණයන් සියල්ල තියෙන්නේ දේශපාලන පංතියේ පැවැත්ම වෙනුවෙන්. අධ්‍යාපනයටත් දේශපාලනය විවිධ ස්වරූපයෙන් සම්බන්ධ වෙනවා. ළමයෙක් පාසලට ඇතුල් කිරීමේ ඉදන් ගුරුවරුන් පත්කිරීම මාරු කිරීම දක්වා හැම දේ ම දේශපාලනිකයි. Continue reading වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

Advertisements

“ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වාර්තාවේ (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව) විවෘතභාවය පිළිබඳ සිහිපත් කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔහු මෙහිදී වාරණය හා ස්වයංවාරණය පිළිබඳ ප්‍රශ්නය එනම් හමුදාකරණය , යුද්ධය සහ යුද්ධය නිසා වූ මානව හිමිකම් කඩවීම ගැන කිසිවක් කතා නොකිරීමට හැකිවීම ගැන මතු කළේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය තුළ ප්‍රායෝගිකත්වය යන සංකල්පය මතු වන්නේ භයානක ආකාරයකට බවයි.එනම් එම වචනය මෙහි භාවිතා කර ඇත්තේ වරප්‍රසාදලත් කොටසට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපහසු වන විටය.විශේෂයෙන්ම 4 වෙනි වගන්තියේ දී බුද්ධාගම පිළිබඳ කතා කරන විට මෙය පැන නැගෙන බව ඔහු පෙන්වා දුන්නේය.

Prof.Arjuna Parakrama expressed his views on “Constitution: For Whom ?” at the public discussion organized by ‘Citizens’ Council’ held on 22 June 2016 at CSR auditorium. Continue reading “ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ විපර්යාසයේදී මහා ආඛ්‍යානයන්ගේ සීමාසහිත බවත් නිර්ප්‍රභූ පර්යාවලෝකයේ අදාළත්වය ගැනත් සියුම් විග්‍රහයක් අප හමුවේ තබයි.

අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු අධ්‍යයන (Subaltern Studies) ගුරුකුලයේ ප්‍රකාශිකාවක වූ ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවැක් යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නිරත විය. භාෂා ප්‍රමිති ආධිපත්‍යහරනය කිරීම (De-Hegemonizing Language Standards) නම් ඔහුගේ කෘතිය පල්ග්‍රේව් සහ මැක්මිලන් සමාගම් විසින් පළ කර ඇත. ප්‍රමිතිගත භාෂා සහ භාෂා ප්‍රමිතිකරණයේ ප්‍රභු ස්වභාවයට එරෙහිව ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ප්‍රති නිදර්ශනයක් ලෙස මෙහි සාකච්ඡා කෙරේ. භාෂාව සහ කැරැල්ල (Language and Rebellion)නම් ඔහුගේ කෘතිය 1848 ගැමි කැරැල්ල යටත් විජිත පාලනයට එරෙහිව නිර්ප්‍රභු අරගලයක් ලෙස හඳුනාගන්නා අතර සමකාලීන අරගල සම්බන්ධයෙන් ඇති වැදගත්කම සාකච්ඡා කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සේවය කල ඔහු එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කලක් කටයුතු කළේය. පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා බවට පත්විය.දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම දේශපාලන හා මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සිවිල් සංවිධාන ගොඩ නැගීමේ ලා ක්‍රියාකාරී විය.

Continue reading සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

ff

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්‍රශ්නය පොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත මෙහි පලවේ.

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්.
එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද?
මම කියන්න යන දේ හිත් අමනාපවීම් වලට, මතභේදයන්ට හේතු වෙන්න පුළුවන්.ඒක ගැටළුවක් නොවේය කියන එක අවධාරණය කරන්න ඕනේ. මන්ද ඒ හිත් අමනාපකම් නොතිබ්බා නම් මේ කතාවෙන් වැඩක් නෑ කියලා හිතෙන නිසා. මම ඉස්සෙල්ලා විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලා එක අදහසක් කියන්නම්. මේක ඩෙරීඩාගේ අදහසක්. ඉංග්‍රීසියෙන් ඩෙරීඩා කියන්නේ එයාගේ අවසාන සම්මුඛ සාකච්ඡාවේදී

“What I call the university of tomorrow should be free to know, criticize, ask questions, doubt without any conditions attached, without being limited by any politics or religious power.”

මම සිංහලට පරිවර්තනය කලේ මෙහෙමයි.

“මම අනාගත විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. අනාගත විශ්ව විද්‍යාලය යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැනගැනීමට හා විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්න කිරීමට හා සැක කිරීමට වරම හිමිවන දේශපාලනික හෝ ආගමික බලය විසින් කිසිසේත් සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි.”

දැන් ඒ විශ්වාසය උඩ දෙවෙනි ප්‍රස්තුතය.
නිර්මාල්ගේ පොතේ කෙටුම්පතක් මට ලැබුණා.මම කියෙව්වා. ඇත්ත වශයෙන්ම ඒවා කියවලා මම උපකල්පනය කරනවා එයාට එදිරිවාදීව සිටින කිසිම කෙනෙක් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ කියලා. ඒ ලිපි කියවලා ඒ විෂය ගැන නොදන්න කෙනෙක් හිටියා නම් ඒ තර්ක වලින් සෑහීමට පත්වෙන්න තිබුණා. එදිරිවාදීන්, විරුද්ධ කණ්ඩායම් ඒවායින් සෑහීමට පත්වෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නය තමයි මම අද කෙටියෙන් විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ. Continue reading සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි (ලිඛිත පිටපත) – මහාචාර්ය අර්ජුන පරාක්‍රම