Category Archives: අලාන් ෆින්කල්ක්‍රෝත්

ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

“තම ශිෂ්ඨාචාරයේ සාර්වත්‍රිකත්වයේ අනුබලය ලබමින්, ඔවුන්ගේ වෙනස්කම තුළ උදාසීන දිවියක් ගෙවන ලෙසින් ඔහු දුටු, යල් පිනූ ජනතාවන් පිළිබඳ පිළිකුල පළ කරමින්, සුදු මිනිසා, තමා ඉතිහාසයේ කේන්ද්‍රයේ ස්ථානගත කොට තිබුණි. තම විෂමතාව යළි දිනා ගැනීමට හැකිවීම පිළිබඳ ප්‍රමුදිතව, තුන්වෙනි ලෝකයේ ජාතිකවාදීහු, බාහිර බලපෑම්වල දූෂිතවීමෙන් තම විශේෂත්වවාදය ආරක්ෂා කළ හ: ඔහු පසුගාමී වූ නිසා නොව, ඔහු අන්‍ය වූ නිසා ඔවුහු විදේශිකයා ප්‍රතික්ෂේප කළ හ. ගොරෝසු අයුරින් කියන්නේ නම්, ඔවුහු අසමානතාවන් මත පදනම් වූ වර්ගවාදයේ පැරණි යටත් විජිත ආකාරය, වෙනුවට විෂමතාව මත පදනම් වූ වර්ගවාදයක් එතැනට පත් කළ හ.

වර්ගවාදය යන පදයම රැවටිලිකාර ය. එය ඒවායේ සම්භවය, තර්කණය, සහ අභිප්‍රායයන් සහමුලින්ම අසම්බන්ධිත පර්යාලෝක දෙකක් එකට එක් කරයි. එක අතකින් වර්ගවාදය ලෝකයේ සියලු ජාතීන් එකම වටිනාකම් පරිමාණයකින් මනින්නේ ය, අනෙක් අතට සන්සන්දනයට පදනමක් නැතැයි එය ප්‍රකාශ කොට සිටියි. එක අතකින්, එය හැම සමූහයක්ම තනි පද්ධතියක් ඇතුළත ශ්‍රේණි ගත කරයි, අනෙක් අතට එය මානව සත්ව විශේෂය ඇතුළත ඒකත්වය දැකීමේ හැම භව්‍යතාවක්ම විනාශ කරයි. එක අතකින් එය විෂමතාවන් තත්ත්වයෙන් හීන ලෙසින් දකියි, අනෙක් අතට එය පැවැත්මේ (being) සුවිශේෂ ආකාරයන් හි පරම, විනිවිද යා නොහැකි, පරිවර්තනය කළ නොහැකි ස්වභාවය තහවුරු කරයි. එක අතකින් එය තනි පද්ධතියක් ඇතුළත වර්ගීකරණය කරයි, අනෙක් අතට එය හැමදෙයම බෙදා වෙන් කරයි. එකක පර්යාලෝකයෙන් ගත් කළ ඔබට පර්සියානුවෙකු විය නොහැකිය, අනෙකේ පර්යාලෝකයෙන් ගත් කළ නුඹට මිනිසෙකු විය නොහැකි ය, මන්දයත් පර්සියානුවා සහ යුරෝපීයයා අතර මානව සංහතිය පිළිබඳ පොදු මිනුමක් නොමැති හෙයිනි. එකක්, ශිෂ්ටාචාරය එකක් යැයි ප්‍රකාශ කරයි, අනෙක, ජනවාර්ගික සමූහ බොහෝ සහ අසමාන යැයි කියා සිටියි. ඉතින්, එක් දෘෂ්ටි කෝණයක් යටත්විජිතවාදයට මග පාදන්නේ නම්, අනෙක හිට්ලර්ගෙන් සමාප්තියට පත්වෙයි….” Continue reading ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” – විජිතහරණය කළ ලෝකයේ ආලේඛ්‍ය චිත්‍රයක්- (7) (A Portrait of the Decolonised World)

Advertisements

ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්
ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL )
නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World)

අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් යුනෙස්කෝව ආරම්භ කරනු ලැබීම මහත් බලාපොරොත්තු දැනවූ සිද්ධියක් වීය. යුනෙස්කෝව අවධානය යොමු කළේ විද්‍යාව හා සංස්කෘතිය පිළිබඳය. නාට්සිවාදය වර්ගවාදය පිළිබඳ තම මතය සනාථ කිරීමට විද්‍යාව යොදා ගත්තේය. එය මිනිස් මනස සර්වාධිකාරයකට යට කිරීමට දෘශ්ටිවාදය යොදාගත්තේය. අනාගතය වෙනුවෙන් මෙබඳු තත්වයක් යළි උදාවීම වැළැක්වීම යුනෙස්කෝව පිහිටුවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාමාජිකයන් මෙහෙයවූ කරුණ වීය.

එහිදී කීර්තිමත් ව්‍යුහවාදී මානව විද්‍යාඥ ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස් සංස්කෘතිය නමැති සංකල්පය සංස්කෘතීන් වශයෙන් වෙනස් කිරීමට වූ දායකත්වය සහ එහි සංකල්පීය ගම්‍යමානවීම් සහ දේශපාලන ඵලවිපාක සාකච්ඡා කිරීම ෆින්කල්ක්‍රෝත් මෙහිදී අරඹයි. ප්‍රබුද්ධ යුගයේ ජීවගුණය මත පදනම්ව ඇරඹෙන මෙම කර්තව්‍යය ඉතා ඉක්මණින් ඊටම එරෙහිව හැරවීමට ව්‍යුහවාදී මානව විද්‍යාවත් ඒ අනුව ගිය ඉතිහාසඥයන් සහ පියෙරෙ බෝඩියු වැනි සමාජ විද්‍යාඥයනුත් දායක වූ අයුරු ෆින්කල්ක්‍රෝත් විග්‍රහ කරයි.

මෙම සාකච්ඡාවේදී මතුවන තේමාවන් ගණනාවකි.
Continue reading ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)