Category Archives: උතුරු-නැගෙනහිර

උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස

‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’
‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කොන්ත‍්‍රාත්කරුවන්ට වාසිදායක වන ලෙස විශාල ප‍්‍රතිපත්තිමය විතැන් වීමක් සිදුව තිබෙන අතර ඒ ප‍්‍රතිපත්තිමය වෙනස සඳහා ප‍්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් ද සිදු වී නොමැත’’

උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනයා වෙනුවෙන් නිවාස 65,000 ක් ඉදිකිරීමට ආණ්ඩුවේ මූලිකත්වයෙන් මේ වනවිට දියත් වී තිබෙන ව්‍යාපෘතියක් විශාල ආන්දෝලනයක් ඇති කොට තිබේ.
එක් එක් නිවාසවල වටිනාකම ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙන රු. මිලියන 2.1 ක මුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප‍්‍රශ්න කිරීමට ලක්කොට ඇත. විවාදයට තුඩු දී ඇති අනෙක් ප‍්‍රශ්නය වනුයේ අදාල ව්‍යාපෘතිය සඳහා අයැදුම් කළ කොන්ත‍්‍රාත්කරුවන් තෝරාගනු ලැබූ ‘අධිවේගී’ ක‍්‍රමවේදයයි. කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඉදිකරන මේ නිවාස සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට අවතැන්වූවන්ට අවස්ථාවක් නොමැත. ඉදි කරනු ලැබෙන නිවාස එලෙසින්ම ඔවුන් භාරගත යුතු අතර ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නිවාසවල වෙනස්කම් සිදුකිරීමට ඇති ඉඩකඩ අතිශය අල්පය. එසේ නැතිනම් එවැනි ඉඩක් නැති තරම්ය. Continue reading උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස

Advertisements

උතුරු-නැගෙනහිර

මරණ සහතික නොලැබුණු මරණ, දකුණේ අලූත් දෙයක් නොවුනි. හේතු නැති මරණ ද අලූත් නැත. වෙනසකට ඇත්තේ එවැනි වූ තත්ත්වය දකුණේ දිගටම නොපැවතීම ය. එය වසරක් හමාරක් ඇතුළත සාමාන්‍ය, පිළිගත් සමාජ පැවැත්මකට මාරු විය. ඒ ව්‍යසනයෙහි එක් පංගුකාරයෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ ද ශිෂ්ඨ දේශපාලනයට පිවිස, පළාත් සභා මැතිවරණ වලට පවා ඉදිරිපත් වූහ.

මේ එවැනි කිසිදු සාමාන්‍යකරණයකට ඉඩ නොතැබෙන රටකි. වසර දෙකකුත් හමාරක් ගත වී, එහි තවමත් මරණ සහතික ගැන කතා නැත. අධිකරණ කි‍්‍රයාවලියට පිටින් කටයුතු කිරීමේ බලයක් හමුදාවට ඇත. එනිසා අධිකරණයට නීතිපති ලබා දෙන පොරොන්දු, හමුදාවට අදාල නැත. පවතින නීතියට පිටින්, සුද්දන් ‘‘මුඩු බිම් පණත’’ කි‍්‍රයාත්මක කළ අයුරු, ඉඩම් කොමසාරිස් ගේ චක‍්‍ර ලේඛයක් මගින් පෞද්ගලික ඉඩම් ලියා පදිංචිය අලූතින් කෙරෙන්නේ ය.

එවැනි බොහෝ අකටයුතුකම්, අසාධාරණකම්, අවනීතිය, බලහත්කාරය, ළමා අපචාර, ස්තී‍්‍ර දූෂණ, සිවිල් පාලනයක් නොතැබීම, සිංහලකරණය, හමුදාකරණය, ජීවනෝපායන් අහිමි කිරීම වැනි ශිෂ්ඨ සමාජයක ඇසිය නොයුතු, කතා නොකළ යුතු හැම දෙයක්ම උතුරු-නැගෙනහිර සිදුවන බැව් ලේඛනගත කළ, එම ලේඛනය සිය දෙවන තත්ත්ව වාර්තාව ලෙස පසු ගිය ඔක්තෝම්බර 21 වන දින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ, මේ සිව් වන, නැතිනම් අවසන් කොටස ය.

මේ කොටස පටන් ගැනෙන්නේ පසු ගිය වර අවසන් කෙරුණු ‘‘සමාජ ගැටඵ’’ යන මාතෘකාවේ ඉතිරියෙනි. Continue reading උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත.

ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය තවමත් ජාතික පක්ෂ ලෙස නොව, සිංහල පක්ෂ ලෙස හිතන පතන, හැසිරෙන දකුණේ දේශපාලනඥයින් ගේ පක්ෂ වන හෙයිනි. එය නොකඩවා පැහැදිලි කෙරෙන ආසන්නම කාරණය වුයේ ව්‍යාපාර පවරා ගැනීමේ පණත ගැන, සිංහල ව්‍යාපාරිකයින් බේරා ගැනීමට ඔවුන් කළ ප‍්‍රකාශ වලිනි.

එය ඊළගට විස්තර කෙරෙන්නේ, උතුරෙහි මේ රාජපක්ෂ පාලනය කෙතරම් සිංහලවාදී ලෙස හැසිරෙන්නේ දැයි මේ වාර්තාවෙන් කරුනු සහිතව පෙන්වා දෙන විටත් විපක්ෂය ඒ හමුවේ නිහඬව සිටින විට ය.

මෙතැන් සිට පහතින් ඇත්තේ උතුරෙහි ඒ සිංහලකරණය ගැන විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත, තෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන ඇමතිට කරුණු ඉදිරිපත් කළ ද, එය මේ වන විට ආරම්භ කර ඇත්තේ 2,500 ක් පමණ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව ගේ ජීවනෝපායට තර්ජනයක් එල්ල කරමින් පමණක් නොව, ප‍්‍රදේශයේ ජනගහන සංයුතිය පවා දෙමළ ජනතාවට අවාසි සහගත ලෙස වෙනස් කරමින් බව සුමන්තිරන් වාර්තාවෙහි සඳහන් වන්නේ ය.

එනමුත් එවැනි කාරණා බොහෝමයක් සම්බන්ධව ධීවර ඇමතිවත් ආර්ථික සංවර්ධන ඇමතිවත් ආණ්ඩුව වත් පාර්ලිමේන්තුවේදී නිල පිළිතුරු ලබා දෙන්නේ නැත.

එවැනි බරපතල ප‍්‍රශ්න විස්තරාත්මකව මතු කරන සුමන්තිරන් වාර්තාවෙහි, මේ දෙවන කොටස ය. Continue reading උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ නැගෙනහිර පවත්නා යථා තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු නොදන්නෝ ය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා ‘‘ශී‍්‍ර ලංකාවේ උතුරු-නැනෙහිර තත්ත්වය – බරපතල කණස්සල්ලට හේතුවන කාරණා සමූහයක්’’ යන මැයෙන් දෙවන වරටත් ඉකුත් ඔක්තෝම්බර 21 වන දින උතුරු-නැනෙහිර පවත්නා තත්ත්වය පිලිබඳව විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, ඒ පසුබිමෙහි ය. එම වාර්තාවට හෝ එහි ඇතුළත් කරුනු කාරණා පිළිබඳව, සිංහල හෝ ඉංගී‍්‍රසි ප‍්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක් විසින් වැදගත් ආවරණයක් ලබා දී නැත.
එනිසා සිංහලෙන් මෙහි පළ කෙරෙන්නේ සංස්කරණය නොකළ එහි පළමු කොටස ය.

උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්
සිංහල පරිවර්තනය, කුසල් පෙරේරා

01. හඳුන්වාදීම

පසු ගිය ජූලි 07 වන දින උතුරු-නැගෙනහිර පැවති බැරෑරුම් හදිසි තත්ත්වය සම්බන්ධව මම පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළෙමි. මෙය එහි ඊළ`ග එකතුව ය. මෙයින් සාකච්ඡුා කෙරෙන්නේ ඒ ප‍්‍රදේශයන්හි ඉන් පසු ඇති වූ හෝ එතැන් සිට තවමත් අවසන් නොවුනු කාරණා සම්බන්ධයෙනි.

02. හමුදාකරණය
2.1 සංඛ්‍යා ලේඛන හා හමුදාව සිටීමේ බලපෑම – වර්ග කිලෝ මීටර 65,619 ක් වන භුමි ප‍්‍රමාණයෙන් උතුරු-නැගෙනහිර ලෙස දෙමළ වාසය ඇත්තේ වර්ග කිලෝ මීටර 18,880 කය. එනමුත් 2009 මැයි මාසයෙන් පසු, දෙමළ ජනතාව සතු වූ ඉඩම් වලින් වර්ග කිලෝ මීටර 7,000 ක් හමුදාව අත් කර ගෙන ඇත. යාපනය අර්ධද්වීපයේ දළ වශයෙන් සෑම දෙමළ වැසියන් දස දෙනෙකුටම, එක සොල්දාදුවෙකු ඇත. විශාල හමුදාවක් උතුරු-නැනෙහිර නවතා සිටීම, ඉතාම බරපතල කාරණාවකි. යුද්ධය අවසන් වී වසර දෙකක් ඉක්ම ගියද, මේ ප‍්‍රදේශ වල පැවති ගැටුම්කාරී තත්ත්වයෙන් ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට, තවම ආණ්ඩුවට නොහැකි වී ඇත. මෙම වාර්තාවෙහි අනෙක් කොටස් වලින් පැහැදිලිව පෙන්වා දෙන අයුරු, සමාජ පැවැත්ම බිඳ වැටීම, ලිංගික හිංසනයන් ඇතුලූ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය, ඉඩම් කොල්ලය හා පදිංචි කිරීම්, ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායන් පිළිබඳ ගැටළු වැනි බොහෝමයක් ප‍්‍රශ්න වලට සහ ප‍්‍රදේශයේ පරිපාලනය ඇතුලූ ආණ්ඩු පාලනයටත් සමථ කි‍්‍රයාකාරිත්වයටත් නොනිල වශයෙන් මැදිහත්වීම, උතුරු-නැගෙනහිර ඇති විශාල හමුදා රැඳවීම් හා සෘජු සම්බන්ධයක් ඇත.

2.2 රාජ්‍ය අපරාධ නොතැකීම – රාජ්‍ය අපරාධ නොතැකීමේ හැදියාව, දිගු කාලයක සිට පැවත එන බරපතල කාරණයකි. මෙහි පසුව සවිස්තරව ඉදිරිපත් කෙරෙන ආකාරයට, ලිංගික හිංසන ඇතුලූ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මෙය වඩාත් අදාල ය. කිසියම් සිදුවීමක් සම්බන්ධව රාජ්‍ය හමුදාවන්ට, රාජ්‍ය නිලධාරියෙකුට හෝ සෘජු හෝ වක‍්‍ර ආකාරයෙන් රජයේ නිලධරයෙකු ගේ අභිමතය මත කි‍්‍රයා කළ පුදග්ලයෙකුට විරුද්ධව හෝ පැමිණිලි කළ ද, කිසිදු පරීක්ෂණයක් ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් නොකෙරෙන්නේ ය. නිදසුනක් වශයෙන් පළමු වාර්තාවෙහි සඳහන් කෙරුනු අලවෙට්ටිහි පහරදීම් ගැන පරීක්ෂණ කෙරෙන්නේ නැත. එවගේම, උදයන් පවුත් පතේ කර්තෘට පහර දීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ද තවමත් එතැනම ය. උතුරු-නැනෙහිර ‘‘ගී‍්‍රස් යකා’’ පහර දීම් පිළිබඳ පරීක්ෂණ ද එවැනිම ය. එවගේම, වසරකට පමණ පෙර සන්නද්ධ කාණ්ඩයක් විසින් නිවාස වලට අලාභ හානී කර වැසියන්ට පහර දීම පිලිබඳව කෙරුනු පරීක්ෂණ ද තවමත් එතැනම ය. Continue reading උතුරු-නැගෙනහිර