Category Archives: නුතනවාදය

පශ්චාත් නූතනවාදය ‍

“පශ්චාත් නූතනවාදයමත් මහා ආඛ්‍යානයක්”
පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? අවසන් ‍කොටස
අර්ජුන පරාක්‍රම

” මූලික මහා ආඛ්‍යාන ( meta narratives) නැහැයි කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ මෙම විග්‍රහයන් තුළින් තවත් දැවැන්ත ආඛ්‍යානයක් ගොඩනැගෙනවා. මා මුලින් පෙන්නුම් කළා පශ්චාත් නූතනවාදී කියන එකේ විවිධ දේවල්, විෂම දේවල්, එක්තරා යුගයකට එක්තරා ප්‍රදේශයකට විශේෂිත වූ දෙවල් තියෙනවා. නමුත් මෙයින් හැමෝම පිට පටවන්නේ මහා විශාල ආඛ්‍යානයක්.”

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ?” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් ‍ ‍අවසන් කොටසයි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

III

ඉතින් ඒ තුළින් පශ්චාත් නූතනවාදය ගැන ම‍ගේ ප්‍රශ්න සලකා බලමු.

01. එහි එන ප්‍රධාන ධාරාවක් තුළ ‍‍බොහෝ වශ‍යෙන්ම marxism today වගේ තැන්වල ති‍නෙ ධ‍‍නේශ්වර විග්‍රහය මම හිතන්නේ අතිශය අවලංගුයි. මම හිතන්නේ එය අති සරලයි. වැරදියි. new times – “නව කාලයක්” කියලා සංකල්පයක් ඒ අය ‍‍ ‍ගොඩනගලා ති‍‍‍‍‍‍‍‍‍‍ෙයනවා. ඒක ‍බො‍‍‍හොම ජනප්‍රියයි. ඒ නව කාල‍යේ ධ‍‍‍‍‍නේශ්වරය අසංවිධානාත්මක බවයි ඔවුන් දක්වන්නේ. ඔවුන්ට අනුව සංවිධානාත්මක ධ‍‍‍‍‍නේශ්වරයක් කලින් තිබුණා. නමුත් එය දැන් නැහැ. අද ති‍නේ‍නේ අසංවිධානාත්මක ධ‍‍නේශ්වරයක්. එම නිසා අපට අවශ්‍ය ‍දේශපාලන ක්‍රියාවලියත් ‍වෙනස්. මම ඒක කියවන්නම්. ඒක වැදගත් ‍ ‍‍වෙනවා.

“….the new times writers argue variously that capitalism has changed from the organized to the disorganized form, from corporatists to post corporatists, from Fordists to post Fordists, that labour processes become flexibilised. The labour markers are become more segmented and there have been a decline in the degree of the homogeneity of the working class, and working class organizations, that the main focus of the politics has changed from production to consumption culture has changed from modernists to post modernists.

“ “ නව කාල‍යේ” ‍‍ ‍ලේඛකයෝ විවිධ ආකාර‍යෙන් මෙසේ තර්ක කරති. සංවිධාන්තමකව තිබූ ධ‍‍නේ ‍ශ්වරය දැන් අසංවිධානාත්මක ‍ ‍‍‍ෙවලා. විශාල ධ‍‍‍ෙන්ශ්වර ඒකක එනම් විශාල වෙළෙඳ සංවිධාන පශ්චාත් ‍‍වෙළෙද සංවිධාන බවට පත්වෙලා. ෆෝඩ්වාදීන් ‍ගේ සිට පශ්චාත්-ෆෝඩ්වාදීන් බවට පත් ‍වෙලා. කම්කරුවන් නම්‍යයි. ඒ කියන්නේ ශ්‍රම ක්‍රියාවලිය නම්‍ය ‍වෙලා. ශ්‍රම ‍වෙළෙඳ ‍‍පොළ වඩාත් ‍‍කොටස්කාරී ‍‍‍ෙවලා, බදිලා. කම්කරු පංති‍ය හා කම්කරු පංති සංවිධානයන්ගේ ඒකාකාර බව බිඳිලා, අඩු වෙලා, ඒක විෂම වෙලා. දේශපාලනයේ ප්‍රධාන අවධානය නිෂ්පාදනයෙන් පරිභෝජනයට වෙනස් වෙලා.” මේක බොහොම ජනප්‍රිය විකල්පයක්. “ සංස්කෘතිය නූතනවාදයේ සිට පශ්චාත් නූතනවාදයක් බවට පත්වෙලා.” අපට නූතනවාදයක් තිබුණේ නැති නිසා මෙය අපට වලංගු නැහැ. ඇත්ත වශයෙන්ම මේක පල්බොරු. මම දකින්නේ අලුත් විදියේ සංවිධානයක් මිස අසංවිධානාත්මක බවක් ඇතිවී නැහැ. ඇත්ත වශයෙන්ම ඔය වගේ න්‍යායන් යොදා ගන්න පුළුවන් බටහිර විතරයි. මෙහෙ යොදා ගන්න බැහැ, මෙහාට වලංගුත් නැහැ. Continue reading පශ්චාත් නූතනවාදය ‍

Advertisements

පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

I
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි. Continue reading පශ්චාත් නූතනවාදය