Category Archives: පශචාත් නුතනවාදය

කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

ප්‍රේමසිරි කේමදාස
ප්‍රේමසිරි කේමදාස

නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට පෙනීයාමෙන් යමක් කියවෙතොත් ඒ කේමදාස ගැන නොව ඔහුගේ මත බාහුල්‍යය නිසා ඔහු සරදමට ලක්කරන්නට තැත් කරන්නවුන් පිළිබඳය. ඔහුගේ මතයන්හි තිබුණු බර නිසා ඒවා හැම විටම ආන්දෝලනාත්මක මත විය.


සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය. Continue reading කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

Advertisements

කුමුදු ගේ තීරුව

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය.
– ලෙනින්

ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය.

“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.”
– හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

Continue reading කුමුදු ගේ තීරුව

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4

Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Kafka ගේ The Complete Stories
The King James Bible
Newton ගේ Principia Mathematica
W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි)

Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ ලිපිය පළ වූ විට ඊට ලැබෙන සුවිශේෂ පාඨක ප්‍රතිචාර වලට අමතරව ය. මේ සියල්ල අපට එම පුවත්පතේ විද්‍යුත් පිටපත් ගබඩාවෙහි දැකගත හැකිය. මේ වනවිට මෙම විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින් අන්තර්ජාලය තුළ සජීවීව පාඨක ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ද අපට කියවිය හැකිය.

අප දැනටමත් කියා ඇති පරිදි මෙම ප්‍රතිචාර සංඛ්‍යාව සලකා බලන කළ, එය කැනේඩියානු ජනගහණයට හෝ Globe and Mail පිටපත් අළෙවිය ට සමානුපාතිකව නම් විශාල සංඛ්‍යාවක් නොවේ. නමුත් එබඳු සුළු පිරිසක් හෝ සාහිත්‍යයේ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහමුලින්ම අත්නොහැරීමට හේතුවකි. මෙම පාඨක ප්‍රතිචාර සලකා බලන විට පෙනී යන වැදගත් කරුණක් වන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නාමාවලියට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතීන් වශයෙන් පාඨකයන් ඉදිරිපත් කළ කරුණු අප හමුවේ තබන ප්‍රශ්නය යි. සාහිත්‍ය කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිනුම් දණ්ඩ කුමක් ද?

බොහෝ පාඨකයෝ කෘතියක ශ්‍රේෂ්ඨත්වය, එය රසවිඳීමේදී ලද තම පෞද්ගලික අත්දැකීම මත පදනම් කළහ. ඉන් තමන් ගේ භාවයන්ට ඇතිකළ බලපෑම අනුව කෘතියක් විනිශ්චය කළහ. නමුත් ඉන් නොනැවතී, පෞද්ගලික අත්දැකීම, භාව උද්දීපනය ඉක්මවා ගිය, පොදු ආකෘතියක් සහ අන්තර්ගතය පිළිබඳ ගුණාංග දක්වා තම විනිශ්චය ගෙනයාම පිළිබඳ අදහසක් ද පාඨකයෝ ඉදිරිපත් කළහ.

Continue reading ‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 3

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි තෙවැනි ලිපිය යි.

මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් පළමු වටයේදී ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා කිහිපයක් පමණක් සංස්කරණය කොට පහත ඉදිරිපත් කරමු.

මාටින් ලෙවින් ගේ ඇරයුම මත ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීමේ තිබිය හැකි ගැටළු ගැන මත පළ කරමින්, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, නාමාවලි සපයමින්, අනෙක් පාඨකයන් තමන් ගේ ප්‍රියතම කෘතීන් පිළිබඳ අදහස් පළකරන්නට, ලියන්නට දිරිගන්වමින් කැනඩාවෙන්, එහි විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් සහ විදේශයන්ගෙන් කැනේඩියානු පාඨකයෝ විවාදයට බටහ.

බොහෝ පාඨකයන් මතුකළ කරුණු දෙකක් වූයේ ශ්‍රේෂ්ඨතම පොත් 50 සඳහා නාමාවලීන් සැදීමේ ගැටළුව සහ එම නාමාවලියට තම ප්‍රියතම ලේඛකයන් ඇතුළත් නොවීම නිසා ඇතිවන කළකිරීම ය.

Continue reading අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති.

අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි.

දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා සංස්කරණය කොට ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ මෙන්ම Globe and Mail පාඨකයන්ගේ ද අදහස් (පළමු දින කිහිපය තුළ මාටින් ලෙවින්ගේ ලිපියට ලැබී තිබුණේ පාඨක ප්‍රතිචාර 27 ක් පමණි. පසුව එය 32 දක්වා ඉහළ ගියේය. අද වන විට එම සංඛ්‍යාව 500 ට ආසන්නය.) සළකා බලන කළ අපගේ අවධානයට යොමුවන කරුණු කිහිපයකි.

පළමුවැන්න, සාහිත්‍යය පිළිබඳව ඔවුන් අතර පවතින ආකල්ප අතර ඇති වෙනස්කම් පිළිබඳ වෙයි. සාහිත්‍යයට ප්‍රමිතීන් නැතැයි, එබඳු ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහයන් බූර්ෂුවා, ප්‍රභූ උත්සාහයන් යැයි නැගෙන මතයකට එරෙහිව මාටින් ලෙවින්, ඔහුගේ ජූරි මණ්ඩලය, ලේඛක මණ්ඩලය මෙන් ම බොහෝ පාඨකයෝද පෙනී සිටිති. නමුත් තමන් ගේ අදහසට එරෙහිව පළවන, විරෝධාකල්ප හෙළාදැකීම් පවා යටපත් නොකොට පළකරන්නට, සහ ඒ සමග විවෘතව සංවාද කරන්නට තරම් ආත්ම විශ්වාසයක් ද ඔවුනට තිබේ. දෙවැන්න, එබඳු සංවාදයක දී එහි පාර්ශවයන් පළකරන ශිෂ්ඨ සම්පන්නභාවය යි. ඒවා විමසිල්ලෙන් කියැවීමෙන් අපට උගත හැකි දෑ බොහෝය.

තෙවනුව, කැනඩාව වැනි, ඉංග්‍රීසි මවුබස කරගත්, උසස් අධ්‍යාපනය ත් ඉතා පුළුල්ව පැතුරුණු රටක පවා සාහිත්‍යයට වර්තමානයේ අත්වී ඇති ඉරණම එක අතකින් කියා පාන්නකි, මෙම විශේෂාංගය හා සබැඳි පාඨක සංවාදය. එරට උගත් යැයි පිළිගැනෙන, ජනගහණය හා සසඳන කළ මෙම විශේෂාංගය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ ඉතාම ස්වල්පයක් යැයි කිව හැකිය. නමුත් සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසට ඒ පිළිබඳව ප්‍රබල අදහස් තිබීම, සාහිත්‍යයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවේ ගිනි පුපුරක් දල්වා ලන්නේ යැයි කීම නිවැරදි යැයි සිතමු.

අපගේ මුල් ලිපිය පළකරන අවස්ථාව වනවිට Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Herodotus ගේ The Histories
Herman Melville ගේ Moby-Dick
Gustave Flaubert ගේ Madame Bovary

‘කතිකා’ සංස්කාරකවරු.

දිගටම කියවන්න.

Continue reading සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

“9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”

ටීනා බිඇටී (Tina Beattie) Opendemocracy.net වෙබ් අඩවියට “The end of postmodernism The “new atheists” and democracy යනුවෙන් ලියූ ලිපියක (මෙහි බලන්න මුළු ලිපිය සඳහා) පසුධනවාදී තත්ත්වයක් තුළ ඓහිකවාදය, විද්‍යාව, හේතුවාදය සහ ආගම අතර ඇති ගැටුම පිළිබඳ විග්‍රහයක් සම්පාදනය කරයි. මෙම ගැටුම පිළිබඳ සාකච්ඡාව ලාංකේය රාජ්‍යය ඓහිකකරණය (secularization) කිරීම සඳහා කෙරෙන ඉල්ලීමට ද සම්බන්ධ නමුදු, බටහිර සමාජය ආමන්ත්‍රණය කරමින් ලියැවී ඇති මෙම ලිපියෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කරමින් අනුවර්තනයෙන් අප පහත ගෙන හැර දක්වන්නේ වත්මනෙහි ලංකාවේ ආගම සහ පශ්චාත් නූතනවාදය පිළිබඳව අප අතර ප්‍රචලිතව පවත්නා අදහස් පිළිබඳව සිතා බැලීමට අපට අනුබල දෙන අදහස් කිහිපයක් පමණි. අප මෙම අදහස් උපුටා දක්වන්නේ ඇගේ ලිපියේ ආගම හෝ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් ඇය පළ කරන සියලු අදහස් එපරිද්දෙන්ම අප අනුමත කරන නිසා නොවේ. එමෙන්ම ඇයගේ ඇතැම් අදහස් එන ඡේදයක කොටසක් පමණක් අප උපුටා දක්වන්නේ, එහි එන අනෙක් අදහස් සවිස්තරව ගෙන හැර දැක්වීම මෙහි ලා අවකාශ නොමැති හෙයින් මිස ඒ අදහස් අපගේ පාඨකයන්ගෙන් සඟවන්නට නොවේ. සමස්ත ලිපිය ඉහත වෙබ් පිටුවෙන් ඔබට ඉංග්‍රීසියෙන් කියැවීමට හැකිය. එහි එන අනෙක් අදහස් පිළිබඳව වෙනත් අයට ‘කතිකා’ වෙබ් අඩවියට පවා ලිවිය හැකිය.

Continue reading “9/11 හිදී පශ්චාත් නූතන තත්ත්වයට එහි අනිටු විපාකය හමු විය”

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍


උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

– ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය


“අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.”

– සිසෙරෝ

අපගේ සාහිත්‍ය - කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු.

story.gif පා(ග්)ලියා

අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා එරට සාහිත්‍යය විචාර ක්ෂේත්‍රයේ තතු විමසමින් කළ ප්‍රකාශයක් ඇසුරෙනි. අපගේ මෙම ප්‍රතිචාරයෙහි ලා, මුලින්ම කළයුතු වන්නේ පා(ග්)ලියා ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපගේ අරමුණ කුමක්වීද යන්න පැහැදිළි කිරීම ය.

අපට අවශ්‍ය වූයේ, මෙබඳු විවාදාපන්න මාතෘකාවක එක් පාර්ශවයක් නියෝජනය කිරීමට නොව ඒ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගන්නට මැදිහත්වීමයි. එවිට පාඨකයාට තමන්ගේම විනිශ්චයකට එළඹීමට හැකි වනු ඇත. මෙම ප්‍රතිචාරයෙහි ලා අපේ අරමුණ වන්නේ, තර්ක, විතර්ක හරඹයකට එළඹීම නොව, මාතෘකාව සංවර්ධනයට දායක වීමයි, එසේ කිරීමට ඉඩ ඇති තාක් දුරට සංවාදයට හවුල් වීමයි. Continue reading උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ – අමරකීර්ති ලියනගේ

‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් අප සුප‍්‍රකට ඇමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකා කැමිල පා(ග්)ලියා ගේ අදහස් සම්පිණ්ඩනය කරමින් පළ කළ ලිපියට පිළිතුරක් අමරකීර්ති ලියනගේ “සිළුමිණ” පුවත් පතට ලියා ඇත. එම ලිපිය මෙතැන කියවන්න:“සිළුමිණ”

‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

Socrates Plato  Aristotle
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්

අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු.

මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන අදහස මෙම කතිකාවෙන් මතු ‍කෙරෙයි.

ස්ටැන්ෆර්ඩ් විහ්ව විද්‍යාලයේ සිසුන් බටහිර සංස්කෘතිය කම්මුතු විය යුතුයැයි (Hey, hey, no, no, Western Culture’s Got to go) ගායනා කළ විට ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ව හැඩ ගැස්වුණු සම්ප්‍රදායම යැයි රෝයි ටර්නර් යෝජනා කරයි. ඔහුට අනුව මූලකෘතිභාවය යනු අප විසින් සැළකිල්ලට ගතයුතු, අප පිළිබඳව කියා සිටින කිසියම් අයිතිවාසිකමක් මුතුන්මිත්තන්ගෙන් පැවත එන කෘති අප මත බල පවත්වන්නේය යන සිතුවිල්ලයි. Continue reading ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?

Camille Paglia
කැමිල පා(ග්)ලියා

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි.

1990 ගණන්වල Sexual Personae නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක් මෙන්ම කළහකාරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූ බව එම සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන Margaret Wente සදහන් කරයි. Continue reading