Category Archives: විශ්ව විද්‍යාලය

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි
කුමුදු කුසුම් කුමාර

???????????????????????????????????????????????????????????

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ තත්වය වසන් කරන බවයි.

මේ පිළිබඳ වාර්තාවන තතු මෙසේය. අනුරුද්ධ ප්‍රදීප් තම වසර අටක පරිවාස කාලය අවසන් වීමට නියමිත දිනය වන 2013 මාර්තු නව වැනිදාට ප්‍රථම සිය පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම සඳහා විශ්ව විද්‍යාලයට භාර දී ඇත. ඒ 2013 මාර්තු මස පළමු වැනිදා ය. ඒ අනුව ඔහුගේ නිබන්ධය පරීක්ෂා කොට විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් ඔහුගේ පරිවාස සේවා කාලය වසර අට ඉක්ම යෑම හේතුවෙන් ඔහුගේ සේවාව පිළිබඳ තීරණයක් ගැනීමට විශ්ව විද්‍යාලයට සිදුවෙයි. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ මෙබඳු අවස්ථාවක සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නේ විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් අදාළ කථිකාචාර්යවරයා ‘කථිකාචාර්ය (පරිවාස) තනතුර‘ වෙනුවට ‘කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට‘ පත්කොට ඔහු විභාගයෙන් සමත්වුවහොත් නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දින සිට පසුවලංගු වන පරිදි ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථිර කිරීම යි. එහි අදහස වන්නේ තනතුර සඳහා සුදුසුතම පුද්ගලයන් අතරින් තෝරා පත් කරගත් තරුණ කථිකාචාර්යවරයෙකු වසර අටක සේවා කාලයකට පසු සේවයෙන් නෙරපීම පුහුණු කළ වටිනා මානව සම්පතක් විශ්ව විද්‍යාලයට අහිමි කිරීමක් මෙන්ම මෙන්ම අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නා අමානුෂික තීරණයක් ලෙසද සැළකීමයි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් පෙන්වා දී ඇත්තේ මෙම සහනය ලද ඇතැම් පුද්ගලයන් පසු කලෙක උප කුලපති වැනි විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහලම තැන්වලට පවා පත්වීමෙන් එම සහනයේ සාධාරණබව සනාථ වන බවයි. Continue reading අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

Advertisements

සරසවි ඇදුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

සරසවි ඇඳුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශීය සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා සහභාගීවිමේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමතය ලබා ගැනීම අනිවාර්ය කරමින් එම අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ. මීට පෙර විදේශීය සම්මන්ත්‍රණ සඳහා සහභාගීවීමේදී පමණක් මෙසේ අවසර ගතයුතු විය. Continue reading සරසවි ඇදුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

“කාලකන්ණි උපාධිධාරීන්“

“කාලකන්ණි උපාධිධාරීන්“

බලන්න

adaderana

අද දෙරණ, රාත්‍රී පුවත්, 14/05/2011

විශ්ව විද්‍යාල අධ්‍යාපනය


කakbimanews

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

සරසවි ඇදුරු අරගලය හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
– බිමල් රත්නායක

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද සමාජයේ අවධානය දිනාගත් අරගලයක්‌ බවට පත්ව තිබේ. එය වැදගත් වන්නේ වෘත්තිය අරගලයක්‌ යන අර්ථයෙන් පමණක්‌ නොවේ. ඊට වඩා සමාජ අවධානයට පාත්‍ර විය යුතු දේශපාලන ගැඹුරක්‌ එහි තිබේ. වත්මන් රාජපක්‌ෂ පාලනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳවත් වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක කරනු ලබමින් සිටින ධනපති ක්‍රමයේ නොහැකියාව පිළිබඳවත් තේරුම්ගත හැකි කරුණු එහි අන්තර්ගතය.

සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය අද ඊයේ හදිසියේ ඇති වූවක්‌ නොවේ. ආණ්‌ඩුව කියනා තාලයට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්‌ද නොවේ. ඔවුන්ට අවසන් වරට වැටුප් වැඩිවීමක්‌ ලබා දී තිබෙන්නේ 1996 වර්ෂයේදීය. 2006 දී ආණ්‌ඩුව කළේ එතෙක්‌ 30% ක්‌ව තිබූ අධ්‍යයන දීමනාව 25% දක්‌වා අඩු කොට මූලික වැටුපට එකතු කිරීමයි. ඒ හැරෙන්නට ගෙවී ගිය වසර 15 ක කාලය තුළ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි වී නැත. එහෙත් 2001 වසරට සාපේක්‌ෂව මේ වසර වන විට ජීවන වියදම දෙගුණයකටත් වඩා ඉහළ ගොස්‌ තිබේ. ඒ නිසා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර සරසවි ආචාර්යවරුන්ගේ පමණක්‌ නොව සියලුම සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුව තිබේ. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

බාහිර උපාධි අධ්‍යාපනය

“බාහිර උපාධිකාරයො මහ කාලකන්ණි “, ඔවුන් රටටම බරක්
– එස්.බී.

මහනුවර පැවති උත්සවයකට සහභාගී වූ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක බාහිර උපාධිධාරීන් රටටම බරක් යයි පැවසුවේ මෙසේය

‘විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ ‘ක‍්‍රීම් ඔෆ් ද ක‍්‍රීම්’ දරුවන්. අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහිකරන එක ඉදිරියට නතර කරන්න ඕනෑ. බාහිර උපාධි කාරයෝ අද රටට ගමට පවුලට මහ බරක්…සමහර ආචාර්යවරු සතියකටම බාහිර උපාධි ප‍්‍රශ්න පත්තර අටදාහක් නව දාහක් උඩ දාල බලනව. සමහරුන්ට රැකියා දෙන්න යනකොට ඒ අයට සාපෙළ නෑ ඒත් උපාධියක් තියනව. සා.පෙළ ගණිතයවත් නැති කෙනෙකුට කොහොමද රැකියාවක් දෙන්නේ…අපේ අරමුණ පාරවල් අයිනෙ හිටගෙන ඉන්නැති උපාධිධාරීන් බිහිකරන එකයි..’

හර්ෂි සි. පෙරේරා

බලන්න lankaguardian

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

අරළු වෙදාගේ උසස් අධ්‍යාපනය
Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය

ඉස්සර කාලේ උන්නු එක මිනිහෙකුට හිතුනා වෙදකම ඉගෙන ගන්න කියලා. මිනිහා ගියා රටේ ඉන්න ප්‍රසිද්ධ වෙදෙක් ලඟට සාස්තරේ ඉගෙනගන්න . මේ වෙදා හරි කට්ටයා. තමන්ගේ සාත්තරේ කාටවත් දෙන්න කැමති නැහැ.
ඉතින් වෙදා අර මනුස්සයාට කිව්වා

” මම ඕනේ ලෙඩකට දෙන්නේ අරළු .තමුසෙත් එහෙම කරනවා “කියලා.

අපේ මිනිහාත් ගෙදර ගිහින් පටන් ගත්තා වෙද කම. ඕනේම ලෙඩෙකුට දෙන්නේ අරළු. හැබැයි ඉතින් මිනිහාගේ වාසනාවටද මන්දා මිනිහාගෙන් බෙහෙත් ගත්තු පළමුවෙනි තුන් හතර දෙනා නම් අරළු කසායෙන් සනීප වුනා. දන්නවනේ අරළු කසාය බිව්වම වෙන වැඩේ. බඩ විරේකය තමා . Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

අධ්‍යාපනය

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම්
වංගීස සුමනසේකර

ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට අයිතියක් නොමැති දෙයක් බවට එක් වරම පත් වේ.

මෙවැනි තර්කානුකූල තත්ත්වයක දී අධ්‍යාපන ක්ෂේත්‍රයට අත්වන ඉරණම සිතාගැනීම එතරම් අපහසු නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයේ “මිනිස්” යැයි කියාපෑහැකි යමක් වේ නම් ඒ සඳහා ප්‍රමුඛතම නිර්දේශිතයන් වන්නේ විද්‍යාව සහ කලාවයි (දර්ශණය යනු මේ දෙක අතර පවත්නා අපහසු පිහිටීමකි). අප සියළු දෙනාට එකඟවිය හැකි එනිසාම ඉතාම සාමාන්‍ය ලෙස පෙනෙන, මා ඉහත සඳහන් කළ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ “මිනිස්” හදවතට වන්නේ සිය පැවැත්ම පිළිබඳ විශාල අරගලයක් කිරීමටයි. වෙනත් විදියකින් කියන්නේ නම් අද අපි ජීවත්වන්නේ අධ්‍යාපනය අවමානුශිකකරණය වීමේ ක්‍රියාවලියේ ආරම්භයේයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වී ඇති සමකාලීන කතිකාවේ කේන්ද්‍රස්ථානයක් බවට අධ්‍යාපනයේ ආයතනිකගත ව්‍යුහය වන්නා වූ ශාස්ත්‍රාලය (academia) පත්වීම මේ අනුව නම්, කිසිසේත්ම, පුදුමයක් නොවේ.

මෙයට සියවස් බොහෝ ගණනකට පෙර ප්ලේටෝ සිය “ජනරජය” කෘතියේ දී කියූ පරිදි ජනරජයේ ආරක්ෂකයන්ගේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මුලින් සාහිත්‍යය හා සංගීතයෙන් ඇරඹී ගණිත ඥාණයෙන් පෝෂිතව දර්ශන විෂයයෙන් අවසන් වන පරිදිය. ශාස්ත්‍රාලය යනු මෙම ප්ලේටෝනික උරුමයේ සමකාලීන ශේෂය ලෙස ගන්නේ නම් අප අද මුහුණදෙන අර්බුදයේ සංකීර්ණතාව තේරුම් ගැනීම පහසුවේ යැයි සිතමි. අනෙක් අතට “පුද්ගලික” විශ්ව විද්‍යාල යන අපූර්ව යෙදුමෙන් හඳුන්වන ප්‍රපංචය පිළිබඳ වූ ලාංකික සංවාදයට පිවිසීමට, නැතිනම් එය නිවැරදි ලෙස සංදර්භගත කර ගැනීමට මෙය යෝග්‍ය ප්‍රවේශයකි.

මෙම සංවාදයේ අති ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එය මුළුමනින්ම වාගේ මෙම ගෝලීය සන්දර්භයෙන් විනිර්මුක්ත වීමයි. මේ නිසා තමයි එම සංවාදයේ ප්‍රධාන ප්‍රකාශිතයන් සහ තෝල්කකරුන් විසින් එය අතිශය ගැටළුකාරී ලෙස විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව කේන්ද්‍ර කොට ගත් සංඛ්‍යා හරඹයකටත්, අනෙක් අතට දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රසාරණය හා සමපාත වූ අධ්‍යාපන ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡාවක් වෙතත් ඌණනය කර තිබෙන්නේ. අක්ෂාංශ හා දේශාංශ දත්ත අනුව පෘථි‍වියේ වෙනත් තැනකට වී බිහිසුණු අධ්‍යාපන සංහාරයකට මුහුණ දී සිටින මා හට මෙම දුර්වලතාවය වඩාත් කැපී පෙනෙන්නේ යැයි සිතමි. මෙනිසාම අප ඉදිරියේ තිබුනත් හඳුනාගත් නොහැකිව තිබෙනා මේ අරුම පුදුම වස්තූන් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට, මාගේ මේ අත්දැකීම් ලාංකික සාකච්ඡාවට එකතුකිරීමක් ලෙස සටහන් කර තැබීමට තීරණය කළෙමි.

ඔබ සමහරෙක් මේ වනවිටත් අසා තිබෙන්නේයැයි බලාපොරොත්තු වන, මේ සුවිශේෂී අත්දැකීම වන්නේ බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුවයි. මේ වනවිටත් මේ පිළිබඳ අසා නොමැති අය වෙනුවෙන් මේ කරුමක්කාර කතාවේ මූලික ගමන් පථය පමණක් සළකුණු කරමි. Continue reading අධ්‍යාපනය