Category Archives: විශ්ව විද්‍යාල අධ්‍යාපනය

විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

සර් අයිවර් ජෙනින්ග්ස්  පේරාදෙනියේ දී
සර් අයිවර් ජෙනින්ග්ස් පේරාදෙනියේ දී

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයනලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා.”

Continue reading විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

Advertisements

students perpetrate violence, intolerance, discrimination and breach of freedoms within the Faculty of Arts, University of Colombo

Arts Faculty Teachers’ Association
Colombo University (AFTA-CU)
Faculty of Arts, University of Colombo

Statement against continuing violence perpetrated by students and repression of democratic freedoms within the Faculty of Arts

The Arts Faculty Teachers’ Association, Colombo University (AFTA-CU), is seriously concerned about student-on-student violence in the Faculty of Arts. This statement communicates the AFTA-CU positions on this issue, as was unanimously decided at a Special General Meeting held on 10 February 2015.

We are concerned about the rising incidence of intolerance amongst students at the Faculty of Arts. One such incident resulted in the assault by male students of a first-year female student for non-compliance. Continue reading students perpetrate violence, intolerance, discrimination and breach of freedoms within the Faculty of Arts, University of Colombo

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
කුමුදු කුසුම් කුමාර


මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා සේවයෙන් පහකිරීම විවේචනය කරමින් මා රාවය පුවත්පතට ලියූ ලිපිය මුල් කොට ගෙන මා අනුරුද්ධ ප්‍රදීප් ගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටියත් තවත් තරුණ කථිකාචාර්යවරයෙකුගේ රැකියාව අහිමි කිරීමට යටි උගුල් යෙදූ බවටත් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවටත් ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට චෝදනා නඟා තිබුණි. දෙවනුව කී ශිෂ්‍යයන් දෙදෙනා ගේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමෙන් මා ඔවුන් දෙදෙනා පිළිබඳ ඇති වෛරයත් එනිසා පළිගැනීමත් පෙන්නුම් කරන බව ඔවුහු සඳහන් කළෝය. මා එලෙස ඔවුන් සමඟ වෛර බැඳීමට හේතුව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ විසින් මා පිළිබඳ කළ දේශපාලන විවේචන බවත් එම විවේචන කළේ ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා නොව අන් අය බවත් එහෙයින් ඔවුන් නොකළ දෙයකට මා ඔවුන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගත් බවත් ඔවුහු සඳහන් කළෝය. ඔවුන් මෙයින් පෙන්නුම් කරන්නට තැත් කරන්නේ මා දේශපාලන සුචරිතවාදයෙකු වශයෙන් පෙනී සිටින සදාචාරවිරෝධියෙකු බවයි. ඒ අනුව ඔවුන් මා තක්කඩියෙකු, අමනයෙකු යනුවෙන් හඳුන්වමින් හෙළා දකියි. ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එල්ල කොට ඇති මෙම චෝදනා දෙකම අසත්‍ය බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි.

පළමුව, මා මීට වසර 10කට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ තරුණ කථිකාචාර්යවරයෙකු යටි උගුල් අටවා සේවයෙන් පහ කරන තැනට වැඩ සැකසුවේ යැයි නගා ඇති චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මා එවැන්නක් කිසි කලෙක කර නැත. මා දන්නා පරිදි එම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ තාවකාලික සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් නියමිත වසර දෙකක කාලය සේවය කොට අවසන් වූ පසු ඔහුගේ සේවා කාලය අවසන් වීය. ඉන් පසුව ඔහු එම අධ්‍යයන අංශයේ ස්ථිර සේවයට ඉල්ලුම් කොට බඳවා නොගත්තේ නම් සහ ඒ පිළිබඳ චෝදනාවක් ඇතොත් එය එල්ල කළ යුත්තේ එම අධ්‍යයන අංශයටය, එහි සාමාජිකයන් වන තම ගුරුවරුන්ට සහ සගයන්ටය. වෙනත් අධ්‍යයන අංශයක කථිකාචාරයවරයෙකු වන මා හට දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ගුරුවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තීරණය කළ හැකි යැයි කියන්නෙකු එක්කෝ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන නොදන්නෙකි, නැතහොත් හිතා මතා පාඨකයා නොමඟ යවන්නෙකි. මෙම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සේවය කළ අවධියේ ඔහු හා මා අතර සිදුවූ මට මතක වැදගත් සිදුවීම නම් ඔහු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘එක්ස්‘ කණ්ඩායමේ දේශපාලන “න්‍යාය“ ඉගැන්වීමට මුදල් අයකරන්නේ යැයි සාක්ෂ්‍ය සහිතව ශිෂ්‍යයන් මට කළ පැමිණිල්ලක් අනුව යමින් මා එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි. ඔහු ප්‍රසිද්ධියේ මෙම කටයුත්ත කළේය. ගුරුවරයෙකු වශයෙන් මම එය ප්‍රසිද්ධියේ විවේචනය කළෙමි. ඒ පිළිබඳ ඔහු මා හා උරණ වූ බව මම දනිමි. මෙම සිදුවීම මුල්කොට ගෙන මා නිසා එම කථිකාචාර්යවරයා ට විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය තනතුරක් ලැබීමේ අවස්ථාව අහිමි වූ බවට ගොඩ නඟා ‘‘එක්ස්‘ කණ්ඩායම‘ විසින් දේශපාලන වාසි තකා ප්‍රචාරය කරනු ලැබූ කතන්දරය දැන් එම කථිකාචාර්යවරයා ගේ අනුගාමිකයන් අත පුරාණොක්තියක් බවට පත්ව තිබේ. මට එරෙහිව එල්ල කළ මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යයකි. මා දැනගත් පරිදි කිසිම අවස්ථාවක එම කථිකාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයයේ කථිකාචාරය තනතුරකින් පහකොට නොමැත. ඔහුට මුලින් ලැබුණු වසර දෙකක තාවකාලික සහාය කථිකාචාර්ය තනතුරේ කාලය අවසන් වූ පසු, පසු අවස්ථාවක ඔහු කොන්ත්‍රාත් පදනම මත වසරක් කාලයක් සඳහා ද බඳවා ගෙන කථිකාචාර්ය තනතුරේ සේවය කොට ඇත. දැන් මා මෙම කරුණු ඉදිරිපත් කළ පසු ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එරෙහිව එම චෝදනාව තවදුරටත් ඉදිරිපත් කිරීමෙන් වැළකී ඇත.

දෙවනුව, මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් බැහැර වීමෙන් මා ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවද අසත්‍යයකි.

ඔවුන් සඳහන් කරන සිසුන් දෙදෙනා ශාස්ත්‍රපති පාඨ මාලාව (course work) හැදැරීමේදී ඔවුනට තම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම මට අධ්‍යයන අංශයෙන් පවරා තිබුණි. මෙය එම සිසුන් දෙදෙනා සහ මා අතර අන්‍යොන්‍ය එකඟතාව මුල් කොට ගෙන සිදු වූවකි. ඔවුන් දෙදෙනා ගේ නිබන්ධ සම්පාදනය සඳහා අධීක්ෂකයෙකු බැගින් පත් කිරීම සිදු වූයේ ඔවුන් තම පාඨමාලා කටයුතු සාර්ථකව නිමකළ පසු ව පොදුවේ එම පාඨමාලාව සමත් අනෙක් සිසුන් ද ඇතුළු සියලු දෙනට නිබන්ධ අධීක්ෂකයන් පත් කෙරුණු අධ්‍යයන අංශ රැස්වීමකදී ය. එහිදී ගුරුවරුන්ට සිසුන් අධ්‍යයනය කරන මාතෘකා පිළිබඳ තමන් වෙත ඇති දැනුම මුල් කොට ගෙන තමන් පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් ම හෝ වෙනත් සිසුන් නිබන්ධ අධීක්ෂණය සඳහා තෝරා ගත හැක. එය ගුරුවරයාගේ කැමැත්තයි. ඒ අනුව මම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් නොව වෙනත් සිසුන් නිබන්ධය අධීක්ෂණය සඳහා සඳහා තෝරා ගත්තෙමි. එයට මා හට පූර්ණ අයිතියක් තිබේ. අදාළ අධ්‍යයන අංශ රැස්වීමේදී එසේ කළ එකම ගුරුවරයාද මා නොවේ. පර්යේෂණ සැළැස්ම සඳහා මා මඟ පෙන්වීම කළ සිසුන් දෙදෙනාගේ නිබන්ධ අධීක්ෂණය සඳහාත් ගුරුවරුන් ඉදිරිපත් වු අතර සිසුන්ට ඒ බව ලිඛිතව දැනුම් දෙන ලදී. එම සිසුන් දෙදෙනා කාර්යාලයට පැමිණ එම ලිපි භාරගෙන ඇත. මෙම සිසුන් දෙදෙනාගෙන් අයෙකුට මේ අතරතුර ශිෂ්‍යත්වයක් ලැබී ඇය විදේශගත වීම වෙනත් සිදුවීමකි. ඇයට අවශ්‍ය වීනම් ඇයට මෙරට රැඳී සිට නිබන්ධ රචනයෙහි යෙදීමට කිසිදු බාධාවක් අධ්‍යයන අංශයෙන් සිදු වී නැත. මේ බවට අධ්‍යයන අංශය සාක්ෂ්‍ය දරනු ඇත. ඇයට ලැබුණු නිබන්ධ අධීක්ෂකයා පිළිබඳ කිසියම් ගැටලුවක් ඇයට වී නම් ඒ පිළිබඳ අධ්‍යයන අංශයට කරුණු දැක්වීමටද ඇයට අවකාශ තිබුණි. මා දන්නා තරමින් ඇය එසේ කළේද නැත. ශිෂ්‍යයෙකුට අධීක්ෂකයෙකු පත් කළ පසු අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම නිරතුරුව සිදුවන්නක් බව ප්‍රසිද්ධ ලේඛන බවට පත්වන විශ්ව විද්‍යාල පාලක මංඩල වාර්තා කියවා බැලීමෙන් දැන ගත හැකිය. මෙම සිදුවීමට අදාළ අනෙක් ශිෂ්‍යයා දැනට තම නිබන්ධ සම්පාදන කටයුත්තෙහි නිරතව සිටින බව මගේ වැටහීමයි. ශිෂ්‍යයන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගන්නා ගුරුවරු හෝ අධ්‍යයන අංශ හැසිරෙනු ඇත්තේ මෙසේ නොවේ. එහෙයින් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ කීම සම්පූර්ණ අසත්‍යයකි. Continue reading සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි
කුමුදු කුසුම් කුමාර

???????????????????????????????????????????????????????????

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ තත්වය වසන් කරන බවයි.

මේ පිළිබඳ වාර්තාවන තතු මෙසේය. අනුරුද්ධ ප්‍රදීප් තම වසර අටක පරිවාස කාලය අවසන් වීමට නියමිත දිනය වන 2013 මාර්තු නව වැනිදාට ප්‍රථම සිය පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම සඳහා විශ්ව විද්‍යාලයට භාර දී ඇත. ඒ 2013 මාර්තු මස පළමු වැනිදා ය. ඒ අනුව ඔහුගේ නිබන්ධය පරීක්ෂා කොට විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් ඔහුගේ පරිවාස සේවා කාලය වසර අට ඉක්ම යෑම හේතුවෙන් ඔහුගේ සේවාව පිළිබඳ තීරණයක් ගැනීමට විශ්ව විද්‍යාලයට සිදුවෙයි. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ මෙබඳු අවස්ථාවක සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නේ විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් අදාළ කථිකාචාර්යවරයා ‘කථිකාචාර්ය (පරිවාස) තනතුර‘ වෙනුවට ‘කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට‘ පත්කොට ඔහු විභාගයෙන් සමත්වුවහොත් නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දින සිට පසුවලංගු වන පරිදි ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථිර කිරීම යි. එහි අදහස වන්නේ තනතුර සඳහා සුදුසුතම පුද්ගලයන් අතරින් තෝරා පත් කරගත් තරුණ කථිකාචාර්යවරයෙකු වසර අටක සේවා කාලයකට පසු සේවයෙන් නෙරපීම පුහුණු කළ වටිනා මානව සම්පතක් විශ්ව විද්‍යාලයට අහිමි කිරීමක් මෙන්ම මෙන්ම අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නා අමානුෂික තීරණයක් ලෙසද සැළකීමයි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් පෙන්වා දී ඇත්තේ මෙම සහනය ලද ඇතැම් පුද්ගලයන් පසු කලෙක උප කුලපති වැනි විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහලම තැන්වලට පවා පත්වීමෙන් එම සහනයේ සාධාරණබව සනාථ වන බවයි. Continue reading අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි

ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි
කුමුදු කුසුම් කුමාර
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ජූලි 04 වැඩ වර්ජනය ආරම්භ වීමට ඉතා ආසන්නව තිබියදී, එයට විසඳුම් සෙවීමට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උනන්දුවක් නොදක්වන බව වටහාගත් බව පෙන්නුම් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට යොමුකළේ ඔවුන් ගේ ඉල්ලීම්වලට ‘දෙගොල්ලම දිනුම්‘ විසඳුමක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමිනි. අද වනවිට වැඩ වර්ජනය පටන් ගෙන මාස තුනක් ඉක්ම ගොස් ඇති නමුදු ඊට විසඳුමක් දීමට ජනාධිපති දුන් පොරොන්දුව ඉටු වී නැතිවා පමණක් නොව රජයේ සමස්ත යාන්ත්‍රණයම ආචාර්ය සමිති වැඩ වර්ජනය මර්ධනය කිරීම සඳහා යොමුකොට තිබීම මුළු සරසවි ඇදුරු ප්‍රජාව සහ රජය අතර උග්‍ර ගැටුමක් වර්ධනය කිරීමේ අනතුර අත ළඟටම ගෙනැවිත් ඇත. එසේ වුවහොත් එය 80 ජූලි වැඩ වර්ජනයේ දී එවක පැවති රජය කළාක් මෙන් අපගේ සමාජයේ දිගු කල් පවත්නා මහා වියවුලක් උදා කිරීමට ඉඩ තිබේ. එවැනි අවාසනාවන්ත තත්වයක් උදාවීම වළක්වා තම ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරමුණ ගත යුතු අවස්ථාව දැන් එළඹ ඇත.

එබඳු විසඳුමක් ලබා දීම සඳහා අවශ්‍ය සියලු පදනම දැන් සම්පාදනය වී තිබේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ආචාර්ය සමිති සම්මේලනය සමග කළ සාකච්ඡා එම අයුරින්ම ඉදිරියට ගෙන ගිය හොත් දින කිහිපයක් ඇතුළත විසඳුමකට එළඹීමට හැකි වනු ඇතැයි ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කොට තිබේ. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට යළි එම සාකච්ඡා යළි ඇරඹීමට රජය තීරණය කොට ඇතැයි යන පුවත වාර්තා වී තිබේ. අවශ්‍ය කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදිහත්වීමෙන් එම සාකච්ඡා කෙළවරක් දක්වා ගෙන යාමයි.

මෙම ප්‍රශ්නය මෙලෙස අනවශ්‍ය ලෙස දිග් ගැස්සීමට හේතු වූ කරුණු මේ මොහොතේ සැකෙවින් සළකා බැලීම වටී. පළමු කොටම, සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ඉටු කළ හොත් රාජ්‍ය අංශයේ වැටුප් ඉල්ලීම් රැල්ලක් පැතිර යනු ඇතැයි යන බිය රජය මුලදීම ප්‍රකාශ කොට තිබුණි. මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා අය වැයෙන් පිටස්තරව වැටුප් වැඩි නොකරන්නේ යැයි රජය එළඹ ඇති ප්‍රතිපත්ති තීරණය නොබිඳ පවත්වා ගැනීම අවශ්‍ය යැයි ද රජය තීරණයක සිටී. Continue reading ජනපතිගේ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ ක්‍රියාවට නැඟීමට කාලය යි

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය
කුමුදු කුසුම් කුමාර

ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි.

අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය කරන්නට පෙළඹීමයි. එවිට එම ප්‍රතිපත්තිවලට එරෙහිවන්නේ යැයි සිතන කවරෙකු හෝ රජයේ සතුරෙකු ලෙසින් ගෙන ඔවුන් කෙසේ හෝ පරාජය කිරීමට කටයුතු කිරීම ජනාධිපති ගේ දේශපාලනයේ ප්‍රධාන අංගයක් වෙයි.

ජේ. ආර්. ජයවර්ධන ලංකාවට ජනාධිපතික්‍රමය හඳුන්වා දුන්නේම බහු පාර්ශ්වීය දේශපාලන පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක් පැවතීම නිසා පක්ෂ දේශපාලනය මත සිදුවන ආණ්ඩු වෙනස් කිරීමට යටත්ව රට ‘සංවර්ධනය‘ කළ නොහැකිය යන නිගමනයට එළඹ එම තත්වය ජය ගනුවස් විධායක බලය ජනාධිපති අත කේන්ද්‍රගත කරමිනි. ඉංග්‍රීසි කියමනකට පරිදි ‘ඉන් පසු සිදු වූ දේ ඉතිහාසගත වී අවසන්ය.‘

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රට සංවර්ධනය කරන්නට යැයි කියා විවෘත ආර්ථිකය යනුවෙන් ජනවහරේ හැඳින්වීමට ආ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ලංකාවට හඳුන්වා දී ඊට එරෙහිව ක්‍රියා කරන්නේ යැයි සිතූ සියලු බලවේග දරුණු ලෙස මර්ධනය කරන්නට රාජ්‍ය බලය යොදාගත්තේය. “දහහත් වසරක ශාපය“ යැයි විපක්ෂය හඳුන්වා දුන් එම පාලනය මෙරට ජනතාව ප්‍රතික්ෂේප කළේ ‘විපක්ෂයෙන් පොල් පිත්තක් ඉදිරිපත් කළත් උඩින් දිනනවා‘ යැයි සාමාන්‍ය ජනයා කී ජනාධිපතිවරණයකින් චන්ද්‍රිකා කුමාරතුංගට සියයට 62 ක අතිමහත් ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමිනි. ඇයගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය “මනුස්ස මුහුණක් සහිත විවෘත ආර්ථිකයක්“ වීමෙන් පෙන්නුම් කළේ ජේ. ආර්. ජයවර්ධන ගේ නව ලිබරල්වාදී සංවර්ධනයේ අමනුස්ස මුහුණවරයි. ජනාධිපතික්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍යය යලි ස්ථාපිත කරන්නෙමැයි ශපථ කොට බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංගගේ අයාලේ ගිය ලිබරල් දේශපාලන තන්ත්‍රය ජනාධිපතික්‍රමය අහෝසි කළේ නැත.

එපමණක් නොව නව ලිබරල්වාදය ට මනුස්ස පෙනුමක් ලබා දීම කෙසේ වෙතත් අධ්‍යාපනයෙන් අප සමාජයට ලැබී තිබුණු මනුස්සකම අහෝසි කිරීමට පියවර ගනිමින් නව ලිබරල්වාදය තීරණාත්මක ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ඇතුලු කළේය. නව ලිබරල්වාදී බලවේග චන්ද්‍රිකා කුමාරතුංගගේ ගජ මිතුරු වෛද්‍ය තාරා ද මෙල් මගින් රාජ්‍ය වියදම් කපා හැරීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ගෙන එන්නට සමත් වීය. මෙහිදී රජීව විජේසිංහ තාරා ද මෙල්ගේ උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළේය. චන්ද්‍රිකා කුමාරතුංග ද තමන් ගේ සතුරන් යැයි සිතූ බලවේග මර්ධනයට රාජ්‍ය බලය නිර්දය ලෙස යොදා ගත්තාය. එකල ඇගේ අග සව්වන් වූයේ මංගල සමරවීර සහ එස්. බී. දිසානායක ඇමතිවරුන් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වන්නේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ලාංකේය සමාජයේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව මෙරට ජනයා ගෙන ගිය දීර්ඝ කාලීන අරගලයේ ප්‍රථිඵලයක් ද ලෙසිනි. එය පිළිගනිමින් තමන් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නේ යැයි ‘මහින්ද චින්තනය‘ සඳහන් කර ඇත. නමුත් අද, ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අන් කවරදාකටත් අන් කාහටත් වඩා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. වෛද්‍ය තාරා ද මෙල් මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසුණු නව ලිබරල්වාදී බලවේග අමාත්‍ය එස්. බී. දිසානායක හරහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තම ග්‍රහණයට ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වී සිටියි. රජීව විජේසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා අමාත්‍ය එස්. බී. දිසානායක ගේ උසස් අධ්‍යාපන ‘නවීකරණ ව්‍යාපෘතිය‘ ඉමහත් සේ වර්ණනා කරමින් සිටියි. Continue reading ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
ශ‍්‍රී ලාංකික කලාකරුවන්ට රටේ අධ්‍යාපනයේ වර්තමාන තත්වය පිළිබඳ තම අදහස් පළ කිරීමට අවස්ථාව සලසනු පිණිස සමුළුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කර ඇත. මෙම අවස්ථාවට ඔබගේ සහභාගීත්වය අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ප‍්‍රකට හා සමාජමය සවිඥානිකත්වයෙන් යුතු කලාකරුවන් වශයෙන් මෙම රටේ අධ්‍යාපනයෙහි වර්තමාන තත්වය පිළිබඳ ඔබගේ අදහස් අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි. Continue reading රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර

බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි. කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුරදී කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කෙරී ඇත්තේ මේ ගුණාංග කිසිවක් පෙන්නුම් නොකරන ඇමතිවරයෙක් අපට ලැබී ඇති බව පමණක් නොව මෙම ඇමතිවරයා රටේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට යහපතක් වියහැකි ක‍්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතාම තදබල ලෙස නොතකා හරිමින් සිටින බවයි.

අපගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මාස දෙකක් ගතවී තිබියදීත් ඇමතිවරයා සිය ප‍්‍රකාශ මඟින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ ඔහු සතුව අපගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ එසේ නොමැති බව ව්‍යාජ ලෙස පෙන්නුම් කරන බවයි.

අපගේ ඉල්ලීම් විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා උසස් මට්ටමේ ආචාර්යවරුන් බඳවා ගැනීමේ හා රඳවා ගැනීමේ හැකියාව ඉහල දැමීම, විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම හා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය නඟා සිටුවීම ඉලක්ක කරගත් එ්වා වුවත් ඇමතිවරයා විසින් සිදුකරමින් සිටින්නේ මේ කරුණු සම්බන්ධව ඵලදායි සංවාදයකට එලඹීම නොව මෙවැනි ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට නොගැලපෙන මට්ටමේ අශිෂ්ට භාෂාවක් පාවිච්චි කරමින් ආචාර්යවරුන්ට එරෙහිව හිතුවක්කාරී හා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමයි.

ඇමතිවරයාගේ මෙම නොහික්මුනු කම ඔහුව සිරගත කිරීමට තරම් සීමාව ඉක්ම ගිය එකක් බව අප හොඳින් දනිමු. මෙවැනි පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය සම්බන්ධව වගකිවයුතු ඇමතිවරයා ලෙස පත්කිරීම මෙන්ම අධ්‍යාපනයට අඩු අරමුදල් ප‍්‍රමානයක් වෙන් කිරීම ද ආණ්ඩුව රටේ අධ්‍යාපනය කෙරේ දක්වන ආකල්පය පෙන්නුම් කරන දේ බව අපගේ අදහසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇමතිවරයාගේ මෙම නොහික්මුනු හා ආක‍්‍රමනශීලී හැසිරීමට තදබල ලෙස විරෝධය දක්වන අතර ම අප විසින් මතු කරනු ලැබ ඇති කරුණු සමඟ ඵලදායි සංවාදයකට එළඹෙමින් එම ගැටලූ විසඳීම සඳහා වූ මාවතට පිවිසෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

ෆූටා පුරවැසි නාලිකාව

ෆූටා පුරවැසි නාලිකාව

තව බලන්න, මෙහි

FUTASRILANKA

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම

විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම

2012 සැප්තැම්බර් 10 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කම්කරු අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවනු ලැබීය. මෙම රැස්වීමේදී වි.වි.ආ.ස.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ඇතැයි කියන ඊනියා ‘‘කාර්මික ආරවුල’’ බේරුම්කරණ ක‍්‍රියාවලියක් හරහා නිරාකරණය කිරීමට යන බව සඳහන් ලිපියක් වි.වි.ආ.ස.ස.ය වෙත භාරදෙන ලදී. මේ ක‍්‍රියාවලිය සඳහා වි.වි.ආ.ස.ස.ය වෙනුවෙන් බේරුම්කරුවෙකු පිළිබඳව නාම යෝජනාකරන මෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

වි.වි.ආ.ස.ස.යේ ස්ථිරසාර අදහස වන්නේ ඒ මගින් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හරහා මතුකරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන ඇතිවී ඇති තත්වය වි.වි.ආ.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ‘‘කාර්මික ආරවුලක්’’ ලෙස නම් කරනු ලැබිය නොහැකි බවයි. Continue reading විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම