Category Archives: සංවර්ධනය

රජය මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට කැසකවයි – ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය

2

සංවර්ධනයේ නාමයෙන් භුක්තිය පැහැර ගැනීම: ගොවීන්, ධීවරයින්, ග‍්‍රාමීය ප‍්‍රජාව සහ නාගරික දුගීන් අනතුරේ

ඉදිරිපත් කළ නව අයවැය…

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක ස්වරූපයක් ගත්තේ ය. නව ලිබරල්වාදී ආර්ථික සංවර්ධන න්‍යාය පත‍්‍රයන්ට සහය දෙන්නාවූ ලෝක බැංකු නිර්දේශ අනුව යමින් මෙම නව අයවැය හරහා රටේ ශ‍්‍රම වෙළෙඳපල සහ ස්වභාවික සම්පත් ලිබරල්කරණයට නැතහොත් එ්වා සම්බන්ධයෙන් වන සීමා ලිහිල් කිරීමට වෑයම් දරා තිබේ. රටේ පවත්නා කෘෂි අංශය අඩු ඵලදාවක් ගෙනෙන්නා වූ අඩු ආදායම් ලැබෙන ක‍්‍රියාමාර්ග ලෙස නම් කරන රජයේ ඉලක්කය වී ඇත්තේ වාණිජ කෘෂිකර්මය, එනම් තිරසර නොවන කර්මාන්ත සඳහා විදේශ ආයෝජන ගෙනවිත් පෞද්ගලික සමාගම් වෙත ඉඩම් නිදහස් කිරීම යි. රජයේ මධ්‍ය කාලීන ආර්ථික සංවර්ධන සැලසුම් තුළින් පෝෂණය වන්නේ රටේ ස්වභාවික සම්පත් බිලි දෙමින්, විශේෂයෙන්ම ඉඩම් සහ මානව සම්පත පෞද්ගලික අංශයේ සූරාකෑමට නතුකරමින් ලබාගන්නා ණය මත දිවෙන ආර්ථිකයක් වේ. Continue reading රජය මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට කැසකවයි – ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්‍යාපාරය

Advertisements

උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස

‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’
‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කොන්ත‍්‍රාත්කරුවන්ට වාසිදායක වන ලෙස විශාල ප‍්‍රතිපත්තිමය විතැන් වීමක් සිදුව තිබෙන අතර ඒ ප‍්‍රතිපත්තිමය වෙනස සඳහා ප‍්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් ද සිදු වී නොමැත’’

උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනයා වෙනුවෙන් නිවාස 65,000 ක් ඉදිකිරීමට ආණ්ඩුවේ මූලිකත්වයෙන් මේ වනවිට දියත් වී තිබෙන ව්‍යාපෘතියක් විශාල ආන්දෝලනයක් ඇති කොට තිබේ.
එක් එක් නිවාසවල වටිනාකම ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙන රු. මිලියන 2.1 ක මුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප‍්‍රශ්න කිරීමට ලක්කොට ඇත. විවාදයට තුඩු දී ඇති අනෙක් ප‍්‍රශ්නය වනුයේ අදාල ව්‍යාපෘතිය සඳහා අයැදුම් කළ කොන්ත‍්‍රාත්කරුවන් තෝරාගනු ලැබූ ‘අධිවේගී’ ක‍්‍රමවේදයයි. කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඉදිකරන මේ නිවාස සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට අවතැන්වූවන්ට අවස්ථාවක් නොමැත. ඉදි කරනු ලැබෙන නිවාස එලෙසින්ම ඔවුන් භාරගත යුතු අතර ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නිවාසවල වෙනස්කම් සිදුකිරීමට ඇති ඉඩකඩ අතිශය අල්පය. එසේ නැතිනම් එවැනි ඉඩක් නැති තරම්ය. Continue reading උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු.

දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින් සෞඛ්‍යයේ පුරය ලෙස මා විස්තර කළ පුරය සැබෑ පුරය යැයි මා හිතනවා. එහෙත් රෝගී වූ පුරයක් ද පරීක්ෂා කොට බැලීම ඔබේ කැමැත්ත නම් එයට කිසි බාධාවක් නැත … කෙසේද යත් අප කලින් සඳහන් කළ සෞඛ්‍ය සම්පන්න, නීරෝගී පුරය තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නෑ. එහෙත් ඉදිමුණු ස්කන්ධයෙන් හා අවශ්‍යතාවකින් තොරව පුරයන්හි දක්නට ලැබෙන දේවලින් පිරී ගිය පුරයක් අවශ්‍ය වෙනවා.

– ප්ලේටෝ, ජනරජය, XIII පරිච්ඡේදය

කාර්මිකව වඩා සංවර්ධිත රට, වඩා අඩුවෙන් සංවර්ධිත රටට, තමන්ගේම අනාගතයේ පිළිබිඹුව පෙන්වනවා පමණි.

– කාල් මාක්ස්, දාස් කැපිටාල්, 1867, පළමු ජර්මානු මුද්‍රණයට පෙරවදන

ගැටලුව දුප්පත්කම නොවේ, සෞභාග්‍යය පිළිබඳ අපේ අදහසයි.

– අෂිස් නන්දි Continue reading ‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

image003_zpsa1c36570

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය.

ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි.

ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020 නව සහශ‍්‍රකය සඳහා දැක්මක් නමැති පොතෙහි ඔහු දන්නා තුන් දෙනෙකුන් ගැන සඳහන් කරමින් නිදසුනක් මඟින් සංවර්ධනය විස්තර කරන්නේ මෙහෙම යි. “වෙන්කත්ට පුතුන් දෙදෙනෙකු සහ දුවක සිටියා. සියල්ලෝ ම උපාධිධරයෝ. ඔවුහු රැකියා කළෝ. එම පෙදෙසෙහි ම පුතුන් තුන් දෙනෙකුන් සිටි කුප්පු ද වාසය කළා. ඔහුට උගන්වන්නට හැකි වූයේ එක් දරුවෙකුට පමණයි. ඔහු වාසය කෙළේ කුලී නිවසෙක. කරුප්පන්ට දියණියන් දෙදෙනෙකුන් සහ එක් පුතෙකු සිටියා. ඔහු කෙළේ අර්ධ රැකියාවක්. දුප්පත්කම නිසා ඔහුට එක දරුවෙකුට වත් උගන්වන්න බැරි වුනා.” සංවර්ධිත ඉන්දියාවක් පිළිබඳ අපේ සිහිනය කරුප්පන් වැන්නවුන්ටත් සිය දරුවන් සඳහා සැලැකිය යුතු ආයු කාලයක් සහ මූලික පහසුකම් හා හොඳ සෞඛ්‍යයක් සපයන රැකියාවක් ලබා දීමය යනුවෙන් කලාම් එහි සඳහන් කළා.

අපේ රටෙහි පාලකයන් එවන් අරමුණක් කරා ද යන්නේ? ඔවුන් පෙන්වන්නේ පිට ආටෝප සංවර්ධනයක් පමණයි. හැම දෙනාම පාහේ දන්නා පරිදි එයින් වැඩි වාසි පාලක කල්ලියට පමණයි. නැත්නම් ඉහළ ධනවතුන් අතලොස්සකට පමණයි. හිසට වහලක් නැති දුප්පතාට අහස සිඹින උස මහල් නිවාසයෙහි පදිංචි විය හැකි ද? සුපිරි සාප්පු සංකීර්ණවලින් සාමාන්‍ය ජනයාට බඩු ගත හැකි ද? කණගාටුදායක ම කාරණය මෙම සියලූ සෞභාග්‍යය ඉහළ පැළැන්තියට සහතික කරන්නට දුප්පතා බදු ගෙවමින් නැහීම නො වේ ද? තම දරු මුණුපුරන් පවා ණයකරුවන් කැරීම නො වේ ද? රජයේ ආදායමෙන් හැම රුපියල් සියයකින් ම සත 80ක් ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා ය. රජය වැඩි පොළියට ණය ගෙනයි මෙම ඊණියා ආශ්චර්යය පාන්නෙ. Continue reading සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

සංවර්ධනයද? විනාශයද?

1413227753mali2A tense situation erupted today in Maligawatta as authorities arrived to demolish unauthorized buildings. Police were deployed to the area to control the situation as the residents protested the move to demolish. Pictured here a child protesting alongside his mother. Pic by Sanjeewa Lasantha

adaderana

Against removing unauthorized structures

Tense situation in Maligawatta
Thursday, 01 March 2012 11:41
E-mail Print
A tense situation prevailed in Maligawatta this morning when authorities went to the area to demolish unauthorized construction which they have being planning for a long time.

The residents did not move out of their houses and shops which were to be demolished by the authorities which were marked as unauthorized construction.

Police said that the move was called off as the residence was behaving violently without moving out of their houses and shops.

First they flocked to the main street and blocked the bulldozers. After that they went into their houses and shops, started confronting with the police. They urged that the decision had taken by the authorities without informing them.

However the process did not take place but the police moved in water cannons and riot police to control the residents of Maligawatta but they were not use against them after they began to disperse peacefully when authorities started to push back from the area.

The elite Special Task Force (STF) and the Army were also deployed into the area to assist the police in bringing the situation under control. (SD)

http://www.dailymirror.lk/news/17217-tense-situation-in-maligawatta.html

Residents in Maligawatte protested against the removal of unauthorized buildings in the area this morning. Pix by Pradeep Dilrukshana

http://www.dailymirror.lk/caption-story/17221-against-removing-unauthorized-structures.html

නාගරික සංවර්ධනය

m10-sri1-480

සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම!
– පුරවැසියා විසිනි
ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට අමතක වන කරුණ ලෙස පෙනෙන්නේ සමෘද්ධිමත් නගරය යනු හුදු හෞතිකව දියුණු, අලංකාර කළ, සංචාරකයන් සහ පොහොසතුන් පමණක් සැප සම්පත් විඳින නගරය නොවන බවයි. සශ්‍රීක නගරය සියලු පුරවැසියන්ට ඉහළ ජීවන තත්වයක් ලබා දීමටද, සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමටද, හැම කටයුත්තකදීම ඔවුන්ගේ සහභාගීත්වය සහ එකඟත්වය ලබා ගැනීමටද ක්‍රියා කරන හෙයින්, ස්ථායි බවින් යුතුව, මිනිස් කමින් බැබළෙන නගරය වන්නේය.

වත්මන් නාගරික සංවර්ධන යෝජනා ලංකාවේ නූතන ඉතිහාසය පුරා ඓන්ද්‍රීයව සිදුවූ විකාශනයන් හි ප්‍රථිපල ඉමහත් රාශියක් වැරදි ලෙස සළකා ඒ සියල්ල එක රැයින් නිවැරදි කරන්නට ඇති විශ්වකර්ම අපේක්ෂාවක් පිළිබිඹු කරයි. Continue reading නාගරික සංවර්ධනය

නාගරික සංවර්ධනය

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද?
– පුරවැසියා විසිනි

දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන ගත කිරීම, “අනවසර“ පදිංචි කරුවන්, අඩු ආදායම් ලාභී ජනකොටස් නැවත පදිංචි කිරීම වැනි අනෙක්වා, හැමදාමත් නගර සංවර්ධන න්‍යාය පත්‍රයන්හි තිබී ඇති, යළි යුද්ධයෙන් පසු පණ ගැන්වුණු ඒවා ය. නගරයේ කටයුතු ප්‍රවීක්ෂණය සඳහා රූපවාහිනී කැමරා සවිකිරීම වැනි තවත් ඒවා ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් ක්‍රියාත්මක වූ අලුත්ම වැඩ පිළිවෙල වෙයි. මේ හා සමාන වැඩ පිළිවෙලවල් රටේ වෙනත් ප්‍රධාන නගර වලත් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතී ඇත.

මේ සියලු වෙනස් කම් පසුගිය කාලය තුළ සිදුවූයේ, කොළඹ නම්, මහජන ඡන්දයෙන් පත්වූ නගර සභාව, එක්කෝ යුද්ධය නිසා, නැතහොත් දේශපාලන වියවුල් නිසා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළය. දැන් කලකට පසු යලිත් වරක් ඡන්දයෙන් තම නගර සභාව පත් කරගැනීමේ අවස්ථාව කොළඹ ඇතුලු රට පුරා නගර ගණනාවක ජනතාවට ලැබී තිබේ.

මෙය, යුද්ධය සමයේ හීන වී ගිය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් යළි ගමේ පමණක් නොව නගරයේ ද පණ ගන්වන්නට ලැබෙන අවස්ථාවකි; හදිසි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම ට ආණ්ඩුව තීරණය කොට ඇති හෙයින් වසර තිහක් පමණ කාලයකට පසු හදිසි නීතියෙන් තහංචි නොවැටුණු පරිසරයක තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උරගා බලන්නට ජනතාවට ලැබෙන අවස්ථාවකි.

හදිසි නීතිය අහෝසි කළේයැයි ආණ්ඩුව කියා සිටියත් විපක්ෂය කියා සිටින්නේ සැප්තැම්බර් 06 වැනිදා නිතුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සියලුම හදිසි නීති වරප්‍රසාද සහ රෙගුලාසි ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙන බවයි. ඒ අනුව මහජන රැස්වීම්, විරෝධතා, උද්ඝෝෂණ, ශිෂ්‍ය අරගල, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැලැක්වීමේ බලය ත්‍රිවිධ හමුදා සෝදිසි කිරීම් සඳහා වන බලය ද අත් අඩංගුවට ගැනීම සඳහා වුණ බලයද මේ අති විශේෂ ගැසට් පත්‍රය අනුව තවමත් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. ආණ්ඩුව, හදිසි නීතිය ඉවත් කිරීම සැබෑ බවට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබා දිය යුතු අතර අති විශේෂ ගැසට් පත්‍රය මගින් එම අයිතීන් උල්ලංඝනය කිරීමට ඇති ඉඩකඩ වහා ඉවත් කළ යුතුය. Continue reading නාගරික සංවර්ධනය

ධනවාදී සංවර්ධනය

අද ඇති අභියෝගය:

“මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම”

ගුණදාස අමරසේකර

වසර තිහක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක්‌ දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී සංවර්ධන මාර්ගය ද නැත්නම් වෙන යම් මාර්ගයක්‌ද?

විදේශ ආයෝජකයන් කැඳවා ගනිමින්, විශාල ණය ආධාර පිටරටවලින් ලබාගනිමින්, සංචාරකයන් සඳහා විශාල අධිවේගී මාර්ග තනමින්, ඉන්දියානු මුහුදේ යනඑන නැව් අප වෙත කැඳවා ගැනීම සඳහා වරායවල් හදමින් අප ගෙන යන මේ සංවර්ධනය ධනවාදී සංවර්ධනයක්‌ බව පෙනේ. තව වසර දෙකකින් අපගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 හේ සිට 4000 දක්‌වා වැඩි වන බවද තව සුළු කලකින් අප “ආසියාවේ ආශ්චර්යය” බවට පත්වන බවද පවසනු ලැබේ.

සංවර්ධනයකින් තොරව තිස්‌ වසරක්‌ ගත කිරීමෙන් පසු මෙරට ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී මාර්ගය ගැනීම ගැන අපට විරුද්ධ විය හැකි නොවේ. අද තුන්වන ලෝකය තුළ ශීඝ්‍ර සංවර්ධනයක්‌ සඳහා ඇති ඒකායන මාර්ගය ධනවාදී මාර්ගය බව පෙන්නුම් කර තිබේ. මේ සංක්‍රාන්ති සමයේ එවැන්නක්‌ අවශ්‍ය වුවද දීර්ඝකාලීන වශයෙන් මෙවැන්නක්‌ කෙතරම් සුදුසු වේද? මේ ධනවාදී සංවර්ධන මගින් අප මුහුණ දෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබේද? මේවා අප විසින් ඇසිය යුතු ප්‍රශ්න වෙයි.

තව වසර දෙකකින් ඒකපුද්ගල ආදායම දෙගුණයකින් වැඩිවනු ඇතිය යන කියමන මායාකාරී කියමනක්‌ බව අපට පෙනී යා යුතුයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ නැත්තෙකුට වුවද මෙය පෙනී යනු ඇත. ඒකපුද්ගල ආදායම දෙගුණයකින් වැඩි වීම නිසා කුලී වැඩ කරන සියදෝරිස්‌ගේ ආදායම දෙගුණයකින් වැඩි වනු ඇතැයි සිතුවොත් මුළාවකි. සියදොaරිස්‌ගේ ආදායම කෙසේ වුව ඇඟලුම් ව්‍යාපාරිකයාගේ ආදායම නම් දෙගුණයකින් නොව තුන් හතර ගුණයකින් වැඩි වන්නට පුළුවන. ඒකපුද්ගල ආදායම දෙගුණයක්‌ වන්නේ දළ ජාතික නිෂ්පාදන දර්ශකය (GNP) සියයට තුනේ සිට සියයට හය දක්‌වා (උද්ධමනය ආදි වූ සාධක නොතකා හැර) වැඩිවීම නිසායි. එහෙත් ඒ වැඩිවන සියයට තුනෙන් 80% සිssටිනු ඇත්තේ ජනගහනයෙන් 10% පමණක්‌ විය හැකියි. එවිට ජනගහනයෙන් 90% අතර බෙදී යනු ඇත්තේ වැඩිවන ආදායමෙන් 20% පමණි.

තායි බුද්ධිමතෙකු වන සුලක්‌ ස්‌වරාක්‌ස විද්වතා විසින් මේ මායාකාරී ඒක පුද්ගල ආදායම වැඩි වීම විග්‍රහ කරමින්, විදේශික ව්‍යාපාරිකයන් සිය ආයෝජන මගින් රටක දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන අතර රට තුළ ඉන්නා ධනවතුන් තව තව තර කරන හැටි සහ දුප්පතුන් තව තව දුප්පත් කරන හැටි, “Buddhism and Development” නමැති අගතා නිබන්ධයෙන් පෙන්වාදී තිබේ. Continue reading ධනවාදී සංවර්ධනය

සංවර්ධනය

බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙක ලෑ යුතුය – නලින් ද සිල්වා

“බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙකලා අපේ සංස්‌කෘතිය මත පදනම් ව නිවී හැනහිල්ලේ ජීවත්විය හැකි සමාජයක්‌ නිර්මාණය කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. එවිට අපට ආසියාවේ නොව ලෝකයේ ම ආශ්චර්යය බවට පත්විය හැකිය.“


ඉරිදා දිවයින සංග්‍රහය 2011 මාර්තු 27

සංවර්ධනය

“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා”
– ගුණදාස අමරසේකර
“ත්‍රස්තවාදය අවසන් වී වසර එකහමාරක් ගෙවී අවසන්. රජය පැහැදිලි දර්ශනයක් නැතිව අයාලේ යන බව පෙනෙනවා. දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන නාගරික ඉදිකිරීම් මුල්කර ගත් සංවර්ධන මොඩලයන් දිරිගැන්වීම මඟින් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් වී රට ණය උගුලේ හිරවෙනවා. ඛනිජ‍සෙම්පත් ජෛව සම්පත් සහ ජන සම්පත ඇතුළු සියලු ස්වාභාවික සම්පත් කොල්ලකෑමට තැත් කරන බටහිර සමාගම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. දේශීය කාෂිකර්මාන්තය බිඳ හෙළීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙලන රජයේ ප්‍රතිපත්ති හකුලා ගැනීමට රජය වහා පියවර ගතයුතුයි. ටයිටේනියම් ඇතුළුව රටවටා ඇති ඛනිජ සම්පත් රැක ගැනීමට රජයේ යුතුකම යැයිද ජාතික පුනර්ජීවන කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීම පිළිබඳව මාධ්‍යයට හෙළි කරමින් එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වෛද්‍ය අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

2011 පෙබරවාරි 9 වැනි දින ලංකාදීප පුවත් පතෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.