Category Archives: සිග්මන් ෆ්‍රොයිඩ්

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

මානව මන‍සේ මහා අභිරහස්

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිහින පිළිබඳ අර්ථකතනය

ජෙෆ්රි මුසෙයින් ‍ මැසොන්
පරිවර්තනය: ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්

Globe and Mail අප්‍රේල් 12, 2008

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ එන ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ ‍‍දෙවැනි ලිපිය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය පිළිබඳ පහත පළ කරන්නෙමු.

0412dreams18811990 දි සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සිහින පිළිබඳ අර්ථකතනය කෘතිය පළ වන තුරු සිහින එක්කෝ ගූඪවාදයට හෝ අද්භූත විශ්වාස පිළිබඳ පරිමණ්ඩලයට අයත් යැයි සැළකිණි. නැත්නම් පාඨකයාට සිහිනයේ අර්ථය පහදා දෙන අවිද්‍යාත්මක “සිහින පොත්”වල විෂය විය. ‍‍ ෆ්‍රොයිඩ් ගේ ‍ වැදගත්ම කෘතිය ‍ලෙස සැළකිය යුතු ඉහත ‍පොත පළ වී‍මෙන් අනතුරුව විචික්සනයේ දී සිහින බැරෑරුම් ‍ෙලස සැලකිල්ලට භාජන විය. අදවන විට කවර චිකිත්සා ගුරුකුලයක් වුව ද සිහිනවලට යම් වැදගත්කමක් හිමිකර ‍ෙනාදීම දුර්ලභ ‍දෙයක් වනු ඇත. ඒ වනාහි සිහින අවිඥානයට ඇති රාජකීය මාවත වශයෙන් හදුනාගත් ෆ්‍රොයිඩ්ගේ වෑයමේ ප්‍රතිඵලයකි.

සවිස්තර කරුණු කාලය‍ාගේ පරික්ෂණයට ඔරොත්තු දී නැති නමුදු (එවැනි සත්ත්වයෙකු නොමැති යැයි ‍පෙනී යන හෙයින් ‍ ෆ්‍රොයිඩ් ” විශ්වීය ” සංකේතවාදය යොදා ගත් ආකාරය එවිට ප්‍රශ්නකාරි වූ අතර දැන් ඊටත් වඩා ප්‍රශ්නකාරීය.) එය කියවීමෙන් නැණවත් බවින් වැඩෙනු නොහැකිව සිහින පිලිබඳ අර්ථකථනය කෘතිය කියවිය නොහැකිය. මා එය තෙවරක් කියවා ඇත්තෙමි. ඒ හැම වරම එම අත්දැකීම මා සුපෝෂණය කළේය. අදත් භාවිතයට ගැනෙන අයුරින් මනෝ විශ්ලේෂණය බෙ‍ාහෝ සේ සිහින මත යැපෙයි, තව ද රෝගියෙකු ගේ සිහින අර්ථ විවරණයෙහි ලා විශ්ලේෂකයා සතු හැකියාව ” සුවය ” ක් සඳහා ඇති හැකිකම මූලික පදනමක් ලෙස සැලකේ. (මා වැනි) අයෙකු එකී හැකියාව පිළිබඳ සැක කළ හැකි වුව ද මනෝ විශ්ලේෂණ වෘත්තියේදී එය නොකෙලෙසිය යුතු පිළිවෙතකි. Continue reading ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – දෙවැනි ලිපිය: සිහින පිළිබඳ අර්ථකතනය

Advertisements