Category Archives: හනා ආරන්ඩ්ට්

“සංස්කෘතියට හොඳ මිලක් නියම කිරීම” : හුවමාරු අගය, පාරිභෝජනය සහ විනෝදාස්වාදය

හනා ආරන්ඩ්ට් ‍ගේ Crisis in Culture ලිපියෙන් උද්ධෘතයක්

අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ සංස්කෘතික දේට ආරම්භයේ දී විශේෂ වූ ශක්තිය අපගේ අවධානය ග‍්‍රහණයට ගෙන අප සසල කිරීමේ ශක්තිය ඒවාට නැති විය. මෙය සිදු වූ විට, ”අගයන් බාල්දු කිරීම” ගැන කතා කිරීමට මිනිස්සු පටන් ගත්හ. Continue reading “සංස්කෘතියට හොඳ මිලක් නියම කිරීම” : හුවමාරු අගය, පාරිභෝජනය සහ විනෝදාස්වාදය

Advertisements

සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

හනා ආරන්ඩ්ට්
හනා ආරන්ඩ්ට්
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය -වෙනුවෙන් ඇතැන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා ඒත්තුගැන්වීම යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ. ඇපොලොජියා (Apology ) හි සොක‍්‍රටීස්ගේ කතාව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ ම උදාහරණයන්ගෙන් එකක් වන අතර ප්ලේටෝ ෆීඩෝ (Phaedo ) හි ”සංශෝධිත සමාව අයැදීමක්” ලියනුයේ මෙම කරුණු දැක්වීමට විරුද්ධව ය. උත්ප‍්‍රාසයෙන් යුතුව ඔහු එය ”වඩාත් ඒත්තු ගන්වන” ( pithanoteron, 63B) යනුවෙන් හැඳින්වූයේ පේ‍්‍රක්ෂකයා හුදෙක් පෙළඹවීමට වඩා බිය ගැන්වීම අරමුණු කෙරුණු, ශාරීරික දඬුවම් හා ත්‍යාගයන්ගෙන් ද සම්පූර්ණ වූ, ඊළඟ ආත්මයක් පිළිබඳ මිත්‍යාවකින් එය අවසන් වන බැවිනි. Continue reading සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන්

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන් විසිනි
දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ ලෙස සැලකිය නොහැකිය. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයෝ අබිරහස් ලෙස අතුරුදන් වූහ. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
යුද්ධය අවසන්වීමෙන් පසුත් ඒ ක‍්‍රියාදාමය අවසන් නොකළේය. විවිධ හේතු මත රටේ විවිධ තැන්වල සිදුවූ උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහාද නිල වශයෙන් පමණක් නොව නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිසක් යොදා ගත්තේය. තතු දත් ආණ්ඩුවට සම්බන්ධ සමහර අය එම ක‍්‍රියාදාමය දෙස බලා සිටියේ කැමැත්තකින් නොව මහත් අප‍්‍රියාවකිනි. එහෙත් ඔවුන් ඒ ගැන තැන් තැන්වලදී රහසේ කටුකුටු ගෑවා මිස ප‍්‍රසිද්ධියේ විරෝධය පාන්නට බිය විය. – ඉතිරිය සඳහා බලන්න :

රාවය

‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

‘නපුරෙහි නිස්සාරත්වය’ : ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටිය නරඹා සාකච්ඡා කරමු
විසිවැනි සියවසේ දේශපාලන චින්තනයට ඉමහත් ලෙස බලපෑ ජර්මානු-යුදෙව් ජාතික දේශපාලන චින්තිකාව වන හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටියේ දර්ශනයක් සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ජුනි මස 13 වෙනි සිකුරාදා සවස 2.30 ට මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ‘ පැවැත්වෙයි.

හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ වාර්තාව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එහිදී ඇය දැන් සුපතලව ඇති ‘නපුරෙහි නිස්සාරත්වය’ නැමැති සංකල්පය හඳුන්වා දුන්නේ දරුණු නපුරු ක‍්‍රියාවල යෙදෙන බොහෝ දෙනෙකු සාමාන්‍ය මිනිසුන් ය යන්න පැහැදිළි කරන්නටය. අයික්මාන් බියකරු නමුත් අතිශය දරුණු ලෙස සහ බිය ගෙන දෙන සුළු ලෙසින් සාමාන්‍ය තැනැත්තෙකු බව ඇය නිිරීක්‍ෂණය කළාය. චිත‍්‍රපටියට පසුබිම් වන මෙම නඩු විභාගය, ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’ සහ ‘මිනිසුන් තම දේශපාලන නිදහස එක් තනි නායකයෙකු වෙත පවරා ඔහු වෙනුවෙන් සියල්ල කැප කරන්නට පෙළඹෙන්නේ මන්ද?’ වැනි අදහස් සාකච්ඡා කිරීමට අවකාශය සපයයි.

‘රෝසා ලක්සම්බර්ග්’ චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කළ කීර්තිමත් මාර්ගරෙතේ වොන් ට්‍රොටා ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටියේ අධ්‍යක්‍ෂිකාව යි. මෙහි හානා අරන්ඩ්ට් ගේ චරිතය රඟපාන්නී උත්කෘෂ්ඨ නිළි බාර්බරා සුකෝවා ය.

‘සමාජවාදී අධ්‍යයන කවය‘ සංවිධානය කරන මෙම සංවාදයට ඔබටත් ආරාධනා කරමු.

Movie Poster-1

කලාව

සංස්කෘතියේ අර්බුදය:
එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම
-හනා ආරන්ඩ්ට්

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි.

සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ ම, කෙටි ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් සාධකය වන්නේ, වසර කිහිපයකට ඉහත දී පවා – බහුජන සමාජය වූ කලි දූෂිත සමාජ ස්වරූපයකැයි හා බහුජන සංස්කෘතිය වූ කලි පදවල ප‍්‍රතිවිරෝධතාවයක් යැයි අඟවමින් – ඒවා භාවිත කෙරුණේ ශාප කිරීමේ ප‍්‍රබල හැඟීමකින් යුතු ව වන අතර, ඒවා දැන් ගරු කටයුතු බවට, එනම් හැරල්ඞ් රොසෙන්බර්ග් පෙන්වා දුන් පරිදි, ‘කිච’ (kitsch) නැතහොත් බාල ව්‍යාපෘතීන්ගේ දේ ට බුද්ධිමය මානයක් එක් කිරීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ වූ අසංඛ්‍ය අධ්‍යයන හා පර්යේෂණ ව්‍යාපෘති බවට, පත්ව ඇත යන්නයි. නොවැදගත් දෙයෙහි බුද්ධීමයකරණය සාධාරණිකරණය කරනු ලබන්නේ අප කැමති වූවත් නැතත්, බහුජන සමාජය පෙනෙන තෙක් මානයේ අනාගතය දක්වා අප සමග පවතිනු ඇත යන පදනම මතය. එහෙයින්, එහි ”සංස්කෘතිය”, ”ජනපි‍්‍රය සංස්කෘතිය බහු ජනතාවටම භාර කළ නොහැකිය.”1 කෙසේ වෙතත්, ප‍්‍රශ්නය වන්නේ බහුජන සමාජය සම්බන්ධයෙන් සත්‍ය වන දේ බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන්ද සත්‍ය වන්නේ ද යන්න හෝ, වෙනත් අයුරකින් කියතොත්, බහුජන සමාජය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව අවශ්‍ය ලෙස වෙනස් කොට කියන්නේ නම් ඊට පෙර පැවති සමාජය සංස්කෘතිය කෙරෙහි දැක්වූ සම්බන්ධතාවට සමානවනු ඇත්ද, යන්න ය. Continue reading කලාව