Tag Archives: අධ්‍යාපනය

වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III
වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදිය.

එම කෘතිය “ නවලිබරල් තර්කනය, එය සුරක්ෂිත කරන්නේ යැයි ව්‍යාජව පොරොන්දුවන දේශපාලන ආකාරය සහ දේශපාලන පරිකල්පනාවට අඩන්තේට්ටම් කරන්නේ මන්ද සහ කෙසේද යන්න පැහැදිළි කරයි. නවලිබරල්වාදයත් සමග, යුක්තිය පිළිබඳ සැළකිලිමත්වීම්, පෞද්ගලික දේපළ පිළිබඳ පරමවාදය සහ වර්ධන අනුපාත සහ ආයෝජන දේශගුණය විසින් අභිබවනය කරනු ලැබෙයි. නිදහස, මානව ප්‍රාග්ධන අගය වැඩිවීමේ විධික්‍රියාව මගින් සේවයට යොදා ගනු ලැබෙයි. සමානාත්මතාව, ජයග්‍රාහකයන් සහ පරාජිතයන් පිළිබඳ විශ්වව්‍යාපී වෙළෙඳපොළවල ගිල්වනු ලැබෙයි. ජනතා පරමාධිපත්‍යය ආකූල බවට පත්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, විසිවැනි සියවසේ උතුරු තරුව වීම අපේක්ෂා කළේනම්, අද එය යලිසිතාබැලීම, ප්‍රතිනිර්මාණය, සහ අරගලය අවශ්‍ය කෙරෙයි.”

Continue reading වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

Advertisements

බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

Continue reading බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම්  (නුස්‌බවුම්) ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ.  එම සාකච්ඡාවට අපගේ මැදිහත්වීම ආරම්භ කරමින්,  2012 දී අප පළ කළ ලිපියකින් උපුටා ගත් කොටස් පහත යළි පළ කරන්නෙමු.

 

Screen Shot 2018-08-08 at 8.22.01 PM
මාර්තා නස්බවුම්

මාර්තා නුස්බවුම්ට  අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී දායකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රයන් රැකගැනීම සඳහා පුරවැසියන් සූදානම් කිරීම ය. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් හිතකර තත්ත්වයක පවත්වා ගැනීමට කේන්ද්‍රීය වන ශක්‍යතාවන් තුනක්‌ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය මඟින් මිනිසුන් තුළ අත්‍යාවශ්‍යයෙන් වර්ධනය කෙරෙන බව නුස්‌බවුම් තර්ක කරයි.  ඒවා නම්, තමා පිළිබඳව සහ තම සම්ප්‍රදායන් පිළිබඳව විචාරාත්මකව අධීක්‌ෂණය කිරීමේ හැකියාව, තමා ගෝලීය මානව ප්‍රජාවක පුරවැසියකු වශයෙන් දැකීමේ හැකියාව සහ ඒ තුළින් විවිධත්වයෙන් අනූන ලෝකයක්‌ තුළ අන් අයගේ පර්යාලෝකයන් තුළින් යමක්‌ දැකීමේ හැකියාව යි. වෙළඳපොළ ආර්ථීකයේ නියෝග යටතේ ලිබරල් කලාවන් නොසලකා හැරීම මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රයන් අවදානමකට ලක්‌ කරන ක්‍රියාවකි. මෙම ප්‍රවණතාව තව දුරටත් පැවතියහොත්, පරිපූර්ණ පුරවැසියන්ගෙන් යුත් පරම්පරාවන් බිහි කරනු වෙනුවට අප ප්‍රයෝජනවත් යන්ත්‍ර බිහි කරනු ඇත. Continue reading මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ.
හනා ආරන්ඩ්ට්

නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි.

ආනන්ද කුමාරස්වාමි

(පණ්ඩුක කරුණානායක ලියූ “The University and Society: To Tango or Not?” , The island 2007/08/08/ ලිපියේ උපුටා දක්වා ඇති පරිදි)

අධ්‍යාපනය, ආර්ථික වර්ධනය සහ රැකියා පුහුණුව

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ඉන් ලාංකේය ජාතියේ අනාගතය කෙරෙහි කරන බලපෑම කෙරෙහි බලවත් අවධානය යොමු කළ යුතුය.

වත්මනෙහි අධ්‍යාපනය ආර්ථික වර්ධනය සඳහා සහ එනිසා නව පරපුර රැකියාවලට පුහුණු කිරීම උදෙසා යොමු විය යුතු යැයි ඉමහත් බලපෑමක් තිබේ.

අධ්‍යාපනය, ආර්ථික වර්ධනයට සහ රැකියා පුහුණුවට තනිකරම ගැට ගැසීම, ජාතියේ අනාගතය බලවත් අවදානමකට ලක් කරනු ඇත.

නව පරපුර, රැකියාවන්ට යොමු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම වත්මන් සමාජයේ එක් අවශ්‍යතාවකි.

කෙටිකාලීන දේශපාලන අරමුණුවලට හෝ, ආර්ථික අරමුණුවලට අධ්‍යාපනය තනිකරම ගැට නොගැසිය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පොරොන්දුව සියලු දෙනාටම එක සේ උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමයි.

වත්මනෙහි කෙරී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගමන් කොට ඇත්තේ උසස් මට්ටමේ අධ්‍යාපනය ප්‍රභූ පැළැන්තියට පමණක් සීමා කෙරෙන දිශාවට ය. Continue reading ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

සර් අයිවර් ජෙනින්ග්ස්  පේරාදෙනියේ දී
සර් අයිවර් ජෙනින්ග්ස් පේරාදෙනියේ දී

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයනලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා.”

Continue reading විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

2016 සැප්තැම්බර් 13

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන්සඳහා රජයේ මැදිහත්වීමපිළිබඳශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහපැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙදප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන්උග‍්‍රකරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

අපේ දරුවන් සඳහා අපට අධ්‍යාපනයෙන් අවශ්‍ය කුමක් ද?

education meeting logoඅප රටේ අධ්‍යාපනය සහ පාසල් සම්බන්ධව දෙමාපියන් ඉදිරිපත් කරන පහත සඳහන් ගැටළුවලින් කොපමණ ප‍්‍රමාණයක් ඔබට අදාල ද?

පාසලකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීම:

මගේ දරුවාගේ පාසල පිළිබඳව මට ආඩම්බර විය නොහැක. හොඳ පාසල්වලට මගේ දරුවා ඇතුළත් කර නොගනියි.
මුදල් සහ සම්බන්ධකම් සහිත මිනිස්සු පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගනිති. එපමණ මුදල් හෝ එවැනි සබන්ධකම් මා සතුව නොමැත.
මගේ ජනවර්ගයල ආගමල කුලය හෝ භාෂාව හේතුවෙන් මට හොඳ පාසලක් සොයාගැනීම අසීරුය.
මගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතාව ඇතත්, එම පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක නොමැත. ටිියුෂන් පන්ති සඳහා ප‍්‍රමාණවත් මුදල් මා සතුව නැත.
මගේ දරුවා උසස් පෙළ සමත් වුවත්, විශ්වවිද්‍යාලයට ඇතුළත් කර නොගැනිණි. වෙනත් මාර්ගයකින් උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුදල් අප සතුව නොමැත.

අධ්‍යාපන වියදම්:

මගේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා, විශාල මුදලක් ලබාදීමට සිදු විය.
මගේ දරුවා ඇතුළත් කිරීමට තිබෙන රජයේ පාසල් සතුටුදායක නො වන නිසා, වියදම් දැරීමට අපහසු, ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීමට සිදු විය.
පාසල මගෙන් බලාපොරොත්තු වන මුදල්, කාලය සහ සේවා ලබාදීමට අපහසු නිසා එය දරුවාට කෙසේ බලපාවි දැයි බියෙන් පසුවෙමි.
මගේ දරුවා ටියුෂන් පන්තිවලට යැවීම සඳහා අමතර මුදල් හා කාලය වැය කිරීමට හැකියාවක් නැත.
දරුවාගේ උසස් අධ්‍යාපන වියදම් සෙවීමට අපි මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටිමු. මෙම වියදම් දැරීම සඳහා මම ණයට මුදල් ගෙන ඇත්තෙමි.
මගේ දරුවාට, විශ්වවිද්‍යාල අධ්‍යාපන වියදම් සොයා ගැනීම සඳහා රැුකියාවක නිරත වීමට සිදුව ඇත. එබැවින් ඔහුට, අධ්‍යාපන කටයුතුවලට හිත යොමු කිරීම අසීරුය.

දරුවාගේ අනාගතය පිළිබඳව පවතින චිත්ත පීඩා:

හොඳ පාසලකට ඇතුළත් කරගත නොහැකි වූ නිසා මගේ දරුවාගේ අනාගතය පිළිබඳව සිත් තැවුලෙන් පසුවෙමි.
මගේ දරුවාට ලැබෙන අධ්‍යාපනයෙන් සැපවත් හා ගෞරවණීය දිවි පෙවෙතක් සහිත අනාගතයක් අත් නොවනු ඇතැයි මම කනස්සල්ලෙන් පසු වෙමි.

මගේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව පවතින චිත්ත පීඩා:

මගේ දරුවාට අවශ්‍ය අවධානය නොලැබේ යැයි මම සිත් තැවුලෙන් පසුවෙමි.
විභාග තරගකාරිත්වය නිසා මගේ දරුවා කෙරෙන් මනුෂ්‍යත්වය තුරන් වනු ඇතැයි මම බිය වෙමි.
පවතින විෂයමාලාව මගේ දරුවාගේ ස්ත‍්‍රී පුරුෂ භාවයට, ජනවර්ගයට, සමාජ පන්තිය, ජීවන පරිසරයට නොගැළපෙන බැවින් අකමැත්තෙන් ඉගෙනීමට සිදු ව තිබේ.
මගේ දරුවාට විශේෂ අවශ්‍යතා ඇතත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් පාසල තුළ නැත.
ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම ලබන මගේ දරුවාට ගුරුවරුන්ගෙන් ලැබෙන උපකාර ප‍්‍රමාණවත් නැත.

මගේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පවතින චිත්ත පීඩා:

මගේ දරුවන් වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීම සඳහා විශාල දුර ප‍්‍රමාණයක් ගෙවා යා යුතුය. ඵහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුනට අවශ්‍ය තරම් නින්දක් හෝ ආහාරයක් හෝ නොලැබේ. මහමග දී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් සිටිමි.
මගේ දරුවාගේ පාසල තුළ සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් හෝ සුදුසු තත්ත්වයේ ගොඩනැගිලි නොමැත. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පාසල සතු නොවේ.
මගේ දරුවාට ක‍්‍රීඩා කිරීමට කාලයක් නැත. විභාගයට මුහුණ දීමට පමණක් වුව ද දරුවා ටියුෂන් පන්ති යා යුතුය.
මගේ දරුවා පාසලේ දී නොසලකා හරියි. සමච්චලයට සහ අයුතු බලපෑම්වලට ලක්වේ.

ආරක්ෂාව ලැබීම හා යුක්තිය ඉටුවීම පිළිබඳව පවතින චිත්ත පීඩා:

රැකියාව කරගෙන යාම අසීරු වන හෙයින්, මගේ දරුවාගේ ගුරුවරු තමන්ට ඉහළින් සිටින බලධාරීන්හට බියක් දක්වයි.
පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව මගේ අදහස් ප‍්‍රකාශ කළ හොත් එයින් දරුවාට කරදරයක් විය හැකි යැයි මම කනස්සල්ලෙන් සිටිමි.
නවකවදය සහ සමවයසේ සිසුන්ගේ වෙනත් බලපෑම් නිසා මගේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවෙමි.
මගේ දරුවා විශ්වවිද්‍යාලය තුළ දී දේශපාලනික වශයෙන් ක‍්‍රියාශීලීය. එබැවින් දරුවාගේ ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවෙමි.
මගේ දරුවා විශ්වවිද්‍යාලීය පොදුු කටයුතුවලට ඉදිරිපත් වීම නිසා, හමුදාවේ සහ පොලීසියේ හිංසනයට ලක් වේ යැයි මම බියෙන් පසුවෙමි.
මගේ දරුවා ලිංගික බලහත්කාරයට ලක් වේ යැයි මම නිරන්තර බියෙන් පසුවෙමි.
මෙම ගැටළු ඔබට, ඔබේ දරුවාගේ පාසලට, ඔබේ ප‍්‍රජාවට ආදී වශයෙන් සුළු පිරිසකට පමණක් සීමා වූ එ්වා නො වේ. මේවා, අප සියලූ දෙනාට ම පාහේ පොදු ගැටළුය. අධ්‍යාපනයෙන් ලැබිය යුතු අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහ සතුට ඒ අයුරින් ම නොලැබේ නම්; එය බරපතල ගැටළුවකි. පවතින අධ්‍යාපන ක‍්‍රමය සහ අත්දැකීම්වලින් අප වැඩි දෙනෙකුට ලැබෙන්නේ කණස්සල්ල, බිය හා අපේක්ෂා භංගත්වයයි. මෙම තත්ත්වය බාරගෙන නිහඬව බලා සිටිය හැකි ද?

02පොත මෙහි කියවන්න සිංහලෙන් Sinhala

01 read the booklet in Tamil here

03read the booklet in English here

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි
ලක්මාලි හේමචන්ද්‍ර

සිතිවිලි මඟින් භාෂාව අපවිත‍්‍ර කළ හැකි නම් භාෂාව මඟින් සිතිවිලි අපවිත‍්‍ර කිරීමටද හැකි වේ.
ජෝර්ජ් ඕර්වෙල්, 1984

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි ඒකරාශි කිරීමකට සහභාගි වීමේ බරපතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත.

ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයෝ සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරති, නීති විරෝධි ලෙස හැසිරෙන ශිෂ්‍යයන්ව පාලනය කිරීම ගැන රජයට ප‍්‍රශංසා කරති. මහජනතාවගේ මුදල් නාස්ති කිරීම සහ ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කිරීම ගැන ඔහුට බැණ වදිති. සංජීවගේ කාර්යය අධ්‍යයනය කිරීම විනා ශිෂ්‍යයන් කලබල කිරීම නොවන බව ඔහුට මතක් කර දෙති. එක් පාඨකයෙක් ඔහුට අනතුරු අඟවා පවසන්නේ මා උපන් 89 වර්ෂයේ භීෂණ සමයට රට නැවත නොගෙනිය යුතු බවයි. එක්තරා රූපවාහිනි සාකච්ඡාවකදී සංජීවගෙන් අසනු ලබන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මීළඟ පියවර රජයට එරෙහිව අවි අතට ගැනීමද යන්නයි.

උද්ඝෝෂණ පාගමනකට සම්බන්ධ වන ශිෂ්‍ය නායකයකුව අත්අඩංගුවට ගන්නා මුත් තංගල්ල ප‍්‍රදේශයේ මස් කඩ ගිනි තියන සිංහල රාවය චීවර ධාරීන් අත් අඩංගුවට නොගන්නා රාජපක්ෂ රෙජිමයේ දෙබිඩි පිළිවෙත මම ප‍්‍රශ්න නොකරමි. මක් නිසාද යත් අප ජීවත් වන්නේ රූකඩ ලෙස මහජනයා නටවන පාලකයන්ට උවමනා පරිදි අප හිරේ විලංගුවේ දමන නීතියක් යටතේ බව අපි සියලූ දෙනාම දන්නා බැවිනි. නමුත් සංජීව බණ්ඩාර සටන් වඳින්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි. එම අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ ලබන ශිෂ්‍යාවක් ලෙස මාගේ අත්දැකීම ඔබ හමුවේ ඉදිරිපත් කිරීම වැදගත් යයි මා සලකන්නේ එබැවිනි. තොරතුරු, එනම් සැබෑ තොරතුරු අපට වඩාත් යහපත් තීරණ ගැනීමට උපකාරි වේ. තොරතුරු අප හෘද සාක්ෂිය තුළ පැළ පදියම් වී අපට කි‍්‍රයාත්මක වීමට බල කරයි. ඒ සැමටම වඩා තොරතුරු අපව රජයේ න්‍යාය පත‍්‍ර යාන්ත‍්‍රණය මඟින් පතුරුවන මිත්‍යා මතවලින් නිදහස් කරයි. එම නිසා ඇස් කන් ඇර සිටින ඔබට මා දන්නා දේ පැවසීම ඉතාමත් වැදගත් වේ.

සංජීව බණ්ඩාර සැබවින්ම මහජනතාවගේ හතුරෙක්ද? ශිෂ්‍ය කලබල වල අනියත ප‍්‍රතිඵල ලෙස අප බොහෝ දෙනා බලාපොරොත්තු වන ප‍්‍රචණ්ඩත්වය වපුරන්නේ ඔහුද ? එම නිසා ඔහුව සදාකාලිකව රිමාණ්ඞ් භාරයේ තැබිය යුතුද? එසේත් නැත්නම් (වඩාත් නිර්භයව විමසන්නේ නම්) මහජනතාව මහා විපතකින් බේරා ගැනීමට ඔහුව හොර රහසේ ඝාතනය කළ යුතුද? උපාධිය සම්පූර්ණ කොට රැකියාවක් කිරීමට බලාපොරොත්තු නොවන නිසා ඔහු විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරිය යුතුද? රජයේ අධ්‍යාපන පෞද්ගලිකරණ ප‍්‍රතිපත්තියට විරුද්ධ වන සිසුන්, අනෙකුත් ජනතාවගේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා අහුරන විසකුරු, නරුම සහ ආත්මාර්ථකාමී පිරිසක්ද?

රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ප‍්‍රතිපත්තිය මේ රටේ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරමින් ඇති බව නොපෙනෙන්නට තරම් අපගේ රූකඩ හාම්පුතුන්ගේ මුසාවන් වලට අපි වශී වි ඇත්තෙමුද? අද පමණක් නොව ඉතිහාසයේ සෑම විටකදීම ප‍්‍රචණ්ඩත්වයට මුල පිරුවෝ කවුරුන්දැයි අමතක වීමට තරම් රජය විසින් නිර්මාණය කරන ලද යථාර්තයේ අප අතරමං වී ඇත්තෙමුද?

නොම් චොම්ස්කි නම් ඇමරිකානු භාෂාවේදියා රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධ දේශනයකදී මෙසේ පවසයි.
”ඔබට යමක් පෞද්ගලීකරණය කර විනාශ කර දැමීමට අවශ්‍ය නම්, ඒ සඳහා භාවිත කළ හැකි සම්මත ප‍්‍රමිත ක‍්‍රමවේදයක් වන්නේ පළමුව ඒ සඳහා වෙන් කරන අරමුදල් අත්හිටුවීමයි.”එවිට එහි කි‍්‍රයාකාරිත්වය අකර්මණ්‍ය වීම නිසා මහජනතාව ඒ ගැන කළකිරී පෞද්ගලීකරණය පිළිගනු ඇත. පෞද්ගලීකරණය වනාහි කාර්යක්ෂම භාවයේ මෙවලමක් නොවේ. පෞද්ගලික බස් රථවල දිනපතා ගමන් කරන අපි අන් කිසිවෙකුටත් වඩා එය දනිමු. යමක් පෞද්ගලීකරණය කිරීම නිසා එය කාර්යක්ෂම වන්නේ වත් පොදු අයිතිය නිසා පැන නඟින දුෂ්කරතා මඟ හැරෙන්නේවත් නැත. ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය යටතේ ප‍්‍රවාහන අංශයේ පෞද්ගලීකරණය ද ජනතාව ඉස් මුදුනින් පිළි ගන්නට ඇත. මන්ද යත් පෞද්ගලීකරණය තුළින් වැඩි බස් ප‍්‍රමාණයක් හා අඩු තද බදයක් ඇති වේ යැයි හැඟෙන බැවිනි. නමුත් එයින් සැබැවින්ම අර්ථවත් වන්නේ කුමක්ද ? ගමනාගමනය මත එතෙක් තිබු පොදු නියාමනය ඉවත් වී ඒ වෙනුවට ලාභ පරමාර්ථය කරගත් පෞද්ගලික නියාමනය ආදේශ වීම පෞද්ගලික කරණයෙහි යථාර්තයයි. එයින් අදහස් වන්නේ විටින් විට බස් ගාස්තු ලාභය සඳහා පමණක් වැඩි වන බවයි. ජන ශූන්‍ය ප‍්‍රදේශවල බස් ගමන් නොකරන බවයි. එහි සරළ අදහස් නම් මැතිවරණයේදී අප භාවිතා කරන ඡන්දය රටේ පොදු ප‍්‍රවාහන පද්ධතිය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. පෞද්ගලිකරණ කී‍්‍රඩාවේ රිති සකසා ඇත්තේ බස් රථ ඒකාධිකාරිය හිමි කිහිප දෙනෙකුගේ ලාභ උපරිම කරණයටයි. පෞද්ගලීකරණයේ යථාර්තය එයයි. එස්. බී. දිසානායක, ප‍්‍රතිපාදන කප්පාදුව නිසා අකර්මණ්‍යව ඇති රාජ්‍ය අධ්‍යාපනය පද්ධතිය කෙරෙහි කලකිරී ඇති ජනතාවට මවා පාන සොඳුරු , මායාකාර චිත‍්‍රය නොවේ. Continue reading රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි

මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස්

මානව ශාස්ත්‍ර අධ්‍යාපනය රැකගනුවස්


The Heart of the Matter
The Humanities and Social Sciences
for a vibrant, competitive, and secure nation

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්

චන්දන ජයවීර

“….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

michel-franendu

පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට අදහස් කරන බැවින් මෙහිදී ඒ ගැන නොලියමි.

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන මෙම සාකච්ඡා සභාවේදී ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූ අදහස් අවධානයට ලක් විය යුතු දිසාවක් පෙන්වයි.

ඔහු කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි වියතුන් සේවය කළ පේරාදෙණිය සරසවියේ සිංහල අංශය, ඔවුන්ගේ අභාවයෙන් පසු පිරිහී ගිය බවයි. එකල පැවැති ශාස්ත්‍රීය ප්‍රබෝධය ඉන් පසු යලි කිසි දිනෙක ඇති නොවූ බව ආචාර්ය මයිකල් පැවසූවේ හැඟුම් බරවයි. ඔහු මෙම යුගය හැදින්වූවේ ‘පරිහානි සමය’ යනුවෙන්. තමන්ද අදාළ අංශයේ ආචාර්යවරයෙක් වශයෙන් (වසර 30කට ආසන්න කාලයක්) සේවය කළ බව ඔහු නොවලහා කිව්වා.

මේ යුගයේ බුද්ධි පරිහානියේ ස්වරූපය පෙන්වා දෙන්න, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සිය අත්දැකීමක් ගෙනහැර පෑවා. ඊට අනුව ඔහු 1970 වසරේදී, නාට්‍ය හා රංග කලාව විෂයට ආචාර්ය උපාධියක් ලබා ගෙන දශක හතරක් ගතවන තෙක් මෙම අංශයේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක් එම විෂය ක්ෂේත්‍රය සඳහා එවැනි සාමාර්ථයක් ලබා ගෙන නැහැ.

ඔහු එහිදි මෙසේද සඳහන් කළා. “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

“අධ්‍යාපනය, භාෂාව, කලාව දියුණු කිරීම රජයකට කළ හැකි කාර්යයක් නෙවෙයි. එය කළ යුත්තේ බුද්ධිමතුන් හා කලාකරුවන්. රජය කළ යුත්තේ ඒ සඳහා ඔවුන් අවශ්‍ය සහය ලබා දීමයි.”

භාෂාව ස්ථිතික දෙයක්ය යන අදහසට එරෙහිව ඔහු කරුණු දැක් වූවා . ඔහු කියන්නේ වෙනස් වීම ස්වභාවික බවයි. එම වෙනස්වීම යහපත් දෙසට මෙන්ම අයහපත් පැත්තටත් සිදුවිය හැකි බවයි. භාෂා පරිහානිය ලෙස ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූයේ අයහපත් අයුරින් සිදුවන භාෂා ව්‍යවහාරයයි.

ඔහුගේ අදහස් දැක්වීමට නිශ්චිත එල්ලයක් තිබු බවක් පෙනුනෙ නැහැ. ඒනිසා එය විවිධ දිශාවන්ට ඇදී ගියා. මේ අදහස් සවිස්තරාත්මකව දැක්වුවහොත් ඵලදායකයි.

පේරාදෙණිය සරසවියේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක්, ගතවු වසර 40තුළ නාට්‍ය කලාව විෂය සඳහා ආචාර්ය උපාධියක් ලබා නොගත් බව ආචාර්ය මයිකල් පවසන විට මෙරට නාට්‍ය කලා අධ්‍යාපනයට අදාළ තොරතුරු කිහිපයක් හෙළිදරව් කළ යුතුයි.

– අ.පො.ස. (උ/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම 1976 වසරේ සිට නියමිතව තිබුණා.

– අ.පො.ස. (සා/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම ආරම්භ කළේ 2000 වසරේදී.

– කැලණිය විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාව සඳහා මූලික උපාධි පිරිනැමීම මෙයට වසර 7කට හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මෙයට වසර 4කට පෙර ආරම්භ කළා.