Tag Archives: ආර්ථිකය

කුමුදුගේ තීරුව

2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්?

අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය.

බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත් කරති. මැතිවරණය පිළිබඳ මහජන සාකච්ඡාවේ ප්‍රධාන යොමුව දූෂණයෙන් තොර, මැරකමින් තොර නියෝජිතයන් පත්කිරීම සඳහා ය.

සුපුරුදු පරිදි මෙම මැතිවරණයේදීත් මතුවන බලවත්ම උත්ප්‍රාසය ඇත්තේ නීති සම්පාදනය සඳහා තේරීපත්වීමට උග්‍ර තරඟයක යෙදෙමින් ඡන්ද අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ රටේ බලපවත්නා නීති බරපතළ ලෙස උල්ලංඝණය කිරීම තුළ ය. කාන්තා නියෝජනය උදෙසා හැම පක්ෂයකම කාන්තාවන්ට ඡන්දය දෙන්නැයි ආයාචනය කරමින් කාන්තා සංවිධාන දැන්වීම් පළ කරන විට කාන්තා අපේක්ෂිකාවන් දූෂණයෙන් තොර, මැරකමින් තොර, මැතිවරණ තරඟයේදී රටේ බලපවත්නා නීති උල්ලංඝණය නොකරන අයදැයි ඔවුන් සැළකිල්ලට ගන්නේ දැයි පැහැදිලි නැත.

ඡන්දදායකයා සහ පුරවැසියා

මහ මැතිවරණය මහජනයා ට ඡන්දදායකයා සහ පුරවැසියා යන දෙආකාරයෙන් ම අමතයි. එය මහජනයා වැඩිපුර ආමන්ත්‍රණය කරන්නේ කවුරුන් ලෙස සළකාද? මහ මැතිවරණයකදී ජනයා වැඩිපුරම ඡන්ද‍ය දෙන්නේ පුරවැසියන් ලෙස නොව හුදු ඡන්දදායකයන් ලෙස බව කියනු ලැබේ. මෙම ද්විත්ව ස්වරූපයන් ‍අතර සම්බන්ධයක් නැතුවා නොවේ. නීතියෙන් පුරවැසියෙකු වන්නා ඡන්දදායකයෙකු ද විය හැකි නමුත් ඡන්දදායකයෙකු ඉබේටම ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු බවට පත් නොවේ.

ඡන්දදායකයා ප්‍රමුඛ කොට උනන්දුව දක්වන්නේ මැතිවරණය තමාට, තම පවුලට, ඥාති හිත මිත්‍රාදීන්ට රැකියාවක්, මාරුවක්, උසස්වීමක්, ගමට, පළාතට පාරක්, විදුලි බලය, ජල පහසුකම්, වෙනත් මූලික අවශ්‍යතා යනාදී වශයෙන් ලබාදිය හැකි ආසන්නතම භෞතික ඵල ප්‍රයෝජන ලබාගැනීම කෙරෙහි ය. මේවා ලබාගැනීමෙහි ලා ජනයා දන්නා ප්‍රධානම මග පලාතේ මන්ත්‍රීවරයා ය. තමන් ඡන්ද‍ය දෙන්නේ තමන්ට පහසුවෙන් හමුවිය හැකි, උදව්වක් ඉල්ලාගෙන යා හැකි, ගමේ හැම මළ ගෙදරකටම එන කෙනෙකුට යැයි ජනයා කියති.

අති දැවැන්ත මැතිවරණ සම්ප්‍රචාරණය පිළිබිඹු කරන්නේ වත්මන් ක්‍රමය ඡන්දදායකයා පුරවැසියෙකු ලෙස නොසළකන බව පමණක් නොව ඇය පාරිභෝගිකයෙකුගේ තත්ත්වයෙහි ලා සළකන බවයි.

ආසන්නතම වශයෙන් ඡන්දදායකයන්ට අවශ්‍ය දේ සහ රටට අවශ්‍ය දේ අතර වෙනසක් තිබේ.

තම ‍පෞද්ගලික සහ පළාත්බද ඵල ප්‍රයෝජනයන් සපුරා ගැනීමට මන්ත්‍රීවරුන් පත්කරගැනීමේ ආසන්න අවශ්‍යතාවෙන් ඔබ්බට, ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු වන්නෙකු තම පෞද්ගලික ඵල ප්‍රයෝජනයන් මතු නොව පළාත්බද ඵල ප්‍රයෝජනයන් ට පවා ඉදිරියෙන් තබා තම සාමුහිකයේ ඵල ප්‍රයෝජනයන් සළකන්න‍ට පෙළඹෙනු ඇත.

වත්මනෙහි ලාංකේය සමාජයේ උනන්දුව විය යුත්තේ ඡන්දදායකයා හුදු ඡන්දදායකයෙකුම පමණක් ලෙස නොව හැමවිටම ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු ලෙස සිතන සහ ක්‍රියාකරන තත්ත්වයක් සමපාදනය කර ගැනීම බව අපගේ වැටහීමයි.

අද රටට අවශ්‍ය වන්නේ ඡන්දදායකයා ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු බවට විපරිණාමය කිරීම බව අපගේ අදහසයි.

ඡන්දදායකයා සැබෑ පුරවැසියෙකු බවට විපරිණාමය කිරීමට ඇති ප්‍රධාන බාධා ගණනාවකි. Continue reading කුමුදුගේ තීරුව

Advertisements

කාලීන

‍“ලේ හෙළනු ඇති”

PDF මාදිලියෙන් කියවන්නGet PDF Download pdf

“ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.” Continue reading කාලීන