Tag Archives: නිව්ටන් ගුණසිංහ

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

Continue reading නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

Advertisements

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

ඓන්ද්‍රීය බුද්ධිමතුන් හා ඔවුන්ගේ කාර්ය භාරය

ඉතාලි තත්ත්වයන් තුළ බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී කතෝලික පල්ලිය විසින් දිගු කලක් තිස්සේ කරන ලද මතවාදී හා සංස්කෘතික ආධිපත්‍යය ද සැලකිල්කට ගතයුතුව ඇත. ග්‍රාම්ස්චි පල්ලිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එම ආයතනය නිශ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දරා සිටීම වැදගත් සංවිධානාත්මක ශක්තියක් ලෙස හඳුනා ගනී. මුළින්ම වහල් සමාජය තුළ දී ආධිපත්‍යය ඇති කර ගන්නා කතෝලික පල්ලිය ඉන් පසුව රදල වැඩවසම් ක්‍රමය යටතේ ද එම ආධිපත්‍යය ආරක්ෂා කරගනී. ධනේශ්වර ක්‍රමය ඇතිවන විට ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයන් නිසා පල්ලියට විශාල බාධා පැමිණුන ද, යුරෝපය තුළ සම්පූර්ණ වශයෙන් විශ්වනීය බලයක් පවත්වාගෙන යන්නට නොහැකි වුවත්, මූලික වශයෙන් බොහෝ ප්‍රදේශයන් තුළ තම බලපෑම දිගටම පවත්වාගෙන යන්නට එයට හැකි විය. ඓතිහාසික දෘෂ්ඨි කෝණයකින් බලන කළ කොමියුනිස්ට් පක්ෂය ද නිෂ්පාදන ක්‍රම ගණනාවක් නොමැති වුවද, අවම වශයෙන් නිෂ්පාදන ක්‍රම දෙකක් තුළ ආධිපත්‍ය පවත්වාගෙන යා යුතු සංවිධානයකි. ධනේශ්වර ක්‍රමය තුළත් සමාජවාදී යුගය තුළත් කොමියුනිස්ට් පක්ෂය පැවතිය යුතුය. මෙලෙස නිෂ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දැරීම කතෝලික පල්ලිය හා කොමියුනිස්ට් පක්ෂය අතර ඇති මූලික සමානත්වයකි. එමනිසා කතෝලික පල්ලිය තම ආධිපත්‍යය නිෂ්පාදන ක්‍රම ගණනාවක් තුළ පවත්වාගෙන ගිය ආකාරය විප්ලවවාදීන් විසින් අධ්‍යයනය කොට උකහා ගතයුතු බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි.

කතෝලික පල්ලිය තුළ ප්‍රධාන ප්‍රවනතා දෙකක් ග්‍රාම්ස්චි හඳුනා ගනී. පළමුවැන්න වනාහි පැරණි ප්‍රධාන පියතුමන්ලා සහ දේවධර්ම ශාස්ත්‍රාචාරීන් විසින් දේශනා කරන ලද බොහෝ දුරට දාර්ශනික වූ මතයයි. දෙවැන්න යුරෝපීය ග්‍රාමීය ප්‍රදේශ තුළ බොහෝ දුරට ශාන්තුවරයන් ආශ්‍රයෙන් සකස් වී තිබූ සාමාන්‍ය ජනතාවගේ ආගමයි. මෙම ප්‍රවනතා දෙක අතර සෑහෙන දුරස්තර භාවයක් ඇත. සාමාන්‍ය ජනතාවගේ ආගම බොහෝ දුරට ඇදහිලි හා භක්තිය මත සකස් වී ඇති අතර දේවධර්ම ශාස්ත්‍රාචාරීන්ගේ ආගම බොහෝ දුරට දාර්ශනික වූවකි. මෙම තත්ත්වයන් මෙසේ පවතිද්දීම පල්ලිය විශාල කාලයක් මතවාදී ආධපත්‍යය පවත්වාගෙන යාමෙහිලා සාර්ථකත්වයක් දිනාගෙන ඇත. මෙම ප්‍රවනතා දෙක ඕනෑම පන්ති සමාජයක පැවතිය යුතුය. ග්‍රාම්ස්චි, කතෝලික පල්ලියේ සාර්ථකත්වය වන්නේ මෙම ප්‍රවනතා දෙක අතර නිවැරදි තුළනයක් පැවැත්වීම මගින් මෙම කොටස් අතර නිවැරදි ආකාරයේ සම්බන්ධතාවක් පවත්වා ගැනීම බව පෙන්වා දෙයි. එමගින් කතෝලික පල්ලිය තම මතවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගත්තේය. එමෙන්ම යම් යම් අවස්ථා වලදී යම් රැඩිකල් මතවාදීන් විසින් ගෙනෙන ලද, පල්ලියේ දෘෂ්ඨි කෝණයෙන් බලන කළ “මිත්‍යාදෘෂ්ඨික” මත, යම් ආකාරයකින් විසඳීමට ද පල්ලිය සමත් වී ඇත. ෆ්‍රැන්සිස්කානු නිකාය ආරම්භ කළ ඇසිසිහි සාන්ත ෆ්‍රැන්සිස් මුනිවරයා වැනි අය ඉදිරිපත් කළ රැඩිකල්වාදී ප්‍රවනතාවයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ නොවී, ප්‍රධාන ව්‍යූහය තුළම යම් ස්ථානයක් හිමි කර දීමෙන් ඉතාමත් නිවැරදි ආකාරයට තුලනය සහ ආදිපත්‍යය පවත්වාගෙන යාමට පල්ලිය සමත් වී ඇත. එනම් මතවාදී දිනා ගැනීම මගින් විවිධ බුද්ධිමය කොට්ඨාශයන් හැසිරවීමේ කාර්ය භාරය පල්ලිය විසින් නිවැරදිව ඉටුකොට ඇත.

කතෝලික පල්ලියේ පැවතුනු ප්‍රවනතා දෙක, එනම් ඉතාලි පූජකයින්ගේ දාර්ශනික ආගම සහ මහජනතාවගේ ආගම අතර සම්බන්ධතාවයට බොහෝ දුරට සමාන්තරව දිවෙන සම්බන්ධතාවයක් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් සහ කම්කරු පන්තිය අතර ද දක්නට ඇත. ග්‍රාම්ස්චි විසින් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස හඳුන්වනු ලබන කොට්ඨාශයේ සුවිශේෂප කාර්ය භාරය ඔහු විසින් සංකීර්ණ ලෙස විග්‍රහ කොට ඇත. මෙහිදී ඔහුගේ විග්‍රහයට අනුව මහජනතාව සංවිධානය කිරීම වැනි බුද්ධිමය කාර්යයන් ඉටු කරන සියලු දෙනා අයිති වන්නේ නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කොට්ඨාශයටයි. “හමුදාවක් නැති සෙනෙවි මඬුල්ලක්” යන ඉංග්‍රීසි කියමන ඔහු තම විග්‍රහයට උපයෝගී කර ගනී. මෙම කියමන බොහෝ දෙනා පාවිච්චි කරනුයේ අනුගාමිකයන් පිරිසක් නොමැති නායක මණ්ඩලයක් යන්න වඩා උපහාසාත්මකව පැවසීම සඳහා වන නමුත් ග්‍රාම්ස්චි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්, සෙනෙවි මඬුල්ලක් ඇත්නම් හමුදාවක් ගොඩනැගීමේ හැකියාව ඇති බව පෙන්වා දෙයි. විසිරුනු ජන සමුදායකගෙන් හමුදාවක් ගොඩනැගීම කිසිසේත් කළ නොහැක්කකි. ඒ සඳහා නායකත්ව ශ්‍රේණීන් ක්‍රියාත්මක විය යුතුය. එමනිසා ග්‍රාම්ස්චි පෙන්වා දෙනුයේ සෙනෙවි මඬුල්ලක් ඇත්නම් සහ එම සෙනෙවි මඬුල්ල නියමාකාර සෙනෙවි මඬුල්ලක් නම් බොහෝ විට හමුදාවක් වටා ගොඩනැගෙන බවය. ග්‍රාම්ස්චි මෙහිදී සාමාන්‍ය ජනතාවගේ කාර්ය භාරයේ ඇති වැදගත්කම ද අවධාරනය කරන්නේ වී නමුත් එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා, නායකත්ව ශ්‍රේණීන් වටා, ඒ යටතේ ගොනුවන මහජනතාව විසින් ඉතිහාසය ගොඩනැගීම කරනු ලබන බව ඔහු අවධාරනය කරයි. විශේෂයෙන්ම සමහර ඓතිහාසික ආරම්භක අවස්ථාවන් වලදී නායකත්ව ශ්‍රේණීන්ගේ කාර්ය භාරය ඉතාමත් අත්‍යවශ්‍ය වෙයි. ග්‍රාම්ස්චිගේ මතය අනුව කම්කරු පන්තියට නිසියාකාරයෙන් කම්කරු පන්තික විඥානය ඇතිකර ගත හැක්කේ මෙම නායකත්ව ශ්‍රේණීන් සමඟ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම මගිනි. මෙය ලෙනින්ගේ මතයන් සමඟ ද සමාන්තරව දිවෙන්නකි. ලෙනින් බොහෝ විට අවධාරනය කළේ කම්කරු පන්තියට සිය පන්ති විඥානය ලබාගත හැක්කේ වෘත්තීමය විප්ලවවාදීන්ගේ ව්‍යාපාරයක් සමඟ පවත්වන්නාවූ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයකින් පමණක් බවය. එසේ නැතහොත් කම්කරු පන්තියට තම දෛනික අරගලය තුළ ලබාගත හැක්කේ වෘත්තීය සමිතිවාදී සහ ප්‍රතිසංස්කරනවාදී මානසිකත්වයකි. ග්‍රාම්ස්චි මෙම මතය වඩා ප්‍රභල සහ නව ආකාරයකින් ඉදිරිපත් කරයි. Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (තෙවැනි කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ. Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (තෙවැනි කොටස)

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (දෙවැනි කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ. Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (දෙවැනි කොටස)

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (පළමුවන කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධයෙ
පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

පෙරවදන

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”
මහජන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම ක්‍රියාත්මක වූ කම්කරු – ගොවි ආයතනය විසින් සමකාලීන සමාජ – දේශපාලන චින්තනය පිළිබඳව සම්මන්ත්‍රණ ගණනාවක් සංවිංධානය කරන ලද්දේ 1985 මැද භාගයේදීය. මෙම සම්මන්ත්‍රණ මාලාවේදී තෝරාගන්නා ලද කථිකයන් විසින් විවිධ මාක්ස්වාදී චින්තකයන් පිළිබඳව දේශන පවත්වන ලදී. මෙම දේශන මාලාවේ පළමුවන දේශන කිහිපය පවත්වන ලද්දේ ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳවය. අද ලොව පුරාම ග්‍රාම්ස්චිගේ චින්තනය පිළිබඳව විශාල බුද්ධිමය උනන්දුවක් ඇති වී තිබෙන අතර ග්‍රාම්ස්චි මාක්ස්වාදී සම්ප්‍රදායේ උපරි ව්‍යූහය පිළිබඳ ප්‍රධානතම න්‍යාය වේදියා වශයෙන් අවිවාදයෙන් සලකනු ලැබේ.

ග්‍රාම්ස්චිගේ චින්තනයේ මූලික එලඹුම නම් ආර්ථික ව්‍යූහය විසින් අවසාන විග්‍රහයේදී උපරි ව්‍යූහය නිශ්චය කිරීම යාන්ත්‍රික ආකාරයට නොව ද්වන්ද්වාත්මක ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි. මේ අනුව උපරි ව්‍යූහය අවසාන විග්‍රහයේදී ආර්ථික ව්‍යූහයෙන් නිශ්චය වන්නේ වී නමුත් උපරි ව්‍යූහයට එයටම සුවිශේෂ වූ පැවැත්මක් සහ ඉතිහාසයක් ද ඇත. සංස්කෘතිය, ආගම, මතවාදය, බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන ලද විවරණයන් මෙසේ උපරි ව්‍යූහයේ ඇති අර්ධ ස්වාධීනත්වය අරමුණු කොට ගෙන රචනාකොට ඇත. එසේම දේශපාලන තලය පිළිබඳව ද ග්‍රාම්ස්චි නව අර්ථකථනයක් කලේය. දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදයක පරාවර්‍තනයක් වශයෙන් නොගත් ග්‍රාම්ස්චි දේශපාලන අර්බුදය සුවිශේෂ ආකාරයක, නායකත්වය සහ ආධිපත්‍ය බිඳී යෑමක් ලෙස නිර්වචනය කළේය.

අප දන්නා පරිදි අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳව සිංහලයෙන් ප්‍රකාශයට පත් වන පළමු කෘතිය මෙය වේ. පෘථුල සමාජ අර්බුදයකට මුහුණපා ඇති සමකාලීන ලාංකික සමාජයේ විවිධ දේශපාලන, සංස්කෘතික සහ මතවාදී බලවේගයන් තෙරුම් ගැනීමෙහි ලා ග්‍රාම්ස්චිගේ චින්තනය මහෝපකාරී විය හැකි බව අපේ විශ්වාසයයි. ග්‍රාම්ස්චි පිළිබඳව කරන ලද දේශන කිහිපය මෙසේ මුද්‍රණ ද්වා‍රයෙන් නිකුත් කිරීමට කම්කරු – ගොවි ආයතනය තීරණය කළේ මේ නිසාය.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ

Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ