Tag Archives: ප්‍රචණ්ඩත්වය

දේශපාලන ප්‍රචණ්ඩත්වයට කිසිම සමාව අයැදීමක් නැති කලෙක…… මහාචාර්ය රංජිනී ඔබේසේකර

පරිවර්තනය කතිකා අධ්‍යයන කවය

2018 පෙබරවාරි 3 දින දී අයිලන්ඩ් පුවත්පතේ පලවූ මහාචාර්ය රංජිනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක මාතෘකාවට අදාළ කොටස්වල මූලික අර්ථය විකෘති නෙකාරන පරිද්දෙන් ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ දළ අනුවර්ථනයකි මේ. මෙය කියවා ඔබේ නිගමන වලට එළඹෙන්න. මුල් ලිපියට සබැඳිය පහත දැක්වෙයි.

කලාකරුවන් පිරිසක් පසුගිය වසර 70 ක දේශපාලන පක්ෂ පිළිබඳ ඇගයීමක් කරන ලෙස රටෙන් ඉල්ලා සිටිමින් නිකුත් කළ ප්‍රකාශයක් අගයන මහාචාර්ය රංජිනී ඔබේසේකර ඔවුන් ජවිපෙට සහයෝගය පළකරන බව කියවූ විට මොහොතකට නතර වූ බව කියයි

ජවිපෙ නායකයන් ගේ වත්මන් ප්‍රතිරූපය විවිධ අතින් යහපත් ස්වරූපයක් ගනිද්දී, “ ශ්‍රී ලාංකිකයන් – විශේෂයෙන් 7- සහ 80 දශකයන්හි ඒකාන්ත ප්‍රචණ්ඩත්වය තුළ දිවි ගෙවූ අය – ට ජවිපෙ පිළිබඳ තවමත් මුල්බැස ගත් සැක සංකා ඇත්තේ මන්දැයි” තමාගෙන්ම ඇසූ බව ඇය කියයි.

“ඊට හේතුව, එම ප්‍රචණ්ඩ සමයන්ගේ සිට මෙතෙක් ගෙවූ සියලු අවුරුදු තුළ, සහ ජවිපෙ ඇතුළත සිදුවූ විපර්යාසය තිබියදීත්, ඔවුන්ගේ නායකයන්ගෙන් කිසිවෙක්ට රට ඉදිරියට පැමිණ එම ප්‍රචණ්ඩ සමය සහ අහිංසයකයන් මරාදැමීම පිළිබඳ සමාව අයැදීමට තරම් ධෛර්යයක් නොතිබීම බව තමා විශ්වාස කරන්නේ යැයි” ඇය කියයි. “ඔවුන් යළිත් ප්‍රචණ්ඩත්වයේ මාවත නොසොයනු ඇතැයි ඔවුන් කවරදාකවත් ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත්දැයි” ඇය ප්‍රශ්න කරයි.

මෙය වසර 85ක් තිස්සේ සාක්ෂි දැරූ වැඩිවෙමින් පැවති ප්‍රචණ්ඩත්වය පිළිබඳ දේශපාලන දසුන් වෙත යළි හැරී බලන්නට තමා යොමු කළ බව ඇය කියයි. ඇය මෙසේ කියයි

“ එහිදී, දැකිය හැකි දසුන් බොහෝය.

1971 කැරැල්ල – ශ්‍රිලනිප-වාම ආණඩුවෙන් රටේ තරුණයන්ගේ පරපුරක් තිරශ්චීන ලෙස මරාදරමනු ලැබීය.

රටේ ප්‍රශ්න වලට එකම විසඳුම වශයෙන් සන්නද්ධ කැරැල්ලක් මගින් පාලන තන්ත්‍රය වෙනස් කිරිමට කළ වැරදි කැඳවීමක් නිසා තරුණ ශිෂ්‍යයන්ගේ සමස්ත පරපුරක්ම ආණ්ඩුවට එරෙහිව අවි ගෙන රටට අහිමි වීය.

එකළ බලයේ සිටි ශ්‍රිලනිප-එක්සත් වාම පක්ෂ එම මිනීමැරීමට අද දක්වාම සමාව ගෙන නැත.

ඉන් පසුව, එජාපය ජනවාර්ගික සුළුතරයන්ට එරෙහි දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට නිහඬව අනුබල දුන්නේය. එයින්ද රටට ඇතිවූ අහිමිවීම් ඉමහත්ය. කිසිදු [ එම පක්ෂ ]නායකයෙක් අද දක්වාම එම ප්‍රචණ්ඩත්වයෙහි ලා තම පක්ෂවල කොටස වෙනුවෙන් සමාව යදිනවා තබා, එම අතීතය සඳහන් කොටවත් ඇතිද?

මින් පසුව, දෙවැනි ජවිපෙ කැරැල්ල ආවේය. එය පෙරටත් වඩා ප්‍රචණ්ඩ වීය, රට පාලනය කළ එජාප ආණ්ඩුව විසින් එය ඊටත් වඩා තිරශ්චීන ලෙස මර්ධනය කළේය. දැන් මියගොස් සිටින, මරාදැමූ හෝ ඝාතනයට ලක් කළ එකදු නායකයෙක් හෝ ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් කවරෙකු හෝ, ජාතියේ තරුණපරපුරෙහි හෝ එහි සිවිල් ජනගහණයට එරෙහිව සිදුකළ එම භීෂණයන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කොට හෝ සමාව අයැද හෝ තිබේද?

ඉන් පසුව අවුරුදු 30 විවෘත සිවිල් යුද්ධය අප හමුවේ විය. රටේ තවත් සිංහල දෙමළ තරුණ තරුණියෝ දහස් ගණන් ඝාතනයට ලක්කෙරුණි. එල්ටීටීඊ නායකත්වයේ සහ සිංහල ජාතිකවාදී දේශපාලනඥයන්ගේත් දේශපාලනමය නොනැමෙනසුළු ස්වභාවය නිසා සීඝ්‍රයෙන් ඉහළ නැඟි තරුණයන් ඝාතනය කරනු ලැබීම පිළිබඳ කිසිදු සිංහල හෝ දෙමළ නායකයෙක් කවරදාක හෝ සමාව අයැදීමට උත්සාහ කොට තිබේද?

අපි අවංකභාවයෙන් සහ ඒකාග්‍රතාවෙන් යුතු නව නායකත්වයක් සඳහා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන ජාතියක් වෙමු, දේශපාලන පක්ෂ කිසිවක් එවැනි නායකයන් බිහි කොට නැත.

කණගාටුවට කරුණ නම්, එම සියලු ප්‍රචණ්ඩ ගැටුම් වලදී මියගිය සියළු දෙන අතර නායකයන් වීමේ විභවය ඇති කී දෙනෙකු වැළලෙන්නට ඇතිද?

අපි බෞද්ධ ජාතියකැයි අපි කියමු. දේශපාලන සහ සමාජ ව්‍යාධීන්ට විසඳුමක් ලෙස යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය සාධාරණීය කිරීමට කිසිදු ඉඩක් බෞද්ධ ධර්මයේ නැත. අවුරුදු 70 ගෙවී ගියද අප උගත් දෙයක් නැත. අපි තමන්ගේම දරුවන් බිලි ගන්නා බෞද්ධ ජාතියක් වෙමු.”

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=179254%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA

ඡායාරූපය ©චතුර මධුසංක
කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව උපුටා පල කිරීම තහනම්.

Advertisements

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස මර්දනය

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය කණ්ඩායම් අනෙකුත් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි කනස්සල්ලක් ප්‍රකාශකර සිටියි. ඒ පිළිබඳව 2015 පෙබරවාරී 10 වන දින පැවැත්වූ පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී ගනු ලැබූ ඒකමතික තීරණය ප්‍රකාර ස්ථාවරය මෙමගින් ප්‍රකාශයට පත් කෙරේ.

ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයන් අතර වර්ධනය වෙමින් පවතින අනුන් නොඉවසීම හා බැඳුන සිදුවීම් පිළිබඳව අපි කනස්සල්ල ප්‍රකාශකර සිටිමු. එවැනි සිදුවීම් පසුගිය කාලය පුරාම වාර්තා වෙමින් පැවති අතර එක් සිද්ධියක් කෙළවර වූයේ තමන්ට අනුකූලතාව නොදැක්වූයේ යැයි පවසමින් එක් ශිෂ්‍යයෙක් පළමු වසර ශිෂ්‍යාවකට පහර දීමෙනි. Continue reading කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් මත මුදාහරින ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතාන්ත්‍රික නිදහස මර්දනය

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත හැකි වන පරිදි හැදියාවක් ලැබූ පුද්ගලයෙකි යන්නයි. මානව සමාජය නිරීක්ෂණය කරන විට අපට දැකිය හැකි වන්නේ අප මානවයන් යනුවෙන් හඳුනා ගන්නේ හුදෙක් මානවයන්ට දාව උපදින අය නොව දැනටමත් ගොඩ නඟා ඇති සහ පවතින මානව සමාජයක් සහ සංස්කෘතියක් තුළ හැදියාවක් ලබන්නන් බවයි.

Continue reading අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි