Tag Archives: ප‍්‍රජාතන්ත‍්‍රවාදය

බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

Continue reading බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

Advertisements

විවියන් චරිතයේ හිතුවක්කාරී, කැරලිකාරී ගති ලක්ෂණවල අවශ්‍යතාවය තදින් දැනේ – හරිනි අමරසූරිය

විවියන් ගුණවර්ධන සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය
කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව

හරිනි අමරසූරිය

වයලට් විවියන් ගුණවර්ධන ඡුන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන

විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන නායිකාවකගේ ජීවිතය සමරන උත්සවයකදී මට කථා කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි.

මෙම දේශනයට සූදානම්වීමේදී විවියන් ගුණවර්ධන ගැන ලියවුණු බොහෝ දේ කියවීමි. ඇය විස්තර කරනු ලැබීමට භාවිතා කෙරුණු වචන කිහිපයක් මා කිය වූ සෑම ලිපියකම පාහේ දක්නට ලැබුණි. එනම් ‘‘සටන්කාමී’’, ‘‘කැරලිකාරී’’, ‘‘විප්ලවකාරී’’, ‘‘චතුර’’ යන වචන නිතර ඇයව විස්තර කිරීමට භාවිතා කර තිබුණි. සාමාන්‍යයෙන් කාන්තාවක් විස්තර කිරීම සඳහා භාවිතා නොවන, විශේෂයෙන්ම කාන්තාවක් ප‍්‍රශංසාවට භාජනය කිරීම සඳහා භාවිතා නොවන, මේ වචන දකින විට විවියන් ගුණවර්ධන පිළිබඳව විශාල කුතුහලයක් මා තුළ ඇති විය.

ඉතාමත් සම්ප‍්‍රදායිකව හැඳුනු වැඩුණු, රදළ, ඉහල පාන්තික සමාජ පසුබිමක් සහිත කාන්තාවක් ඇගේ සමාජයෙන් පැණවූ තහංචි බිඳ ප‍්‍රගතිශීලී සහ සටන්කාමී දේශපාලන කි‍්‍රයාධාරිනියක් සහ නායිකාවක් බවට පත්වූයේ කෙසේද? විශේෂයෙන් ඒ වකවානුව තුළ ඉහළ පාන්තික කාන්තාවන්ගේ උරුමය වූයේ හොඳ බිරින්දෑවරුන් සහ මව්වරුන් වීමය. අද දවසේ වුවද එය ඒ තරම්ම වෙනස් වී නොමැත. නමුත් කාන්තාවන්ට උරුම වූ එම සම්ප‍්‍රදායික භූමිකාව බිඳ වෙනස් ජීවිතයක් ගත කිරීමට ඇයට ධෛර්යය, මගපෙන්වීම සහ උත්තේජනය ලැබුණේ කෙසේද? මා විවියන් ගුණවර්ධන සහෝදරිය පිළිබඳව අසා ඇති සහ කියවා ඇති දේ අනුව ඇය සාධාරණය හා යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි කෙනෙක්. නිර්භීතව නොසැලී ඇය විශ්වාස කළ දේ වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. Continue reading විවියන් චරිතයේ හිතුවක්කාරී, කැරලිකාරී ගති ලක්ෂණවල අවශ්‍යතාවය තදින් දැනේ – හරිනි අමරසූරිය

දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

චමීර පෙරේරා
චමීර පෙරේරා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීමට ඇන්. ඇම්. පෙරේරා හැමවිටම උත්සාහ කළ බව ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කළ “Al Richardson, “Blows Against the Empire” කෘතිය මඟින් පෙන්වා දේ. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා මුල්වී සකස් කළ සම සමාජ ප‍්‍රකාශනය වුවද, සම සමාජය පීඩිත පන්තීන්ගේ (එක් පන්තියකට යටත් නොවූ), මහජන ව්‍යාපාරයක් යන්න අවධාරණය කර තිබූ බවත්, සමාජවාදය වුවද එහි විග‍්‍රහ කර තිබුණේ ‘‘මහජනතාවගේ දේශපාලන උත්තරීතරභාවයේ ප‍්‍රකාශනයක්’’ ලෙස බවත් George Jan Lerski රචනා කළ “Origins of Trotskyism in Ceylon” කෘතිය තුළ සටහන් කර ඇත. මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය, වමේ දේශපාලනය හා නොගැලපෙන නැත්නම් එය හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කරන ආකාරයක් හඳුනාගත හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම වර්තමානයේ සිදුවන දේශපාලන සිදුවීම් හුදු ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිදුවීම ලෙස සලකා, දේශපාලන කි‍්‍රයාකාරීත්වය කෙරෙහි උනන්දුවක් නොදැක්වීමේ තත්ත්වයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කි‍්‍රයාකාරීත්වය පිළිබඳව නැවත සිතීම වැදගත්වේ.
ජනතා කි‍්‍රයාකාරීත්වය ප‍්‍රමුඛතාවයට පත්කිරීම හා එකී කි‍්‍රයාකාරීත්වයන් ප‍්‍රසිද්ධ කාර්යයන් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශය ලෙස ෂාන්තාල් මුෆ් (Chantal Mouffe) පෙන්වාදේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන ක‍්‍රියාකාරීත්වය සමඟ බැඳී ඇති බැවින් එය දේශපාලන තලයට අයත් වූවක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ. කෙසේ වුවද, පුද්ගල නිදහස සීමාකරන රාජ්‍ය හා අනෙකුත් ආයතනවලට එරෙහිව බරපතල ප‍්‍රතිවාදයක් ගොඩනැඟීම ලිබරල් මූලධර්මය වූ අතර සාමුහික අනන්‍යතාවයන් හා සාමුහික කි‍්‍රයාකාරීත්වයන් ලිබරල් පුද්ගලවාදයට අදාළ නොවීය. පුද්ගලවාදී කොන්දේසිය පෙරට ගනිමින් ආරථිකය හා සදාචාරය අතර දෝලනය වීම ලිබරල් මූලධර්මය විය. එමඟින් තම අරමුණු වෙත ගමන් කරන යාන්ත‍්‍රණයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කරගත් අතරම එකී යාන්ත‍්‍රණය තුළ විවිධ ආයතනයන් හා පුද්ගලයන් වරින්වර පත්කරගැනීම දේශපාලන කාර්යය බවට ලඝු කර ඇත. මෙය කෙසේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේ? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ලිබරල්වාදයෙන් ලැබුණු ඵලයක් වන්නේ පුද්ගල වාදයන්ට, ප‍්‍රවාදයන්ට හා සංවාදයන්ට අවස්ථාව ලබාදුන් අනේකවිධ ආයතනයන් බිහිවීමයි. කෙසේ වුවද, එකී ආයතනයන්, පුද්ගලවාදී අරමුණු වෙත ගමන් කිරීමට පහසුකම් සපයන මාර්ගයන් හා යාන්ත‍්‍රනයන් බවට පත්කරගැනීම මඟින්, එමඟින් ප‍්‍රකාශ විය යුතු සාමුහික අභිලාෂයන් හා කි‍්‍රයාකාරීත්වයන් දුර්වල කර ඇත. අවසානයේ ප‍්‍රභූන් අතර එකඟතාවයන් හා ගනුදෙනු ඇතිකරගන්නා ආයතනයන් බවට මෙම ආයතන පත්වී ඇත. ලිබරල් මූලධර්මයේ ඇති මෙම ගතිකය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ පටලවමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උනන්දුවීම හා ඒ සඳහා කි‍්‍රයාකිරීම ‘‘ලිබරල් වැඩ’’ ලෙස ලඝු කිරීම බරපතල දේශපාලන වරදකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලිබරල් පුද්ගල කොන්දේසිවලට යටකිරීමට එරෙහිව ප‍්‍රවාදයක් ගෙනඒම හා ඒ සඳහා ප‍්‍රසිද්ධියේ කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. නැත්නම් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ හා ‘ලිබරල්වාදය’ අතර ආතතිය පවත්වා ගැනීමය. එසේ නැතිව මේ පවතින්නේ ‘‘ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ යැයි භාරගැනීම නොවේ. Continue reading දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

දේශපාලනයේ නියැලීමේ මහජන සතුට (public happiness) සියළු පුරවැසින්ට ලැබිය යුතුයි – කුමුදු කුසුම් කුමාර (වීඩියෝ)

1
ආචාර්ය එන්.එම් පෙරේරාගේ 110 වැනි ගුණ සමරුව වෙනුවෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී පසුගිය ජුනි 11 වන දින “ප්‍රජාතන්ත්‍රවාදයේ අදාළත්වය හා එහි බහුවිධ මානයන්” යන මැයෙන් පැවති කතිකාවේ කුමුදු කුසුම් කුමාර පළ කල අදහස්


Continue reading දේශපාලනයේ නියැලීමේ මහජන සතුට (public happiness) සියළු පුරවැසින්ට ලැබිය යුතුයි – කුමුදු කුසුම් කුමාර (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

Image (2)

පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද?

පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි, ජනතාවගෙන් බහුතරයකට මේ පාලන ක‍්‍රමය ඉවත් කරන්න අවශ්‍යව තිබුණා. එල්.ටී.ටී.ඊ, ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ජනාධිපති පරාජය කෙරෙන අවස්ථාවක්. දේශපාලන විද්‍යාව දන්න අය අතර පිළිගැනීමක් තියෙනවා, යුද්ධයක් දිනුවට පස්සේ ඒ වන විට රටක සිටි නායකයා බලයෙන් ඉවත් කළ යුතුයි කියලා. පශ්චාත් යුද සමයේ රට පාලනයට එවැනි නායකයකු සුදුසු නෑ. සාමාන්‍ය ජනතාව 2010දී ඉහළින් ම මහින්ද රාජපක්‍ෂ දිනවලා මේ අවස්ථාවේ දී පරාජය කරන්න පෙළඹෙන්නෙ එබඳු දේශපාලන විද්‍යාත්මක අවබෝධයකින් නොවෙයි. කොහොම හරි යුද්ධය දිනූ ජනාධිපති මේ වර පරාජය කිරීම එක පැත්තකින් ත‍්‍රස්තවාදයට විරුද්ධ වෙච්ච ජනතාවට ගැටලූවක්. එබඳු තත්ත්වයක් තිබිය දී ජනතාව හැටතුන් ලක්ෂය ඉක්ම වූ ජනතාවක් ඡන්දය පාවිච්චි කරලා ඔහුව පරාජය කිරීම විශේෂත්‍වයක්. Continue reading පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු. Continue reading අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

image003_zpsa1c36570

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය.

ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි.

ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020 නව සහශ‍්‍රකය සඳහා දැක්මක් නමැති පොතෙහි ඔහු දන්නා තුන් දෙනෙකුන් ගැන සඳහන් කරමින් නිදසුනක් මඟින් සංවර්ධනය විස්තර කරන්නේ මෙහෙම යි. “වෙන්කත්ට පුතුන් දෙදෙනෙකු සහ දුවක සිටියා. සියල්ලෝ ම උපාධිධරයෝ. ඔවුහු රැකියා කළෝ. එම පෙදෙසෙහි ම පුතුන් තුන් දෙනෙකුන් සිටි කුප්පු ද වාසය කළා. ඔහුට උගන්වන්නට හැකි වූයේ එක් දරුවෙකුට පමණයි. ඔහු වාසය කෙළේ කුලී නිවසෙක. කරුප්පන්ට දියණියන් දෙදෙනෙකුන් සහ එක් පුතෙකු සිටියා. ඔහු කෙළේ අර්ධ රැකියාවක්. දුප්පත්කම නිසා ඔහුට එක දරුවෙකුට වත් උගන්වන්න බැරි වුනා.” සංවර්ධිත ඉන්දියාවක් පිළිබඳ අපේ සිහිනය කරුප්පන් වැන්නවුන්ටත් සිය දරුවන් සඳහා සැලැකිය යුතු ආයු කාලයක් සහ මූලික පහසුකම් හා හොඳ සෞඛ්‍යයක් සපයන රැකියාවක් ලබා දීමය යනුවෙන් කලාම් එහි සඳහන් කළා.

අපේ රටෙහි පාලකයන් එවන් අරමුණක් කරා ද යන්නේ? ඔවුන් පෙන්වන්නේ පිට ආටෝප සංවර්ධනයක් පමණයි. හැම දෙනාම පාහේ දන්නා පරිදි එයින් වැඩි වාසි පාලක කල්ලියට පමණයි. නැත්නම් ඉහළ ධනවතුන් අතලොස්සකට පමණයි. හිසට වහලක් නැති දුප්පතාට අහස සිඹින උස මහල් නිවාසයෙහි පදිංචි විය හැකි ද? සුපිරි සාප්පු සංකීර්ණවලින් සාමාන්‍ය ජනයාට බඩු ගත හැකි ද? කණගාටුදායක ම කාරණය මෙම සියලූ සෞභාග්‍යය ඉහළ පැළැන්තියට සහතික කරන්නට දුප්පතා බදු ගෙවමින් නැහීම නො වේ ද? තම දරු මුණුපුරන් පවා ණයකරුවන් කැරීම නො වේ ද? රජයේ ආදායමෙන් හැම රුපියල් සියයකින් ම සත 80ක් ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා ය. රජය වැඩි පොළියට ණය ගෙනයි මෙම ඊණියා ආශ්චර්යය පාන්නෙ. Continue reading සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

ඇත්තෙන් ”ඉදිරිය”ට

unnamed2 කතුවැකිය

මෙරට ප‍්‍රගතිශීලී මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ ”ඇත්ත” පුවත්පත ”ඉදිරිය” පුවත්පතෙහි ජන්ම භූමිය මෙන්ම ආදර්ශය ද වේ. 2013 ජූලි මස 3 දින සිට 2014 නොවැම්බර් 9 දින දක්වා ඇත්තේ කර්තෘවරුන් වූ අපි ඇත්ත 21 වන සියවසෙහි පුවත්පතක් බවට පත් කළෙමු.

ඒ අවධිය තුළ ඇත්ත මෙරට පරිණතම සිංහල දේශපාලන පුවත්පත බවට පත් කිරිමට අපට හැකි විය. අප විසින් සංස්කරණය කරන ලද අවසාන ඇත්ත පුවත්පත එහි ප‍්‍රකාශකයන් වන ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන නිල නායකත්වය විසින් තහනම් කරනු ලැබූ පසු අපි එහි කර්තෘ මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කළෙමු. එසේ වුව ද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව ඇත්තේ පාඨක බහුතරය තවමත් අප සමග සිටින බව අපි දනිමු.

එබැවින් අප විසින් ඇත්ත මගින් ගෙනයන ලද මතවාදය ඉදිරියට ගෙන යාම සඳහා ”ඉදිරිය” පුවත්පත ආරම්භ කරමු. ඒ සඳහා එදා ඇත්ත කියවූ අයටත් වඩා වැඩි පිරිසක් දැනටම අපට ආධාර කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අතර ඒ සැමට අපි තුති පුදමු.
තමා ජීවත් වන සමාජයේ ඇත්තටම සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කොට ගැනීමේ අවශ්‍යතාවයක් මෙරට ජනයා තුළ ඇති වී තිබේයයි අපි 2013 ජූලි තුන් වන දා ඇත්ත කතු වැකියෙන් කීවෙමු. අද වන විට පවතින තත්වය අවබෝධ කොට ගැනීමට පමණක් නොව ඒ මත පදනම්ව ඉදිරිය සකස් කොට ගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙරට බහුතර ජනතාව තීරණය කොට ඇත. ඒ ඉදිරි මග පිළිබඳ සංවාදයකට වේදිකාවක් සැපයීම ”ඉදිරිය” පුවත්පතෙහි අරමුණ වේ. Continue reading ඇත්තෙන් ”ඉදිරිය”ට

සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ.

මෙම ඛේදජනක තත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ:

x නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම

x ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම

x සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම

x විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම යනාදියයි.

මේ තත්වය සැලකිල්ලට ගෙන රට තුළ නැවත යහපත් ආණ්ඩුකරණය, සමාජ සාධාරණය, නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්වෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, අධිකාරවාදී හා දූෂිත පාලන තන්ත‍්‍රය පරාජය කොට මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේ දී සැමට එකඟවිය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග‍්‍රහණය කරවීමටත් ඉන් පසුව දින සියයක් ඇතුළත පහත දැක්වෙන ක්ෂණික කාර්යයන් සම්පූර්ණ කිරීමටත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පිහිටුවා නව පාර්ලිමේන්තුවක් යටතේ සෙසු ඉලක්ක ගත වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරවා ගැනීම සඳහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ. එසේම පසුව කී ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. Continue reading සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්

ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල් – චමීර පෙරේරා

ඇන්. ඇම්.
ඇන්. ඇම්.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ කර ඇත්තේ ‘ඔසි මේ මනුස්සයා කරන්න යන දේ කොච්චර භයානකද කියලා දන්නවද? සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ටික අල්ලාගෙන, අසීමිත බලයක් තනි පුද්ගලයකුට පවරාගන්න යන්නේ, ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම. ආයිත් පාර්ලිමේන්තුවට, අධිකරණයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ… මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හමුවේ එල්ලවන අභියෝග ගැන දැඩි ලෙස කලබලවී සිටින ඇන්. ඇම්. විධායක ජනාධිපති හමුවේ සෙසු දේශපාලන කි‍්‍රයාකාරීත්වයන්ට අත්වන ඉරණම පිළිබඳව අපූරු පැහැදිළි කිරීමක් මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්නට කර ඇත. ‘ඔසි බලන්න මේ මිනිහාගේ බලය නිසා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට වෙනදේ. ජනතා නියෝජිතයන්ගේ අභිමානයත්, ගෞරවයත් මේ මහා බලයක් ඉදිරියේ නැතිවෙලා යනවා. ඒ විතරක්ද ජනතා නියෝජිතයන්ට වෙන්නේ දේශපාලන ඇබිත්තයෝ වෙන්න. ජනාධිපතිට නමස්කාර කරගෙන ඔහුට අවනතව දෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න… ඕක තමයි ලංකාවේ අනාගත දේශපාලනය වෙන්නේ… මට කියන්නේ මේක දැක දැක අහක බලන් ඉන්නද? මිනිස්සුන්ට මේක ගැන අනතුර අඟවන එක මගේ වගකීමක්, ඉතුරු ටික අනෙක් අය බලාගන්න ඕනේ’…

මේ සංවාදය ඔස්මන්ඞ් ජයරත්න, ඇන්. ඇම්. පිළිබඳව ලියා ඇති මතක සටහනකින් උපුටා ගත්තකි. 1990 වර්ෂයේ ඇන්. ඇම්. අනුස්මරණ ලිපි එකතුවක මෙය පලවී ඇත. (ඇත්ත පත‍්‍රය බෙදාහැරීම නතර කළ පරිදිම, ඇන්. ඇම්. පිළිබඳව මෙම මූලාශ‍්‍ර ද අතුරුදහන් වුවහොත් එයද ඇන්. ඇම්. දුටු අනාගත දේශපාලනයේම වර්ධනයක් බව කිවයුතු නොවේ.) Continue reading ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල් – චමීර පෙරේරා