Tag Archives: මානවශාස්ත‍්‍ර

බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව – 2

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම් ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ. එම සාකච්ඡාවට දායකත්වය සපයන තවත් ලිපියකින් උපුටා ගත් කොටස් පහත දක්වමු. එම ලිපිය මුල් වරට පළ කරන ලද්දේ, 2012 දී ය.


බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

මාර්තා නස්බෝම්

පරිවර්තනය: ලියනගේ අමරකීර්ති

පරීක්ෂාවට  ලක් නොකරන ලද ජීවිතය යනු මනුෂ්‍යයෙකුට ජීවත්වීමට නොවටිනා ජීවිතයකි”යි සොක්‍රටීස් කියා සිටියේය. උද්යෝගවත් අලංකාරිකයට හා සංශයවාදී තර්කනයට කැමැත්තක් දැක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකදී විචාරාත්මක ප‍්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය වෙනුවෙන් සොක‍්‍රටීස් සිය ජීවිතය අහිමි කර ගත්තේය. ඔහු සැපයූ ආදර්ශය අද දවසේ බටහිර සම්ප‍්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන අතර සොක‍්‍රටීස් හා සම්බන්ධ අදහස් ඉන්දියාවේ හා තවත් බටහිර නොවන රටවල අධ්‍යාපනය සඳහාද කේන්ද්‍රීය වේ. සියලු උපාධි අපේක්ෂකයන්ට දර්ශනය හා මානවශාස්ත‍්‍රවලට අයත් අනෙක් විෂයයන්ගෙන් සැදි පාඨමාලා එකතුවක් ඉගැන්විය යුතු යැයි සමහර අය විසින් අවධාරණය කරනු ලබන්නට එක් හේතුවක් නම් එවැනි පාඨමාලාවල අන්තර්ගතය සේම ශික්ෂණ විද්‍යාව විසින් තමන්ම සිතන්නට හා තර්ක කරන්නට ශිෂ්‍යයන් උත්තේජනය කෙරෙන බවට පවත්නා විශ්වාසයයි. එනම් ඔවුන් සම්ප‍්‍රදායට හා අධිකාරියට ගරු කොට පසුබා නොසිට ස්වාධීනව සිතන්නට ඒ විෂයයන් අනුබල දෙතියි යන විශ්වාසය නිසාය. එසේ සොක‍්‍රටීස් ක‍්‍රමයට තර්ක කරන්නට හැකිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි ඉතා වැදගත් බව සොක‍්‍රටීස් කී සේම ඔවුහුද විස්වාස කරති.
…………

ආර්ථික වර්ධනය උපරිම කිරීම වෙත නැමුණු ලෝකයක මෙම සොක‍්‍රටික පරමාදර්ශය අනතුරට මුහුණ පා ඇත. අපට අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රමාණ කළ හැකි ආකාරයේ විකිණිය හැකි නිෂ්පාදනයක් නම් තමන්ම ස්වාධීනව සිතීමේ හා තර්ක කිරීමේ හැකියාව අනවශ්‍ය දෙයක් යැයි ඇතැමෙකුට පෙනීම පුදුමයක් නොවේ.
……………..

Continue reading බටහිර සම්ප්‍රදායේ නිදහස්කාමී අධ්‍යාපනය සඳහා කේන්ද්‍රීය වන විචාරාත්මක ප්‍රශ්න කිරීම නම් වූ පරමාදර්ශය

Advertisements

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද?
– ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි හිටපු මහාචාර්ය සහ අංශාධිපති, දර්ශන සහ මනෝවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් උපාධි කමිටුව සහ කලා පිඨාධිපති එකතුව ඩිප්ලෝමාල ශාස්ත‍්‍රපති සහ දර්ශනපති ආදී පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙනයාම සාධාරණිකරණය කරන වාර්තාවක් සපයන්නැයි දර්ශනය, ලලිත කලා, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, පාලි සහ බෞද්ධ අධ්‍යයනයන්, සංස්කෘත සහ ඉතිහාසය ආදී මානව ශාස්ත‍්‍ර විෂයයන් උගන්වන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත, මෙම ඉල්ලීමට හේතු පාදක වූ තර්කය මෙසේය.

ඔවුන්ගේ තර්කය
මානවශාස්ත‍්‍ර විෂයයන් පශ්චාත් උපාධි මට්ටමින් හදාරන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව එක විෂයයක සිට පස්දෙනෙකුවත් නොඉක්මවන අතර එම පාඨමාලා මේ දක්වා වුවද නඩත්තු වූයේ අපේක්ෂක අපේක්ෂිකාවන් විශාල වශයෙන් ලියා පදිංචිවන ආර්ථික, සමාජ, දේශපාලන, සහ කළමනාකරණ ආදී සමාජයීය විද්‍යා විෂයයන්ගෙන් උපයන ආදායමිනි. මානවශාස්ත‍්‍ර පාඨමාලාවෙහි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු නිසා එයින් ලැබෙන සුළු ආදායමින් එම පාඨමාලා නඩත්තු කිරීමට අපහසුය. පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාම සඳහා දෙපාර්තුමේන්තු ප‍්‍රධානීන්ට සාධාරණීකරණිය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පදනම් වූ තර්කයේ සාරාංශය එයයි.

අපේ තර්කය
පුරා දශක හතරක් මානවශාස්ත‍්‍ර විෂයයන් කිහිපයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වෙනත් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වූ ගුරුවරයෙකු හැටියට බලන කල උසස් අධ්‍යයන කමිටුව සහ කලා පීඨාධිපති මානවශාස්ත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යාම සාධාරණිකරණය කරන්නැයි ඉල්ලා ලිපියක් යැවීමම හාස්‍ය ජනකයැයි මම සිතමි. මෙම ඉල්ලීම යටින් දිවෙන සත්‍යය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මානවශාස්ත‍්‍ර පිටමං කිරීමයි. මෙම ඉල්ලීම මානවශාස්ත‍්‍ර ඝාතනයෙහි පළමු පියවර ලෙස මම දකිමි. දෙක වනුයේ දෙපාර්තුමේන්තු ප‍්‍රධානීන් ඉදිරිපත් කොට ඇති වාර්තාවෙහි තර්කය ”පණ මදි” යැයි ඔවුනට දන්වා එවීමයි. ”පණ මදි” වනුයේ මානව ශාස්ත‍්‍රයන්ට තමන්ගේ පශ්චාත් උපාධි පාඨමාලා නඩත්තු කිිරීමට අවශ්‍ය මුදල් සොයා ගත හැකිය යන්න ඔප්පු කිරීමට අසමර්ථ වීමය. තුන වනුයේ ආර්ථික ප‍්‍රතිලාභ නැති නිසා පේ.වි.විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පශ්චාත් උපාධි මට්ටමින් ඉගැන්වීම නවතා දැමිය යුතුය යන තීරණයට එළඹීමයි. (සමහර විට බලධාරීන් මුලින්ම මෙම තීරණය ගන්නට ඇත). වාර්තාවක් ඉල්ලා යැවීම මෙම මූඨ, අත්තනෝමතික තීරණය ක‍්‍රියාන්විත කිරීමේ පළමු පියවරයි. මානවශාස්ත‍්‍ර සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් විවෘත කිරීමට එස්.බී. පසුගියදා ප‍්‍රතිඥා දීම සහ මෙවන් වාර්තාවක් ඉල්ලා යැවූ ලිපිය සමඟ සම්බන්ධ බව කුඩා දරුවෙකුට වුවද වැටහේ. ඇරත් ”මාර්කට්’‘ වටිනාකමක් නැති (මානවශාස්ත‍්‍ර, මානවශාස්ත‍්‍ර වනුයේම මේ නිසාය). මානවශාස්ත‍්‍ර සඳහා පශ්චාත් උපාධි පමණක් නොව උපාධි මට්ටමින් පවා ලියාපදිංචිවන සංඛ්‍යාව සීමිත බව, කලා පීඨාධිපති සහ උසස් අධ්‍යයන කමිටුව අත්දැකීමෙන්ම දනිති. ඒවායින් ආදායමක් පසුගිය දශක කිහිපය පුරාම නොලැබුණු වුවද ඔවුහු හොඳාකාරවම දනිති. එසේම අනාගතයේදී වුවද ”රට යන අත” දෙස බලන කල මානවශාස්ත‍්‍ර දෙපාර්තුමේන්තු වලට කිසිදු ආදායමක් පෙන්විය නොහැකි බවද ඔවුන් නොදන්නවා නොවේ. තත්වය මෙසේ තිබියදී මානවශාස්ත‍්‍ර පශ්චාත් උපාධි පවත්වාගන යෑම යුක්ති සහගත කොට එවැන්නැයි වාර්තාවක් ඉල්ලා යවන්නේ ඇයිදැයි මම නොදනිමි. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය