Tag Archives: මානව ශාස්ත්‍ර

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව

මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ පොදුවේත් මාර්තා නස්බෝම්  (නුස්‌බවුම්) ඒ පිළිබඳ කතිකාවට කරන දායකත්වය පිළිබඳ සුවිශේෂයෙනුත් කෙරෙන කතාබහ යළිත් ලංකාවේ දේශපාලන කතිකාව තුළ මතු වී තිබේ.  එම සාකච්ඡාවට අපගේ මැදිහත්වීම ආරම්භ කරමින්,  2012 දී අප පළ කළ ලිපියකින් උපුටා ගත් කොටස් පහත යළි පළ කරන්නෙමු.

 

Screen Shot 2018-08-08 at 8.22.01 PM
මාර්තා නස්බවුම්

මාර්තා නුස්බවුම්ට  අනුව, අද කාලයේ, කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනයක වඩාත් සුවිශේෂී දායකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රයන් රැකගැනීම සඳහා පුරවැසියන් සූදානම් කිරීම ය. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රයන් හිතකර තත්ත්වයක පවත්වා ගැනීමට කේන්ද්‍රීය වන ශක්‍යතාවන් තුනක්‌ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය මඟින් මිනිසුන් තුළ අත්‍යාවශ්‍යයෙන් වර්ධනය කෙරෙන බව නුස්‌බවුම් තර්ක කරයි.  ඒවා නම්, තමා පිළිබඳව සහ තම සම්ප්‍රදායන් පිළිබඳව විචාරාත්මකව අධීක්‌ෂණය කිරීමේ හැකියාව, තමා ගෝලීය මානව ප්‍රජාවක පුරවැසියකු වශයෙන් දැකීමේ හැකියාව සහ ඒ තුළින් විවිධත්වයෙන් අනූන ලෝකයක්‌ තුළ අන් අයගේ පර්යාලෝකයන් තුළින් යමක්‌ දැකීමේ හැකියාව යි. වෙළඳපොළ ආර්ථීකයේ නියෝග යටතේ ලිබරල් කලාවන් නොසලකා හැරීම මුළු ලෝකයේම ප්‍රජාතන්ත්‍රයන් අවදානමකට ලක්‌ කරන ක්‍රියාවකි. මෙම ප්‍රවණතාව තව දුරටත් පැවතියහොත්, පරිපූර්ණ පුරවැසියන්ගෙන් යුත් පරම්පරාවන් බිහි කරනු වෙනුවට අප ප්‍රයෝජනවත් යන්ත්‍ර බිහි කරනු ඇත. Continue reading මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ යහපත පිළිබඳ කතිකාව

Advertisements

අධ්‍යාපනය

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු
සුචරිත ගම්ලත්

අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි.

පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති.

එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ.

අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක් ඇත. පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැළණි, මොරටු, යාපන හා රුහුණු යන විශ්ව විද්‍යාල ඒවා අතර ප්‍රධාන විශ්ව විද්‍යාල වේ. ප්‍රාදේශීය, අප්‍රධාන විශ්ව විද්‍යාල නම් කීයක් තිබේ දැයි ගණන් කරන්නටත් බැරි තරම් ය. එතරම් ම ගණනක් තිබේ.

මේ විශ්ව විද්‍යාලවල මා කථා කරන්නේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ගැනය. ඒ මා දන්නේ ඒ විෂයයන් ගැන නිසාය. වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු, ගණිත, සංඛ්‍යාන ආදී විෂයයන් ගැන මම කථා නොකරමි. මා ඒවා ගැන නො දන්නා නිසාය. ආණ්ඩුව මේ විශ්ව විද්‍යාල පිහිටවූයේය. ඒවාට මුදල් වෙන් කර දෙයි. උපකුලපතියන් වශයෙන් තම හෙංචයියලා පත් කරයි.

එයින් පසු කිසිවෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැත. එතැන් සිට විශ්වවිද්‍යාල උපකුලපතිගේ ද ආචාර්ය මහාචාර්යවරුන්ගේ ද සින්නක්කර රජදහන්ය.

ඔවුහු කඹ ඇදගෙන, වයර් ඇදගෙන, උගුල් අටවාගෙන, හොරමැර කරගෙන, ගසා කාගෙන, අධ්‍යාපන පොල්කුඩු ඇතුළටත් පිටටත් විකුණාගෙන යහතින් සිටිති.

ඉගෙනීමට ය කියා මේ විශ්වවිද්‍යාලවලට එන දුප්පත් පුරවැසියන්ගේ දූ දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නො ලැබේ. ඔවුන්ට ලැබෙන්නේ සටහන් ගොන්නකි.
ඒ සටහන් ඔවුන්ට උගන්වන ආචාර්ය- මහාචාර්යවරුන් තමන්ට ඉගැන්වූ ආචාර්ය-මහාචාර්යවරුන් කියවන විට ලියාගත් ඒවාය. ඔවුන් ඒවා ලියාගත්තේ ඔවුන්ගේ ද ගුරුවරුන්ගෙනි. Continue reading අධ්‍යාපනය