Tag Archives: සංවර්ධනය

නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත

‘ගෞරවය දිනාගැනීමට පෙර ගෞරවය ලබා දිය යුතුයි.’ තනි තනිව පුද්ගලයන් ලෙස හෝ ජාතික රාජ්‍යයක් ලෙස ගෞරවය සහ ඇගයීම පිළිබඳව කියවෙද්දී ඉහත කියමන නිතර නිතර භාවිතවූවකි. ජාතික රජයක් වෙනත් රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී පවත්වන ගෞරවනීය ස්වභාවය මත වෙනත් රටවල් තවත් රටක් පිළිබඳව දක්වන අවධානය සහ ඇගයීම තීරණය වේ. රටක් ලෙස ඔවුන් නිවැරදි යැ’යි විශ්වාස කරන අදහස් රටක සුභසිද්ධිය උදෙසා යොදවා, ඒ වෙනුවෙන් පෙනීසිටිමින්, ඒ සඳහා අවශ්‍යවන ක‍්‍රමෝපායන්හි වගකීම නොබියව දරාසිටීම පවා අන්‍යයන්ගේ ගෞරවය සහ ආදරය දිනා ගැනීමට හේතුවන සාධකයකි.

කිසියම් ජන කොට්ඨාසයක් පොදු සුභසිද්ධිය උදෙසා එක්ව ජීවත්වීමට තීරණය කරන තැනින් ජාතික රාජ්‍යයක් යන සංකල්පය දලූලයි. අවම වශයෙන් ජාතික රාජ්‍යයක් යන්නෙහි නුතන හඳුනාගැනීම එයයි. සිය කැමැත්තෙන් එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තෝරාගන්නා අයෙකු එවැනි සංකල්පයක් තුළ ජීවත්වීමට තීරණය කරන්නේ, ජාතික රාජ්‍යයක් තුළ එහි ජීවත්වන සියලූම ජනයාට එක හා සමාන ගෞරවාන්විත ජීවිතයක් ලබාදීමට එහි ව්‍යවස්ථාව සමාජයට බැඳී සිටින නිසායි. එනිසා එවැනි වටපිටාවක් තුළ පාලන තන්ත‍්‍රය කි‍්‍රයාවට නංවන ඕනෑම පියවරක් ‘සෑම දෙනාටම එක සමාන ගෞරවයක්’ යන අදහසෙහි සිට කි‍්‍රයාවට නැංවිය යුතුය. කිසියම් රටක් හෝ රජයක් මෙම ‘සමානතා’ සංකල්පය ඔස්සේ ගෞරවයට සහ ඇගයීමට පාත‍්‍ර වේ නම් එමඟින් නිරායාසයෙන්ම එහි ජීවත්වන ජනයාට සාධාරණයක් ඉෂ්ට කරයි. කිසියම් රටක පුරවැසියන් එකිනෙකාට ගෞරව කරන ආකාරය එම රට අනෙක් රටවල් අතර මෙන්ම රටේම පුරවැසියන්ගේ ගෞරවාදරය පවා ලැබීමට සමත් වෙයි. Continue reading නිර්මිත පරිසරය තුළින් අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානතාව තහවුරු කරමු – චන්න දාස්වත්ත

Advertisements

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම

11.2 නිර්දේශ

පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ.

1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන් හා සියලු පුද්ගලයින් කවරෙකු හෝ විසින් මෙම නියාමක මූලධර්ම පහත සදහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු වේ.

අ. මෙම ව්‍යවස්ථාව භාවිත කිරීම හෝ විවරණය කිරීම
ආ. ඕනෑම නීතියක් පැනවීම, භාවිත කිරීමහෝ විවරණය කිරීම හෝ
ඇ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කරන ඕනෑම විටෙක

11.2.1 නියාමක මූලධර්ම

1. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි රජයක් ස්ථාපිත කිරීමට රජය සහතික වී ඇති අතර එහි අරමුණු අතර පහත දැක්වෙන කරුණු අඩංගු විය යුතුය.

අ) සියලු පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස පූර්ණ ලෙස සාක්ෂාත් කිරීම;

ආ) ජාතික ජීවිතයේ සියලු ම ආයතනවලට මඟ පෙන්වන (සමාජීය, ආර්ථික හා දේශපාලන)සාධාරණත්වයක් සහිත සමාජ ක්‍රමයක් ඵලදායී ලෙස ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ජනතාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම;

ඇ) ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස, තිරසර ලෙස ජීවන තත්ත්වයන් දියුණුවීම, විවේකය සහ සමාජ හා සංස්කෘතික අවස්ථාවන් හි පූර්ණ වින්දනය ඇතුළුව සියලු පුරවැසියන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම;

ඈ) රාජ්‍යය, අන්තර්ගත සමෝධානික හා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය;

ඉ) පොදු යහපතට හොඳම සේවය සිදුවන ආකාරයට සියලු ස්වාභාවික හා ද්‍රව්‍යමය සම්පත් හා සමාජ නිෂ්පාදන සාධාරණ ලෙස බෙදී යා යුතුය;

ඊ) විශේෂයෙන්ම කෘෂිකර්මයේ, සත්ත්ව පාලනයේ හා ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන අංශ, රාජ්‍යය, සමූපකාර හා පුද්ගලික ව්‍යවසාය මෙන් ම පුද්ගල ව්‍යවසායකයන් අතර බෙදී යන නිෂ්පාදනය, බෙදා හැරීමේ හා හුවමාරු ක්‍රම සහිත සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම;

උ) ජනතාවගේ සදාචාර හා සංස්කෘතික තත්ත්වය දියුණු කිරීම හා මානව ස්වීයත්වයේ පූර්ණ සංවර්ධනය සහ

ඌ) අසාක්ෂරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීම හා සියලු පුද්ගලයන්ට සෑම මට්ටමකදීම අධ්‍යාපනය ලැබීමට ඇති සාර්ව හා සමාන අයිතිය තහවුරු කිරීම. Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

ඇරිස්ටෝටල්
ඇරිස්ටෝටල්
කළ යුත්තේ කුමක් දැයි වමේ සහෝදරවරු අසති. ඔවුන් මේ ප්‍රශ්නය නගන්නේ මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී අප දේශපාලනය කළ යුතු ආකාරය පිළිබඳ ය. ඇතැමුන් දකින පරිදි වම කළ යුත්තේ බලයේ සිටින රජයේ ප්‍රගතිශීලී බලවේග සමග කටයුතු කිරීමය. ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් ප්‍රකාශිත ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා වෙනුවෙන් තව දුරටත් පෙනී සිටීම මේ මොහොතේ වමේ දේශපාලන කටයුත්ත ලෙස ගැනීම ඇතැමුන් දකින්නේ හුදු ලිබරල්වාදී වීමක් ලෙසිනි. එය පන්ති සටන අත හැරීමක් ලෙසද ඔවුහු දකිති. පන්ති සටනට මූලිකත්වය දිය යුතු විටෙක එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප කරන්නේ නම් ඉහත විවේචනය සාධාරණ විය හැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම ම පන්ති සටන අත් හැරීමක් වන්නේ නැත. වම-දකුණ භේදයක් අද නැතැයි ලිබරල්වාදීන් විසින් කියනු ලැබීම පුදුමයක් නොවන නමුත් වමේ යැයි කියා ගන්නා සමහරුන් ද එසේ ප්‍රකාශ කරන්නේ පංති ගැටුම පිළිබඳ අදහස තව දුරටත් වලංගු නොවන්නේය යන විශ්වාසය නිසා විය යුතුය.

වඩා වැදගත්ව අප ඇසිය යුතු කරුණ වන්නේ වත්මන් ලංකාවේ පන්ති ගැටුම කුමන ස්වරූපයක් ගනු ඇතිද? යන්නයි. ආර්ථිකයේ නව ලිබරල්වාදී පිළිවෙත වත්මන් රජය විසින්මත් තව දුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් එය සමාජයේ පංති ගැටුම් උත්සන්න කරනු ඇත. නිදහස් වෙළඳ පොළ ක්‍රමය අපේ ආර්ථිකයේ පදනම විය යුතුය යන අදහස වමෙන් ඉදිරිපත් කෙරුණා කියා සමාජ අසමානතාව ස්වභාවික ලෙස සළකා නිදහස් වෙළඳ පොළක් පිළිබඳ මවාගත් අදහසක් තුළ දියකර හැරීම අපේක්ෂා කරන දක්ෂිණාංශික ආකල්පයෙන් එය මිදෙන්නේ නැත. Continue reading ‘කළ යුත්තේ කුමක් ද?’ – කුමුදු කුසුම් කුමාර

‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු.

දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින් සෞඛ්‍යයේ පුරය ලෙස මා විස්තර කළ පුරය සැබෑ පුරය යැයි මා හිතනවා. එහෙත් රෝගී වූ පුරයක් ද පරීක්ෂා කොට බැලීම ඔබේ කැමැත්ත නම් එයට කිසි බාධාවක් නැත … කෙසේද යත් අප කලින් සඳහන් කළ සෞඛ්‍ය සම්පන්න, නීරෝගී පුරය තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නෑ. එහෙත් ඉදිමුණු ස්කන්ධයෙන් හා අවශ්‍යතාවකින් තොරව පුරයන්හි දක්නට ලැබෙන දේවලින් පිරී ගිය පුරයක් අවශ්‍ය වෙනවා.

– ප්ලේටෝ, ජනරජය, XIII පරිච්ඡේදය

කාර්මිකව වඩා සංවර්ධිත රට, වඩා අඩුවෙන් සංවර්ධිත රටට, තමන්ගේම අනාගතයේ පිළිබිඹුව පෙන්වනවා පමණි.

– කාල් මාක්ස්, දාස් කැපිටාල්, 1867, පළමු ජර්මානු මුද්‍රණයට පෙරවදන

ගැටලුව දුප්පත්කම නොවේ, සෞභාග්‍යය පිළිබඳ අපේ අදහසයි.

– අෂිස් නන්දි Continue reading ‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි.

පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව යාමකි.

දෙවනුව, යටිතල පහසුකම් දියුණු කිරීම මුල් කර ගත් ආර්ථික සංවර්ධන කටයුතු දූෂනයෙන් තොරව දිගටම ගෙන යන බවට පොදු අපේක්ෂකයා ගේ ව්‍යාපාරයෙන් ලැබෙන සහතිකය ස්ථාරවභාවය පිළිබඳ හැඟීමක් ඇති කරයි. නමුත් ආර්ථික සංවර්ධන කටයුතු දූෂනයෙන් තොර වනවා පමණක් නොව එය ජනතා හිතකාමී අරමුණින් සහ ජනතාවට අසාධාරණයක් අයුක්තියක් නොවන ආකාරයෙන් ද සිදු කළ යුතුය. සංවර්ධනය සඳහා යැයි කියමින් නගරයේ සහ පළාත් බද ජනයා ගේ ඉඩම් කොල්ල කෑම වහා නවතා ලිය යුතු ය. නගරයේ අඩු ආදායම්ලාභීන් ගේ ජීවනෝපායයන් සහ සාමූහික සමාජීය ජීවිතය කඩා බිඳ දමමින් ඔවුන් තමන් ගේ පාරම්පරික නිවාස වලින් බලහත්කාරයෙන් ඉවත් කොට ඔවුන් ට පිළිගත නොහැකි තත්වයන් සහ දැරිය නොහැකි වියදම් යටතේ මිලිටරි බලය පවා යොදමින් මහල් නිවාස වල පදිංචි කරවීම නවත්වා ලිය යුතුය. මෙලෙස විවිධ ආකාරයන්ගෙන් අසාධාරණයන්ට ලක් වී සිටින ජනයාට සාධාරණය සහ යුක්තිය ඉටු කළ යුතුය. සංවර්ධනයේ නාමයෙන් අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට පැටවීමෙන් ජනයා නිදහස් කොට සියලු දෙනාට අධ්‍යාපනයේ අයිතිවාසිකම සමව ලැබෙන පරිදි අධ්‍යාපනයේ වගකීම රජය විසින් භාරගත යුතුය.

විපක්ෂය වත්මන් පාලක රෙජීමය ගැන කරන විවේචන අයහපාලනය ගැන ඒවා වන බවත් ඊට විසඳුම රාජ්‍ය යේ ව්‍යුහය සහ පද්ධතිය හෝ රාමුව වෙනස් කිරීම නොවන බවත් ඇතැමුන්ගේ තර්කයයි. රාජ්‍යය රටක ජනයාට ආරක්ෂාව සැපයීම මිස යහපාලනය අරමුණ කර නොගන්නා බව සැබැවි. සාමාන්‍ය යෙන් ගත්කළ ජනාධිපතිවරණය නව ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව නොවන බවද සැබැවි.

නමුත් ජනාධිපතිවරණය ආණ්ඩුව වෙනස් කිරීම සඳහා වන මුල් පියවර ලෙස මෙම අවස්ථාවේ සළකන්නට ලාංකිකයන් පෙළඹී ඇත්තේ ආණ්ඩුවේ කර අඹා එය විධායක ජනාධිපති තනතුරේ විය ගසට බැඳ ගැනීමේ හේතුවෙනි, ජන මතය ප්‍රකාශ වන පරිදි ආණ්ඩුව වෙනස් කරන්නට නම් පළමුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම අත්‍යවශ්‍ය වී ඇති හෙයිනි. Continue reading ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

ආයෙමත් යුද්ධය ඇති වෙයිද? කුමුදු කුසුම් කුමාර

2man-tm

ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග උදා වූ දේශපාලන නිදහසේ අවකාශය ලංකාවේ සමාජයට නව ජීවයක් ගෙන දුන්නා වැනිය. යහපත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මුලු සමාජයම පිබිදී ඇළලී ගොස් ඇත. හැමතැනම හැමෝගේම දවසේ ප්‍රධාන මාතෘකාව දේශපාලන යයි. පසුගිය දිනවල උණුසුම් කතා බහ වූයේ ‘කවුද අලුතෙන් පැන්නෙ?‘ යන්නයි. නමුත් දැන් වන විට එය දේශපාලනඥයන්ගේ මිල ගණන් වලින් අදහස් වලට ප්‍රතිපත්තිවලට පුරවැසි සාකච්ඡාවට මාරු වී තිබේ. මේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයට සක්‍රීයව යොමුවන මොහොතයි.

ඡන්දදායකයන් විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාගත ජනාධිපතිවරයා ලෙස බැරෑරුම්ව සළකා බැලීම දැන් ඇරඹී තිබේ. ප්‍රචණ්ඩත්වයෙන් බිය වැදී ගොස් තිබුණු අප සමාජය මත ජාතික නායකයෙක් ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගේ ආගමනය ඇති කළේ සිත පහන් කරවන සුළු වෙනසකි. මෛත්‍රීපාල සිරිසේන 1977 සිටම සමාජය ප්‍රචණ්ඩත්වයෙන් පෙළන දේශපාලනයකට නායකත්වය දුන් නායකයන් ගේ මර්ධනකාරී පාලනයන් යටතේ හෙම්බත්ව සිටි සමාජයක් සුවපත් කරන මැදහත් ස්වභාවයක් ප්‍රකට කරන නායකයෙකු වීම ජනතාවගේ අපේක්ෂාවන් සමග ගැළපෙයි. යුද්ධය නිමාවෙන් පසු අප අපේක්ෂාවෙන් සිටි සාමය පමා වී හෝ දැන්වත් සැබෑ කර ගත හැකිය යන බලාපොරොත්තුව ඉන් ඇතිවිය.

ඒ අතරතුර රෙජීමය මහජනයා තුළ යුද බිය ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටියි. හිඟන්නාගේ තුවාලය මෙන් යලිත් යුද්ධය ඇති වීමේ අනිසි බිය විකුණා සිංහලයාගේ ඡන්දය ගැනීමට රෙජීමය උත්සාහ කරයි.

ගෝටාභය රාජපක්ෂ ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ඇතැයි කියයි. ඒ අතරම පුනරුත්ථාපනය කළ එල්ටීටීඊ සාමාජිකයන් වෙතින් සහ සහ විදේශගතව විසිරී සිටින දෙමළ ප්‍රජාව මගින් යලි එල්ටීටීඊ ත්‍රස්තවාදය පැණ නැගීම පිළිබඳ බිය ජනයා තුළ ඇති කරන්නට රෙජීමය උත්සාහ ගනියි.

මෙලෙස ලංකාවේ දේශපාලනයට අත පෙවීමට විදේශ ගතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් උත්සාහ ගැනීමට ඇති විසඳුම රටේ දරදඬු ඒකාධිපති පාලනයක් ගෙන යාම සහ සිවිල් සමාජය මිලිටරීකරණය කිරීම නොවේ. කළ යුත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට බියෙන් තොරව තමන් ගේ දෛනික කටයුතු සහ තමන් වසන පලාත් වල පරිපාලනය නිදහසේ කරගෙන යා හැකි පරිසරය ඇති කිරීමයි. ඔවුනට පූර්ණ දේශපාලන නිදහස ලබා දීමයි. එම ප්‍රදේශවල හමුදා මර්ධනය වෙනුවට සිවිල් පාලනය තහවුරු කිරීම යි. ඔවුනට තමන්ගේ පාරම්පරික වාසස්ථානවල යලි පදිංචියට යාමට ඇති අයිතිය තහවුරු කිරීම යි. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන සංවිධාන සමග දකුණේ රජය සහයෝගයෙන් කටයුතු කිරීම යි.

රෙජීමයේ බළල් අතක් බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කිසිම බෞද්ධ කමක් ගෑවිලාවත් නැති ඊනියා බොදු බල සේනාව මුස්ලිම් ජනයා පොදු අපේක්ෂකයාට ඡන්දය දුන හොත් මුස්ලිම් විරෝධී කෝලාහල ඇතිවනු ඇතැයි ප්‍රකාශ කොට ඇත. එලෙස නින්දිත ආකාරයෙන් මුස්ලිම් ජනයා බිය වැද්දීමට ගන්නා උත්සාහය පෙන්නුම් කරන්නේ ඡන්දය දිනීම සඳහා ජාතිවාදය අවුස්සන්නට රෙජීමය නොපැකිළෙන බවයි. මෙය කිසිසේත්ම බෞද්ධ පිළිවෙතක් නොවේ.

සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව සඳහා රටේ ස්ථාවරභාවය අවශ්‍ය යැයි ද ඒ සඳහා විධායක ජනාධිපතික්‍රමය පමණක් නොව ඒකාධිපති පාලනයක් අවශ්‍ය යැයි කියන්නට පවා වත්මන් රෙජීමය පටන් ගෙන ඇත. ඒකාධිපති පාලනයක් අවශ්‍ය කෙරෙන සංවර්ධනය ජනතා හිතකාමී සංවර්ධනයක් විය නොහැකිය. මන්ද ඒකාධිපති පාලනයක් අවශ්‍ය වන්නේ ජනතාව මත බලෙන් පැටවෙන අසාධාරණ සහ අයුක්ති සහගත වැඩ පිළිවෙලවලට ජනතාව පළ කරන විරෝධයන් මර්ධනයට හෙයිනි.

වත්මන් රෙජීමය යළිත් බලයට පැමිණිය හොත් අපගේ ජීවිත වලට අත් විය හැකි ඵල විපාක ගැනද අප විමසිලිමත් විය යුතුය. රෙජීමයේ විදේශ සහ දේශීය ණය බරින් ගැළවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ණය දෙන ආයතන වල කොන්දේසි ඉටු කිරීමට රෙජීමය නොපැකිලෙනු ඇත. එසේ වුව හොත් දැනට සේවක විරෝධය නිසා නවතා ඇති රාජ්‍ය ආයතන සහ බැංකු යනාදිය පෞද්ගලීකරණය කිරීම ඉතා කඩිනමින් කෙරීමට නියමිත බව එම ආයතන වල සේවකයන් වටහා ගත යුතුය. තවද, ඉඩම් මංකොල්ලය මිලිටරීකරණය යටතේ වේගවත් කෙරෙනු ඇත. දුප්පතුන් පමණක් නොව අනෙක් සමාජ පංති වල ජනයාටද රෙජීමයේ හිතුමතයට අනුව විදේශික සමාගම්වලට විකිණීම ට තමන් ගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දී බයිනේත්තුවේ බලයට යටත් වීමට සිදුවනු ඇත.

දැනටමත් සාමාන්‍ය ජනයා මත පනවා ඇති ආහාර පාන පාරිභෝජන භාණ්ඩ සහ සේවා යනාදියට පනවා ඇති අධික බදු බර තව තවත් වැඩි කෙරෙනු ඇත. ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන අය වැයෙන් දුන් සහන සහ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සහ ඡන්දදායකයා මිලට ගැනීමට අල්ලස් වශයෙන් කෙරෙන විවිධ භාණ්ඩ බෙදා හැරීම් වෙනුවෙන් වැය කරන සියලු මුදල් යළි අය කර ගැනීම සඳහා බදු අධික ලෙස ඉහල නැංවෙනු ඇත.

මේ පුරවැසියා විසින් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් රටක් ඉතිරි කිරීම සඳහා කල්පනාවෙන් තීරණයක් ගත යුතු කාලය යි.

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු. Continue reading අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු – 2015 ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

image003_zpsa1c36570

අප රට දැන් සංවර්ධනය වෙලා. මෙය ආණ්ඩුව හැම වේදිකාවක ම ගයන ගීතයක්. සාක්කි හැටියට පෙන්වන්නේ කොළඹ නගරය, අධිවේගී මාර්ග, නගර අලංකරණය, අහස සිඹින මහල් නිවාස, සුවිසල් සාප්පු සංකීර්ණ. ඒ හැර දීකිරට බළල්ලූත් සාක්කි කිව්වා සේ සංඛ්‍යාලේඛනත් ගෙන හැරැ පානවා – දළ ජාතික නිෂ්පාදනය, ඒකජනක ආදායම, ආර්ථික සංවර්ධන අනුපාතික ආදිය.

ඇත්ත නේන්නම්! ආවඩා, ආයු බෝ වේවා! ආවඩන්නෝ එමට. එහෙත් සංවර්ධනය කියන්නේ කුමක් ද? ඉහත පෙන්වන දැයින් (දර්ශකවලින්) සංවර්ධනය පැහැදිලි කළ හැකි ද? ඇත්තට ම එයින් පෙන්වන්නේ එක් පැත්තක් පමණයි. වඩා වැදැගත් සංවර්ධනයෙහි හරය හෝ අරුත හෝ වටහා ගන්නට වෙනස් මඟක් ගත යුතු යි.

ඉන්දියාවෙහි හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාව 2020 නව සහශ‍්‍රකය සඳහා දැක්මක් නමැති පොතෙහි ඔහු දන්නා තුන් දෙනෙකුන් ගැන සඳහන් කරමින් නිදසුනක් මඟින් සංවර්ධනය විස්තර කරන්නේ මෙහෙම යි. “වෙන්කත්ට පුතුන් දෙදෙනෙකු සහ දුවක සිටියා. සියල්ලෝ ම උපාධිධරයෝ. ඔවුහු රැකියා කළෝ. එම පෙදෙසෙහි ම පුතුන් තුන් දෙනෙකුන් සිටි කුප්පු ද වාසය කළා. ඔහුට උගන්වන්නට හැකි වූයේ එක් දරුවෙකුට පමණයි. ඔහු වාසය කෙළේ කුලී නිවසෙක. කරුප්පන්ට දියණියන් දෙදෙනෙකුන් සහ එක් පුතෙකු සිටියා. ඔහු කෙළේ අර්ධ රැකියාවක්. දුප්පත්කම නිසා ඔහුට එක දරුවෙකුට වත් උගන්වන්න බැරි වුනා.” සංවර්ධිත ඉන්දියාවක් පිළිබඳ අපේ සිහිනය කරුප්පන් වැන්නවුන්ටත් සිය දරුවන් සඳහා සැලැකිය යුතු ආයු කාලයක් සහ මූලික පහසුකම් හා හොඳ සෞඛ්‍යයක් සපයන රැකියාවක් ලබා දීමය යනුවෙන් කලාම් එහි සඳහන් කළා.

අපේ රටෙහි පාලකයන් එවන් අරමුණක් කරා ද යන්නේ? ඔවුන් පෙන්වන්නේ පිට ආටෝප සංවර්ධනයක් පමණයි. හැම දෙනාම පාහේ දන්නා පරිදි එයින් වැඩි වාසි පාලක කල්ලියට පමණයි. නැත්නම් ඉහළ ධනවතුන් අතලොස්සකට පමණයි. හිසට වහලක් නැති දුප්පතාට අහස සිඹින උස මහල් නිවාසයෙහි පදිංචි විය හැකි ද? සුපිරි සාප්පු සංකීර්ණවලින් සාමාන්‍ය ජනයාට බඩු ගත හැකි ද? කණගාටුදායක ම කාරණය මෙම සියලූ සෞභාග්‍යය ඉහළ පැළැන්තියට සහතික කරන්නට දුප්පතා බදු ගෙවමින් නැහීම නො වේ ද? තම දරු මුණුපුරන් පවා ණයකරුවන් කැරීම නො වේ ද? රජයේ ආදායමෙන් හැම රුපියල් සියයකින් ම සත 80ක් ගෙවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයා ය. රජය වැඩි පොළියට ණය ගෙනයි මෙම ඊණියා ආශ්චර්යය පාන්නෙ. Continue reading සංවර්ධනයෙහි ආශ්චර්යය – ජයතිලක ද සිල්වා

ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර

අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක වූ බව මගේ හැඟීමයි. පාලක රෙජීමය සමස්ත ලාංකේය දේශපාලන සමාජ ව්‍යුහ තම දැඩි ග්‍රහණයට ගෙන එහි නිදහස ගෙල මිරිකීමේ සර්වාධිකාරී තත්වය සමාජය තුළ දැඩි බියක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ සැකය පතුරුවා හැර තිබුණි. ජනයා ඉවසාගෙන බලා සිටියේ ආණ්ඩු මාරුවක් සඳහා අවස්ථාව ලැබෙන තෙක් ය. ඒ අවස්ථාව ලැබෙන බවට උදාවූ පළමු ඉඟිය සමගින් ඇතිවූ බලවත් සැනසුම් සහගත හැඟීමත් උද්දීපනයත් එහෙයිනි.

රටක වාරිකව සිදුවන ආණ්ඩු මාරුව අත්‍යවශ්‍ය වන්නේ එක් පාලක කල්ලියක් සමාජය සහ දේශපාලනය සමස්තය ග්‍රහණයට ගැනීමෙන් ඇතිවන කුණුවීම ක්ෂයවීම නවතා එයට නව ජීවයක් දෙන්නටය.

ඊනියා සංවර්ධනයේ සහ ස්ථාවරභාවයේ නාමයෙන් එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සමාජය මත ඇති කරන සර්වාධිකාරය මානව යහ පැවැත්මට හිතකර නොවේ.

මෙලෙස උදාවූ සර්වාධිකාරී රෙජීමයක් යටතේ ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සදහටම අහෝසි වනු ඇතැයි යන බලාපොරොත්තු කඩ වීම සමාජය හාත්පස වෙලාගෙන පැතිර යමින් තිබූ අවස්ථාවේම ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පාලක රෙජීමය ගත් තීරණයම යළිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය අවදි කරලීමට මුල් වීම අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලංකාවේ සැබෑ ‘ජාතික චින්තනය‘ බව යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි. Continue reading ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස

කුමුදු කුසුම් කුමාර

අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද?

එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද?

මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක් පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි.

1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක හෝ පක්ෂ සමූහයේ කැමැත්තෙන් පත් කෙරෙන නායකයා අගමැති වූ ආණ්ඩුවක පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයකට ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන මර්ධනයක් පවත්වා ගෙන යා නොහැකිය. එම පැරණි පාර්ලිමේන්තු ක්‍රමය යටතේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නට නම් මහජනයා තෝරා පත් කර ගත් මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ දී සහ පිටතදී ඒ වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යය. මර්ධනයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීම වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන් විසින් පිළිගනු ලබන දේශපාලන සහ සිවිල් සමාජ සංවිධාන රටේ පැවතිය යුතුය. එමෙන්ම දෙන ලද අවස්ථාවක ආසන්නතම ප්‍රහාරයට ලක් වන ජනයා හැරුණු කොට අනෙක් පුළුල් ජන කොටස් මර්ධණයට එරෙහිව පෙළ ගැස්වීමට එකතු වන පරිද්දෙන් දේශපාලන මොහොත සකස් වී තිබිය යුතුය.

එහෙයින් පවත්නා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ඒ වෙනුවට විධායක අගමැති ක්‍රමයක් පිහිටුවීමේ අදහස වැනි අතරමැද සම්මුති ගැහීම් වලින් දියාරු කරන්නේ නැතිව ජනතාවගේ ස්වෛරීභාවය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කළ හැකි උපරිමයෙන් සහතික කරන පරිද්දෙන් සූත්‍ර ගත කළ යුතුය.

මේ පසුබිමෙහි ඇතැමුන් යෝජනා කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන සටන නව ලිබරල්වාදයට එරෙහි සටන සමඟ ගැට ගසනවා යන්නේ තේරුම කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම අරමුණු කරන විට එතැන ගන්නට රනිල් වික්‍රමසිංහගේ එජාපයට ඉඩ නොතැබීම අවශ්‍ය නම් එය ඉටු කරන්නේ කොහොමද?

එසේ වන්නට නම් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම පරදා ජනයාගේ විශ්වාසය දිනා ගත හැකි ඒ මට්ටමේම වෙනත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුය. දැනට එවැන්නකට කිට්ටුවට එන එකකට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පමණි. ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය වැඩිවීමේ ප්‍රවණතාව පසුගිය මැතිවරණ වලදී දකින්නට ලැබුණි. දැන් ජවිපෙ උත්සාහය තිබෙන බව පෙනෙන්නේ දේශපාලන කරළියේ දෙවැනි තැන ගන්නටය. අද රාජ්‍ය අංශයේ රැකියා සැපයුම අතින් හැරුණු විට බොහෝ දුරට එක ආර්ථික පිළිවෙතක් පිළිගන්නා රාජපක්ෂ රෙජීමයත් රනිල් ගේ එජාපයත් යන දෙකටම මැදහත් විකල්පයක් ඉදිරිපත් කරන්නට සහ තමන් අව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සහමුලින්ම කැපවී ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට ජවිපෙට ඇති හැකියාව මත එහි අනාගත දේශපාලන බලය තීරණ වනු ඇත.

ජනයාගේ දේශපාලන උනන්දුව අවධි වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන විකල්පය ලෙස තවමත් එජාපය උඩට එන්නේ ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන සැකැස්ම තවම සහමුලින්ම බිඳී ගොස් නැති නිසා මිස රාජපක්ෂ රෙජීමයට පැහැදිළි ප්‍රතිපත්තිමය විකල්පයක් ඉදිරිපත් කරන්නට රනිල් වික්‍රමසිංහට හැකි වී ඇති නිසා නොවේ. රනිල් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අගමැතිකම යෝජනා කරන්නේ විධායක බලතල පාවිච්චි කිරීමේ අපේක්ෂාව ඔහු තුළ තවම ඇති හෙයිනි. ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා වන උත්සාහයේදී විධායක අගමැතිකම පිළිබඳ අදහස අත්හරින්නට රනිල් ට බලකර සිටිය යුතුය. Continue reading පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය, සහ නිදහස