Tag Archives: සමාජ සාධාරණය

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම

උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි.කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ සමාජීය ඉංජිනේරුවාට සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත..පුරාතන දෘෂ්ඨියට අනුව,සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට ඉඩ සළසනු නොමැත.නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට,හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව,එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව,ඒ නිසාම,රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය.දේශපාලනයේ නූතන අරමුණ,නමින් කියතොත්,ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස්), අපට උරුම කර දුන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි,The Political Ideas of Leo – Strauss

1983 ජූලි දෙමළ විරෝධී කෝලාහලය සමගින් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාව බරපතළ ලෙස මතු වීය.එහිදී ආචාර්ය නිව්ටන් ගුණසිංහ කළ න්‍යායික මැදිහත්වීම අදත් සාකච්ඡාවට බඳුන් වෙමින් පවතියි.එය නම් අල්තූසර් ගේ න්‍යායගැන්වීමක් අනුව යමින් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චයවීම යන මැයෙන් ඔහු ඉදිරිපත් කළ විග්‍රහයයි.“May Day After July Holocaust” යන මැයෙන් 1984 මැයි මස Lanka Guardian සඟරාවට ලිපියක් ලියමින් ඔහු තර්ක කළේ 1983 ජූලි කෝලාහලයට පසු ලංකාවේ පංති ප්‍රතිවිරෝධයන් මත ජනවාර්ගික ගැටලුව මතවාදී වශයෙන් අධිනිශ්චය වී ඇති හෙයින්,එකළ පැරණි වමේ පක්ෂ කරමින් සිටියාක් මෙන් ආරක්ෂිත පංති සහ ආර්ථික සටන් පාඨ ඔසොවා තබමින් ජනවාර්ගික ගැටලුව කළාලය යටට අතුගා දැමීමට ගන්නා උත්සාහය සාර්ථක නොවනු ඇතැයි යනුවෙනි.මෙම අධිනිශ්චය වීමේ බලපෑම අවම කළ හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස බලය බෙදීමට යොමුවීමෙන් පමණක් බව ඔහු කියා සිටියේය. උත්සන්න වූ ජනවාර්ගික ආතතිය විසින්, වමට බහුජනයා පංති සහ ආර්ථික ප්‍රශ්න වටා එක්රොක් කරගැනීම, කළ නොහැකි දෙයක් බවට පත් කොට ඇත.එහෙයින් පංති ප්‍රශ්න මතුකිරීමට සහෝපකාරී වටපිටාවක් ගොඩනඟා ගත හැක්කේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ජනයා දිනාගැනීමෙනි.උතුරු සහ නැගෙනහිර ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දී,පංති අරගලය ගෙනයා හැකි දේශපාලන පරිසරයක් දකුණේ නිර්මාණය කළ හැක්කේ එමඟින් පමණක් බව ඔහු තර්ක කළේය.

Continue reading නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය”? – කුමුදු කුසුම් කුමාර

Advertisements

තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

“වෙළෙඳ පොළද?, රජයද? කියන ගැටුමට හිරවෙලා ඉන්නෙ නැතුව ලංකාවෙ තිබිච්ච සමූපකාර අංශ වගේ අංශ ගැන අපිට හිතන්න පුුවන්. පානම ගොවීන්ගෙත ඉඩම් ප‍්‍රශනය ගැන හිතනකොට මම හිතන්නෙ, පානම ඉඩම්වල සංවර්ධන කටයුත්ත බාරදෙන්න ඕනැ දීර්ඝ කාලයක් තිස්සෙ ඉඩම් වගාකරගෙන ඒවා සංවර්ධනය කරගෙන හිටපු ගොවීන්ට. මේ විදිහට ගියාම හම්බන්තොට ගැමියන්ගේ දරුවන්ගේ ඉරණම වෙන්නේ, හම්බන්තොටට එන චීන වෙළඳ කලාපයේ පොදු ශ‍්‍රමිකයන් වශයෙන් කටයුතු කරීම පමණයි. කොළඹ මූල්‍ය නගරය තුළ නගරයේ වැසියන්ට අත්වෙන ඉරණම කුමක්ද? අපි මේ ආණඩුවත් එක්ක, ආණ්ඩුත් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මහින්ද රාජපක්‍ෂත් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනව. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලීමේ අවසානයට අපි දැන් ඇවිල්ල ඉන්නෙ. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලනකොට ලොකු අර්බූදයක් තියෙනව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ. මම හිතන්නෙ, අපි සමාජයේ යහපත් වෙනසක් අපේක්‍ෂා කරන අය ඉන්නව නම්, අපේ දැක්ම ඉතා දුරට එල්ල කළයුතු අවදිය අපි ආරම්භ කරමින් සිටිනව. මගේ යෝජනාව අපේ සමාජයේ බුද්්ධියේ ද්‍රරිද්‍රතාවය, අපේ දේශපාලන නායකත්වයට දැක්මක් නෑ. ඔවුන් පොළොවෙ යථාර්ථයට සම්බන්ධයක් නෑ. අපි අපේ තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක්. අපිට නායකයන් අහිමිවෙන්න ප‍්‍රධාන හේතුවත් ඒකයි. අලූත් නායක පරම්පරාවක ආරම්භ කිරීම ගැන දැන් සිතීම ආරම්භ කළ යුතු කාලයයි. ඒ සඳහා අලූත් පරම්පරාවට පසක් විය හැකිද? පොළොවක් විය හැකිද? මේක තමයි අප හමුවේ තියෙන අභියෝගය.”

Continue reading තරුණ පරම්පරාවල් කිහිපයක්ම ඝාතනය කළ රටක අපිට නායකයෝ නෑ – කුමුදු කුසුම් කුමාර

ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම නොපැකිළෙමි. නිදහසේ නාදය එතරම්ම මියුරුතමය . නිදහස පිළිබඳ හැඟීම මා හදට මෙතරම් සමීප 1977 ට පෙර මෙරට තිබූ දේශපාලන නිදහස භුක්ති විඳිමින් යොවුන් වියට පත්ව ලංකාවේ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල ගැසූ පරපුරේ ලාබාලයෙකු ලෙස 77න් පසු ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් අහිමි වීමේ ඛේදවාචකය මැනවින් අත් විඳි අයෙකු වන හෙයින් යැයි සිතමි.
ජනවාරි 8 දා රැය නිදි නැතිව අප ගෙවූයේ බලාපොරොත්තුවත් උකටලි බවත් එකට කැටි ‍කො‍ට ගත් හැඟීම් අතර සිර වී ගෙනය. බලාපොරොත්තුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. උකටලි බව මහින්ද රාජපක්ෂ‍ගේ රජය තමන් මැතිවරණයෙන් පරාජය වුවද බලය අත් නොහැර දැඩි මර්ධනයක් දියත් කරනු ඇතැයි තිබූ බලවත් බිය නිසාය. මෛත්‍රී දිනන බවට තොරතුරු අටවැනිදා රැය ගෙවී යත්ම දිගින් දිගටම රූපවාහිනිය පරදා අන්තර්ජාලය හරහා ලැබෙමින් තිබුණි. ඡන්ද ප්‍රථිඵලය හමුදාව යොදා මංකොල්ල කන්නට උත්සාහයක් ඇති බව කොළඹ ඩීඇස් සේනානායක ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වීම දැඩි කම්පාවක් ගෙන දුන් නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සෙසු ජනයාගේ මැදිහත් වීමෙන් උත්සාහය ව්‍යර්ථ කළ බව දැන ගන්නට ලැබීම සහනයක් වීය. ඉන් පසුව ඇති වූ බිය වූයේ මෛත්‍රී ඡන්දයෙන් ඉහළින් දිනා ඇති බව සැඟවීමට රෙජිමයට ඉ‍ඩ නොසැළසුණු නමුත් ඡන්ද ප්‍රථිඵලය අවලංගු කොට හමුදා බලය යටතේ රෙජිමය තම පාලනය දිග්ගස්සා ගනු ඇතිද යන්නයි.

මෙලෙස බියක් ඇති වීමට හේතු මැතිවරණ කාලය තුළ මොනවට ප්‍රකාශ වී තිබුණි. Continue reading ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය


වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ තියාගතයුතුයැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත්කරන ඊනියා තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:

1 වෙනි මිත්‍යාව : ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා:
මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉෂ්ට කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට සහ එතුමාගේ පවුල් කණ්ඩායමට යාවජීව ලෙස රට භාරදීම නොවේ.

අනෙක් අතට ජනාධිපතිවරයා වෙනුවෙන් මෙරට මහජන මුදලින් අති විශාල ප‍්‍රමාණයක් වැය කෙරෙන අතර ඒ මුදලින් ජනාධිපතිවරයාත් ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත‍්‍රාදීන් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබයි. මේ නිසා ජනාධිපතිවරයාට ‘යුද්ධය අවසන් කිරීම වෙනුවෙන’ කෘතගුණ දැක්විය යුතුනම් මේ වනවිට මෙරට ජනයා ඒ සඳහා සෑහෙන්න කෘතගුණ දක්වා ඇත. තවදුරටත් ‘කෘත ගුණ දැක්වීම සඳහා’ රාජපක්ෂවරුන්නේ පවුලට ලංකාවේ රාජ්‍යය බලය යාවජීව ලෙස පවරා දිය යුතුය යන්න මුග්ධ පමණක් නොව අතිශය භයානක තර්කයකි.

2 වෙනි මිත්‍යාව: ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ මැඩ පැවැත්වීම සඳහා:
මෙරටට විරුද්ධව බරපතල ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් තිබෙන බවත්, එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයෙන් මෙරට බේරා ගැනීම සඳහා ජනාධිපතිතුමාට නැවතත් බලය දිය යුතුයැයි කියති.

මෙරටට විරුද්ධව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් පවතී නම් එම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට ඇති පහසුම මාවත වන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට සහ ගර්හාවට ලක්වී ඇති තත්වයෙන් ලංකාව ගලවා ගැනීමයි. රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ඉහළ නංවා රටට කීර්තියක් ගෙන ඒමේ කාර්යය ඉටුකළ යුතු මෙරට විදේශ සේවාව මුළුමනින්ම රස්්තියාදුකාර රංචුවකට භාර දී ඇති වර්තමාන පාලකයින්ට ඒ කාර්යය කිරීමට කිසිසේත් හැකියාවක් නැත.

එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් කිසිවෙකු මෙරටට මැදිහත් වන්නේ නම් එසේ කරනු ලබන්නේ මෙරට ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්වයන් උපයෝගී කරගෙනයි. පසුගිය කාලයේ ඇමරිකාව විසින් කරනු ලැබී මැදිහත්වීම් වලින් මේ තත්වය පැහැදිළි වේ. සිරියාව, ලිබියාව, ඉරාකය වැනි රටවල් වල ඇමරිකන් මැදිහත්වීම් වලට මං පෑදුවේ ඒ රටවල අභ්‍යන්තරව පැවැති දූෂිත ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලන තන්ත‍්‍රයන්ය. මේ නිසා මේ කියන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය පරාජය කිරීමට අවශ්‍ය නම් කොහොමටත් මෙරට කෙරෙහි ඇතිවී ඇති ජාත්‍යන්තර අපකීර්තිය නැතිකර දැමීම අවශ්‍ය වේ.

3 වෙනි මිත්‍යාව: සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙනයාම සඳහා:

මේ සංවර්ධන කයිවාරුවේ සැබෑව මේ වනවිට හොඳින්ම පැහැදිළි වී ඇත. අද සංවර්ධනය නාමයෙන් සිද්ධ වන්නේ සමාජයට දිගුකාලීන වශයෙන් ප‍්‍රයෝජනවත් වන්නා වූ ක‍්‍රියාදාමයක් නොව අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා අතිවිශාල ණය කන්දක් මත සිදුකරන අතීශය දූෂිත සහ නිෂ්ඵල ව්‍යාපෘති පැටව් ගැසීම පමණි. මෙම ව්‍යාපෘති විසින් ඉඩකඩ ලබා දී ඇත්තේ පාලක කල්ලිය වටා රොද බැඳ සිටින පිරිස්වලට මහජන මුදල් සිතු මතේ ගසා කෑමට අවස්ථාව දීම පමණි.

මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සමාජයේ ඇති නැති පරතරය අති විශාල වශයෙන් පුළුල් වී ඇත. මේ ඊනියා සංවර්ධනයේ ප‍්‍රතිඵල කිසිවක් විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සැබෑ ලෙස වැඩි දියුණු කිරීමට හේතු වී ඇත. කොළඹ නගරයේ අලංකාර උයන්වතු ඉඳිවෙද්දී ඈත ගම් දනව්වල ජනයා වන අලි ප‍්‍රහාර වලින් මිය යන්නේත්, කොළඹ නගරයේ ඉහළ මධ්‍යම පංතිකයින්ට ව්‍යායාම කිරීම සඳහා අධික වියදම් සහිත මංතීරු ඉඳි කරන්දී රජරට ප‍්‍රදේශවල ජනයා වකුගඩු රෝගයෙන් මියයන්නේත් එබැවිණි.

Continue reading වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි? සාධාරණ සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු

ad 1

2015 ජනාධිපතිවරණය පිළිබඳව පේරාදෙණිය, කොළඹ, රුහුණ, කැලණිය, විවෘත විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙණිය, සබරගමුව, නැගෙනහිර, යාපනය, වයඹ, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශය

2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 08 වැනි දා මැතිවරණයේ දී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡුන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අද වන විට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බව ය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයි සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය , ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිති සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු.

මේ තත්වය පහත ආකාරයට ඒ ඒ ක්ෂේත‍්‍රවල දැකගත හැකි විය:

* අධිකරණ ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන් ම පාහේ දේශපාලණීකරණය වීම
* පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම,
* ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම
* පාලක ප‍්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම.
* දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා ක‍්‍රියාකාරීව පැවතීම දුෂ්කරවන පරිදි විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම.
* ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම.
* ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම වර්ධනයවීම.
* ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම.
* මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම

ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතය ද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේ දී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. Continue reading අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු

සුවිශේෂ සටනක් – ආචාර්ය සුමති සිවමෝහන්

ආචාර්ය සුමති සිවමෝහන්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ඉදිරියේ එන ජනපතිවරණයේ සුවිශේෂත්වය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණය මහෝඝයක් බවට පත්ව තිබීමත් භීෂණය හා අසාධාරණය අවසන් කිරීම සඳහා වන වුවමනාව උච්ඡස්ථානයනට පත්ව තිබීමත්ය.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා දෝංකාර නංවන මහා හඬක් නැගෙමින් තිබේ. කිසිවකුටත් බලයෙන් වියරුව හිතුවක්කාර ලෙස කටයුතු කළ නොහැකි බවටත් එබඳු ප‍්‍රයත්නයන්ට එරෙහිව හාත්පසින්ම විරෝධයක් නැගෙන බවටත් පාලකයන් වෙත ඉතා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇත. එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අවකාශය වඩා පුළුල් වී ඇත. ජනතාවෝ සිය අපේක්ෂාවන් ඉදිරිපත් කරමින් විවෘතව කතා කරති. විවෘතව ක‍්‍රියා කරති.
මගේ අදහස අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් පුද්ගලයෙකු ලෙස අදහස් ප‍්‍රකාශ කිරීම හෝ ක‍්‍රියා කිරීම පමණක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජ හා සංස්කෘතික චර්යාවන් සමග අනුල්ලංඝනීය ලෙස බද්ධ වූවකි. ණය බරින් පරිපීඩිතව සිටින ගොවීන් විෂයෙහි මෙන්ම අවතැන් වී සිටින්නවුන් විෂයෙහි ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක විය යුතුව තිබේ. ඔවුන්ගේ ජීවිත යුද්ධයෙන් විනාශ වී ඇත.

වැඩකරන ජනතාවට යහපත් ජීවන තත්වයක් ලබා දිය යුතුය. අනාගතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අසරණව සිටින වතුකරයේ ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. විදේශ රැකියාවල නියුක්තව සිටින්නවුන්ගේ ජීවිත අර්බුදයකය. සුලූතර ජන කණ්ඩායම් නොසලකා හරිනු ලැබ දෙවන පංතියේ පුරවැසියන් පිරිසක් බවට පත්ව ඇත. කාන්තාවෝ රජයේ මෙන්ම ප‍්‍රජාවගේ ද පීඩාවට භාජනය වී සිරකරුවන්ගේ තත්වයට පත්ව ඇත. සුලූ පරිමාණ ව්‍යාපාරිකයින් සුපිරි ව්‍යාපාරිකයින්ට බිලි දී ඔවුන්ගේ ගොදුරක් බවට පත්කරනු ලැබ ඇත.

කලාකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ, ගුරුවරුන්ගේ හා ශාස්ත‍්‍රඥයන්ගේ නිදහස මෙන්ම යහපත් සංස්කෘතික පරිසරයක් සඳහා ඇති අවකාශය හැකිලෙමින් පවතී. මේ ආකාරයට නොසලකා හරිනු ලැබ ඇත්තවුන්ගේ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී.

2015 ජනපතිවරණය මේ සියල්ලන් තුළ නව අපේක්ෂාවන් දල්වා ඇත. අවකාශය දැනටම විවෘත වී ඇති අතර එය තව දුරටත් විවෘත කොට තහවුරු කොට ගත යුතුව ඇත.. මේ ජනපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ගමන අවසාන නොවේ. විශ්වවිද්‍යාලවල සිටින අප ඇතුළු අනෙකුත් සියලූ දෙන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා අධ්‍යාපනය අර්ථවත් කිරීම සඳහා සටන් කරන අතර සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් මෙම අවකාශය වඩාත් පුළුල් කොට ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුය. ජනතාවට නැගී සිටීමට හා සටන් සඳහා වේදිකාවක් සපයා ගැනීම සඳහා විධාකාර වූ උද්ඝෝෂණයන් අවශ්‍ය වේ.

2015 ජනවාරි 04 වන ඉරිදා
ඉදිරිය පුවත් පතෙනි.

මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මෛත්‍රීපාල සිරිසේන
මෛත්‍රීපාල සිරිසේන
කලක් තිස්සේ ව්‍යාකූලව තිබූ තත්වයන් ඉතා ඉක්මනින් නිරවුල් වෙමින් පවතී. රජය හැම ක‍්‍රියාවක්ම සිදු කරන්නේ මෙරටේ මහජනතාව මෝඩ රැළක් සේ සලකමිනි. දූෂණය, භීෂණය මෙන්ම අවනීතිය හා අසාධාරණය ද වසා ගැනීමට යොදා ගන් ලබන්නේ රැවටිලි වදන්ය, රැවටිලි ක‍්‍රියාවන්ය. රජයේ නායකයින්ගේ ක‍්‍රියාවලින් පිළිබිඹු වන්නේ වංචාව, හිරිඔතප් නැති බව මෙන්ම පාදඩ බවයි. වෙනත් අයගේ ත‍්‍රස්තවාදයට රජයේ පිළිතුර ඊටත් වඩා දරුණු ත‍්‍රස්තවාදයයි. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත‍්‍රණ පිළිබඳව කතා කරමින් සිදු කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීමයි. මේ සියල්ල හළිදරව් වන විට දැන් අලූත් සින්දුවක් පටන් ගෙන තිබේ.

ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය රැකීම සඳහා අධිකාරීවාදි ඒකාධිපතියෙකු අවශ්‍ය බව දැන් එළි පිටම පවසනු ලැබේ. කුලියට ගත් කලාකරුවන් හා බුද්ධිිමතුන් යනුවෙන් හඳුන්වනු ලබන ගැත්තන් ලවා ඒ සඳහා න්‍යායන් ද ඉදිරිපත් කරවනු ලැබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ වර්තමාන විධායක ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු බව ඔවුන්ම පිළිගන්නා අතර එම ඒකාධිපතිභාවයෙන් අල්පයක් වත් අත්හැරීමට ඔවුන් සූදානම් නැති බවය. එහෙත් මෙරට ජනතාවට තවදුරටත් ඒකාධිපතියෙකු අවශ්‍ය නැත.

අනෙක් අතට වර්තමානයේ මේ රටේ ස්ථාවරත්වයක් ඇතැයි හා එය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකැයි යන මතය ද මිථ්‍යාවක් බව ද සිහි බුද්ධියක් ඇති ජනතාව දනී.මේ රට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙතරම් අවදානමට හා අපතීර්තියට පත් වූ අවධියක් මින් පෙර නොතිබිණි. ඒකාධිපතිවාදය යනු විවිට අදහස් හා නිදහස මර්ධනය සඳහා යෙදා ගනු ලබන දුර්වල අවියකි. එයින් වාසි ලබන්නේ සමාජයේ දූෂිතම කොටස් හා පාදඩ පංතියයි. අද මෙරට ඇත්තේ එබඳු තත්වයක් මිස ස්ථාවරත්වයක් නොවේ. Continue reading මග හොඳට තිබේ නම් යන්ට පාරත් පෙනේ නම්…. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මානව සුරක්ෂිතභාවයකින් තොර ජාතික ආරක්ෂාව – මහාචාර්ය සිරි හෙට්ටිගේ

කොළඹ විශ්වවිද්‍යාලය

යුද්ධය අවසන් වී වසර පහක් ගෙවීගොස් ඇති අද මෙරට මුහුණදෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය ලෙස බලයේ සිටින නායකයන් හුවා දක්වන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන්නයි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ, මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන අනෙකුත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ නොපෙනෙන ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් බලයේ සිටින අයට පමණක් පෙනීමයි.

මෙරට යුද්ධයක් පැවැති වසර තිහක පමණ කාලය තුළ රාජ්‍යාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් පැවැති බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය මතුවූයේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් තිබිය හැකි වුවත්, ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වූයේ මෙරට ද්‍රවිඩ ජනතාවට මුහුණදීමට සිුවූ විවිධ ප‍්‍රශ්න පදනම් කරගෙන ක‍්‍රමිකව වර්ධනය වූ බෙදුම්වාදී ව්‍යාපාරයයි. එහි ප‍්‍රධාන ධාවක බලවේගය වූ LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වීමත් සමග, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය යටපත් වූ අතර, ඉන් පසු මතුපිටට පැමිණියේ ද්‍රවිඩ ජනතාව මෙන්ම රටේ අනෙකුත් ජනකොටස් ද කලක සිට මුහුණදී සිටි මානව සුරක්ෂිතභාවය පිළිබඳ ප‍්‍රශ්නයයි. දුගීකම, රැකියා විරහිතභාවය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය, සමාජ රක්ෂණය, නිවාස ආදී ප‍්‍රශ්න මෙම මානව සුරක්ෂිතභාවය හා ඍජුවම බැඳුණු ප‍්‍රශ්න වේ. මෙම ප‍්‍රශ්න හමුවේ, රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් මානව සුරක්ෂිතභාවය පිළිබඳ ප‍්‍රශ්නය නිසා දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව නොරහසකි. දිනෙන් දින ඉහළ යන ජීවන බර හමුවේ තම පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා බොහෝ තරුණ තරුණියන්, කාන්තාවන් හා පුරුෂයන් රට හැරදා වෙනත් රටවල රැකියා සොයා යාමට පෙළඹීම හේතුවෙන් කුඩා ළමුන් හා වැඩිහිටියන් විශාල පිරිසක් දැඩි අනාරක්ෂිත තත්වයට පත්වන බවට ඕනෑතරම් සාක්ෂි පර්යේෂණ හා ජනමාධ්‍යයන් තුළින් දිගින් දිගටම හෙළි වී ඇත. ආර්ථික ව්‍යුහයේ ඇති බැ?රුම් ප‍්‍රශ්න හමුවේ, බොහෝ වෘත්තීය සුදුසුකම් ලත් පිරිස් වෙනත් රටවලට සංක‍්‍රමණය වීම නිසා, රටේ අනාගතයට දැඩි හානිකර තත්වයක් උද්ගත වී ඇත. උතුරේ දහස් ගණනක් කාන්තාවන් හා ළමුන් තම පියවරු හා ස්වාමිපුරුෂයන් නැතිවීම නිසා දැඩි අනාරක්ෂිත හා අසරණ භාවයට පත්ව ඇත. ජලයට මුසු වූ රසායන ද්‍රව්‍ය නිසා වකුගඩු රෝගයෙන් පෙළෙන දහස් ගණනක් පවුල්වල සාමාජිකයන් මුහුණදී සිටින්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයකට නොව, තම පවුල්වල රැකවරණය පිළිබඳ ප‍්‍රශ්නයටයි. Continue reading මානව සුරක්ෂිතභාවයකින් තොර ජාතික ආරක්ෂාව – මහාචාර්ය සිරි හෙට්ටිගේ

ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න

ජනාධිපති රාජපක්ෂ තම ධුර කාලයෙන් වසර දෙකක්ම ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය. මෙම තීරණයට හේතුව මෙරට ජනයා සිය පාලනය විසින් පටවනු ලැබූ බරින් පීඩිතව සිටින බවත් සිය ඒකාධිපති ස්වරූපයේ පාලන ශෛලියෙන් හෙම්බත්ව සිටින බවත් ඌව පළාත්සභා මැතිවරණයෙන් පසු අවබෝධ වීමය. ”ත‍්‍රස්තවාදය පැරදවීම” මත පදනම් වූ ඔහුගේ ජනප‍්‍රියභාවය ද හීන වෙමින් යන බැවින් තව වසර දෙකක් ගත වුවහොත් ඉදිරි ජනපත්ිවරණයකින් තමා පරාජය වන බව ඔහු දැන ගත්තේය.

වර්තමාන ජනපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයේ දී ඔහු විසින් යොදා ගනු ලබන කපටි උපක‍්‍රමයන්ගෙන් එකක් වන්නේ විදේශ ගත දෙමළ පුරවැසියනට හා වෙනත් බලවේගයන්ට අනුබල දෙමින් රට අස්ථාවර කිරීමටත් තමා විදුලි පුටුවට යැවීමටත් ”විදේශීය කුමන්ත‍්‍රණයක්” ඇතැයි කියමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට තැත් කිරීමය.

මේ දෙකම මෙම පාලනතන්ත‍්‍රය මෙරට ජනතාව විෂයෙහි දක්වන අපහාසාත්මක ආකල්පය ප‍්‍රකාශ කරන සාවද්‍ය චෝදනාවන්ය. මෙයින් පැහැදිලි වන කරුණ නම් මෙරට ජනයා ගෝනිබිල්ලන් ගැන කියා බිය ගැන්විය හැකි ළදරුවන්ටත් වඩා අඥාන සේ ඔහු විසින් සලකනු ලබන බවය. මේවා ගෝනිබිල්ලන් එන්නේය යි කියන කතාවලට වඩා වෙනස් නැත. කිසිදු විදේශීය බලවේගයකට මෙරට අස්ථාවර කිරීමේ හෝ ජනපති විදුලි පුටුවට යැවීමේ වුවමනාවක් නැත. සිම්බාබ්වේ, උතුරු කොරියාව වැනි ලෝකයේ නොයෙක් ප‍්‍රදේශවල රාජපක්ෂ රෙජීමයේ වැනි පාලන ක‍්‍රමයන් නෙ යන ඒකාධිපතියෝ සිටිති. කිසිවෙකු ඔවුන් විදුලි පුටුවට යවන්නේ නැත. ඔවුහු ඔවුන්ගේ සුව පහසු පුටුවල සැප සේ අසුන් ගෙන සිටිති. Continue reading ගෝනිබිල්ලන්ට බිය නොවෙමු – මහාචාර්ය එච් එල් සෙනෙවිරත්න

මහින්ද විශ්වාස කළ නොහැකිය, මෛත්‍රීපාල ට ඡන්දය දෙමි – කුමුදු කුසුම් කුමාර

BUP_DFT_DFT-8-57

1
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි.

එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන් ගේ වැඩි ඡන්දයෙන් ව්‍යවස්ථාව වෙනස් කොට තමන්ට ජීවිත කාලයක් බලයේ සිටීමට මඟ පාදා ගත්තේය. එමෙන්ම රටේ යහපතට ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබූ යහ පාලනය සහතික කරන විවිධ කොමිෂන් සභා පිහිටුවීමට අදාළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කළේය. තමා රටේ හිමිකරු නොව භාරකරු යැයි බලයට පත්වී ජාතික ස්වභාවික පරිසරය විනාශ කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඒවාට ඉඩ සැළසීය. මහජනතාව අධික ණය බරට පත් කොට ජනයා මත අධික බදු බර පටවා මහජන අරමුදල් තම පෞද්ගලික ධනය සේ නාස්ති කරමින් දන්සැල් දෙමින් මහජන සම්පත් දේශපාලන ප්‍රචාරණය සඳහා අවභාවිත කරමින් තම මැති ඇමතිවරුන්ටත් එලෙස මහජන අරමුදල් අයථා ලෙස පරිහරණය කරන්නට ඉඩ සැළසීය. ජාතික ආරක්ෂාව සඳහා යැයි කියමින් උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයා සහ දකුණේ සිංහල ජනයා සදාකාලිකව හමුදා පාලනය යටතේ තබා ගැනීමට උත්සාහ කිරීමෙන් නිදහස් දේශයක් වෙනුවෙන් ඔහු ජනතාවට දුන් පොරොන්දු කඩ කළේය. ඔහු රටේ පවත්නා නීතිය යටතේ බලයට පත්ව එම නීති වලට පටහැනිව ක්‍රියා කරමින් සිටියි, එසේ කිරීමට තම අනුගාමිකයන්ට අනුබල දෙයි, තම අනුගාමිකයන් නීති කඩන විට ඊට එරෙහිව ක්‍රියා නොකරයි, පවත්නා නීති තමන්ගේ අරමුණුවලට එරෙහි වන විට එම නීති තම අයුතු ලෙස එකතු කරගත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය යොදා වෙනස් කරයි. තමනට පක්ෂපාතී නොවන පිරිස් වලට එරෙහිව මැර බලය යෙදවීමට රජයට සහ දේශපාලනඥයන්ට ඉඩ සළසයි. තමන්ට සහ තම රජයට එරෙහිව එල්ල වන මහජනතාවද හොඳාකාර දන්නා විවේචන සම්බන්ධයෙන් අවංකව සිතා බලා තම වැරදි පිළිවෙත් නිවැරදි කරගන්නවා වෙනුවට එම විවේචන සියල්ල අසත්‍ය ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කරයි. රජයේ ආයතන වල පරිපාලන නායකත්වයට සැබෑ සුදුස්සන් වෙනුවට තමනට දේශපාලනිකව පක්ෂපාතී පුද්ගලයන් පත් කොට එම ආයතන රජයේ දේශපාලන ව්‍යාපෘතියට යට කිරීමෙන් ඒවායේ වෘත්තීය මට්ටම සහ කාර්යක්ෂමභාවය පිරිහෙන්නට ඉඩ සළස්වයි. මෙලෙස ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඔහු කඩකළ ආකාරයන් පිළිබඳ ලැයිස්තුව මෙම ලිපියේ අවකාශය තුළ සඳහන් කළ නොහැකි තරම් අති දීර්ඝ ය.

මේ සියලු දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරහි ජනතාව තැබූ විශ්වාසය ඔහු විසින් කඩ කිරීම කි.

මේ නිසා මම මහින්ද රාජපක්ෂට ඡන්දය නොදෙන්නෙමි.
2
අපි පෙර පරම්පරාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උරුම කර ගත්තෙමු. එහි තිබුණු නිදහස යළි මතු කර ගැනීම මට අවශ්‍යය. අපේ ඡන්දයෙන් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරන්නට ඔවුන් රට වෙනුවෙන් ගන්නා තීරණ පිළිබඳ බලපෑම් කරන්නට ආණ්ඩු ජනතා හිතවාදී නොවන විට වරින් වර ඒවා වෙනස් කරන්නට නිදහස මට අවශ්‍යය. අපේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව යටතේ අපව මර්ධනය කිරීමේ බියෙන් තොරව නිදහසේ ජීවත් වන්නට අවශ්‍යය, පාලකයන් විවේචනය කරන්නට නිදහස අවශ්‍යය, කැමති පරිදි ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වීමේ අදහස් පළ කිරීමේ සහ ක්‍රියා කිරීමේ නිදහස මට අවශ්‍යය. මගේ නිදහසේම කොටසක් ලෙස පූර්ණ මාධ්‍ය නිදහස අපට අවශ්‍යය. ආගම් ජනවර්ග පංති යනාදී සියලු භේදයන් ගෙන් තොරව අපේ සමාජයේ සියළු දෙනාට යුක්තිය සහ සමාජ සාධාරණය ඉටු කරනු දකින්නට මට අවශ්‍යය. උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයා ට තම ප්‍රදේශවල දේශපාලනය සහ දෛනික කටයුතු බියෙන් තොරව කරගෙන යා හැකි පරිද්දෙන් දේශපාලන බලයද, නිදහස ද, සිවිල් පාලනයද තහවුරු කරනු ලැබීම දැකීම මට අවශ්‍යය. නීතියේ පාලනය තහවුරු කරනු ලැබීමත්, ජනාධිපතිවරයා ඇතුලු හැම මට්ටමකම දේශපාලනඥයන් නීතියේ පාලනයට යටත් කරනු දකිනු ලැබීම මට අවශ්‍යය. රජය රටේ වසන සුනඛ, කාක ආදී සතුන්ටත් හිඟන්නන්ටත් මානවාවදී ලෙස සළකනු දැකීම මට අවශ්‍යය. රජය නගරවැසි අඩු ආදායම් ලාභීන්ටත් යුක්තිය සාධාරණය ඉටු කරනු දැකීමට ඔවුනට එරෙහිව බලහත්කාරය බිය වැද්දීම යොදා නොගනු දකින්නට මට අවශ්‍යය.
මෙම ජනාධිපතිවරණය සමස්ත ලාංකේය ජාතියේ ඉදිරි අනාගතය තීරණය කෙරෙන අවස්ථාව මිස පුද්ගලයෙකුට කළ ගුණ සැළකීම පිළිබඳ කරුණක් ලෙස නොදකිමි.

අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා ගැඹුරු කරන්නට මිස ඊනියා සංවර්ධනයේ හෝ ජාතික ආරක්ෂාවේ නාමයෙන් එය වළලා දමන්නට නොවේ.

මේ අවස්ථාව මඟ හැරුණ හොත් ඉදිරි බොහෝ කාලයකට අපටත් අපේ දරු මුණුබරුන්ටත් නිදහස යුක්තිය සාධාරණය වැළලුණු සමාජයක ජීවත් වීමේ ඛේදවාචකයට මුහුණ පාන්නට සිදුවනු ඇති බව විශ්වාස කරමි.

මෙම තත්වයට වෙනස් කරන්නට අප අවස්ථාව පාදා ගත යුතුය.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන ට මගේ ඡන්දය දෙමි.