Tag Archives: සැඩොල්

“අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නෙ මේ ලෝකේ වසලයා” : කීර්ති වර්ණකුලසූරිය ගේ ජාතිවාදය නොව ඔහුගේ විසම්මුතියේ නිදහස වෙනුවෙන් – කුමුදු විසිනි

දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මම කලකට පෙර දැන සිටියෙමි. මා 1970 දශකයේ මැද භාගයේ ජනවේගය පත්තරයේ සේවය කළ සමයේ දී ඔහු සේවය කළේ සමසමාජයෙන් පළ කළ ජන දින පත්තරයේ ය. අපේ කාර්යාල මාලිගාවත්ත පාරේ එක ළඟ පිහිටා තිබුණු හෙයින් දෝ අප හඳුනා ගත් බව මට මතක ය. මෘදු ගති පැවතුම් ඇති, ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ ඔහු මා 1977 පමණ ජනවේගයෙන් ඉවත් ව ගිය පසු මට හමු වුනා නම් ඒ කලාතුරකිනි. පසුව එවැනි හමුවීමක් වත් ඇති නොවුණි. නමුත් ඔහු දිවයින පත්තරයේ සේවය කරන බව මම දැක තිබුණෙමි.

දිවයින පත්තරයේ ඔහු ගේ ලිපි ජාතිකවාදී ස්වරූපයක් ගන්නා බව දුටු විට මට ඇති වූයේ කනගාටුවකි. ඒ ඔහුට වාම නැඹුරුවක් තිබුණා යැයි මා විශ්වාස කළ නිසා විය යුතු ය. ඔහුගේ ලිපි රචනයේ එළඹුම පසු කළෙක උග්‍ර ජාතිවාදී ස්වරූපයක් ගත් බව මම නිරීක්ෂණ කළෙමි. මේ නිසා කීර්ති වර්ණකුලසූරිය ගේ භූමිකාව සිංහල බෞද්ධ ජාතිවාදී මත දරන්නන්ගේ අගය කිරීමටත්, පිළිගැනීමටත්, සම්මානයටත් පාත්‍ර වූ බව ද දුටුවෙමි. අනිත් අතට ඔහු සිංහල බෞද්ධ ජාතිවාදයට සහ ජාතිකවාදයට එරෙහි මත දරන්නන්ගේ උග්‍ර විවේචනයට, හෙළා දැකීමට සහ පිළිකුල ට ලක් වී සිටියි. නමුත් එනිසා ඔහු අපගේ වෛරයට පාත්‍ර විය යුතු ද?

කීර්ති වර්ණකුලසූරිය ගේ මාධ්‍ය භාවිතාව හේතුවෙන් ඔහු වසුරු බුදින්නකු සහ වසළයකු ලෙසින් හංවඩු ගැසීම ජනප්‍රිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියක සිදු වූවා නම් එය මේ කාලයේ සාමාන්‍ය දෙයක් ලෙස සළකනු ලැබෙයි. Continue reading “අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නෙ මේ ලෝකේ වසලයා” : කීර්ති වර්ණකුලසූරිය ගේ ජාතිවාදය නොව ඔහුගේ විසම්මුතියේ නිදහස වෙනුවෙන් – කුමුදු විසිනි

Advertisements