‍“ලේ හෙළනු ඇති”

‍“ලේ හෙළනු ඇති”

PDF මාදිලියෙන් කියවන්නGet PDF Download pdf

“ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”
හාවඩ් මූල්‍ය ගුරු නියල් ෆර්ගසන් කැනඩා‍වේ ඔටාවාහි, කැනඩා 2020 නමැති මහජන – ප්‍රතිපත්ති බුද්ධි මංඩලය ඉදිරියේ කළ කරුණු දැක්වීමකට පසු Globe and Mail පුවත් පත ෆර්ගසන් සමග කළ දීර්ඝ සාකච්ඡාවක් එහි පෙබරවාරි 24 දා කලාපයේ පළ විය. අප පහත පළ කරන්නේ එම දීර්ඝ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත්, ඇතැම් තැනෙක සංක්ෂිප්ත කළ අනුවර්තිත අදහස් කීපයක් පමණි. මුලු ඉංග්‍රීසි ලිපිය සදහා ‍‍‍‍‍‍‍ ‍‍ මෙහි බලන්න.

ඇමෙරිකානු ‍කොංග්‍රසය ගොඩනගන ‘ඇමෙරිකානු ‍‍දේ මිලට ගන්න’ යන සටන් පාඨය, යටින් ඇති මතුපිටට නොපෙනෙන විශාල අර්බුදයේ උඩට ‍‍‍‍පෙනෙන කුඩා තුඩ පමණි. ‍‍‍‍‍නෝවා ‍‍ ‍කෙමිකල් සමාගම අබුඩාබිය විසින් අඩු ලංසුවට මිලට ගැනීම ඉදිරියට වීම‍ට ඇති දේ පිළිබද සංඥාවකි.

මෙම අසාධාරණ අර්බුදයේ නාභීය ලක්ෂ්‍යය ඇත්තේ එක්සත් ජනපදයේ නමුත් මින් එක්සත් ජනපදයට වඩා තදින්, සෙසු ලෝකයට, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ වෙළඳ හවුල් කරුවන්ට පහර වැදේවි.

මෙය ගෝලීයකරණයේ අර්බුද‍යකි. ඒ නිසා රටක ආර්ථිකය ගෝලීය පද්ධතිය මත වැඩියෙන් රඳා පවතින තරමට එයට වඩා වැඩියෙන් රිදේවි.

ආසියානු ආර්ථිකයන්ට මේ අවුරුද්දේ දී සැබෑවටම දැඩි ප්‍රහාරයක් එල්ලවෙනවා. නමුත් මේ අසාධාරණ ලෝකයේ, බොහෝ රටවල්වලට වන තරම් නරකට බලපෑමක් එක්සත් ජනපදයට සිදුවනු ඇත්තේ නැහැ.

මෙය ගෝලීය වෙළදාම විනාශ කරන, ගෝලීයකරණයේ අර්බුදයකි.

‘ඇමෙරිකානු ‍‍දේ මිලට ගන්න’ වගේ දේ වැඩි වැඩියෙන් දැකගත හැකිවේවි. මේ නිසා ගෝලීයකරණය නිෂ්ප්‍රභා කිරීමේ සැබෑ අනතුරක් තියෙනවා.
niallferguson_hand500big2

මෙය ඉක්මණින් බිඳී යා හැකි ක්‍රමයක්. එය මීට පෙරත් වතාවක් කඩා වැටුනා. අප අවසන් වතාවට මේ ආකාරයට ලෝක ආර්ථිකය ගෝලීයකරණය කළ පූර්ව – 1914 අවධියේ මුළු එකම කඩා වැටෙන්න අවශ්‍ය වූයේ යුද්ධයක් පමණයි. දැන් අපි ‍පෙන්වන්නේ අපට එය යුද්ධයක් නැතුව කරන්න පුළුවන් කියලයි. නිවාස බුබුලක් පිමිබීමෙන්, එය පුපුරවා හැරීමෙන් සහ මූල්‍ය දාම ප්‍රතික්‍රියාව දිග හැරෙනු බලා සිටීමෙන් ගෝලීයකරණය බිඳී විසිරී යන්නට සලස්වන්නට පුළුවන්.

ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්යය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය. ප්‍රශ්නය නම් මෙම සාමාන්‍ය අස්ථායීකරණය, දේශපාලන අවදානම යලි පැමිණීම, අන්තිමේ දී භූ දේශපාලන පරිමණ්ඩලයේ සැබවින්ම විශාල යමකට මඟ පාදන්නේ ද යන්නයි. එබඳු ප්‍රතිඵලයක් නිසැක බවින් අඩු බවයි පෙනෙන්නේ.

‘මෙවැනි අර්බුද ආණ්ඩුවලට විදේශ ප්‍රතිපත්ති ආක්‍රමණයන්හි නිරතවීමට දිරි ගන්වන බව පුටින් ඩාවෝස් වලදී කිවුවා. මෙය සැබෑවක්. අපට ඓතිහාසිකව දැකිය හැකි දෙයක් නම්, දුර්වල පාලන තන්ත්‍ර වඩා ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්ති වලට නිතරම හැරෙනු ඇති බවයි, තමන්ගේ තත්වය ඉහළ නංවා ගන්න‍ට. එය ආර්ථික අසමානතාවය නොමැතිව – ජාතිකත්ව කාඩ් පත සෙල්ලම් කිරීමෙන් ලබා ගත හැකි සුජාත භාවයක්. ඉදිරියට එන වසරේදී මෙයින් සමහරක් දැක ගන්නට ලැබුණොත් මා පුදුම වන්නේ නැහැ.

නමුත් 1914 හෝ 1939 සමග සමාන කළ හැකි කිසිවක් මෙයින් බිහි වේ යැයි මා දකින්නේ නැහැ. ලෝක යුද්ධයක් වනු ඇතැයි සිතීම දුෂ්කරයි. මන්ද යත් ආර්ථික ‍ලෝකයේ එක්සත් ජනපදයට ඇති සියලු දුෂ්කරතා තිබියදීත් යුධමය ලෝකයේ එය අති විශාල ලෙස අධිපති භාවය දරන නිසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසරින් වසර කරන ප්‍රක්ෂේපණයන් එක දිගටම වැරදි යැයි මා සිතනවා. මේ ප්‍රක්ෂේපණයන් ගෙන් වැඩිම ප්‍රමාණය වැරදි වන්නේ ඒවා සැබෑ ලෝකයට සැබවින්ම සමාන නොවන ආකෘති මත පදනම් වී ඇති නිසයි. මේ අර්බුදයෙන් හොඳ යමක් සිදුවේ නම්, මා බලාපොරොත්තු වෙනවා, ඒ ජනයා විශ්වාසය තබන මෙම විකාරසහගත ආකෘතිවලට ඇති පිළිගැනීම නැති කර දැමීම සහ ලෝකයේ දේවල් සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳව ‍‍ඓතිහාසික අවබෝධය වැනි යමකට නැවත ප්‍රවිෂ්ඨ වීම වනු ඇති කියලා.

‘මෙයට මන්ධාවධමනයක් කියලා, ඒ ආකෘතිය මත විග්‍රහ කළාට මෙය මන්ධාවධමනයක් නොවෙයි. මෙය එහි ස්වභාවය අතින් පශ්චාත් යුධ සමයේ අප අත්දැක ඇති කුමන හෝ දෙයකින් සැබවින්ම අතිශයින් වෙනස් වේ..

මෙය අහිතකර ණයගැති භාවය පිළිබඳ අර්බුදයකි. මෙම අර්බුදය පිළිබඳ සත්‍යය නම් මෙය විශාල ප්‍රමාණයකට මනෝවිද්‍යාත්මක එකක් වීමයි. අප මෙහිදී මුහුණ දෙන්නේ ගණිත ශාස්ත්‍රයට නොවෙයි. අප මෙහිදී කටයුතු කරන්නේ ගණන් හදන යන්ත්‍ර ලෙස ගැණෙන මානව සත්ත්වයන් සමග නොවේ. අප මෙහිදී මුහුණ දෙන්නේ ඔවුන්ගේ පුද්ගල තීරණවලට ඔවුන්ගේ භාවයන් බලපෑම් කරන සැබෑ මිනිසුන්ට. මේ පරිමාණයෙන් සිදුවන විට කෑදරකමේ සිට බිය දක්වා වන පැද්දීම ඉතා විශාලයි.

එක්සත් ජනපද කොංග්‍රසයේ ‘ඇමෙරිකානු ‍‍දේ මිලට ගන්න’ යන හ‍ඬේ සිට කොංග්‍රස් සභිකයන් ඡන්දය දිනා ගැනීම සදහා ‘ඇමෙරිකානු රැකියා ඇමෙරිකානු කම්කරුවන්ටයි’ කියන්නට පෙළඹෙන්නට ඇති ඉඩ බොහෝයි.

මේ අර්බුදයට පිහිටක් වශයෙන් චීමෙරිකාව – චීනයත්, ඇමෙරිකාවත් එකට බැඳී තිබීම – දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

නමුත් මෙය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වන්නේ නැහැ. අස්ථාවරභාවය ඇති වේවි, නමුත් එම අස්ථායීභාවය නිසා විසිවැනි සියවසේ තරම් අති විශාල ගැටුම් ඇති වන්නේ නැහැ. නමුත් මෙම අර්බුදයට සරල, කඩිනම්, සාර්ව ආර්ථික සතුටුදායක අවසානයක් දැකීම දුෂ්කරයි.

Comments

Leave a comment